ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 28, 2016

ශ්‍රීපාද පුදබිමේ හෝටලයක් හදන්න යන බව කියන කතාවේ ඇත්ත නැත්ත ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් හෙළිකරයි...!!!

අන්තර්ජාලවල මේ දිනවල පලවන පරිදි ශ්‍රීපාද පුදබිමේ සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදි නොවන බව ශ්‍රීපාදස්ථානාධිපති පැල්මඩුලු රජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිශාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසුවා. Sri Padaya
උන්වහන්සේ ඒ බැව් පැවසුවේ 2016 -2017 වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ විම සම්බන්ධයෙන් අද (28.10) නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේදි රාජ්‍ය නිළධාරින් හා පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සඳහා පැවති විශේෂ සාකච්ජාවකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් පැවසුවේ ශ්‍රීපාදස්ථාන භූමියට පහලින් පෞද්ගලික සමාගමට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සදහා අදාල වගකිවයුතු ආයතන වලින් අවසර ලබා ගෙන ඉදිකරන බවට තමන් වෙත එම නිළධාරින් දැනුවත් කර ඇති බවයි. එයට විරුද්ධ විමට තමන්ට නොහැකි බවද උන්වහන්සේ මෙම රැස්විමේදි අවධාරනය කර සිටියා.
2016 -2017 ශ්‍රීපාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දේව ප්‍රතිමාවන් සහ පුජා භාණ්ඩ රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් ශ්‍රීපාද මළුව දක්වා වඩම්මන බව උන්වහන්සේ පැවසුවා.
මෙම රැස්විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. සරවනන් මහතා පැවසුවේ මාවුස්සාකැලේ ජලාශයට ඉහලින් වු මරේ දිය ඇල්ලට ආසන්න පෞද්ගලික ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සදහා සියලුම අයිතිවාසිකම් සහිතව අවසර ඉල්ලා ඇති බවත් ඒ සදහා අවසර ලබා දි ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.