ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 31, 2016

“අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දෑලාට” – සිරෝ මේක නවත්තපන් ,නැතිනම් රනිලුත් එක්ක ගෙදර පලයන් …

ශ්‍රි පාදයේ උරුමය සිංහල ,බෞද්ධයාට ලබා දීමේ සටන මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියටම ගෙන යන බව , සිංහලේ ජාතික බලමුළුවේ මහලේකම් අරඹේපොල රතනසාර ස්වාමින්වහන්සේ පවසයි .උන්වහන්සේ මේ බව සදහන් කලේ , ශ‍්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් කුරුණෑගල නගරයේදී පැවති විරෝධතාවයකදීය .
එහිදී “අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දැලාට” යනුවෙන්ද උන්වහන්සේ ප්‍රකාශ කලා . කුරුණෑගලින් ආරම්භ කල මේ සටන දිගින් දිගටම සිදු කරන අතරම , ජිවීත පූජා කරමින් හෝ මේ සටන ඉදිරියට ගෙන යන බවයි උන්වහන්සේ පැවසුවේ.වීඩියෝ සහිතයි

සංහිඳියාව යැයි හමුදාව බාල්දු කරන අමන සිරා....!!!

කුමන විවේචන අපවාද එල්ල වුවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ තමා අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිවිටකත් වෙනස්‌ නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන  රණවිරුවන්ට වීර පදක්‌කම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී අවධාරණය කර තිබිණි. රටේ විධායක ජනපතිවරයා ලෙස ඔහු ජාතික ආරක්‍ෂාව ගැන වඩාත් උනන්දු විය යුතු බවට කිසිදු සැකයක්‌ නැත. ජාතික ආරක්‍ෂාව පිළිබඳ සියලු වගකීම් පැවරෙන්නේද ඔහු මතය.
ජාතික ආරක්‍ෂාව ගැන මේ දිනවල නිරන්තරව කතාබහට ලක්‌වේ. විශේෂයෙන්ම උතුරේ ඇතිවූ සමහර සිද්ධීන් නිසා දකුණේ ජනතාවට ද යම් යම් සැක සංකා මතුව තිබේ. යහපාලන ආණ්‌ඩුවේ ප්‍රමුඛ අභිලාෂය වන සංහිඳියාවට ද උතුරේ ඇතිවූ සිද්ධීන් නිසා බරපතළ ප්‍රතිවිරෝධයක්‌ මතුවන බව නොකියාම බැරිය. සංහිඳියාව පවත්වාගෙන යා හැකි වන්නේ උතුරේ සාමය පවතින විටය. සියලු ජාතීන්ට එක්‌ව වාසය කළ හැකි වටපිටාවක්‌ නිර්මාණය වූ විටදීය. හර්තාල් පවත්වද්දී සංහිඳියාව සුරැකෙන්නේ නැත. සංහිඳියාවට ප්‍රමුඛ බාධක එල්ල වන්නේ දකුණෙන් නොව උතුරෙන් බව ප්‍රකට කරුණකි.

ගේට්‌ටු වසා දමා යාපන සරසවි දෙමළ සිසුහු විරෝධතාවේ...!!!

ඝාතනයට ලක්‌වූ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනා වෙනුවෙන් මෙතෙක්‌ සාධාරණය ඉටුවී නැති බව පවසමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ  (31 වැනිදා) විශ්වවිද්‍යාල භූමියට කිසිවකුටත් ඇතුළු විය නොහැකි පරිදි සියලු ගේට්‌ටු වසා දමා විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
විශ්වවිද්‍යාලයේ ගේට්‌ටු සියල්ලම වසා දමා තිබූ බැවින් කිසිවෙකුටත් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීමට නොහැකි වූ අතර දේශන කිසිවක්‌ පැවැත්වීමටද නොහැකි විය.
ගේට්‌ටුවලට ඉදිරිපිට සිට ශිෂ්‍යයෝ කෑකෝ ගසමින් සිය විරෝධතාවේ නිරත වූහ.

ආණ්ඩුවේ පුදුම ආදරේ ඇයි මෙතරම්....!!!


යාපනයේ ශිෂ්‍ය සංගම් නායකයෝ අද
ජනපති අගමැති හා විපක්‌ෂ නායක හමුවෙති
ඝාතනයට ලක්‌වූ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනා සම්බන්ධව පවත්වන පරීක්‌ෂණ පිළිබඳව එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයින් අද (01 වැනිදා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන්  කොළඹදී හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.

Sunday, October 30, 2016

ගොන් රැලක්ම දක්ක ගත්ත ඡන්දයක් තියා…

ලන්ඩන් කෝටිපතියෙකුට එරෙහිව සිංහල කෝටිපතියෙක් වන්දි සටනක...!!!

ලන්ඩන් නුවර ඉහළ උසාවියක මේ දිනවල විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ද සිය අවදානය යොමු කර තිබෙනවා.
ඒ ලන්ඩන් නගරයේ කොන්රන් හෝල්ඩින්ස් සමාගමේ හිමිකරු වන ශ්‍රීමත් ටෙරන්ස් කොන්රන්ට එරෙහිව එරට ප්‍රධාන කෝටිපතියන් සිය දෙනා අතර සිටින ඩෙස් ගුණවර්ධන නම් ලාංකිකයා පවරා  ඇති නඩු විභාගය සම්බන්ධවයි.
අවන්හල් ජාලයක් වන “ඩී ඇන්ඞ් ඩී” ජාලයේ හිමිකරු ඩෙස් ගුණවර්ධන කොන්රන් සමූහයට එරෙහිව පවුම් මිලියන 3ක වන්දියක් ඉල්ලා පවරා ඇති මෙම නඩුවේ සාක්ෂි විමසීම පසුගියදා සිදු කෙරුණු අතර සාක්ෂි ලබාදීම සඳහා කොන්රන් සමුහයේ හිමිකරු 85 හැවිරිදි ටෙරන්ස් කොන්රන් අධිකරණයට පැමිණි සිටියා.
ලන්ඩනයේ අවන්හල් රජු ලෙස හැඳින්වෙන ඩෙස් ගුණවර්ධන නඩු පවරා තිබුණේ පවුම් 1245 ක මුදලකට ගත් ව්‍යාපාර කොටස්වලට සාධාරණ වන්දි මුදලක් වන පවුම් මිලියන 3 ක් ඉල්ලමිනි.

උතුරේ පොලිස් ලොක්කන්ට ප‍්‍රභාකරන් බලකායෙන් ලිපියක් – ලබා දෙන්නේ දින 21 ක් පමණයි ලු

උතුරු පළාතේ සේවය කරන සියලු ද්‍රවිඩ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් තර්ජනාත්මක ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතයි. මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ ‘‘ ප‍්‍රභාකරන් බලකාය’’ නමින් නම් කර ගන්නා කණ්ඩායමක් විසින්.
එහි දැක්වෙන්නේ යාපනය සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන තෙක් දෙමළ පොලිස් නිලධාරීන් තාවකාලිකව සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.

Saturday, October 29, 2016

නොමිළේ වයි ෆයි ඊළඟ ඡන්ද පොරොන්දුවෙන් බලාපොරොත්තු වන්න...!!!

