මෙහෙමදෝ මට සැකය
කෑමට ෆුඩ් සිටිය
සාසනේ පහරන සැටිය
මේ රට යති වරුන්
එමට වේ සිල් පද රකින්
දෙස බස එක ලෙසින්
රකින් ඔබ වේ පින් කඳන්
සිවුරු පිරිකර පෙරෝගෙන
කරන නොපනත් වහගෙන
ඇඟ පත හදාගෙන
කඳ පනුවෝ මුන් සාසනය කන
ගම ගෙවල වැසි ගෑනු
මුන්ට රිසි ලෙස ඇම දානු
ගම ගෙදර සිරිසේනු
වාගේදෝ තෙල් ඇඟ බලනු
සති අඟ ජිම් එකේ
මුළු රැය එෆ් බී එකේ
සාසනය මර මුකේ
මෙයම වේ දැයේ මාරකේ
සාසනේ මෙතරම් වත්
රකිනුයේ මුන් කීවත්
තුන් තිස් පැයේ වත්
එහෙව් හැඟුමක් නැත හිතේවත්
පන්සිල් රකින් ගිහියන්
සිත කය රකින හිමියන්
රට ගැන සිතන යතියන්
අතැර තෙපි නරකයට පලයන්
-නිල කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -