රටේ ජනතාවට චේතීය බොරු කියමින් කට්ටි පනිමින් සිටි ලංකාවේ දැවැන්ත කුඩ්ඩා හට මරණීය දණ්ඩනය ලැබීම ජනතාවට සතුටකී.කොළොන්නාවේ මුල්ම කුඩු ව්‍යාපාරය අරඹනු ලැබු භාරත ලක්ෂ්මන් සහ මේ නසරානියා අතර පැවතියේ කුඩු බෙදාහැරීමේ බළ අරගලයෙකී.නවීන වාහන වල මිනීමරු පාතාලයන් පිරිවරා සැරිසැරූ කුඩු දුමියා මුලින්ම පැලවත්ත හංදියේ පෙට්ටි කඩයක් දමා ආප්ප විකිණූ අතර ඉතා කෙටි කලෙකින් විශාල ධනවතෙකු වන්නේ කුඩු අලෙවි කරය. පසුව දේශපාලණයටද පිවිස මහා කෙරුමෙකු වූයේ නාමල් හොරාගේද සහයෙනී.මුලින්ම යූ.ඇන්.පී. වී පසුව මහින්දට හේත්තුවූයේ දුමින්දගේ සහෝදරයාගේ විකාශණ බලපත්‍රය නැවත ලබා දීමටය.මේ මාධ්‍ය ජාලයට කෝටි මිලියන ගණනක මුදල් උනන්නේ කුමන ආකාරයෙන් ද යන්න සොයා බැලිය යුතුය.
කෙසේ වෙතදු අභියාචනා අධිකරණයකින් මේ මිනීමරුවන් නිදහස් කළහොත්...???
එල්ලා මරන්න නියම වූ දුමින්ද වැලිකඩට ගෙන ගියේ මෙහෙමයි..වීඩියෝ
භාරත ලක්ෂමන් ඝාතන චෝදනාවන්ට වරදකරු කරමින් අධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිස බන්ධනාගාර රියෙන් වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ගියේ මෙසේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවී ඇති නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා. ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන විනිසුරුවරු මඬුල්ලක් නඩුවේ තීන්දුව ලබා දී තිබෙනවා. දුමින්ද සිල්වා ඇතුළු පහකට එහිදී මරණ දඬුවම නියම කර තිබෙනවා. 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී මෙම ඝාතන සිදුවුණා. නඩුවේ පළමු වැනි සැකකරු වූ අනුර තුෂාර ද මෙල්, නඩුවේ දෙවැනි සැකකරු වූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, නඩුවේ හත් වැනි සැකකරු වූ සරත් බණ්ඩාර, නඩුවේ 10 වැනි සැකකරු වූ ජනක බණ්ඩාර ගලගොඩ මරණ දඬුවව ලැබූ සෙසු විත්තිකරුවන් වනවා. චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, ඩබ් ඒ මාලක සමීර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.