වැට් 15% පළමුවැනිදා සිට ක‍්‍රියාත්මකයි.. දුරකතන, අන්තර්ජාල බද්ද 48%තෙක් නගී..
වැට් බද්ද 15% තෙක් ඉහල නැංවීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමග එය නොවැම්බර් මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.
භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්‍රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති අතර දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වෙයි.

ඵතුමා නිකම් සුණඛයෙකු නොව කුරහන් සාටක සුණඛයෙකු බව දැන් පෙනේ..!!!

ශ්‍රී පාද අඩවියේ රක්‍ෂිත වනාන්තරය කාටත් හොරා අයත් කොටගෙන ඵයද සවුදිරජාට අයත් කොම්පැණියකට විකුණා ඇත.බැසිල් තනා නිම  කළ අධි සුඛෝපභෝගී මාළිගාව ද අන් අයෙකුට පවරා තම සහෝදරයාගේ ආණ්ඩුව පෙරළුණු වහාම කාටත් හොරා සිය බිරිඳත් සමග පැන ගියේ  ඵතෙක් ජනතාව මුළා කිරීමට මේ කට්ට කෛරාටිකයා හැඳ සිටි කුරහන් සාටකයද ගලවා දමා අපූරුවටය .සියයට විස්සේ කොමිස් ගැසීමෙන් සහ අනෙකුත් කූට උපක්‍රම තුළින් ඩොලර් මිලියන් ගණන් රටින් පන්නා මොහු ඇමෙරිකාවේ තනා ඇති අධි සුඛෝපභෝගි රජමැදුරු කරාය.මේ බැව් මේ ලංකානිව්ස් අඩවියෙන්ද හෙළිකොට තිබුණා මතකය. ( ඇමෙරිකානු සහ ලංකා ද්විත්ව පුරවැසි භාවය ලබා ඇති මේ දෙබිඩ්ඩා නීල කාස හොරෙකී බිරිඳද ඵසේමය)
ඇමෙරිකාවේ සුළු රැකියාවක නිරතවී සිටි මොහුට ඵක්වනම හතර මහා නිධානය පහළවූයේ මහින්ද රජවූ නිසාය.වහා ලංකාවට පියඹා ආ මේ කපටියා හට  රජතුමා ඇමතිකමක් පිරිනැමීය.

Friday, October 28, 2016

ශ්‍රීපාද පුදබිමේ හෝටලයක් හදන්න යන බව කියන කතාවේ ඇත්ත නැත්ත ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් හෙළිකරයි...!!!

අන්තර්ජාලවල මේ දිනවල පලවන පරිදි ශ්‍රීපාද පුදබිමේ සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදි නොවන බව ශ්‍රීපාදස්ථානාධිපති පැල්මඩුලු රජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිශාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසුවා. Sri Padaya
උන්වහන්සේ ඒ බැව් පැවසුවේ 2016 -2017 වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ විම සම්බන්ධයෙන් අද (28.10) නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේදි රාජ්‍ය නිළධාරින් හා පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සඳහා පැවති විශේෂ සාකච්ජාවකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් පැවසුවේ ශ්‍රීපාදස්ථාන භූමියට පහලින් පෞද්ගලික සමාගමට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සදහා අදාල වගකිවයුතු ආයතන වලින් අවසර ලබා ගෙන ඉදිකරන බවට තමන් වෙත එම නිළධාරින් දැනුවත් කර ඇති බවයි. එයට විරුද්ධ විමට තමන්ට නොහැකි බවද උන්වහන්සේ මෙම රැස්විමේදි අවධාරනය කර සිටියා.

Thursday, October 27, 2016

ශ්‍රිපාද අඩවිය හළාල් කිරීමට ගන්නා වෑයම පිටුපස බැසිල් නම්වූ දේශද්‍රෝහී සුණඛයා සිටින බවට තහවුරුයි...!!!

අප ඉහතදී පෙන්වා දුන් ශ්‍රී පාදය හලාල් කිරීම පසුපස සිටින්නේද සාටක සුණඛ බැසිල් බැව් හෙළිදරව්වේ.මේ කාළකණ්නි මිනිසා මින් ඉහතදී රිෂාඩ් නම් මුසල්මානුවා හට විල්පත්තුවේ කැළෑ කපා මුස්ලිම් ජනාවාස ඉදිකිරීමට ඉඩදී රටට කළ විනාශය මූ අප රටින්  ඩොලර් බිලියන් ගණනින් කොමිස්  ගැසුවාට දෙවෙනි නොවේ. .ඵසේ කෝටි බිලියන් ගණනින් කොමිස් ගසා මේ රජය පෙරළීමත් සමග පැදුරටත් නොකියා හොර රහසේ පැනගිය මේ තිරිසනා නැවත ලංකාවේ දේශපාලන භූමිකාවට අවතීර්ණ වීමට උත්සාහ දරමින් සිටී ...ඵසේම ශ්‍රිපාද අඩවිය හළාල් කිරීමට ගන්නා වෑයම පිටුපස බැසිල් නම්වූ දේශද්‍රෝහී සුණඛයා සිටින බවට තහවුරුයි...!!!

මේ දිනවල සමාජජාල ඔස්සේ  පැතිරෙමින් පවතින සේයාරූ කිහිපයක දැක්වෙන හෙලිකොප්ටරය බස්සවා ඇත්තේ ශ‍්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘‘මරේ වත්ත’’ නමින් හැඳින්වෙන ප‍්‍රදේශයට වන අතර එය නල්ලතන්නි පොලිස් වසමට අයත් ප‍්‍රදේශයක් බවයි අපහට දැනගන්නට ලැබුණේ.

වැට් වැඩිකිරීමෙන් කෝටි 180යි.. බල්ලන්ට සැප කාර් ගෙන්න කෝටි 117යි.. අගමැතිගේ කාර් එකට කෝටි 30යි..

වැට් බදු ඉහල නැංවීම තුලින් උපයා ගැනීමට බලාපොරොත්තුවන රුපියල් කෝටි 180ක මුදල උපයා ගත හැකි පහසුම මගක් ජවිපෙ නායක අනුර දිසානායක  පාර්ලිමේන්තුවේ වැට් පනත විවාදයට එක්වෙමින් හෙලි කලේය.
ඔහු යෝජනා කලේ ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සදහා පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කරගන්නා ලද රුපියල් කෝටි 180 හා අගමැතිවරයාට වාහනයක් ගෙන්වීමට වෙන් කර ඇති රුපියල් කෝටි 30ක මුදල නවතා දැමුවහොත් වැට් බද්ද වැඩිකිරීම අතහැර දැමීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
වීඩියෝ සහිතයි...

මෙන්න සත්ගුණවත් තිරිසන් කරුපයියාගේ වැඩ....!!!

මුදල් ඇමති රවි කරුණානායක විසින් මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි  වෙත යොමු කරන ලද ලිපියක් සමාජජාල තුල හුවමාරු වෙමින් ඇත.
ඇමති සරත් ෆොන්සේකා මහතාගේ බෑනනුවන් වන දනුන තිලකරත්නගේ ව්‍යාපාරික කටයුත්තක් සම්බන්ධයෙන් මෙම ලිපිය මුදල් ඇමතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කර සිහිපත් කරන්නට විය හැක.

