ජනපති අගමැති හා විපක්ෂ නායක හමුවෙති
ඝාතනයට ලක්වූ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනා සම්බන්ධව පවත්වන පරීක්ෂණ පිළිබඳව එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයින් අද (01 වැනිදා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කොළඹදී හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම සාකච්ඡාවේදී යහපත් පිළිතුරක් ලැබේ යෑයි අපේක්ෂා කරන බවත් ඒ අනුව තම උද්ඝෝෂණය අත්හිටවූ බවත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ සඳහන් කළහ.