මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය
රාජපක්ෂ විසින් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත්
ෆොන්සේකා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඊයේ දින පැවති විවාදයක් අතරතුර
ලසන්ත ඝාතනය ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයාගෙන් විමසූ පැනයකට
පිලිතුරැ ලෙසයි.
‘ලසන්ත මැරුවේ ගෝඨාභය රාජපක්ෂ’ යයි ෆොන්සේකා එහිදී සෘජුවම කියා සිටියේය.
ෆොන්සේකාගේ අමාත්‍යාංශය නඩත්තුවට රුපියල් මිලියන 469යි.. ප්‍රාදේශිය සංවර්ධනයට මිලියන 123යි
ෆොන්සේකාගේ අමාත්‍යාංශය නඩත්තුවට රුපියල් මිලියන 469යි.. ප්‍රාදේශිය සංවර්ධනයට මිලියන 123යි…
පසුගිය වසරේ අගෝස්තු මස පැවති මහමැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් සහ එහි නායකයා ලෙස තරග කොට පරාජය විමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය එම් කේ ඒ ඩි එස් ගුණවර්ධනගේ අභාවයෙන් හිස්වු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එජාපයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී වරයෙකු ලෙස පත්ව මේ වසරේ පෙබරවාරි 09 දින ප්‍රදේශිය සoවර්ධන අමාත්‍ය ලෙස පත්කරන ලදි.නව ප්‍රදේශිය සoවර්ධන අමාත්‍යාංශයක් ඇති කිරිම නිසා ඇමතිවරයා ඇතුළු අමාත්‍යාංශය නඩත්තු කිරීම සඳහා අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිලික් රාජගිරියේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අoක 1090 සිනෝ ලංකා කුළුණ තුල ආරම්භ කොට නඩත්තු කිරීම සඳහා මෙම වසර සඳහා මිලියන 469කුත් සoවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන123 කුත් එකතුව රුපියල් මිලියන 592 මුදල් අමාත්‍යාංශයේ අය වැය දෙපාර්තමේන්තුවේ හදිසි අවශ්‍යතා සඳහා ඇති ගිණුම මගින් නිදහස් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කොට ඇත.
එහෙත් මෙම අමාත්‍යාංශය ගැසට් කොට මාස 8ක් ගතවී ඇතත් ප්‍රාදේශිය සoවර්ධන අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ දක්නට ලැබෙනුයේ අමාත්‍යවරයා සහ ලේකම් වරයාගේ නම් වලට අමතරව අමාත්‍යාංශයේ අරමුණ හා දැක්ම වෙනුවට අමාත්‍ය මණ්ඩල කාර්යාලය අරමුණ හා දැක්ම විශේෂත්වයකි.