ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 18, 2016

අපේ රටේ රන්මසු උයනේ සක්වල චක්‍රයේ අබිරහස...!!!

රන්මසු උයනේ, පිහිටි සුප්‍රකට නාන පොකුණු පසුකර යන්නෙකුට, තිසා වැවේ වෑකන්දට මුහුණලා පිහිටි ගල් කුළක කැටයම් කර ඇති සංකීර්ණ ආකෘතියක් දැක ගත හැකි වේ.
සිරස්ව නැගෙන ගලෙහි බටහිර මුහුණතේ, කටුවෙන් සහ මිටියෙන් කොටන ලද රේඛා මගින් සටහන් කර ඇති මෙම කැටයම ජ්‍යාමිතික වශයෙන් නිවැරදි වෘත්තයකි. මෙම ගල්කුළ ඉදිරිපිට පැතිරි ගල් තලාවෙහි කැටයම ට ඉදිරියෙන්, ආසන වැනි ව්‍යුහ හතරක් කපා තිබේ.
පළමුවෙන් ම මෙම ස්ථානය ගැන වාර්තා කරන බෙල් මහතා ට අනුව, මෙය එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත්, ලෝක සිතියම කි. තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති තන්ත්‍ර හෝම හෙවත් සුරතෝත්සව වල භාවිත වූ තන්ත්‍ර සටහනකි,
නොඑසේනම්, මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් වන්නට පුළුවන. විශ්ව ව්‍යාප්ත චමත්කාරය සොයා යන්නෙකුට මෙය අධිමානසික ශක්තියෙන් විවර වූ ද බාහිර විශ්වය සමග සහ මිහිපිට දුර්ගම ස්ථාන සමග සන්නිවේදන සහ ප්‍රවාහන කටයුතු ඉටු කෙරුණු තාරකා දොරටුවක් හෙවත් ස්ටාර් ගේට් එකකි.
b
රන්මසු උයනේ, පිහිටි සුප්‍රකට නාන පොකුණු පසුකර යන්නෙකුට, තිසා වැවේ වෑකන්දට මුහුණලා පිහිටි ගල් කුළක කැටයම් කර ඇති සංකීර්ණ ආකෘතියක් දැක ගත හැකි වේ.
සිරස්ව නැගෙන ගලෙහි බටහිර මුහුණතේ, කටුවෙන් සහ මිටියෙන් කොටන ලද රේඛා මගින් සටහන් කර ඇති මෙම කැටයම ජ්‍යාමිතික වශයෙන් නිවැරදි වෘත්තයකි. මෙම ගල්කුළ ඉදිරිපිට පැතිරි ගල් තලාවෙහි කැටයම ට ඉදිරියෙන්, ආසන වැනි ව්‍යුහ හතරක් කපා තිබේ.
පළමුවෙන් ම මෙම ස්ථානය ගැන වාර්තා කරන බෙල් මහතා ට අනුව, මෙය එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත්, ලෝක සිතියම කි. තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති තන්ත්‍ර හෝම හෙවත් සුරතෝත්සව වල භාවිත වූ තන්ත්‍ර සටහනකි,
අඩි 06ක විෂ්කම්භයෙන් යුත් මෙම කැටයමෙහි, ඒක කේන්ද්‍රික වෘත්ත දෙකකින් සැකසුණු පිටත දාරය දිගේ වම් අතට පිහිනන මුහුදු ජීවීන් යැයි සැළකිය හැකි සත්ත්ව පෙළක් සටහන් කර තිබේ. ඒ අතර මත්ස්‍යයන්, හක් බෙල්ලන් වැනි රූප, මුහුදු අශ්වයෙක්, ඉදිබුවන් සහ කකුළුවෙක් දක්නට හැක.
සෝඩ් ෆිෂ් සහ හැමර් හෙඩ් මෝරෙක් ලෙස අනුමාන කළ හැකි මත්ස්‍ය රූපද මෙහි වේ. සඳකඩ පහණ වැනි සාමාන්‍ය කැටයම් වල දක්නට ඇති දැඩි අනුපිළිවෙල සහිත සත්ත්වාවලියක් වෙනුවට, මෙම වටයේ දක්නට ඇත්තේ අහඹු ලෙස කරන ලද රූප සංකළනයකි. දැඩි ජ්‍යාමිතික සහ සමමිතික බව තුළ වුවද නිදහස් සහ අවිධිමත් ලෙස අහඹු රූප ව්‍යාප්ත කර තිබීම සමස්තයක් ලෙස මුළු කැටයම පුරාම දක්නට ඇති සුවිශේෂත්වය කි.