බලයේ සිටින බල්ලන් මිනිසුන් මත පැටවූ වැට් බද්ද නිසා මිළ ඉහළ යන දේවල් මෙන්න...!!!

රත‍්‍රන්, ප්ලැටිනම්, දියමන්ති,මැණික්, මුතුවලට VAT නෑ.. වෛද්‍ය-රෝහල් ගාස්තුවලට අදාලයි.. VAT ඇති-නැති ලැයිස්තුව මෙන්න..!!!
 නොවැම්බර් මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන 15%ක් වූ වැට් බදු සංශෝධනය අදාල නොවන භාණ්ඩ හා සේවා ලයිස්තුවක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
පහත දැක්වෙන්නේ එම ලයිස්තුවයි.
නව බදු සංශෝධණ වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු රෝහල් කාමර ගාස්තු සදහාද අදාල වන අතර දුරකතන සේවා, කිරිපිටි, දුම්වැටි, මත්පැන් ආදියටද අදාල වෙයි.

බැදුම්කර මගඩියේ ප‍්‍රධාන හොරා අර්ජුන් මහේන්ද්‍රන් රටින් පනී..!!!

අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා අද පස්වරු 03.12ට එමිරේට්ස් ගුවන් යානවකින් (EK-348) කටුනායක ගුවන් තොටුපලෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
මේ පිලිබදව පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් රංජිත් සොයිසා  කියා සිටියේ ධීවර ඇමතිගේ දැලට හසු නොවී මෝරෙක් රටින් පැන ගිය බවයි.

ජනතාවට බදු පැටවූ දේශපාළු තිරිසන් සත්වයන් කවුද..???

වැට් බද්ද වැඩි කරන්න අත ඉස්සූ මැති ඇමතින් 76 කවුද..???
ජනතාවට වැටෙන්නටම බදු පැටවූ දේශපාළු ඒ හිරිකිත තිරිසන් සත්වයන් කවුද..???
11% තිබූ වැට් බද්ද 15%ක් තෙක් වැඩි කිරීම සදහා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් මැති ඇමතිවරුන් කවුදැයි රටට හෙලි කරන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම කතානායක කරු ජයසුරිය මහතාගේ ඉල්ලා සිටී.
එසේ ඉල්ලා සිටිමින් එම සංවිධානය විසින් කතානායකවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.. සෞදි රජුගේ අරමුදලින් එටිසලාට් ශ්‍රීපාද රක්ෂිතය අල්ලයි !

ශ්‍රී පාද පූජා භූමියට අයත් රක්ෂිත කළාපය හෙළි කරමින් දැවැන්ත සංචාරක නවාතැන්පොළක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
එක්සත් ආරබි එමීර්වරයාට අයත් එටිසලාට් ශ්‍රී ලංකා සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදුකරමින් පවතින අතර මේ වන විටත් එහි මූලික අඩිතාලම දමා, ගබඩා පහසුකම් ඇතුළු වැඩබිමකට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇත.
ශ්‍රීපාද කදු මුදුනේ ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් ඇතැයි ඉස්ලාම් භක්තිකයන් අතර ඇති පිළිගැනීමට අනුව මින් පෙර අවස්ථා කිහිපයකදී සෞදි අරාබියෙන් සහ මැලේසියාවෙන් පූජක කණ්ඩායම් පැමිණ විමර්ශනය කර තිබූ බව වාර්තා විය. මේ වන විට ශ්‍රී පාදස්ථානයේ ඉස්ලාම් බලය තහවුරු කර ගැනීම සදහා සැලසුම්සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදියේ සලමාන් රජු සෘජුවම මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.

Wednesday, October 26, 2016

හිටපු කොටි 270ක්‌ උතුරේ...!!!

පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි 270 ක්‌ යාපනයේ සිටින බවත් ඔවුන්ගෙන් පිරිසක්‌ ආවා නමැති මැර යතුරුපැදි කල්ලියට සම්බන්ධ බවත් බුද්ධි අංශවලට හෙළිවී ඇත.
මෙම "ආවා" කණ්‌ඩායම ගැන ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දාද රජයට අනතුරු අඟවා තිබුණි.
මෙම කොටි කණ්‌ඩායම රජයට භාරනොවී වන්නියේ සිට යාපනයට පැනගොස්‌ තිබේ.
යාපනයේ කොල්ලකෑම් රැසකට මෙම ආවා කණ්‌ඩායම සම්බන්ධ බවට වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසුවේ "ආවා" කණ්‌ඩායමට ඇතැම් ද්‍රවිඩ දේශපාලනඥයන් පිරිසක්‌ද සම්බන්ධ බවයි.

නිවට සංහිඳියාව අතරින් මතුවන රටේ අරාජිකත්වය....!!!


අද අත් පත්‍රිකා බෙදා හර්තාල් සිදුකරයි. එක්‌ එක්‌ කල්ලි කණ්‌ඩායම්වල දේශපාලන අරමුණු සාක්‌ෂාත් කර ගැනීම වෙනුවෙන් උතුරේ හර්තාල් පවත්වන්නට ඉඩදීම සංහිඳියාවද? යහ පාලන ආණ්‌ඩුව උතුර අස්‌ථාවර කිරීම උදෙසා ක්‍රියාත්මක වන බලවේගයන් ගැන හොඳින් නිරීක්‍ෂණය කරන්නේ ද? සංහිඳියාවට බාධාවක්‌ වන්නේ යෑයි සිතමින් මේවා ගැන පරීක්‍ෂණ පැවැත්වීම වුවමනාවෙන් මඟහරින්නේද...?

චුන්නාක්‌කම්හිදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කඩු ප්‍රහාරයට ලක්‌වීමේ සිද්ධිය සැහැල්ලුවෙන් ගත යුත්තක්‌ නොවන බව බුද්ධි අංශ දැනටමත් අනතුරු අඟවා ඇත. මෙය මහා විපතක ආරම්භයක්‌ ද? එක්‌ පැත්තකින් උතුරු පළාත අඩපණ කරමින් හර්තාල් පැවැත්වීමටත්, අනෙක්‌ පැත්තෙන් 'ආවා' කණ්‌ඩායමේ කඩු ප්‍රහාරවලට පොලිස්‌ නිලධාරීන් බිලිදී සංහිඳියාව උදා කළ නොහැකි බවත් පැහැදිලිව සටහන් කළ යුතුය.

පක්‍ෂ භේදයකින් තොරව හොර දේශපාළු තිරිසනුන් වැට් පණත සම්මත කර ගනී....!!!

වැට් බදු අනුපාතය 15%ක් දක්වා ඉහල දැමීම සදහා වූ යෝජනාව දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 66කින් සම්මත විය.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 112ක් ලැබුනු අතර විරුද්දව ඡන්ද 46ක් ලැබුණේය.
මන්ත‍්‍රීන් 65ක් සබා ගැබේ සිටියේ නැත.
පොදුවේ එජාපය සමග එක්ව ශ‍්‍රීලනිපයට පනතට පක්‍ෂව ඡන්දය භාවිතා කල අතර පක්‍ෂ දෙකේම සමහර මන්ත‍්‍රීවරුන්ද සභාවේ නොසිටියහ.

