ශ්‍රි ලංකාවේ ඉපැරණි මෙන්ම වැදගත් ඵෛතිහාසික වැදගත්කමක් කැටුව ඇති
වනෝද්‍යාන අතුරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය අප රටේ මහත් ප්‍රසිද්ධියක්
දරා ඇති බව කිව යුතුව තිබේ. එයට හේතු සාධක රැසක් තිබීම් නිසාවෙනි. එක්
පසෙකින් ජෛව විවිධත්වය, තවත් පසෙකින් ලංකාවේ විශාලතම වනෝද්‍යානය වීම
නිසාවෙනි.
නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට
නිරන්තරයෙන් එල්ලවන නොයෙකුත් කෙනිහිලිකම් නිසාවෙන් විල්පත්තුවට අත්ව ඇති
ඉරණම කෙසේද යන්න කිවහොත් එය සුළු පටු නොවේ.
අප පසු ගිය දින වල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්
විල්පත්තුව තුල සිදු වෙවිම් පවතින මහා පරිමාණ වංසාරය පිළිබද වැඩි අවාදානය
යොමු කල බව අමුතුවෙන් සදහන් කල යුතු නොවේ.ඒ පසු ගිය රජයේ මෙන්ම මෙම රජයේ රිෂාඩ් නම් පාහර අමාත්‍යවරයකුගේ නොමිස් ක්‍රියාකාරකම් හද පොදි බැද ගනිමන් විල්පත්තුව
වනනෝද්යානය තුල සිදු කෙරෙමින් තිබූ මහා පරිමාණ වන සංහාරය මනාව සාක්ෂි
සනිටුහන් කර තිබූ නිසාවෙනි.
නමුත් එයට හාත්පසින්ම වෙනස් ආකාරයේ තවත් නොමිනිස් ක්‍රියාකාරකමක්
හේතුවෙන් දැවැන්ත පාරිසරික හානියකට නුදුරේදීම විල්පත්තුව අතවනමින් සිටින බව
සාක්ෂි සාධක සහිතවම ඔප්පු වී හමාරය.
එයට සමානව ඉමක් නැති විල්පත්තුවේ නිමක් නැති මහා පරිමාණ දැව ජාවාරම
නැවතත් හිස ඔසවමින් විල්පත්තුවට විනකටිමින් සිටින බව එහි සංචාරයේ යෙදුන අපට
මැනවින් දැක ගත හැකි විය.
ප්‍රෞඩ දුලභ ඉතිහාසයකට උරුමකම් කියන විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල
වසර සිය ගනණක් ඉක්මවූ අති විශාල දුර්ලබ ගණයේ ඉහළ වටිනාකමකින් යුත් පලු,
වීර, බුරුත, කළුවර, කළුමැදිරිය, ඇතුළු තවත් ගස් රැසක් කාර්යක්ෂම ජංගම කියත්
ආධාරයෙන් කපා බිම හෙළමින් වනය තුලම එම දැව ජංගම පට්ටල ආධාර කරගනිමින් ඉරා
රහසේ මහා පරිමාණ දැව ජාවාරමක්ද සිදු වෙමින් පවතින බවට සාකිෂි හෙළිදරව් වී
තිබේ.
තවද ඝණ වනයට ඇතුළු වන මෙම නොමිනිස් හොර දැව ජාවාම් කරුවන් වනෝද්‍යානයට
පිවිසීම සදහා ගම්මාන වල ඉදිකර ඇති විදුලි අලි වැට බිදලමින් අත්ට්‍රැක්ටර්,
කුඩා ප්‍රමාණයේ ලොරි රථ, කරත්ත රැගෙන යන අතර වනෝද්‍යානය තුලද දැවැන්ත මාර්ග
ඉදිකර වටිනාකමකින් ඉහළ අගයක් ගන්නා පළු. බුරුත වැනි දැව ඉරූ කදන් මාර්ග
සදහා යොදා ගෙන තිබීම පුදුම දනවන්නක්ව තිබේ.
තවද ජාතික වනෝද්‍යානයට ඇතුළු වන මෙම හොර දැව ජාවාරම් කරුවන් දින ගණනක්
එහි නවාතැන් ගෙන සිටින අතර, වනයේ සිටින වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ
ගණයේ මුවන්, ගෝනන්, වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම බදින තුවක්කු ආධාර කර
ගන්නා බවත්, වනය තුල විශාල ප්‍රමාණයේ ගිනි මැල ගසා තිබූ අයුරු අප කැමරා
කාචයේ මෙසේ සටහන් විය.
මෙම දැව ජාවාරමට අමතරව සත්ත්ව දඩයම සීග්‍රයෙන් ව්‍යාප්තව තිබීම
කණගාටුදායකය. මහ පොලොව නුහුලන අයුරින් විල්පත්තුව ජාතික වනෝදානයට
නිරන්තරයෙන් එල්ලවන මෙම කෙනිහිලිකම් නිසාවෙන් විල්පත්තුව නම් වන කොමලිය
නුදුරේදී සාපාරාධී හොර දැවැජාවාරම්කරුවන්ගේ සින්නක්කර ඉඩමක් කර ගන්නා බව
අනුමානය.
මෙම හොර දැව ජාවාරම විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සමීපතම රකෂිත තුල සිදු
වෙමින් පවතින්නේ කගේ උවමනාවකට දැයි වන සතුන්ට පමණක් ගැටළුවක්ව තිබුණද එහි
පාලකයන්ට කිසිදු ප්‍රශ්ණයක් මේ වන තෙක් පැන නැගී නොතිබීම සැක සහිතය.
විලත්තුවට ඇතුළු වන හොර දැවජාවාරම් නඩය සතියක් පමණ කාලයක් එහි ලැගුම්
ගනිමින් විශාල වනසංහාරයකට දායක වීමෙන් ඉරණ ලද හොර දැව තොගය කර පින්නා ගත්
මොවුන් ආපසු ගම්බිම් බලා පිටව යන්නේ විදුලි අලි වැට බිදලමිනි.
මේ හේතුව නිසාවෙන් වන අලි ග්‍රහණය ගම්වැදීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.
සටහන සේයා රූ, පුත්තලම කේ.ප්‍රියංකර (විල්පත්තු සංචාරයෙන් පසු)
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, September 9, 2016
විල්පත්තුවේ නිමක් නැති දැව ජාවාරම....!!!
Posted by
lankanews
at
September 09, 2016
Labels: lankanews, muslim colony, rishard, vilpaththu, yahapalanaya
විල්පත්තුවේ නිමක් නැති දැව ජාවාරම....!!!
2016-09-09T23:26:00+02:00
lankanews
lankanews|muslim colony|rishard|vilpaththu|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
