ගුවන් විදුලි සංස්ථාවේ ජාතික සේවක සංගමයේ පිරිසකට දේශපාලන පලිගැනීම්
කමිටුවක නිර්දේශ මත පදනම්ව නැවතත් අත්තනෝමතික ලෙස තනතුරු හා උසස් වීම
රාශියක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යන්තර
ආරංචි මාර්ග සදහන් කරනවා.
දින 100 ආණ්ඩුව යටතේදී එක්සත් ජාතික පක්ෂයට අයත් ජාතික සේවක සංගමයේ
සේවකයන් 55 දෙනෙකුට කිසිදු සුදුසු කමක් සලකා බැලීමකින් තොරව හා
සම්මුඛ පරික්ෂනයක් ද රහිතව පාලන අධිකාරිය විසින් තනතුරු/වැටුප් වර්ධක ලබා
දීම සිදු කර තිබේන අතර එම තනතුරු/වැටුප් වර්ධක ලබාදිමේදි ගුවන් විදුලි
සභාපතිවරයා සිය තනි මතයට කටයුතු කර තිබේන බවද අනාවරණය වි තිබේ.නුදුරේදීම
සංස්ථා මණ්ඩල රැස්වීමකදී මේ පිළිබද සදහන් කර අනුමැතිය ලබා ගැනීමට
සභාපතිවරයා කටයුතු කරමින් පවතින බව ද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
පවසනවා.
තනතුරු/වැටුප් වර්ධක දොලපිදේනී ලෙස ලබාදිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා
නිදහස් සේවක සංගමය ඇතුළු තවත් වෘතීය සමිති සහ එම පත්වීම් නිසා අගතියට පත්
සේවකයන් විසින් ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන අතර එහි මුලික
අයිතිවාසිකම් පෙත්සමක් තවමත් එය විභාග වෙමින් පවතිද්දී පවා දේශපාලන
පලිගැනීම් කමිටු වාර්තාවකට මුවා වී නැවතත් ගුවන් විදුලි සංස්ථාවේ ජාතික
සේවක සංගමයේ තවත් විශාල පිරිසකට තනතුරු උසස්වීම් වරදාන වරප්‍රසාද ලබා දීමට
කටයුතු කරමින් සිටි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විශාල මුල්‍ය අර්බුදයකට මේ වන විට පත්ව
තිබියදී පවා අත්තනෝමතික ලෙස මෙලෙස බදවාගැනීම් සිදු කරනුයේ කිසිදු
බදවාගැනීම් පටිපාටියක් නොමැතිව බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසනවා.
යහපාලන ආණ්ඩුවට මුවා වී මෙලෙස එක්සත් ජාතික පක්ෂයට හිතවතුන්ට තනතුරු ලබා
දීම නිසා ගුවන් විදුලි සංස්ථාවේ සියලුම සේවකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ
වන අතරම ගුවන් විදුලි ඉදිරි පැවැත්මද විශාල අර්බුදකාරී තත්වයකට පත්කර තිබේන
බවද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අවධාරණය කර සිටිනවා..
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, September 19, 2016
මග යන්න පන නැති ගුවන් විදුලි සංස්ථාව එජාප නිකමුන්ට තනතුරු/වැටුප් දෙයි...!!!
Posted by
lankanews
at
September 19, 2016
Labels: chairmen of slbc srilanka, lankanews, slbc, slbc srilanka, unp, unp corruptions, yahapalanaya
මග යන්න පන නැති ගුවන් විදුලි සංස්ථාව එජාප නිකමුන්ට තනතුරු/වැටුප් දෙයි...!!!
2016-09-19T23:57:00+02:00
lankanews
chairmen of slbc srilanka|lankanews|slbc|slbc srilanka|unp|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...