හොරු සෙට් ඵකම මාට්ටු ...!!! තොරතුරු අප අතේ...!!!

හොර යූ .ඵන්.පී. නඩයම ගලේ පැහැරූ බළලුන් මෙන් වියරු වැටී කෝප් වාර්තාව සඟවන්නට උත්සාහ ගත්තද ,අර්ජුණ මහේන්ඳ්‍රන්  නැමති පාහර තක්කඩියාගේ සියළු ගසා කෑම් හෙළි වෙමින් පවතී.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්‍ද්‍රන්ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ වනවිට අධික ලාබයක් අත්පත්කර ගනිමින් ලංකාවේ අංක එකේ සමාගමක් දක්වා වර්ධනය වී ඇති අතර එහි නවතම වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ.
එම වාර්තා අනුව අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම 2016 අප්‍රේල් සහ මැයි මාස දෙකේ ලාභය ඉතා අධික ලෙස වර්ධනය වී ඇති අකාරය මෙම වාර්තාවෙන් පෙන්නුම් කරයි.
ලංකාවේ ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකුවල 2015 මාර්තු-2016 මාර්තු වර්ෂයට අදාළ ලාභයට වඩා විශාල ලාභයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන තිබේ. එම ලාභය කෝටි 520ක් ඉක්මවා යන අතර ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එක් දිනක ලාභය එක්කොටි අසූ ලක්‍ෂයක් (18,000,000) වේ.සියළු දත්ත ඇතුළත්වු වාර්තාව සහිතයි

මෙන්න තවත් කම්බා හොරෙක්...!!! ප්‍රවේශම් වන්න....!!!

මොහු ගේ වෘත්තීයභාවය ප්‍රශ්න නො කරන්නේ ඇයි?
නම - ලසන්ත විජේසේකර
වෘත්තිය - වෛද්‍ය
සේවා ස්ථානය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය

මගේ සේවා සහ වෘත්තීය ජීවිත කාලය තුළ විවිධ තක්කඩියන් සහ කෛරාටිකයන් හමු වී ඇතත්, මේ සා දෙබිඩි ජීවිතයක් ගත කරන්නකු හමු වී තිබෙන්නේ, කලාතුරකිනි.
නමින් ලසන්ත විජේසේකර නම් වූ මොහු, වෙනත් ආකාරයකින් හඳුන්වන්නේ නම්, කලකට ඉහත ජනප්‍රිය වූ, ‘උමා‘ ගීතය ගායනා කළ සමන් ජයනාත් ජිනදාස නම් වූ වැදගත් පුද්ගලයා ගේ සහෝදරයා ය. සහෝදරයා එසේ වුවත්, මොහු ගේ ක්‍රියා කලාපය, සහෝදරයා ගේ අහලකින් වත් තබන්නට නො හැකි ය.
ඒ තරමට,
අප්‍රසන්න ය.
අසික්කිත ය.
කැත ය.
හිරිකිත ය.
මට මේ පුද්ගලයා හමු වූයේ ඉතා අහම්බෙනි. ඒ, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නිසා ය. ඒ හමුවීම පිළිබඳ ව අද මට ඇත්තේ, දැඩි පිළිකුලකි.

හමුදාව, පොලීසිය ගණන් නොගන්නා තැනට පත්වෙලා.. උතුරේ කොටි නැගිටිනවා වගේ....!!! හෙළ උරුමය හදිසියේ ඇහැරීම...!!!

පොලිස් වෙඩි තැබීමකින් යාපනය සරසවියේ සිසුන් දෙදෙනකු මියයාම හා යාපනයේ ආරක්ෂක තත්ත්වය සම්න්ධයෙන් අදහස් දැක්වීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.
එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මධ්‍යම කාරක සභික නීතිඥ ටියුඩර් පෙරේරා යන අය සහභාගීවූහ.
මෙහිදී අදහස් දැක්වූ නිශාන්ත වර්ණසිංහ  විසින් උතුරු හා නැගෙනහිර පමණක් නොව රටේ කිසිම තැනක කවරෙකුටවත් නීතිය අතට ගෙන කටයුතු කිරීමට ඉඩ නොතැබිය යුතු බව ප්‍රකාශ කරන ලද අතර පසුගිය දිනවල මඩකලපුවේ වාකනේරි ප්‍රදේශයේ අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කළ විහාරස්ථානය ඉදිකිරීමට කටයුතු කළ යුතු බවත් මසක් ඇතුලත එසේ සිදුකිරිමට ආණ්ඩුකාරවරයා හා ජාතික සංහිඳියා අමාත්‍යවරයා කටයුතු නොකළහොත් මහා සංඝරත්නය ඇතුළු ජාතික මාමක පිරිස් එහි ගොස් එම විහාරස්ථානය ප්‍රතිශ්ඨාපනය කිරීමට සූදානම් බවත් ඔහු විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !!!

සෞදි රජුගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව එටිසලට් සමාගමේ ප්‍රධානීන් විසින් ශ්‍රීපාද රක්ෂිතය එළිකරමින් ඉදිකිරීමක් සිදුකරන බව තහවුරු වන ඡායාරූප කිහිපයක් මේවන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවති.
අරාබි ජාතිකයන් පිරිසක් ශ්‍රීපාද අඩවියේ ස්ථානයකට හෙලිකොප්ටරයකින් පැමිණ සිටින්නේයැයි එමගින් දැක්වෙයි.
හැටන් නල්ලතන්නිය මාර්ගය ආසන්නයේ, ශ්‍රීපාද අඩවියේ “මරේ“ වතුයායෙන් කොටසක් එටිසලාට් සමාගම හරහා මිලදී ගෙන ඇති බවත්, අරාබි ජාතිකයන් ගුවන් මගින් එම ස්ථානයට යන එන බවත් සමාජ ජාලා ඔස්සේ වාර්තා වී තිබුණු අතර ශ්‍රීපාද රක්ෂිත භූමියේ ඉදිකරමින් පවතින මහාපරිමාණ නවාතැන්පොළ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවන්නේ එම ස්ථානයේ සිට බවත් සදහන් වේ.

මෙන්න ඩීල්....!!! පුළුවන් නම් නෑ කියපල්ලා ...!!!

ඒ ඩීල් මේ ඩීල් මැද කෝටි ගණන් විසිවන බැඳුම්කර මගඩිය කෝප් කමිටුව යට ගහයිද?
මහබැංකු බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් බේරාගැනීමේ මෙහෙයුම බාරව කටයුතු කළ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහට අදාළ කටයුත්ත වෙනුවෙන් ත්‍යාගයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පවුලෙන් කොළඹ එම්පරර් රෙසිඩන්සීස් නිවස ලැබී ඇතැයි වාර්තාවේ.
අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසිියස් බේරාගැනීම ස`දහා සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයාව කෝප් කමිටුවට යෝජනා කරන ලද්දේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  විසිනි. එහෙයින් අදාළ කටයුත්ත වෙනුවෙන් මන්ත‍්‍රීවරයාට පසුගිය දිනවල දැඩි වෙහෙසක් දැරීමට ද සිදුවූ බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

පීනස හැදුනාම කියන "කෝප්" සින්දු

පීනස හැදුනාම කියන "කෝප්" සින්දු
=======================
සොරුන් යැයි කිවූ කිසිවෙක් සොරුන් හෙම නොවේ
සොරුන් නොවේ යැයි කිව්වත් සොරුන් බව පෙනේ
අතේ පත්තුවී තිබුනත් උන්ගේ නම් නොවේ
නඩුයි බඩුයි අතේ තියන් රජ ටෝක් දෙතේ
සල්ලි අරන් හොරුන් වැජබෙතේ
දුප්පතාගේ කුසට පහර වේ
ආයෙත් රට අගාධයටමයි
දවල් වැටී ආයේ රෑ වැටෙයි (වලේ මිනිසා) //
අර්ජුනවත් හමු උනා බැංකුව ළඟදී ....

තරංගා අධිපති විජය රාමනායක දැයෙන් සමුගනී..!!!

එනිවෙයාර් එනි ටයිම් නම් වූ මිල්ටන් මල්ලවආරච්චි ගී ගැයූ ලංකාවේ පළමුවැනි කැසට් පටය නිශ්පාදනය කරමින් සංගිත ලොවේ පෙරළියක් කළ තරංගා අධිපති විජයරාමනායක මහතා අවුරුදු 71ක් ආයු වළදා ඊයේ අප අතරින් සමුගෙන ගොස් ඇත. විජය අයියා ආරාධනා,කලියුගයථයුගාන්තය,රිදී නිම්නය,මල්දෙනියේ සිමියොන් වැනි සම්මානනිය සිනමා නිර්මාණ රැසක් නිශ්පාදනය කළ මුදල් ලාභ නොතකා කලාවට සේවයක් කළ නිරහංකාර මිනිසෙක් බව නම් ගෞරව පෙරදැරිව පැවසිය යුතුමය.(සම්මානවලට හිමිවූ මුදල් ඔහුට ලැබුනේ නැති බවකුයි අප දන්නේ) ඔහුගේ අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බැව් දැන ගන්නට ඇත.

දෝරේ ගලන ලේකහවුස් මාධ්‍ය නිදහස...!!! රිවිරට තහංචි...!!!

තමන්ගේ පාලන කාලය තුළ රටට ලබා දුන් ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජනාධිපතිවරයා උදම් අනමින් සිටියදීම ලේක්හවුස් ආයතනය මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝණය කරමින් රිවිර පුවත්පතට වාරණයක් පනවා තිබේ.
ඒ අනුව ලේක්හවුස් ආයතනයට රිවිර පුවත්පත මිල දී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස පාලනාධිකාරිය නියෝග කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
එම උපදෙස් අනුව ඔක්තෝබර් මස 07 වැනි දා සිට කිසිදු කර්තෘ මණ්ඩලයකට හෝ වෙනත් දෙපාර්තමේන්තුවකට රිවිර පුවත්පත නොසැපයෙන අතර කර්තෘ මණ්ඩල පුස්තකාලයේ පමණක් එක් පිටපතක් කියවීමට තබා ඇත.

මෙන්න සරල ජනපතිගේ වැඩ …

මිලියන 16ක් කාබාසිනියා කර උත්සව පවත්වලා

ලංකා විදුලි බල මණ්ඩලයේ අනියම් සේවකයින් 3828 දෙනෙකුට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගිය  (18) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වු අතර එම උත්සවයේදි පසුගිය ජනාධිපතිවරණයේදි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට කඩේ ගිය පොලොන්නරුවේ  විශාල සංඛ්‍යාවකටද ස්ථීර පත්වීම් ලබාදිමට කටයුතු කර ඇති අතර එම පිරිස 1000ක්ද ඉක්මවන බව අනාවරණය වි තිබේ.ඒ පිළිබඳව අනාවරණය කිරිම පසුවට සිදුකරනු ලබන අතර අදාළ උත්සවය සදහා රුපියල් 10 පැනෙන් අත්සන් තැබු සරල ජනාධිපති ජනතා මුදල් මිලියන 16ක් කාබාසිනියා කර ඇති බව අනාවරණය වි තිබේ.සියළු වියදම් සහතික සහිතයි

Tuesday, October 25, 2016

කෝප් කමිටුව වාර්තාව අතුරුදන් වන ලකුණු..!!!

ආන්දොලනයට තුඩුදුන් ඉහත මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන වංචාව සම්බන්ධයෙන් සොයා බැලෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වාර්තාව මේ සිකුරාදා වනවිට කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව නොලැබුන හොත් ලබන සතියේ අය-වැය ආරම්භ විමත් සමග කෝප් කමිටුව වාර්තාව ඉදිරිපත් කිරිමට නොහැකි විමේ අවදානමකට මුහුණ දෙන බව දේශපාලන පක්ෂ සාමාජිකයන් අවධාරණය කරනවා.වීඩියෝ සහිතයි

කුමන්ත්‍රණය තහවුරුයි.. උතුරේ කළබල මැඩීමට එක්සත් ජාතීන්ගේ හමුදාවක්…!!!

අතුරැදහන් වූ කාර්‍යාල පනතේ 27.3 යටතේ ජාත්‍යන්තර සම්මුතියක් ගැන කියවේ. එම ජාත්‍යන්තර සම්මුතිය අනුව ජාතීන් අතර ආරවුලක් ඇති වූ විට විදේශීය හමුදා වලට ලංකාවට පැමිණිය හැකිය. ඒ අනුව මැච් එක නතර කරන්නේ උතුරේ කළබල මැඩීමට යාපනයට ගොඩබසින එක්සත් ජාතීන්ගේ හමුදා විසින් වීමේ වැඩි ඉඩක් මේ වන විට ගොඩ නැගී ඇත.
2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නොපැමිණීමට බල පෑ ප්‍රධාන කරැණ වූයේ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නොතිබීමයි.

කහටගහ පතලේ සේවකයින් මාරාන්තික උපවාසයක...!!!

කුරුණෑගල, දොඩංගස්ලන්ද කහටගහ පතලේ සේවකයන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.සේවකයින් 100දෙනෙකු පමණ අඩි 1132ක් පතල අභ්‍යන්තරයේ සිට මෙලෙස උපවාසයේ නිරත වේ.  වීඩියෝ සහිතයි

බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි...!!!

ඊපීආර්එල්එෆ් නායක ප්‍රේමචන්ද්‍රන් ගොරවයි
බෞද්ධාගමට මුල්තැන දීමට ක්‍රියා කළහොත් තමන් ඊට එරෙහි වන බව ඊපීආර්එල්එෆ් නායක සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

යෝජිත ව්‍යවස්‌ථාවෙන් ශ්‍රී ලංකාව අනාගමික රටක්‌ කළ යුතු බවත් ශ්‍රීලංකාවේ විවිධ ආගම් අදහන පිරිස්‌ සිටින නිසා බුද්ධාගමට මුල්තැනදීම රට අවුල් කරන්නක්‌ බවත් ඔහු කියා සිටියේය.

උතුරේ පාතාලය හිස ඔසවයි...!!!

බුද්ධි අංශ අනතුරු අඟවයි...***
 දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන උතුරු පළාතේ තිබෙන පාතාල සන්නද්ධ කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවයි.
විශේෂයෙන්ම "ආවා ගෲප්" නමැති පාතාල කණ්‌ඩායම සිය ක්‍රියාකාරකම් ඉහළ දමා තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.
මන්නා පිහිවලින් සහ කඩුවලින් සන්නද්ධව යතුරුපැදිවලින් ගොස්‌ විවිධ අපරාධ සිදුකිරීම නිසා ආවා ගෲප් කල්ලිය යාපනය පුරා භීෂණය පතුරුවා හරිමින් සිටිති.

සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි....!!!

 පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..
ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
ඉන් තුවාල ලත් පොලිස් සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ඉන් ටික වේලාවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.

කෝටි ගණන් වාහන ජනතා මුදලින් ගන්නා අපතයෙනි.ලජ්ජා වෙයව්..!!!

පක්‍ෂ පාට භේදයෙන් තොරව ඇත්ත දෙස බලාපල්ලා...!!!
එක ඇමතියෙකුගේ ලක්‍ෂ  6000 ක වාහනයකින් මෙවන් අසරණ මිනිසුන්  කී දාහක් නගා සිටුවන්න පුලුවන්ද? නමුත් එහෙම කරයිද මේ ජාතික ධනය සොරා කන්නෝ.
 බලාපියව් අපේ රටේ අන්ත අසරණ දුගී දුප්පතුන් ජීවත් වන හැටි.කෝටි ගණන් ජනතා මුදල් දිනපතා වෙන්කරගත් ජනාධිපති අම්බරුවකු සිටින රටක්. රටවටා පාරවල් වසා ලැම්බෝගිනි රේස් තිබ්බ ජනාධිපති පුතුන් සිටින රටක්..තමුන්ගෙ රටේ ජනතාව අතර කන්නට බත් ඇටයක් පවා නොමැති අසරණයන් සිටියදී වෙනත් රටවල චොකලට් කොම්පැණි බලමින් විනෝදවන නපුංසක අගමැතියෙකු සිටින රටක්...!!! තිරිසන් දේශපාලන සත්වයනී තොපට ශාප වේවා...!!!

උනුත් ඵකයි මුනුත් ඵකයි...!!! හැබැයි උන් මීට වඩා හොඳයි...!!!

කඩුවෙල පිවිතුරු හෙළ උරුමය සංවිධායක ශිරන්ත ජයලත්  විසින් සංවිධානය කරන ලද ජන හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ උදය ගම්මන්පිල, සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාමිල්ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය කලපළුවාවේදී පැවැත්විනි.
මේ අවස්ථාව සඳහා පලාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, මේජර් ප්‍රදීප් උදුගොඩ ද  නිළි ඕෂධී හේවාමද්දුමද නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි විය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල  එහිදී මෙසේ අදහස් පල කලේය.
එදා බලය වෙනුවෙන් තරගෙට බොරු කී හැටි...

අර්ජුන් සල්ලි බෙදයි.. මාධ්‍යටත් අල්ලස්.. එජාප COPE සාමාජිකයන්ට බරටම දොල පිදේනි !

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවෙන් සෘජුවම චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අදාල වාර්තාවට එරෙහිව කටයුතු කරන කෝප් කමිටු සාමාජිකයන්ට දිගින් දිගටම වරදාන ලබා දෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
මේ වන විට සිය මුදල් බලයෙන් මාධ්‍ය ආයතන නිහඩ කිරීමේ මෙහෙයුමක් ආරම්භකර ඇති අතර මාධ්‍ය ආයතන සදහා ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම් බව ඇලෝසියස්ගේ නියෝජිතයන් මාර්ගයෙන් මාධ්‍ය ආයතන කිහිපයක් වෙත දන්වා ඇති බවද විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.

‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. .!!!

‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. අංක නැති යතුරු පැදිවලින් සැරිසරයි..
‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. අංක නැති යතුරු පැදිවලින් සැරිසරයි..
පසුගියදා යාපනය චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවාල කලේ තම සංවිධානය විසින් යයි උතුරේ ක‍්‍රියාත්මක වන ‘ආවා ගෲප්’ කණ්ඩායම විසින් යාපනය සහ ආසන්න නගරවල අත්පත‍්‍රිකා බෙදා ඇත.ඡායාරූප සහිතයි

කොහොමද බොලව්, යාපනේ්‍? දැන් ජාපනේ වෙලා තියෙන්නෙ. .!!!

 කුමාර ලියනගේ යනු අප රට ජාතියට බොහෝ සිතැත්තෙක්.ඵසේම පරිසමාප්තයෙන්ම නිර්පාක්‍ෂික නිර්මාණ කරුවෙක් ඔහුගේ යම් යම් සමාජ විග්‍රහයන් කාළීනයි.ඔහු වර්තමාන ව්‍යාජවූ දේශපාළුන්ගේ සැබෑ නිරුවත උත්ප්‍රාසයෙන් දකින්නෙක්.සිතිවිලි තුළට ඉමක් නැත.අප ලංකානිව්ස් තුළ ඒවාට කිසිදු තහංචියක්ද නැත. මන්ද සත්‍යයේ නිරුවත කවරෙකු හෝ උනා දැමිය යුතු නිසා.
ලංකානිව්ස් සංස්කාරක


 මේ ඒවායින් කිහිපයකී.
 
උස නං සිකුරිටි
මිටි නං කම්කරු
මහත නං ඇමති
කෙට්ටු නං ජනතාව...!!!

- දළදා මාලිගාවට, ‘දළදා විහාරය‘ කියන්නෙ නැත්තෙ ඇයි? බොලව්.
- white house එකට, ‘සුදු ගේ‘ කියන්නෙ නැතුව, ‘ධවල මන්දිරය‘ කියන්නෙ ඇයි? බොලව්
නොදකිං බලු හැත්ත..!

අර ලසන්ත වික්‍රමතුංග මැරුවා ය කියලා, බෙල්ලෙ වැල ලා ගෙන මැරුණ හමුදා නිලධාරියා ප්‍රශ්න කරලා, ඕඩර් එක දීපු එකා හොයා ගන්න පුඵවන් තරමට කෙළ පැමිණි, ‘මළවුන් ගෙන්නන එකෙක්‘ හොයා ගන්න බැරි ද? බොලව්.
ඉන්නවා නේද බොලව් පඳුරක්, පඳුරක් ගාණේ බෝඩ් ලෑලි එල්ල ගෙන?

එක්සත් ජාතික පක්ෂයට, ‘එක්සත්‘ කෑල්ල එන්නෙ නිකං නෙවෙයි...!!!

ජහපාලන ආණ්ඩුව අමුඩ ගහන කාලේ, මටත් සෑහෙන්න ආරාධනා ආවා, බොලව්. මේවා නිකං පූචානං කතා නෙවෙයි. සාක්කි ඇතුව ඔප්පු කරන්න පුඵවන් කතා. නමුත් මම ඒ කාටවත් ‘හා‘ කිව්වෙ නෑ.
ඒකට හේතුව, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වෙන කිසි දෙයක් ගැන මට විශ්වාසයක් නැති හින්දා.
මොන මූණු දා ගෙන ආවත්, එක්සත් ජාතික පක්ෂය බාර ගත්ත ඓතිහාසික වැඩක් තියෙනවා. ඒක තමයි, යටත්විජිතකරණයෙන් පස්සෙ, ලංකාව දාලා ගිය සුද්දන්ට පක්කලිකං කරන එක.
එක්සත් ජාතික පක්ෂයට, ‘එක්සත්‘ කෑල්ල එන්නෙ නිකං නෙවෙයි, බොලව්.
ඒක, කොළඹ ටවුන් හෝල් එක, අමෙරිකාවේ ‘වයිට් හවුස්‘ ආකෘතියට හදපු එක දක්වා, දුර දිග ගෙනි යන්න පුඵවන්.

යාපනයේ වෙඩි වැදුණු සිසුන් ගියේ තහනම් අධිබල යතුරුපැදියකින්

උතුරේදී මියගිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය සී. සී. 1000 වර්ගයේ මෙරට තහනම් යතුරුපැදි වර්ගයේ එකක්‌ බව අනාවරණය වී ඇත.
මෙම අධිබලැති යතුරුපැදි වර්ගයට උතුරේ මෝටර්රථ ප්‍රවාහන බලධාරීන් බලපත්‍ර දීම බරපතළ සැකයට කරුණක්‌ බවද ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
පසුගිය කාලය තුළ බ්‍රිතාන්‍ය ඩයස්‌පෝරාව විසින් උතුරේ විශ්වවිද්‍යාල සිසුන්ට මෙම යතුරුපැදි ප්‍රදානය කර ඇතැයි අනාවරණය වී තිබේ.

ඇමති රංගෙ බණ්ඩාරගේ පුතාගේ රියේ හැපී පුද්ගලයෙකු මිය යයි

ඇමති පාලිත රංගෙ බණ්ඩාරගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු ගමන් කල සුඛෝපගෝගී ඩිස්කවරි රථයක් ගැටීමෙන් ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙදි පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

පහලොස් ලක්‍ෂයක මහ ඇපය බදින්න සල්ලි නෑ - බුද්ධි නිලධාරීන් දෙදෙනා යලි රිමාන්ඞ්

ඊයෙ දිනයේ රුපියල් ලක්‍ෂ 15ක මුදල් ඇප මත මුදා හරින ලෙස අධිකරණය විසින් නියෝග කළඑ එම මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ප‍්‍රදීප් එක්නැගිගොඩ අතුරුදහන් වීමට අදාල නඩුවේ සැකකාර හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා නැවතත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කර්නල් ශම්මි කුමාරරත්න සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත යන හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනාට මෙසේ ඇප නියම වූ අතර ඇප මුදල් ගෙවීමට නොහැකි වූ නිසා නැවතත් බන්ධනාගාරගත කර ඇත.

එජාප කෝප් වාර්තාවෙන් බැදුම්කර මාමා අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කෙරේ.. බහුතරය ගන්න TNA පසුපස..

හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන් මහේන්ද්‍රන්  ගිය වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියක අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නිදහස් කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයින් විසින් වාර්තාවක් සකස් කර ඇත.
එම වාර්තාවට කමිටුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ කැමැත්ත ලබා ගැනීම වෙනුවෙන් දෙමල සන්ධාන මන්ත්‍රීවරු සිව්දෙනාගේ කැමැත්ත ගබා ගැනීමේ සාකච්චා පැවැත්වෙමින් තිබේ.
මෙම සාකච්චා සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

“ජනාධිපති එයාගේ අය බේරාගත්තා එච්චරයි ”

අපිට කෙලින්න හැදුවොත් රනිල්ව උනත් ගෙදර යවනවා…….

මේ ගැන දැනගත් මෛත්‍රිගේ බත්බැළ කාය ඉතාමත් සූක්ෂම ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගොනාට අන්දවමින් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ඇත.මෛත්‍රිගේ බත් බැළයන් දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රකාශ කර ඇත්තේ….
දැක්කානේ..මේ ආණ්ඩුව කරන්නේ අපි…අපිට කෙලින්න හැදුවොත් රනිල්ව උනත් ගෙදර යවනවා……. යනුවෙනී .
අගමැති රනිල් වික්‍රමසිංහ දිවයිනේ නැති මොහොතක මෛත්‍රිපාල සිරිසේන සිදු කල ප්‍රකාශය පදනම් කර ගෙන දිල්රුක්ෂි ගෙදර යවා , මෛත්‍රිගේ බත් බැළ  කාය   තමන් කල හොරකම් වසා ගැනීම තවත් ආකාරයකින් ජයග්‍රහණය කර ඇත. දැන් අල්ලස් කිකිකිගේ ඉල්ලා අස්වීම සාධාරණිකරණය කරමින් මෛත්‍රිපාල සිරිසේනට බබා පාට් එක දමන්නේද ඒ පිරිසමයි.
මේ අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් ඉල්ලා අස්විමෙන් පසුව නැවැතත් සොලිසිටර් ජෙනරාල් ලෙස වැඩ භාර ගැනිමෙන් පසුව සිය සමිපතමයන් නැගු ප්‍රශ්ණ වැලකට පිලිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ… “ජනාධිපති එයාගේ අය බේරාගත්තා එච්චරයි ” යනුවෙනි.

Monday, October 24, 2016

අම්මලාට හාල් ගරන ඖෂධ මිල ප්‍රතිපත්තිය !

මේ දවස්වල ඖෂධ හතලිස් ගණනක මිල බස්සපු එක ගැන ලොරි ටෝක් දෙනවා. ලංකාවෙ මෝඩයෝ බොලව් රජ කරන්නෙ.
මොකටද මේ ඔෟෂධ මිල සද්දෙ?
ජේ.ආර්. ගෙ රෙද්දෙ විවෘත ආර්ථිකේ ආවට පස්සෙ, සුපර් මාකට් තියෙන හොඳම දහජරාව ලංකාවට එන්න පටන් ගත්තා. මුලින් ආවෙ වැඩි මිලට. සල්ලි තියෙන එවුන් ඒවා ඉස්මුරුත්තාව එනකල් කෑවා. කාලා ලෙඩ හදා ගත්තා. ඒ ලෙඩවලට ‘වැදගත් පන්තියේ ලෙඩ‘ කියලා තමයි අපේ රටේ මිනිස්සු මුල් කාලේ කිව්වෙ. ‘හයිබ්ලඩ්ප්‍රෙෂර්‘,‘ෂුගර්‘ කිව්වාම ඒ කාලෙ පොඩි ගතියක් තිබුණා.
ඒවට ඕන කරපු බෙහෙතුත් සුපිරි.
ඊට පස්සෙ, ආවා හාල්, පරිප්පු, හාල්මැස්සො ඇඩ්වටයිස් කරන දෙවැනි, තුන්වැනි පන්තියේ සුපර් මාකට්. ඒකට හරි යන්න රටම කඩමණ්ඩියක් වුණා. කඩවල්, සුපර්මාකට් වුණා. රටේ ඉන්න හැම එකාම සුපිරි කඩේට ගියා. ගිහින් අර ‘වැදගත් ලෙඩ‘ උන් හදා ගත්තා. දැන් අහන, අහන එකාට, ‘හයිබ්ලඩ් ප්‍රෙෂර්‘, ‘ෂුගර්‘, ‘කැන්සර්‘.

