ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 6, 2016

එනපොට හොඳ නැත...

"සංහිඳියාව" ගැන කතා කරන කාටත් කිව යුත්තේ ඔය කියන අපූරු සංහිඳියාවට හොඳම ඉඩකඩ විවර වූයේ 2009 වර්ෂයේ යුද්ධය අවසන් වූ මොහොතේම බවය. ජාත්‍යන්තරය ගාවා නොගෙන රට තුළ සංහිඳියාව ගොඩනැඟීම අසීරුවී තිබෙන්නේ ද ඩයස්‌ප්‍රොඩාවේ කුමන්ත්‍රණ නිසාය. එවැනි ඩයස්‌ප්‍රොඩාවක්‌ ගැන අප තවමත් අවතක්‌සේරු කිරීම එතරම් හොඳ නැත.
 ඩයස්‌පෝරාව මේ රටේදී "කානිවල්" දමන්නට සූදානම් වූයේ දැනට වසර එකහමාරකට පමණ උඩදීය. දැන් එම ඩයස්‌පෝරාව මේ රටේදී නටන්නට සූදානම් කරගෙන සිටි කානිවල් සහ කොටි නාඩගම් මැලේසියාවේදී නටන්නට පටන්ගෙන ඇති බව පෙනේ. ඉතා නුදුරේදීම මේ පෙරහුරුව මේ රටේදී නටන වෙස්‌ නැටුමක්‌ බවට පරිවර්තනය වීමේ ඉඩකඩ බොහොමත්ම වැඩිය. මැලේසියානු මහ කොමසාරිස්‌ අයි. අන්සාර්ට සහ දෙවැනි මහලේකම් එල්. ආර්. සෙන්දනායක ට ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළේදී එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ දෙමළ ඩයස්‌පෝරාවේ පිරිස්‌ විසින් පෙරේදා දහවල් පහරදෙනු ලැබූ බව පසුගියදා  වාර්තා වී තිබිණි.
ඒ මේ දිනවල මැලේසියාවේ සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  සමග එම ගමනට සහභාගිවූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ගුවන්තොටුපළට ඇරලවීමට පැමිණි මොහොතේය. කොහොමත් මේ "ඩයස්‌ප්‍රොඩාව" මහින්ද රාජපක්‍ෂ  එරටට ගිය මොහොතේ සිටම අඩව් ඇල්ලූ බව වාර්තා විණි. හිටපු ජනාධිපතිවරයා මැලේසියාවේදී ආගමික වතාවත් සඳහා සහභාගි වීමට සිටි විහාරස්‌ථානයකට කඩා පැන ඇති මෙම ගහල ඩයස්‌ප්‍රොඩාකාරයන් විහාරස්‌ථානයට දැඩි ලෙස අලාභහානි කරමින් යකා නැටූ බව විදෙස්‌ මාධ්‍ය පවා වාර්තා කර තිබිණි. මේ තිරිසනුන් මේ ආකාරයෙන් යකා නටන්නේ සංහිඳියාව පිළිබඳව කතා කරන අතරවාරයේය. බෙදුම්වාදයට කත් අදින පජාතිකයන් වැදි බණ දෙසන අතරවාරයේය. මේ සිදුවීම් පැහැදිලිවම පෙන්වා දෙන්නේ ත්‍රස්‌තවාදය පරාජය කළ මුත් බෙදුම්වාදීන් තවමත් සටන අතහැර නැති බවය. ඒ කොටි හිතවාදීන්ට නැවත කොතැනකින් හෝ "ත්‍රස්‌තවාදය" සමග එළිබසින්නට මෙවැනි "නැටුම්" අවශ්‍යයය. ඒ ගැන බොහෝ දෙනෙක්‌ තේරුණත් නොතේරුණ ගාණට සිටිය ද රට ගැන හිතන රටේ ජනතාවට එසේ සිටීමට බැරි බව කිව යුතුය.

ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් අතිශය අමිහිරි අත්දැකීම් රාශියක්‌ අප සතුය. එමෙන්ම ලොව භයානකම ත්‍රස්‌තවාදීන් යෑයි හැඳින්වූ එල්. ටී. ටී. ඊ. යට මුහුණ දී උන් පරාජය කළ එකම රට ශ්‍රී ලංකාවයි. එල්. ටී. ටී. ඊ. ය ලොව භයානකම ත්‍රස්‌තවාදීන් යෑයි නාමකරණය කරන ලද්දේ ද එල්. ටී. ටී. ඊ. යට කිරිපොවා ඇති දැඩි කළ ජාත්‍යන්තරයයි. අදටත් එහි වෙනසක්‌ නැත. එල්. ටී. ටී. ඊ. කාඩරයන්ගෙන් සැදුම්ලත් "ඩයස්‌ප්‍රොaඩාව" ස්‌විට්‌සර්ලන්තයෙත්, ජර්මනියෙත්, ඔස්‌ටේ්‍රලියාවෙත්, ප්‍රංශයෙත්, කැනඩාවෙත් තවත් යුරෝපීය රටවල් බොහෝමයකත්, මැලේසියාව වැනි රටවලත් මේ ආකාරයෙන් ප්‍රචණ්‌ඩත්වය, ම්ලේච්ඡත්වය වපුරමින් සිටින්නේ ජාත්‍යන්තරයේ ආදරයට - කරුණාවට පිංසිදු වන්නටය.

සංහිඳියාව ගැන කතා කරන මහත්හොරු ගනුදෙනු කරන්නේ ඒ රටවලින් මෙරටට පැමිණෙන "ඩයස්‌ප්‍රොඩා" නියෝජිතයන් සමගය. ජගත් මහලේකම් බෑන් කී මූන්ගේ මෙරට සංචාරයේදී උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු අමාත්‍ය මණ්‌ඩලය සමග "විනාඩි හයක" සාකච්ඡාවක්‌ කර තිබේ. අවසන් යුද සමයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව විසින් උතුරේ දෙමළ ජන සංහාරයක්‌ සිදු කරනු ලැබූ බවට චෝදනා කරමින් ඊට ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ ඉල්ලා යෝජනාවක්‌ හා වාර්තා කිහිපයක්‌ ඒ අතරවාරයේ බෑන් කී මූන්ට ලබාදීමට විග්නේශ්වරන් කටයුතු කර තිබේ. මේ ඩයස්‌ප්‍රොඩාවේ වුවමනාවන් බවට සැකයක්‌ නැත.


 දිවයින කතුවකියෙනි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.