ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 18, 2016

බොදුබල සේනාවට එරෙහිව උතුරින් ශිව සේනා නමින් සංවිධානයක් නැගී සිටී

දෙමළ ජනතාවගේ සංකේත සහ අයිතීන් ආරක්‍ෂා කරගැනීමට ශිව සේනා සංවිධානය පිහිටුවා ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.යෝගේෂ්වරන් ප්‍රකාශ කළේය. ශිව සේනා සංවිධානය පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.“ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක හින්දු සංවිධාන වල නි‍යෝජිතයින්, කෝවිල් වල පුජකවරුන් සහ ආගමික නායකයින්ව කැඳවා අප මෑතකදී වව්නියාවේදී සාකච්ඡාවක් කලා. මෙම සාකච්ඡාවට වතුකරය, කොළඹ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරමින් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සහභාගි උනා. 
අපි මෙම සංවිධානයට සම සභාපතිවරු තිදෙනෙකු පත්කර ගත්තා. මඩකලපු දිස්ත්‍රික්කයේ හින්දු තරුණ සංගමයේ නායකයා වන මා සහ සච්චිදානන්දන්ද එහි නියෝජිතයින් ලෙස කටයුතු කරනව. 

මෙය ආගමික සංවිධානයකි. අපේ ප්‍රදේශවල හින්දු ජනතාව සහ දෙමළ ජනතාව බොහෝ තර්ජන වලට මුහුණ දෙමින් ඉන්නෙ. ඒ ජනතාවගේ ප්‍රධාන ගැටළු විසදීමේදී උනන්දුවක් දැක්වීමත්, ක්‍රියාමාර්ග ගැනීමත් මෙම සංවිධානයේ අරමුණ වෙනව. 

බොදු බල සේනා නැමති සංවිධානය මෙර‍ට ජාතික ජනවර්ග වලට විවධ මාර්ග වලින් තර්ජන එල්ල කරනව. ආගමික අයිතියට එරෙහිව එම සංවිධානය කටයුතු කරමින් ඉන්නෙ. එම සංවිධානය දෙමළ ජනතාව වෙත සිදුකරන කටයුතු වලට එරෙහිව අප හඩ නගනව. 

දෙමළ ජනතාවගේ සංකේත සහ අයිතීන් ආරක්‍ෂා කිරීමට අවිහිංසාවාදීව සටන් කරනව.විශේෂයෙන්ම ඒ සදහා තමයි මෙම ශිව සේනා සංවිධානය පිහිටුවා ගත්තේ. මෙම සංවිධානය මූලික පියවර ලෙස වසර 02 ක් දක්වා ක්‍රියාත්මකයි. එම වසර 02 ක තුලදී බොහෝ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ක්‍රියමාර්ග ගැනීමට නියමිතයි. යනුවෙන් එස්.යෝගේෂ්වරන් ප්‍රකාශ කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.