ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 18, 2016

දිල්රුක්‍ෂි ඉවත් වුණේ මිතුරන්ට රිද්දන්න බැරි නිසා...!!!

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ  සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීමට කටයුතු කර ඇත්තේ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවන් වන තම මිතුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති අකමැත්ත නිසා යෑයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (18 දා) මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතනය අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම බව කී හෙතෙම ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයට මුවා වී සිය තනතුරෙන් ඉල්ලා අස්‌වීමට එය ස්‌වර්ණමය අවස්‌ථාව කර ගනිමින් දිල්රුක්‍ෂි ඩයස්‌  ඉල්ලා අස්‌ වූ බව ද කීවේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාව මීළඟ සතියේ නිකුත් වීමට නියමිත බව ද එහිදී මහ බැංකු අධිපති වූ අර්ජුන මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්‌ යන අය සහ වත්මන් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු රැසක්‌ වරදකරුවන් වනු ඇතැයි ද වර්ණසිංහ ප්‍රකාශ කළේය.

මෙම බැඳුම්කර වංචාවෙන් රුපියල් බිලියන 10 කට අධික මුදලක්‌ රජයට අහිමි වී ඇතැයි කී නිශාන්ත වර්ණසිංහ  මෙම විශාල මුදල් සම්භාරය යළි පවරා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද යහපාලන ආණ්‌ඩුවේ අපකීර්තිමත්ම සිද්ධිය මෙම බැඳුම්කර වංචාව බව ද කීවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.