ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 24, 2016

අම්මලාට හාල් ගරන ඖෂධ මිල ප්‍රතිපත්තිය !

මේ දවස්වල ඖෂධ හතලිස් ගණනක මිල බස්සපු එක ගැන ලොරි ටෝක් දෙනවා. ලංකාවෙ මෝඩයෝ බොලව් රජ කරන්නෙ.
මොකටද මේ ඔෟෂධ මිල සද්දෙ?
ජේ.ආර්. ගෙ රෙද්දෙ විවෘත ආර්ථිකේ ආවට පස්සෙ, සුපර් මාකට් තියෙන හොඳම දහජරාව ලංකාවට එන්න පටන් ගත්තා. මුලින් ආවෙ වැඩි මිලට. සල්ලි තියෙන එවුන් ඒවා ඉස්මුරුත්තාව එනකල් කෑවා. කාලා ලෙඩ හදා ගත්තා. ඒ ලෙඩවලට ‘වැදගත් පන්තියේ ලෙඩ‘ කියලා තමයි අපේ රටේ මිනිස්සු මුල් කාලේ කිව්වෙ. ‘හයිබ්ලඩ්ප්‍රෙෂර්‘,‘ෂුගර්‘ කිව්වාම ඒ කාලෙ පොඩි ගතියක් තිබුණා.
ඒවට ඕන කරපු බෙහෙතුත් සුපිරි.
ඊට පස්සෙ, ආවා හාල්, පරිප්පු, හාල්මැස්සො ඇඩ්වටයිස් කරන දෙවැනි, තුන්වැනි පන්තියේ සුපර් මාකට්. ඒකට හරි යන්න රටම කඩමණ්ඩියක් වුණා. කඩවල්, සුපර්මාකට් වුණා. රටේ ඉන්න හැම එකාම සුපිරි කඩේට ගියා. ගිහින් අර ‘වැදගත් ලෙඩ‘ උන් හදා ගත්තා. දැන් අහන, අහන එකාට, ‘හයිබ්ලඩ් ප්‍රෙෂර්‘, ‘ෂුගර්‘, ‘කැන්සර්‘.

