ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 9, 2016

ලංකාවේ කුඩු ජාලය මෙහෙය වූ කුඩු රජාට දැඩි රැකවල්...!!! කුඩු දුමියාගේ නව තතු...!!!

පසුගිය වසර 07 ක පමණ කාලයක සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ කුඩු ජාලයේ ආධිපත්‍යය ගෙන මෙහෙය වූ බවට වාර්තා වන රාජපක්ෂ රෙජීමයේ මිනීමරු අංශයේ ප්‍රධානියා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ අසහාය සහකරුවා වන ආර්.දුමින්ද සිල්වා නොහොත් කුඩු දුමින්ද ලෙස කුප්‍රකට නාමයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් සහතික කළ මිනීමරුවා වූ එම ආර්.දුමින්ද සිල්වා ඇතුළු ඔහුගේ අනෙක් මිනීමරු සහචරයින් සිව් දෙනා ඊයේ(08) බන්ධනාගාර ගත කිරීමත් සමඟ බන්ධනාගාරයට දැඩි ආරක්ෂක රැකවල්ලා ඇත.කුඩු දුමියාගේ අයියා  වන රෙනෝ සිල්වාට ඔහු සතු දැවැන්ත මාධ්‍ය ජාලය පවත්වාගෙන යෑමට මුදල් ලැබෙනුයේ කොහෙන්ද...? දැන්වීම් මගින්ද..? නැත අපට ලැබී ඇති විශ්වාසවන්ත තතු අනුව මූ සංවිධානය කරන චිත්‍රපටි සම්මාන උලෙළට සහභාගීවන ජනප්‍රිය ඉන්දීය නළු නිළියනට මුවාවී  යස රඟට කෝටි ගණනක කුඩු පන්නති.


දුමින්ද සිල්වා ඇතුළු ඝාතකයින් සිවුදෙනා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ දෑත් විලංගු ලා ඊයේ (08) පස්වරු 4.00 ට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
නඩු තීන්දුවෙන් පසු ඇඟිලි සලකුණු ලබාගැනීමට මහාධිකරණ පොලිස් මුරපොළ වෙත රැගෙන ගොස් සිටි විත්තිකරුවන් සිවුදෙනා ඇඟිලි සලකුණු සටහන් ලබාගැනීමෙන් අනතුරුව ලියකියවිලි කටයුතු අවසානයේ ඊයේ (8) සවස එසේ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
විත්තිකරුවන් රැගෙන යෑම සඳහා වැලිකඩ බන්ධනාගාරය මඟින් එවා තිබූ විශේෂ බස් රථය වෙත විලංගු ලා මහාධිකරණ පරිශ්‍රයේ සිට විත්තිකරුවන් රැගෙන එන අවස්ථාව වන විට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක රැකවල්ලා තිබුණි.
පොලිස් ජීප් රථයක් ද, විශේෂ කාර්ය බළකායේ ජීප් රථ දෙකක් හා පොලිස් යතුරුපැදි ද විත්තිකරුවන් රැගෙන ගිය බස් රථය ඉදිරියෙන් ආරක්ෂාව සඳහා ගමන් කෙළේය.
විත්තිකරුවන් රැගෙන ගිය බස් රථය මැදිකොට දෙපැත්තෙන් බන්ධනාගාර බස් රථ දෙකක් ද ගමන් කරනු දක්නට ලැබුණි.
විත්තිකරුවන් බන්ධනාගාර බස් රථය තුළට නංවා ශ්‍රේෂ්ඨාධිකරණ භූමියෙන් එළියට රැගෙන එනවාත් සමඟම රැස්ව සිටි ඝාතකයින්ගේ ඥාතීන් හා ආධාරකරුවන් 300 ආසන්න ප්‍රමාණයක් විලාප තබමින් හඬන්නට විය.
අවසානයේ ආරක්ෂාව සඳහා යොදා සිටි 100 කට අධික පොලිස් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ සිටි පිරිස් සන්සුන් කර විසුරුවා හරින ලදී.
නඩු කටයුතු ආරම්භ කිරීමට පෙර ඊයේ (08) උදෑසන සිට කොළඹ මහාධිකරණ පරිශ්‍රය පුරාවට දැඩි ආරක්ෂක රැකවල්ලා තිබුණි.
කුඩු දුමින්දගේ පැමිණීමත් සමඟම බන්ධනාගාර ගතව සිටින කුඩු පාරිභෝගිකයින් දැඩි සතුටින් පසුවන බවද වාර්තාවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.