තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර වැඩි වශයෙන් තුවාල සිදුව ඇත්තේ පොලිස් කොස්තාපල්වරයාට බව වාර්තා වෙයි. ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ පොලිස් වෙඩි තැබීමකින් මියගියේ යෑයි කියන විශ්වවිද්‍යාල සිසුවාගේ කන්දරෝඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අතරතුර වෙළෙඳසලක් අසල නතර වී සිsටි අවස්ථාවකදීය.වීඩියෝ සහිතයි
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා 22 වැනිදා සෙනසුරාදා විශේෂ නියෝගයක් නිකුත් කරමින් පොලිස් නිලධාරීන් සන්නද්ධ කණ්ඩායම් වශයෙන් මිස තනිව හෝ දෙදෙනා බැගින් පොලිස් ස්ථානවලින් පිටතට නොයන ලෙස දැනුම් දී තිබියදී මේ දෙදෙනා රාජකාරි අවශ්‍යතාවක් උදෙසා යතුරුපැදියකින් ගමන් කොට තිබේ.
යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.