ආකෘතියේ මැද, දිග පළලින් අඩි 1 අඟල් 2 ක් වන සමචතුරස්‍රයක් වේ. එතුළ, එකක් තුළ එකක් පිහිටන සේ සටහන් කළ ඒක කේන්ද්‍රීය වෘත්ත 7 ක් වන අතර, ඒ අතරින් පිටත වෘත්තය ඉහත කී සමචතුරස්‍රයේ පාද ඇතුළතින් ස්පර්ෂ කරයි. සමස්ත ආකෘතියේ ම මැද ලක්ෂ්‍යය, මෙම වෘත්තයන්ගේ කේන්ද්‍රය වෙයි. ප්‍රධාන වෘත්තය පුරා සිරස් අතට, එකිනෙක සමාන්තර වන ප්‍රධාන රේඛා දහයක් ද, උප රේඛා දා හතරක් ද කැටයම් කර තිබේ. මෙකී ප්‍රධාන රේඛා අතර දුර අඟල් 9 සිට අඟල් 3 දක්වා වෙනස්වේ. මෙම කැටයම් ආශ්‍රිතව සෘජුකෝණාස්‍ර සෑදී තිබෙන අතර, සටහනේ මැද ඇති සමචතුරස්‍රෙය් සිට දකුණු සහ වම් අතට ද, ඉහළ සිට පහළට ද, දි‍වෙන රේඛා හතරකින්, පිටත දාරය තුළ පිහිටි මුළු සටහනම කොටස් හතරකට බෙදේ. ඉන් දකුණු පස කොටස් දෙක සෑම අතින්ම එකිනෙක සමමිතික වේ. ඒ අතර පිහිටි සෘජුකෝණාස්‍ර, ඒවා තුළ පිහිටි හතරට බෙදුනු වෘත්ත ආදී සියල්ලම සමානව කැටයම් කර තිබේ. වම්පස කොටස් දෙකේ දී මෙම සමමිතික බව එතරම් දක්නට නොලැබේ. වම්පස පහළ කොටසේ, සමචතුරස්‍රයට සමීප කොටස සෘජුකෝණාස්‍ර හතරකට බෙදා ඒවා තුළ හතරට බෙදුනු වෘත්ත සටහන් කර ඇති නමුත්, ඊට පර්යාය වන ඉහළ කොටස අසමාන ලෙස දෙකට බෙදා තිබේ. ඉන් පහත කොටස අමුතු කැටයමකින් පුරවා ඇති අතර, ඉහළ කොටසේ, ඒක කේන්ද්‍රීය වෘත්ත හතක කැටයම නැවත දක්නා ලැබේ.
මෙම ආකෘතිය, කවර කාලයකට අයත්දැයි නිශ්චය නැත. අප රටේ මෙගලිතික සුසාන ඉදිකළවුන් සහ අනුරාධපුර ජනාවාසය ආරම්භ කළවුන් වන බළංගොඩ මානවයන්ගේ කෘතියක් ලෙස මෙය සැළකීමට ද හැකියාව ඇත. ඒ, මූල ඓතිහාසික යුගයේ මානවයාගේ අක්ෂර භාවිතයට පෙර පැවති සංකේත භාවිතය ගැන මෙයින් සළකාගත හැකි වන බැවිනි. එසේ ම, පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි පවා ඇතැම් විට වෘත්තාකාරව ලියා තිබෙනු දැකගත හැකි අවස්ථා වේ. මෙම අදහස සත්‍යයක් නම්, අපගේ මුතුන් මිත්තන් ඉතා නිවැරදි ජ්‍යාමිතික නිර්මාණ හැකියාවක් ඇතිව විසූ බව මෙයින් අදහස් විය යුතු ය. මෙම මතය විවාදාපන්න අදහසකි. ඒ, ලංකාවේ මූල ඉතිහාසයට අයත්, සුලභ රූපාක්ෂර කිසිවක් සමග මෙහි ඇති සංකේත නොසැසඳෙන බැවිනි.
එච්. සී. පී. බෙල් මහතා ගේ 1901 වසරේ උතුරු මැද සහ මධ්‍යම පළාත් පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවේ මෙම ස්ථානය ගැන සඳහන් වේ. ඔහු මෙම කැටයම එවක දැන සිටි සක්වළේ සැළසුමක් ලෙස අර්ථ දක්වයි. ඒ අනුව, විශ්වය මැද පිහිටි, සත්කුළු පවු වලින් සැදි, සත් සමුදුරෙන් වට, ගවු හතළිස් දෙදහසක් උස් වූ, අඩක් මුහුදේ ගිළී පවතින මහමෙර, මෙම සැළසුමේ මැද පිහිටි වෘත්ත හතෙන් පිළිබිඹු වේ. ඉර සහ සඳ මහමෙර දෙපසින් දෙකෙළවර සටහන් කර තිබේ. අසංඛෙය්‍ය වූ ලෝක, හතරට බෙදන ලද කුඩා කව වලින් සළකුණු කෙරෙන අතර, සියල්ල වටා පැතිරි මහා සමුදුර හා එහි සරන මිථ්‍යාමය සත්ත්වයන් පිටත කවයෙන් දැක්වේ.
අභයගිරි අධ්‍යාපනය මූලික කරගනිමින්, මහායානික, වෛතුල්‍ය සහ තන්ත්‍ර ආදී දර්ශනයන් පැතිර යාමට බොහෝ කලකට පෙර සිට පවා, රජදරුවන්ගේ උද්‍යාන ක්‍රීඩා සහ සුරතෝත්සව ලංකාවේ පැවති බව පැහැදිලි කරුණ කි. පණ්ඩුකාභය රජ චිත්තරාජ සමග එකට අසුන්ගෙන රති නළු නැරඹූ බවට වන සදහන ඊට නිදසුනක් ලෙස දැක්විය හැක. මහමෙවුනාව සඟ සතු කළ පසු රාජකීය උද්‍යානය බවට පත් වූ රන්මසු උයනේ පිහිටි පොකුණු, මණ්ඩප සහ සීතල මාළිගය සමග සම්බන්ධ කොට සමස්තය ගැන සැළකීමේ දී මෙම සටහන හඳුනාගත හැක්කේ රජවරුන්ගේ ක්‍රීඩා සමග සබැඳි යමක් වශයෙනි. සුරත ක්‍රීඩා හිදී ජල ක්‍රීඩා, උයන් කෙළි සහ තන්ත්‍රයාන භාවිත වූ අතර, තන්ත්‍ර හුදු විනෝදය උදෙසා පමණක් නොව ආගමික කේන්ද්‍රීය මුහුණුවරකින් ද ක්‍රියාත්මක විය.
විශ්ව ශක්තිය සහ ස්වභාව ධර්මය සමග ආගමික මුහුණුවරකින් සම්බන්ධ වීමේ දී, සම්භෝගය ඉතා වැදගත් තැනක් හිමිකර ගනී. සෑම ආගමකම ප්‍රාථමික අවස්ථාවේදී මාතෘ දෙවඟන, ගර්භනී බව, වාර්ෂිකව මිහිතලය සරු කෙරෙන දිව්‍යමය සම්භෝගයක් වැනි දේ දේවමය මට්ටමෙන් සංකේතනය කර වන්දනා කෙරී තිබේ. ග්‍රීක දේව මණ්ඩලයේ බාකස් හෙවත් දියොනීසියස් වයින් සහ රතිය සම්බන්ධ දෙවියන් ලෙස සැළකේ. පෘථිවියේදී මිදි බවට පත්වන්නේ ඔහුගේ ශුක්‍රය බව පුරාණ ග්‍රීකයන්ගේ විශ්වාසය විය. වසන්ත සමයේ ඔහු සමරා රති උත්සව පැවැත්වීම ග්‍රීසියේ ඇතැම් නගර රාජ්‍ය වල රාජකීය මට්ටමින් පැවැත්වින. පුරාණ බැබිලෝනියන් දේවස්ථාන වල පූජකවරියන් බැතිමතුන් සමග සංසර්ගයේ යෙදීම දේව පූජාවක් ලෙස පිළිගැනුනි. මුල් ඉන්දු නිම්නයේ මවු දෙවඟන ඇදහීම, පශුපති හෙවත් ශක්තිමත් දිව්‍යමය පුරුෂයෙකු සහ හැඩිදැඩි ගව සංකේත අඩංගු මුද්‍රා, වැනි සාධක පසුකාලීන හින්දු ආගමේ ශිවලිංග වන්දනාව, අශ්වමේධ යාග, දේව දාසීන් වැනි දේ කරා යොමුවූ බව පෙනේ. ගණන් කළ නොහැකි තරම් වන පුරාණ හින්දු දේවකථා මෙන්ම, බෛබලයේ පැරණි ගිවිසුමේ ඇතුළත් කථා ද බොහොමයක් ශෘංගාරය හා මුසු වන්නේ මෙම මූලික අදහස පෙරටු කොටගෙන ය. එම සාහිත්‍යය අද සම්මතයේ පවතින සමාජ ධර්මතා නම් රාමුව තුළ විග්‍රහ කිරිම සුදුසු නොවේ. මෙකී සෑම සාධකයකින් ම පෙනෙන එක් මූලික අර්ථයක් වේ. එය නම්, මිනිසා ආහාර වගාකිරීම සහ සතුන් හීලෑ කරගැනීම ඇරඹූ දා පටන්, පස සරු වීම, නිසි කල ලැබෙන වැස්ස සහ සත්ත්ව පට්ටි තර වීම උදෙසා විශ්වීය බලවේගයක පිහිට පතා, දිව්‍යමය සම්භෝගය සංකේතවත් කර පුද පූජා පැවැත්වූ බව ය. එය රාජකීය මට්ටමෙන් සිදු කිරීම වඩා දියුණු සමාජයේ නායකත්වයේ වගකීම විය.
