එමෙන්ම මොවුන්ව විශේෂ ආරක්ෂාවක් යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිද්ධියට චෝදනා එල්ල වන ඥානලිංගම් මයුරන් නමැති පොලිස් කොස්තාපල්වරයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා තෙවන වරටත් වරෙන්තු නිකුත් කළේය.
2011 වසරේ නොවැම්බර් 25 වනදා කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශී‍්‍ර ස්කන්ධරාජා සුමනන් සැකකරු මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට චෝදනා එල්ලවීම මත එවක චුන්නාකම් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක බන්ඩාර පොලිස් කොස්තාපල්වරුන් වන ඥානලිංගම් මයුරන්, සංජීව රාජපක්ෂ, කෝංගලගේ ජයන්ත සහ හේමචන්ද්‍ර වීරසිංහ යන පස්දෙනාට එරෙහිව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග වේ.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඉකුත් 07 වනදා අත්අඩංගුුවට ගත් හේමචන්ද්‍ර වීරසිංහ නැමති පොලිස් කොස්තාපල්වරයා ලබන 24 වනදා දක්වා රිමාන්ඩ් කළ අතර සෙසු සැකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් පසුගිය 10 වැනිදා පැවති නඩු විභාගයේදී වරෙන්තු නිකුත් කැර තිබිණි.