මේ නිරහංකාර 'මිනිසා'ට උතුම් නිවනම අත්වේවායි පතමි.කණගාටුවට කරුණ ඔහු ගැන විස්තරයක්වත් ඔහුගේ ඡායාරූපයක්වත් අන්තර්ජාලයේ නැතිකමයි.
විජය අයියා ඔබ වැනි සුන්දර මිනිසෙකුගේ මතකයක් කිසිදා අමතක නොවන්නේමය
ලේක් හවුස් ආයතනයේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කරමින් සිට පසුව කැසට් නිශ්පාදකයකු, ගිීත රචකයකු හා චිත්‍රපට නිශ්පාදකවරයකු ලෙස කලා ලොව් නමක් රැුන්දු විජය රාමනායක මහතා මියගොස් ඇතැයි කියන ආරංචිය අපේ නියෝජ්‍ය කර්තෘ චාමින්ද වාරියගොඩ මහතා මට දුන් සැනින්ම මගේ මතකයට ආවේ විජය අයියා තිඹිරිගස්යායේ සිරිපා පාරේ ආචාර්ය සරත් අමුණුගම මහතාගේ නිවසට ආ ගිය අන්දමයි.
ප්‍රවීණ මාධ්‍යවේදියකු වෙළෙඳ දැන්වීම් කරණයේ ප්‍රමුඛයකුවන පේ‍්‍රම් දිසානායක සංස්කරණය කළ ‘විචිත්‍ර’සිනමා පුවත්පත පවත්වාගෙන ගියේ අමුණුගම මහතාගේ නිවසේය. රසවතකුවන අමුණුගම මහතා බොහෝ කලාකරුවන් ඇසුරු කළ බොහෝ් ඇසූ පිරූතැන් ඇති අයෙක් විය. මේ දිනවල විජය රාමනායකයන් ‘මල්දෙනියේ සිමියොන්’ සිනමා පටය ජාත්‍යන්තර සිනමා උළෙලකට ඉදිරිපත් කර තිබිණ. මේ 1987 වසරේ මැද භාගයේය. සිනමා පටයේ රඟ පෑ ප්‍රධාන නිළිය සම්මානයට පාත්රවීමෙන් විජය සතුටට පත් වූූයේ තමා නිශ්පාදනය කළ තවත් සිනමා පටයකට හිමි වූ ගෞරවය නිසා මිස ආර්ථික ලාභයක් නිසා නොවිීය.
ශ්‍රි ලංකාවට කැසට්පට හඳුන්වා දීමේ පුරෝගාමියා වූයේ විජය රමනායකයන්ය. එ් තම පුතාගේ නමින් ආරම්භ කළ තරංගා ලේබලයෙන්ය. 1978 දී ඔහු මිල්ටන් මල්ලවආරච්චි ගේ ගීත ඇතුළත් ‘එනි වෙයාර් එනි ටයිම්’ නමින් වූ එම කැසට් පටයට ‘පෙර එක දවසක, ඔබ දැන් කීවත්, සඳෙන් එහා, හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී ’වැනි ගීිත ෙදාළහකින්් යුත් පළමු කැසට් පටය ලංකාවට හඳුන්වා දුන්නේය. එපමණක්ද නොව ඔහු එයින් රසාලිප්ත ගී තනු හා සංගිීතය රස විඳීමෙ භාග්‍යයද මෙරට සිංහල ගිී අසන සංගීත රසිකයාට හිමිකර දුන්නේය. සරත් දසනායක ගීත හයක්ද ක්ලැරන්්ස් විජේවර්ධන ගිීත හයක්ද මෙහි තනු නිර්මාණය කරමින් සංගීතය සංයෝජනය කළහ.
