ලබන වසරේ අයවැයේ විශේෂයක් වනුයේ අධ්‍යාපනයට 2016 වසර සඳහා වෙන්කොට තිබූ
මුදල වන රුපියල් බිලියන 185 දශම 9. ලබන වසරේදී බිලියන 78 දශම 9 දක්වා 60%
අඩු කොට ඇත, එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ වසරේ වෙන් කරන ලද බිලියන 55
මුදල බිලියන 21 දක්වා අඩු කොට ඇත, එමෙන්ම පසුගිය රජයේ පොහොර සහනාධාර සඳහා
බිලියන 30 සිට 36 දක්වා ලබාදුන් අතර මෙවර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ එම
මුදල සම්පූර්ණයෙන්ම කපාහැර ඇත.
ලබන වසරේ අයවැය යෝජනාවන් සඳහා අවශ්‍ය වියදම් ඇතුලත් විසර්ජන පනත මේ
වනවිටත් ගැසට් කර ප්‍රසිද්ධ කොට ඇත, ඒ අනුව සම්පූර්ණ ලබන වසරේ වියදම් ලෙස
රුපියල් බිලියන 1819 වෙන් කොට ඇති අතර එම මුදලෙන් ජනාධිපතිවරයා සහ මුදල්
අමාත්‍යවරයා වෙනුවෙන් සමස්ථ අයවැයෙන් 32% එනම් බිලියන 589.9 වෙන්කොට ඇත.
එමෙන්ම මේ වසරේ ජනාධිපති ඇතුළු ජනාධිපති කාර්යාලය වෙනුවෙන් බිලියන 2 දශම
3 ක් වෙන් කොට තිබූ අතර 2017 වසර සඳහා බිලියන 7දශම 4 දක්වා වැඩිකොට ඇත මෙය
ජනාධිපතිවරයාට අයත් අමාත්‍යාංශ වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් බිලියන 343
දශම 4 ට අමතරවයි.
නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසරේ අයවැය යෝජනාවන් සඳහා
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ එකඟතාවය සහ සහයෝගය ලබාගැනිමට එක්සත් ජාතික පක්ෂය
සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජන වන ලෙස කමිටුවක් පත්කිරිමට ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කොට ඇත.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සම්මුති ආණ්ඩුවේ ඇමතිකම් ගත් මහින්ද අමරවීර,
සුසිල් ප්‍රේම්ජයන්ත . අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම යන
අමාත්‍යවරුන් සහ ලසන්ත අලගියවන්න නියෝජ්යා අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක්
මෛත්‍රී පාර්ශවය නියෝජනය කරයි. රනිල් පාර්ශවය නියෝජනය කරමින් මලික්
සමරවික්‍රම, මoගල සමරවීර, අකිල විරාජ් කාරියවසම් හා හරින් ප්‍රනාන්දු යන
අමාත්‍යවරුන් මෙම කමිටුවට ඇතුලත් කොට ඇත.
මුදල් අමාත්‍ය රවි කරුපයියාගේ ඉල්ලිමක් පිට ජනාධිපති හා අගමැතිවරයා
විසින් මෙම කමිටුව පත් කල අතර ලබන වසරේ අයවැය කෙටුම්පත මෙම කමිටුව මගින්
විශ්ලේෂණය භාජනය කරනු ඇත, මෙහිදී එම කමිටුව විසින් මෙම අයවැය යොජනා
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට මෙන්ම එක්සත් ජාතික පක්ෂ
ප්‍රතිපත්තිවලට අනුකූලද යන්න අධ්‍යයන කොට එකග වීමෙන් පසුව මුදල්
අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, October 20, 2016
ජනතා සහන කිසිත් නැති කරුපයියාගේ හිවල් අයවැය 2017...!!!
Posted by
lankanews
at
October 20, 2016
Labels: 2015 budget, 2017 budget srilanka, corruptions ravi, lankanews, ravi karunanayagam, ravi karunanayake, yahapalanaya
ජනතා සහන කිසිත් නැති කරුපයියාගේ හිවල් අයවැය 2017...!!!
2016-10-20T06:38:00+02:00
lankanews
2015 budget|2017 budget srilanka|corruptions ravi|lankanews|ravi karunanayagam|ravi karunanayake|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...