අද වෙනකොට, රට පුරාම ෆාමසි. ‘ලේ, මුත්‍ර බලන‘ තැන්.
බෙහෙත් කොම්පැණිකාරයන්ට මරු පල්ලම. දොස්තරලාට, සෞඛ්‍ය ඇමතිලාට වැල්ලෙ බමරෙ කැරකෙන කාලේ. උන් පස්සෙ, බහුජාතික කොම්පැණීකාරයෝ පන්නනවා.
‘සර්, ෆොරින් ටුවර් එකක් දෙන්න ද?‘
‘සර්, අලුත් වාහනයක් ගම්මු ද?‘
‘සර්, සුපිරි බඩුවක් ඕන ද?‘
‘සර්, හොඳ හෝටලයකින් කනව ද?‘
‘සර්, මේ මෙඩිකල් සෙන්ටර් එක මොඩර්න් කරමු ද?‘
‘සර්, මොනවද ඕන?‘
මුඵ සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැන් ‘ලෙඩ්ඩු පන අදිනවා. ඩ්‍රයිවර්ලා පොල් තෝරනවා‘ වගේ තමයි, බොලව්.
ඖෂධ මිල අඩු කරන ගැසට් එක එන්නෙ, ඔය අල්ලපනල්ලෙ.
අපිට ආදරේට බොලව්. අපිට ආදරේට.
ලංකාවෙ හැම සුපිරි අලෙවිසලක් වටේම ‘ලයිෆ්ස්ටයිල් ලෙඩ්ඩු‘ කියලා ජාතියක් හැදුණා බොලව්. උන්ට දැන් තියෙන එකම දේ, හම්බ කර කර ඉස්පිරිතාලෙ යන එක. නියම කස්ටමර්ලා ටිකක්.
දැන්, මුලින් සුපිරි පන්තියේ උන්ට විකුණපු බේත්, මුන්ට විකුණන්න ක්‍රමයක් ඕනෑ. ඒකට කරන්නෙ මිල අඩු කරන එක.
මේ ගැන සෞඛ්‍ය ඇමතියා මොකක් ද කියන්නෙ?
‘එක ලෙඩකට බේත් ජාති ගොඩක් තියෙනවා. සමහර විට වැඩිම මිල රු.700.00යි. අඩුම මිල 3.50යි. අඩුම මිල එක ගන්නෙ, 2%යි. 85%ක් ගන්නෙ රු.700.00ක් වෙන බේත. ඉතිං අපි අර රු.700.00 මිල පහත දානවා.
නව ලිබරල් ආර්ථිකේ ඇතුළේ හැම මඟුලම ‘ට්‍රිකල් ඩවුන්‘ වෙනවා කියන්නෙ ඕකට බොලව්. ඕක සංවර්ධනේ නෙවෙයි.
ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු වෙනවා කියන්නෙ, දෙහිඅත්තකණ්ඩියට කැන්සර් වෝඩ් එකක් දෙන එක කියලා, කිව්ව ගොබ්බ සෞඛ්‍ය ඇමතිලා රජ කරන රටක් බොලව් මේක. තුහ් නොදකිං!
දැන් වැඩේ තියෙන්නෙ, අර රු.3.50හේ බේත හදන්නෙ කවුද කියන එක. ඒක හදන්නෙ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව.
1993දි මං අයිටීඑන් එකේ වැඩ කරන කාලේ, මහාචාර්ය කොල්වින් ගුණරත්න එක්ක, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ අනුග්‍රහයෙන් ‘සුවසෙවන‘ කියලා ටෙලිවිෂන් වැඩ සටහනක් කළා. ඒක නිෂ්පාදන කළේ දැනට විදේශගත ව ඉන්න, සුමිත් ජයන්ත ඩයස් කියන මිත්‍රයා.
මේ වැඩ සටහන කරද්දි, අපට රත්මලානේ පිහිටි, රජයට අයත්, ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට යන්න චාන්ස් එකක් ලැබුණා. ලේසියෙන් පිට අයට යන්න දෙන්නෙ නෑ. අති සුපිරි කර්මාන්ත ශාලාවක්. ඕන බෙහෙතක් හදන්න පුඵවන් පහසුකම් ඒකේ තියෙනවා. මහාචාර්ය සේනක බිබිලේ ගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන්න තමයි, මේ කර්මාන්තශාලාව පටන් ගත්තෙ.
දැන් සෞඛ්‍ය ඇමතියා රු.3.50හේ බේත කියලා කියන්නෙ, මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන, ප්‍රමිතිගත, අඩුම මිල බේත්. කවුරුත් ගන්නෙ නෑ කියන්නෙ මේක.
කොහොමද බොලව්, සෞඛ්‍ය ඇමතියෙක් වෙලා හිටපු ජනාධිපතියෙක්, ලෙඩ්ඩු බේර ගන්න හදන ඇමතියෙක්, ඉන්න රටක, ඖෂධ කෙරුවාව.
නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා ය කියන උලව් රටේ වෙන්න ඕන මේක ද? බොලව්.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙ නිෂ්පාදන කරන බෙහෙත්, රජයේ රෝහල් මාර්ගයෙන් අසරණ ලෙඩ්ඩුන්ට දීලා, ලෙඩ සනීප කරන එක, බල්ලට ගිහින්.
ක්‍රමය ඒක නං, මොකටද බොලව්, මාකට් එකේ බේත් මිල අඩු කරන්න, සෞඛ්‍ය ඇමතියෙක් මෙච්චර වළි කන්නෙ.
දැන් මොකක්ද වෙන්නෙ?
මහාචාර්ය සේනක බිබිලේ පෙන්න, පෙන්න, රජයේ රෝහල්වල ඖෂධ බෙදිල්ලට එරෙහිව තවත් මාකටින් චැනල් එකක් ඇරලා, බහුජාතික කොම්පැණිකාරයන් ගේ බේත්වලට සහන දීලා, ලෙඩ්ඩුන් ගේ පොකට් එකට විදින එක බොලව්.
හෙණ ගහනවා බොලව්, හෙණ ගහනවා!
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.