මිල්ටන් මල්ලවආරච්චි, මොහිදින් බෙග්, ජෝතිපාල, ප්‍රියා සූරියසේන, අමරදේව, විකටර් රත්නායක, සනත් නන්දසිරි, සුජාතා අත්තනායක ආදි වශයෙන් මෙරට සියලූම ප්රමුඛ පෙළේ ගායක ගායිකාවනගේ ගීත ඇතුළත් කැසට් පට ඔහු නිර්මාණය කළ අතර එවකට මෙම කැසට් පට ලබා ගැනීම සඳහා ඈත පළාත්වල කැසට් හල් හිමියෝ පාන්දර සිට කොළඹ රීගල් සිනමා ශාලාව අසල තරංගා ආයතනයට පැමිණ සිටීම සුලබ දසුනක් විය. ඔහු මේ අනුව ලංකාවේ ගායක ගායිකාවන්ට ශක්තිමත් ආර්ථිකයක් සපයා දිමටද කටයුතු කළේය. ඔහු මේ කලාකරුවන් සමග ගනුදෙනු කළේ ගිවිසුම් ඇතිව නොවන අතර ඇතැම් ශිල්පීන්ට ඔවුන් ඉල්ලන මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවන ලදී. එසේ කර පසු කාලෙක විජයට ඇතැම් කලාකරුවන්ගේ ඇති දුර්ගුණ නිසා අධිකරණයට පවා යාමට සිදුවූයේ තම ජීවන තත්ත්වය උසස් කළේ මේ මිනිසා නේද කියා අමතක කර දමා මුදල් පසු පස හඹායාම නිසාය. ඔහු මේ ගැන අප හා පැවසූ අවස්ථථාවක කියා සිටියේ ‘මල්ලි මම පයින් ගියත් එ් මිනිස්සු අද හොඳ වාහනයක යනවා දකින එක මට සතුටක්‘ කියාය. මගේ මකයේ හැටියට අමල් පෙරේරාගේ පළමු කැසට් පටයද නිශ්පාදනය කළේ තරංගා ලේබලයෙන්ය. එ් ඔහු ප්‍රවීණයාගේ සිට නවකයා දක්වාම ඔහුගෙන් විය යුතු යුතුකම ඉටුකළ බවට උදාහරණයක්ය.
විජය රාමනායක 1981දී ආරාධනා සිනමා පටය නිශ්පාදනය කරමින් චිත්‍රපට නිශ්පාදනයට අත ගැසුවේ ඉන් අනතුරුවය. විජය ධර්මශ්‍රී අධ්‍යක්ණය කළ මෙම සිනමා පටයෙන් රෝහණ වීරසිංහ හා එච්.එම්.ජයවර්ධන යන සංගීිත වේදින් දෙදෙනා සිනමා සංගිීත ක්ෂේත්රයට හඳුන්වා දුන්නා පමණක් නොව එම වසරේ හොඳම සංගිීතවේදින්ට හිිමි සම්මානයෙන්ද ඔවුන්් පිදුම් ලබන්නට වාසනාවන්ත වූහ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ කලියුගය හා යුගාන්තය, ආචාර්ය ඞී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ රිදී නිම්නය හා මල් දෙනියේ සිමියොන් සිනමාපටද මෙරට සිනමා ක්ෂෙත්රයට එක්කළ සම්මානනිය සිනමා නිර්මාණවීම ම විජයගේ රසඥතාවය පිළිබඳව දෙස් දේ. මෙම නිර්මාණ කිරීමෙන් ආර්ථික ලාභ බලාපොරොත්තු නොවූ බව එදා විචිත්‍ර කාර්යාලයට පැමිණෙන විජය අයියා කී අන්දම අපට හොඳට මතකය. මන්ද ඔහු පැමිණි පසු අප විවිධ මාතෘකා ඔස්සේ කලාව ගැන කතාකරන නිසාවෙන් ඔහුගේ නිර්ලෝභි හදවත අපි දැක ඇතති නිසාය.
ඔහුගේ පණ මෙන් වූ ‘තරංග’ පුතු ගැනද අප කතා අසන්නේ ඔහු පුතු ගැන පුතු කරන දෑ ගැන අහිංසක ආඩම්රයෙන් කතා කරන නිසාය. එහෙත් දිනක් ඔහු අතිශයෙන් කම්පාවටත් කලබලයටත් පත්වූවේ නිවසේ සෙල්ලම්කරමින් සිටියදී තරංග පුතුගේ සිරුරට පොල්ගෙඩියක් වැටී අනතුරකට ලක්වීම නිසාය. විජය අයියාගේ ඇස්වල කදුළු දැක්ක පළමු දවස එය විය. නිරහංකාර මෙන්ම වැඩිය කකතාබහ නොකර කෙටියෙන් උත්තර දෙන මේ දැවැන්ත මිනිසා පුද්ගලික රෝහලකදී ඔහුගේ දයාබර බිරිඳ නෙළුම්වත් පුතු තරංගවත් තනිකර දමා මෙලොවින් සමුගෙන ගොස් හමාරය.
විජය අයියා ඔබ වැනි සුන්දර මිනිසෙකුගේ මතකයක් කිසිදා අමතක නොවන්නේමය. ඔබට අමා මහ නිවනම අත්වේවා සුමිතුර.

උපාලිබණ්ඩාර වීරසේකර