මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල කරඬුපන දෙහිපිටිය පාරේ පදිංචි 52 හැවිරිදි
ඉන්දරගේ ජයමාන්න නමැති විශ්රාමික හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකි.
කෑගල්ල පොලිසිය සඳහන් කළේ කරඬුපන, දෙහිපිටිය ප්රදේශයේ පදිංචි මොහු 52 හැවිරිදි තිදරු පියෙකු බවයි.
ලසන්ත වික්රමතුංගගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ
නිලධාරියා වන මලින්ද උදලාගම නිදහස් කරන ලෙසත් මෙම ලිපිය බුද්ධි අංශයට
භාරදීමට කටයුතු කරන ලෙසත්, ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇති බව පොලීසිය සඳහන්
කරයි.
ඔහුගේ ලිපිය සහ වීඩියෝව පහතින්.
ඔහුගේ නිවසේ මුළුතැන්ගෙයි වහලයේ බාල්කයක නයිලෝන් ලණුවක් ආධාරයෙන් මෙම
විශ්රාමික හමුදා නිලධාරියා ගෙළ වැළලාගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය
කෑගල්ල මහරෝහලේදී සිදු කිරීමට නියමිතය.