නොරොච්චෝලේ අක්‍රීයයි
අද සිට විදුලිය කැපේ
සම්පූර්ණ අලුත්වැඩියාවට මාසයක්
නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 'බරපතළ මට්ටමේ' පිපිරීමක් සිදු වී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

ඒ හේතුවෙන් මෙගාවොට් 900 ක බලශක්ති හිඟයක් ඇති විය හැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි.
සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සෙනසුරාදා උදෑසන
බලාගාරයේ කටයුතු ඇනහිටී බව විදුලිබල අමාත්‍යංශය මීට ඉහතදී පැවසීය.වීඩියෝ සහිතයි
ඒ හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම බිඳ වැටුණු බවත් වාර්තා විය පැය කීපයකට පසු විකල්ප මාර්ග ඔස්සේ එම ප්‍රදේශ වෙත විදුලි සැපයුම ලබා දීමට
කටයුතු කළ බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා තිබිණි.
මෙගාවොට් 3900 වන රටේ සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් මෙගාවොට් 900 ක විදුලි
ධාරිතාවක් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට
එක් වේ.
නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බැවින් අද (17 දා) සිට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පෙරේදා (15 දා) උදැසන 10.46 ට පමණ කොත්මලේ සිට අනුරාධපුර විදුලි උපපොළ දක්වා විදුලිය රැගෙන යන කිලෝවොට් 220 රැහැන් පද්ධතියේ සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් නොරොච්චෝල තාප බලාගාරයේ ස්වයං ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. බලාගාරයේ ස්වයංක්‍රිය ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ බලාගාරය ඇතුළත සුළු හානිවීම් සිදුවී ඇති අතර හුමාලය ගෙන යන නළවලට ද හානි සිදු වී තිබේ.
මෙගාවොට් තුන්සියය බැගින් විදුලි ජනන පද්ධති කොටස් 03 කින් නොරොච්චෝල තාප බලාගාරය සමන්විත අතර මෙම විදුලිය බිඳවැටීම් හේතුවෙන් බලාගාරයේ පළමු මෙගාවොට් 300 ජනන පද්ධතිය ක්‍රියාත්මක කිරීමට දින 5 ක පමණ කාලයක් ගතවන බව ද දෙවැනි පද්ධතිය ක්‍රියාත්මක කිරීමට දින 07 ක පමණ කාලයක් ගතවන බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
බලාගාරයේ තුන්වැනි ජනන පද්ධතිය ක්‍රියාත්මක කිරීමට මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව ද ඒ සඳහා විදුලි ජනන යන්ත්‍රවල නිෂ්පාදකයන් වන "චයිනා මැෂිනරි ඉක්විප්මන්ට් කෝපරේෂන්" සමාගම ද ශ්‍රී ලංකාවට ගෙන්වීමට සිදුවන බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
කොත්මලේ සිට අනුරාධපුර දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය බිඳවැටීමත් සමඟ උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත්වල අනුරාධපුරය, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල විදුලි සැපයුම බිඳවැටුණු අතර එය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ.