උතුරේ ජාතිවාදී විරෝධතා විග්නේෂ්වරන්-ඒකාබද්ද විපක්ෂ ඞීල් එකක්.. – කවුරුත් නොදන්න රහසක් මරික්කාර් කියයි..
පසුගියදා උතුරේ මහ ඇමති විසින් උතුරේ ජාතිවාදය ඇවිස්සීම පිණිස කරන ලද ප්රකාශය දකුණේ ජාතිවාදීන්ට උඩ ගෙඩි දීමක් වන බව පාර්ලිමේන්තු මන්ත්රී එස් .එම්.මරික්කාර් පවසන ලදී.
හෙතෙම මේ බව පැවසුවේ රත්මලාන අත්තිඩිය ප්රදේශයේ ක්රීඩා සමාජ සදහා ක්රීඩා භාණ්ඩ ලබා දීමේ උත්සවයකට එක් වෙමින්ය.යාපනයේ සිටින උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් සහ ඒකාබද්ධ විපක්ෂයයි අතර ඩීල් එකක් තියෙනවාද කියලා සැකයක් තියෙනවා. මොකද සංහිදියාව තියෙනවා මේ රටේ, නිදහස තියෙනවා, ප්රජාත්රන්ත්රවාදය , නිතීය,යුක්තිය, සාධාරණය ක්රියාත්මක වෙමින් පවතිනවා වර්තමානය වන විට. එවැනි වාතාවරණයක් තුළ විග්නේෂ්වරන් උතුරේ අන්තවාදය වපුරලා මේ රටේ නැවත අරගලයකට ගෙන උත්සහ කරන්නේ ඒකාබද්ධ කල්ලියේ කොන්ත්රාත්තුවකද කියලා හිතෙනවා . එහෙම හිතෙන්නේ මොකද උතුරේ ජාතිවාදය අවුස්සනකොට මේ අයට උඩගෙඩි දීමක් වෙනවා දකුණේ ජාතිවාද අවුස්සන්න. මේ වගේ ඩීල් එකක් ගිහින් නැවත මේ රට ලේ විලක් කරලා ඒ ලේවිල මතින් බලයට එන්න දරන වෑයමක් මෙන්ම, බලයට ඇවිල්ලා හොරකම් කරන්න මීනීමරන්න, සියළු දෙනා ණය කාරයෝ කරන්න යන ගේමක් ද කියලා අපට සැක සිතන්න පුළුවන්. එහෙම ගේමක් නම් අපි කියන්නේ මොන තත්වෙන් ආවත් ඡන්දයක් නෑ.
ඒ වගේම උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්ට ගෙදර යන්න වෙනවා ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට කලින් තියෙන පළාත් සභා මැතිවරණයේදී. ඉතින් ඒ නිසා මේ රටේ ඉපදුන සියළුම දෙනාටම ශ්රී ලාංකිකයෝ ලෙස හිතලා. මේ සියළු දෙනාම අපේ රට අපේ රට වෙනුවෙන් පෙනී සිටින තත්වයක් ඇති කරලා. අපිට ශ්රී ලාංකිකයන් කියන මානසිකත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එසේ නැතිව ජාතීන් අනුව බෙදලා මේ රට වෙන් කරන්න අපේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ.