ශ්රේෂ්ධාධිකරණයේ නඩු දමයි.. තීන්දුව දෙන තෙක් VAT ගහනු බෑ..වැට්බදු පනත් කෙටුම්පතේ 4,13,17 සහ 18 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4, සහ 12 (1), 12(2), 14(1) (2) වගන්තිවලට පටහැනි බව දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල (05) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කලේය.
එය මෙම කෙටුම්පතට එරෙහිව ගොනුකල පළමු පෙත්සම වන අතර එය ශ්‍රේෂ්ඨාධිකරණ (විශේෂ තීරණ 36/2016 ) යටතේ ගොනු කර ඇත.මෙම පෙත්සම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දෙන තෙක් වැට් බදු පනත් කෙටුම්පත විවාදයට නොගැනීමට පාර්ලිමේන්තුවට සිදුවනු ඇත.