Sunday, October 23, 2016

යාපනයේදී පොලිසියේ දෙදෙනකු කපලා

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ ඒකකයේ සැරයන්වරයකු හා කොස්‌තාපල්වරයකු  (23 දා) දහවල් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට ඇතැයි යාපනය පොලිසියේ නිලධාරියෙක්‌ පැවසීය.
තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර වැඩි වශයෙන් තුවාල සිදුව ඇත්තේ පොලිස්‌ කොස්‌තාපල්වරයාට බව වාර්තා වෙයි. ඔවුන් මෙම ප්‍රහාරයට ලක්‌ව තිබෙන්නේ පොලිස්‌ වෙඩි තැබීමකින් මියගියේ යෑයි කියන විශ්වවිද්‍යාල සිසුවාගේ කන්දරෝඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අතරතුර වෙළෙඳසලක්‌ අසල නතර වී සිsටි අවස්‌ථාවකදීය.වීඩියෝ සහිතයි

ත්‍රස්‌තවාදීන්ට වන්දි ගෙවීම...!!!

එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදය යනු ඇමරිකාව විසින්ද ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය ලෙස නම් කර තිබූ එකකි. උන් විසින් අප මායිම් ගම්මානවල සිංහලයන් කපා කොටා මරා දැමූ අන්දමද, අහිංසක බඩ දරු මවුවරු පවා බඩ පලා ඝාතනය කළ අයුරුද, සාමණේaර හිමිවරු කැති පොරෝවලින් කපා දැමූ අයුරුද, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසක මවුවරු සිය ගණනක්‌ වෙඩි තබා මරා දැමූ අන්දමද අප යළි මතක්‌ කර ගත යුතු වේ. කෙදිනකවත් පරාජය කළ නොහැකි යෑයි නමක්‌ දරා සිටි, රටේ ජනාධිපතිවරු 4 දෙනකුට ජයගත නොහැකිවුණු එම ත්‍රස්‌තවාදය 2009 මැයි 19 වැනි දින විනාශ කළ පසු රටේ ජනතාව පාරවල් දිගේ කිරිබත් පිස ප්‍රීති වූ අන්දම ද අප මතක්‌ කර ගතයුතුය. ඒ ඔවුන්ට එදා සිට ජීවත්වීමේ නිදහස ලැබුණු නිසාය. මනුෂ්‍යයකුට වෙන කවර නිදහසක්‌ තිබුණ ද ජීවත්වීමේ නිදහස නොමැතිනම් ඒ "නිදහසෙන්" කවර ඵලක්‌ ද? එසේ නිදහස ලැබූ ජනතාව අද ඒ නිදහස ලබාදීමට දිවි හිමියෙන් කැපවූ රණවිරුවනට මෙසේ නින්දිත ආකාරයෙන් සලකන විට මුනිවත රකිනු දැකීම කෙතරම් නම් ඛේදජනකද.?

අළුයට ගිණි නැවත ඇවිලෙන යාපනය නොසන්සුන්...!!!

.‘චුන්නාකම් කොල්ලය බේරන්න ගිය පොලිසියට ගහලා‘

යාපනයේ චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු පහර කෑමට ලක්වූයේ කඩයකින් කප්පම් ගැනීමේ සිදුවීමක් පාලනය කිරීමට ගිය අතරතුර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී ආනන්ද ජයසිංහ  නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මුහුණු ආවරණය කරගෙන අංක තහඩු නැති යතුරු පැදිවලින් පැමිණි හය දෙනකු කඩයෙන් කප්පම් ගැනීමට යෑමේදී එය සමථ කිරීමට පොලිසියේ දෙදෙනා ගොස් ඇති බවත්, එහි දී පහර දීම සිදුවී ඇති බවත් ජයසිංහ  පවසයි.

වන්නි මෙහෙයුමේ විරුවන් මට්‌ටු කරන්න ඩයස්‌පෝරාව හිලරිට සෙට්‌ වෙයි

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් සියලු දෙනා ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු යයි දක්‌වන කොන්දේසි ඉදිරිපත් කරමින් ඇමරිකානු ඊළම් ඩයස්‌පෝරාව ජනාධිපති අපේක්‌ෂක හිලරි ක්‌ලින්ටන්ට සහාය දැක්‌වීමට ඉදිරිපත් වී ඇත. 
හිලරිට සහාය දැක්‌වීම සඳහා මෙම ඊළම්වාදීන් ටැමිල්ස්‌ ෆො හිලරි යනුවෙන් සංවිධානයක්‌ද ආරම්භ කර තිබේ. 
හිලරි ක්‌ලින්ටන් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය වෙත යොමු කරන ලෙසද එකී ඊළම් ඩයස්‌පෝරා සංවිධානය ඉල්ලා ඇත. 

හිටපු හමුදාපතිවරුන් පස් දෙනෙක් CID යට...!!!

වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්‌දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි.
හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්‌දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක්‌ ලබාගැනීම යන චෝදනා මෙම ආරක්‌ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇ
ත.
මොවුන්ට එරෙහිව පරීක්‌ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස්‌ පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත.

මං ආසන 47ක් තිබුණු රනිල් අගමැති කලා.. ලෝකෙ කොහෙවත් එහෙම කරලා නෑ.. !!!

ඒ හඬ නැගුවේ මගේ හෘද සාක්‍ෂියයි..
අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විවිධ චෝදනා පරීක්‌ෂා කිරීම සඳහා හිටපු ආරක්‌ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් උසාවියට කැඳවීම පිළිබඳව තම අප්‍රසාදය පළ කරන බවත්, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය හා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  විසින් පසුගිය 12 වෙනිදා පවත්වන ලද කතාව, හිටි හැටියේම දේශපාලන පිටිය ගිනි කන්දක්‌ බවට පත් කළේය. තවමත් එම ප්‍රකාශයේ උණුසුම නිවී ගොස්‌ නැත. පසුගිය බ්‍රහස්‌පතින්දා උදේ වරුවේ පරිසර අමාත්‍යවරයා ලෙස නිලධාරීන්ට සහ මැති ඇමැතිවරුන්ට තදින් කතා කළ ජනාධිපතිවරයා, මධ්‍යහ්න කාලයේ සිය නිල කාමරයට පැමිණ රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු වැඩ බලන අමාත්‍යවරු ලෙස පත් කිරීමේ සහතික අත්සන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.