තන්ත්‍රයානයේදී සෝම පානයන්, මන්ත්‍ර පඨනය මෙන්ම, විවිධාකාරයේ යන්ත්‍ර සටහන් ද භාවිත වේ. එකී සියළු යන්ත්‍ර වෘත්තාකාර ආකෘතියකින් අඳිනු ලැබේ. මෙම අදහස රන්මසු උයනේ ආකෘතියට ආරෝපණය කිරීමේ දී නොගැළපෙන එකම අවස්ථාව වන්නේ, වෘත්තාකාර බව හැරුණු කොට, දැනට සොයාගත හැකි කිසිම තන්ත්‍ර සටහනක්, ඉහත කැටයම හා සමාන නොවන බැවිනි. එකී තන්ත්‍ර සියල්ල නෙළුමක ආකාරය ගත් රටාවලින් යුක්ත වන අතර, ඉහත කැටයමෙහි පද්මාකාර සටහන් කිසිවක් ඇතුළත් නොවේ. එහෙත්, එම සටහනෙහි දැක්වෙන ජල කවයෙන් හුදෙකළා වීම, මැදට යොමු වූ ආරෝහණය හා කේන්ද්‍රය කරා නාභිගත වීම ආදී සංකල්ප තන්ත්‍රයාන රතියේ දක්නට ඇති මූලික අර්ථයන් සමග බැඳෙන බව පෙනේ.
01
තන්ත්‍ර පිළිබඳ අදහස ඇත්තක් වී නම්, මෙම කැටයම ඉදිරිපිට ඇති ආසන හතරෙහි, තන්ත්‍ර යාන ලීලාවෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් අටදෙනෙකු අසුන්ගෙන, (පිරිමින් වීරාසනයෙන් අසුන් ගෙන සිටින අතර, ස්ත්‍රීන් ඔවුන්ගේ උකුළෙහි ඔවුන්ට මුහුණලා වාඩිවී, තම දෙපා පිරිමින්ගේ ඉඟවටා වෙළාගෙන සිටීමෙන් තන්ත්‍ර ආසනය සකස්වේ.) ඉදිරියේ ඇති සටහන කෙරෙහි මනස ඒකාග්‍ර කොටගෙන, සෝම, සුරා ආදී පානයන්, ධූමනයන්, විවිධ තාරතාවයන්ගෙන් යුත් සංගීතය, සූත්‍ර පඨනය මධ්‍යයේ රතිය පිළිබඳ ගැඹුරු ධ්‍යානයක් වැනි තන්ත්‍රයන්ට සමවදින්නට ඇති බව සැළකිය හැකිය.
රන්මසු උයනේම කොටසක් හෝ ආශ්‍රිත ස්ථානයක් ලෙස සැළකිය හැකි ඉසුරුමුණියේ ඇති පෙම්යුවළ කැටයම සුරතය පිළිබිඹු කරන කැටයමක් බව පැහැදිළි ය. එසේම, මිනිසා සහ අශ්ව හිස කැටයමට පරණවිතානයන් දෙන අර්ථ කථනය අනුව, (අග්නි සහ පර්ජන්‍ය හෙවත් අකුණු සහ වැසි වළාකුළු) මේ ආශ්‍රිතව වැස්ස බලාපොරොත්තුවෙන් පූජා කටයුතු සිදු වූ බවට ඇති මතය ද ඉහත අදහස හා සමපාත වන බව පෙනේ. ඉසුරුමුණිය හඳුන්වන අපරනාමයක් වන උත්තර මේඝගිරි යන සඳහනේ ම වැස්ස උදෙසා පූජා පැවැත්වීම සංකේතවත් වේ.
මෙම ආකෘතිය යම්කිසි සැළැස්මක් විය හැකිය යන අදහස ද ඇතැමෙකු විසින් නැඟී තිබේ. ලෝක සිතියමක් බව මුලින්ම බෙල් මහතා විසින් ඉදිරිපත් වුනු බව ඉහතින් ද කියැවිණි. සාම්ප්‍රදායික බෞද්ධ කැටයම් වලින් වෙනස් වූ, වෙනත් තැනක දැකිය නොහැකි සංකේත නිසා මෙහි ඇති වෙනස් බව පැහැදිළි අතර, මෙය යම්කිසි ජලාපවහන ක්‍රමයක සැළැස්මක් හෝ නගර නිර්මාණයක සැළැස්මක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ හසර පවතී. ඉසුරුමුණි අරම නවිකරණය කිරීම්වලින් ප්‍රධානතම වැඩ පිළිවෙල සීගිරි කස්සපයන්ගෙන් ඉටු වූවක් වන බැවින්, මෙය ද එතුමාගේ සැළැස්මක් ලෙස සිතන්නට ද ඉඩ කඩ තිබේ.
මීට එරෙහිව නැගෙන මූලිකම තර්කය වන්නේ, මෙම සටහනෙහි පිටත වළල්ලේ සිටින මුහුදු ජීවීන් බවය. ඒ අනුව, මෙය නගර සැළැස්මක් නොව, එක්කෝ දිවයිනක, නොඑසේනම්, ලෝකයේ සිතියමක් විය යුතුය. එක් කාලයක ලෝකයේ හරි මැද නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානය වන බවට විශ්වාසයක් ද අප රටේ පැවතුණි. නොඑසේනම්, මෙම කැටයමේ මැද සහ ඉහළ වම් පස ඇති වෘත්ත හතෙන් දැවැන්ත දාගැබ් දෙකක් ද, අනෙකුත් සළකුණු වලින් ඒ ආශ්‍රිත වෙනත් ඉදිකිරීම් ද දැක්වෙනවා වන්නට ඉඩ ඇත. මෙම මතය ප්‍රායෝගිකව නිරීක්ෂණයට ලක් වී නැත. එසේ ම, අනුරාධපුර යුගයෙන් පසුවද, ආක්‍රමණ සහ පසුකාලීන රජවරුන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න නිසා දිවයිනේ නගර සැළසුම් බොහෝ සේ වෙනස් වී ඇති හෙයින් මෙය දුෂ්කර කාර්යයක් ද වේ.
තවත් අතකට මෙය සක්වළ පිළිබඳ සිතියමක් වන්නට ඉඩ ඇතැයි ද මතයක් පවතී. බැබිලෝනය, ඊජිප්තුව වැනි ශිෂ්ඨාචාර සමගත්, නැස්කා රේඛා සමගත් පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධතාවයක් පවතින බවට ජනප්‍රිය අදහස් පළවී ඇති හෙයින්, මෙම සටහන ද ඊට සමරූපී සාධකයක් බව ඇතැමුන්ගේ විශ්වාසයයි. බැබිලෝනයේ සිංහයා ගේ පිළිරුව, සිංහ සිරුරු ඇති පියාපත් ඇති මිනිසුන්ගේ ප්‍රතිමා සහ ඊජිප්තුවේ සිංහ ස්ෆින්ක්ස් රූ, ලාංකිකයන්ගේ සිංහ සම්භවය පිළිබඳ සංකල්පය සමග සම්බන්ධ කිරීමට එතරම් ආයාස ගත යුතු නොවේ. අනෙක් අතට තැනිතළාවක් වන නැස්කා හි පොළොවේ සටහන් කර ඇති දැවැන්ත සටහන් අර්ථවත් ලෙස නැරඹිය හැක්කේ ඉහළ අහසට නැගුනු අයෙකුට පමණි. ඊට සමරූපී ලෙස, රන්මසු උයනේ ඇති කැටයමෙහි මැද ඇති වෘත්ත හතෙන් සෞරග්‍රහ මණ්ඩලය අදහස් වන බව ද, පිටත ඇති ඊට සමාන සටහනෙන් අප සමග සබඳතා පවත්වාගත් පිටසක්වළ ජීවීන්ගේ මන්දාකිණිය හෝ ග්‍රහ මණ්ඩලය සංකේතවත් වන බව ද මෙම මතයෙන් අදහස් වේ. ලංකාවේ ප්‍රකට ජ්‍යොතිෂ්‍යයේ ඇත්තේ භෞතික ග්‍රහ වස්තූන් හතකුත්, රාහු සහ කේතු නම් කල්පිත ග්‍රහයන් දෙකකුත් පමණි, ඉන් භෞතික ග්‍රහයන් හත සතියේ දින හත නම් කිරීමට යොදා ගැනීමෙන් ම සෙසු ග්‍රහයන් අබිභවා ඒවායේ වැදගත් කම තහවුරු වේ. එසේනම්, ඉහත සටහනේ මැද ඇති වෘත්ත හතෙන් එම ප්‍රධාන ග්‍රහයන් හත හෝ ඒවායේ කක්ෂයන් නිරූපණය වන බව අදහස් කළ හැක.
ඇතැම් විට මෙම කැටයම පැරණි කැළැන්ඩරයක් ද වන්නට ඉඩ තිබේ. මැද කව හතෙන් සතියේ දින හත පිළිබිඹු වන අතර, දෙපස ඇති ඉර සහ හඳෙන් දිවා රාත්‍රී දෙක සංකේතනය වේ. සෙසු කව සහ සමාන්තරාස්‍ර මගින් වසරකට ඇති සෂ්‍ය හෙවත් අස්වනු රටා, උදම් රටා හෝ සුමාන ගණන නිරූපණය වනවා විය හැක. කැටයමේ බොහෝ දුරට සමමිතික වන ඉහළ සහ පහළ කොටසෙන් සූර්යයාගේ දක්ෂිණායනය සහ උත්තරායනය දැක්වෙන්නට ඇත. ඉහළ වම්පස ඇති කව හතෙන්, ලෝක විනාශයෙන් පසු නැවත සිදුවන ජීවයේ සහ කාලයේ ආරම්භය අදහස් වන්නට පුළුවන. කාලය චක්‍රාකාරව ගළායන බව වටා ඇති දියවටයෙන් සංකේතනය කළා විය හැක.
තාරකා දොරටු පිළිබඳ අදහස ශ්‍රී ලාංකීය මනස ට හඳුන්වාදෙන ලද්දේ, ස්ටාර්ගේට් නම් ඇමරිකානු වැඩසටහන තුළිනි. එසේ වුවත්, එම වැඩසටහනේ දැක්වෙන තාරකා දොරටුව, මෙම කැටයමේ පිටත වළල්ල ට සෑහෙන සමානත්වයක් දක්වයි. එසේම රන්මසු උයනේ කැටයමට සමරූපී කැටයම්, පුරාණ බැබිලෝනයෙන් සහ මිසරයෙන් සොයාගෙන ඇති බව ද මෙම අදහසට රුකුල් දෙයි
02
මීට සමාන බැබිලෝනියානු කැටයමක් වන්නේ බැබිලෝනියානු ලෝක සිතියම නම් මැටි පුවරුවයි. දකුණු ඉරාකයේ, පුරාණ බැබිලන් නගරයේ සිට කි. මී. 97ක් උතුරින් පිහිටි සිප්පර් (Sippar) නම් ස්ථානයේ, යුප්‍රටීස් නදියේ නැගෙනහිර ඉවුරෙන් හමු වූ මෙය, 1899 දී ප්‍රසිද්ධියට පත් කරන ලදුව, දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. බැලූ බැල්මට මෙය රන්මසු උයනේ ඇති කැටයම මෙන් සංකීර්ණ සහ සමමිතික නොවන වඩා සරළ සටහනකි. ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් මගින් සකස් වූ පිටත වටය සහ ඒ තුළ ඇති කුඩා වෘත්ත හේතුවෙන් ලංකාවේ කැටයම ට සම වූවත්, බැබ්ලෝනීය කැටයමේ ඇති අනන්‍ය බව සහ සරළ බව පැහැදිළි ය. එපමණක් ද නොව, මෙම සිතියමේ ඇතුළත් ප්‍රදේශ පිළිබඳව සිතියමට ඉහතින් කූඤ්ඤාක්ෂර වලින් සටහන් කර ද තිබේ.
03
මෙහි වෘත්තාකාර සටහන වටා ත්‍රිකෝණ හතරක් දක්නට ලැබේ. සූර්ය සටහනක මෙන් මෙහි ද ත්‍රිකෝණ හතක් තිබෙන්නට ඇත. කූඤ්ඤාක්ෂර සටහනේ මේවා දිවයින් හතක් ලෙස නම් කර තිබේ. ඒ අතර, නැගෙන හිරු ගේ ප්‍රදේශය, හිරු සැඟවුණු කිසිවක් දැකිය නොහැකි පෙදෙස, කුරුල්ලන්ගේ පියාසර සීමාවට එපිට, ආදී වශයෙන් නම් කරනලද ස්ථාන වේ. අමිහිරි නදිය (river of bitter water) ලෙස නම් කර ඇති පිටත වටය, සාගරය ලෙස සැළකිය හැක. ඉතිරි කොටස් පහත පරිදි නම් කර තිබේ.
1. කඳු
2. නගරය
3. උරර්ටු
4. ඇසිරියාව
5. දෙර්
6. හඳුනාගත නොහැක04
7. වගුරු
8. ඒළාම්
9. ඇළ
10. බිත් යාකින්
11. නගරය
12. හබ්බාන්
13. බැබිලන්
14. 17. අමිහිරි නදිය
18. – 22. දිවයින්
ඉහතින් ද දක්වා ඇති අයුරින් ම, බැබිලෝනීය කැටයම ද, සෞර ග්‍රහ මණ්ඩලයේ සටහනක් යැයි ද මතයක් පවතී. එහි ඇති කුඩා කව අට ග්‍රහ ලෝක අටක් ලෙස අර්ථ දැක්වීමට සමහරු පෙ‍ළඹෙති. ප්ලූටෝ විෂම වූ පරිභ්‍රමණ පථයක් ඇත්තෙක් බැවින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන බවට ඇති තර්කය මෙහිදී පදනම් කර ගැනේ.
ගුවනින් ආ සිංහ මිනිසුන් විසින් බැබිලෝනය ශිෂ්ඨවත් කරන ලද බව සඳහන් මැටි පුවරුවක් බැබිලෝනයෙන් සොයාගන්නා ලද බවට ප්‍රසිද්ධ වී ඇති නමුත්, ඒ පිළිබඳ නිශ්චය සාක්ෂි මා හට සොයාගත නොහැකි විය.
රන්මසු උයනේ කැටයමට සමාන චක්‍රාකාර කැටයමක් මිසරයෙන් සොයාගෙන තිබේ. එය පිහිටියේ දෙන්දෙරා හි හැතෝර් දේවස්ථාන සංකීර්ණයේ ඔසයිරස් හට කැප වූ දේවාලයේ පෝටිකෝවේ සීලිමේ ය. මෙම දේවාලය ඉදිකිරීම ඇරඹුනේ ටොලමි රජුගේ පාලන කාලයේ වන අතර, මෙකී පෝටිකෝව එකතු කෙරුණේ ටයිබීරියස් අධිරාජ්‍යයා විසිනි. එහෙයින් ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන ශෝං ෆ්‍රාංස්වා චැම්පෝලියන් මෙය මිසරයේ ග්‍රීක රෝමානු පාලන කාලයට කාල නිර්ණය කර ඇත. එහෙත් පසුකාලීනයෝ මෙම කැටයම වඩා ඈත කාලයකට හෙවත් ක්‍රි. පූ. 50 ට පමණ කාලනිර්ණය කරති. ඒ, මෙහි දැක්වෙන තාරකා රාශි එවකට පිහිටි ස්ථානයන් මෙම කැටයමෙහි සටහන් වන බැවිනි. දැන් මෙය පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
0506
මේවායේ අටකොණෙහි ඇති මානව සහ දේව රූප හැරුණු කොට, පිටතින්ම ඇත්තේ හයිරොග්ලිපික්ස් හෙවත් චිත්‍රාක්ෂර වලින් සමන්විත රවුමකි. මෙම කොටස සැකැස්ම අතින් රන්මසු උයනේ ඇති සටහනට තරමක් දුරට සමාන ය. එම වටය තුළ ඇති ඉඩ පුරවා ඇත්තේ රවුමට ගළපා කැටයම් කරන ලද විවිධ සංකේත වලිනි. අනෙක්වාට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලව සටහන් කර ඇති සංකේත දොළහ කි. චක්‍රයේ මැදට වන්නට සටහන් කර ඇති මේවා රාශි දොළහ නියෝජනය කරන බව පැහැදිළිව පෙනේ. අනෙක් සංකේත සමග ද විශ්ලේෂණය කර බලන විට, මෙම සමස්ත කැටයම රාත‍්‍රී අහසේ සැළැස්මක් හෙවත්, තාරකා රාශි සටහනක් හෝ තාරකා කැළැන්ඩරයක් ලෙස සැළකීමට පුළුවන.
නැස්කා රේඛා සමග රන්මසු උයනේ ඇති කැටයම ට ඇති සම්බන්ධතාවය ද සමහර ගවේෂකයන්ගේ අවධානයට පාත්‍ර වී ඇත. මේ සමග දැක්වෙන රූපය දකුණු පේරු හි නැස්කා තැනිතලාවේ කිලෝමීටර අසූවකට වැඩි භූමි ප්‍රදේශයක සටහන් වී ඇති එම දැවැන්ත සටහන් වල සිතියමකි.
07 (1)
කාන්තාරයේ බිම මතුපිට ඇති රත් පැහැ වැලි සහ බොරළු ඉවත් කිරීම මගින් අඟල් 6 කට පමණ යටින් ඇති කහ පැහැති පස් මතු කර, කිලෝමීටර කිහිපයක දිග පළලින් යුතුව සියගණනක් වන මෙම සංකේත සහ රේඛා සළකුණු කර තිබේ. මිහි මත ඇති වියළිම සහ ඒකාකාර ම කාළගුණ තත්ත්වයන් මෙහි පවතින හෙයින් මේ දක්වා මෙම සටහන් ආරක්ෂා වී පවතී. නැස්කා රූප ආශ්‍රිතව හමු වූ ලී මෙවළම් කාබන් 14 ක්‍රමයට බඳුන් කිරීමෙන් මේ රේඛා ක්‍රි. ව. 400 650 අතර කාලයට කාල නිර්ණය කර ඇත. මෙම රූප පැහැදිළිව දැකගත හැක්කේ ගුවනේ සිට පමණ කි. මෙහෙයින් ම මෙකී සටහන්, ගුවනින් හෝ පිටසක්වළින් පෘථිවිය වෙත ආ කිසිවෙකු වෙනුවෙන්, එවැන්නෙකුගේ ම ආධාරය ඇතිව ඇඳ ඇති බවට මතයක් පවතී. ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ විශාල තිරිඟු යායවල සටහන් ව තිබී හමුවන වගා චක්‍ර (Crop Circles) පිළිබඳව ද මෙවැනිම අදහස් පළ වී ඇති නමුත්, ඒවා දක්ෂ ශිල්පියෙකුට පොළොවේ සිට ම නිර්මාණය කිරීමට හැකි බව ආතර් සී. ක්ලාර්ක් මහතා ඇතුළු විද්වතුන් විසින් පෙන්වා දී ඇත. එපරිද්දෙන්ම, නැස්කා රේඛා ද, ආදි කාලීන මිනිසා විසින්, තමන්ට ඉහළින් වෙසෙන දිව්‍යමය බලවේගයක් සතුටු කිරීමේ අරමුණින්, කුඩා සැළසුමක් විශාල කොට තැනිතලාවේ සටහන් කරන ලද්දක් බවට අනුමාන කරන්නට ද පුළුවන.
රන්මසු උයනේ කැටයම ට සම කළ හැකි රූප ලෙස නැස්කා සටහන් අතර ඇත්තේ, අතිශයින් සෘජු සරළ රේඛා, සමාන්තරාස්‍ර, සර්පිල සහ තල්මසාගේ සටහන පමණකි. අනෙක් සියළු රූප ඇමරිකානු කාන්තාර කළාපයේ සුලභව දක්නට ඇති දේ ය.
සමස්තය පිළිබඳ විග්‍රහ කර බැලීමේදී නිශ්චය වශයෙන් ම කිව හැක්කේ එකක් පමණකි. වෘත්ත, සමාන්තර රේඛා, සමාන්තරාස්‍ර සහ සමචතුරස්‍ර ඉතා නිවැරදි ලෙස සටහන් කළ හැකි වූද, ඒ පිළිබඳ නිවැරදි ජ්‍යාමිතික දැනුමකින් පොහොසත් වූද ශිල්පීන් අනුරාධපුර යුගයේ හෝ ඊටත් පෙර ලක්දිව විසූ බව ය. ඉහතින් සඳහන් දීර්ඝ උපකල්පන කිසිවකින් තොරව වුවද, මෙම කැටයමේ ඇති වැදගත්කම තේරුම්ගැනීමට මෙකරුණ පමණක් ප්‍රමාණවත් බව කිව හැක. – අන්තර්ජාලයෙනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.