ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 1, 2016

ස්‌කූටර් ටැක්‌සිය හෙවත් ඔටෝ රික්‌ෂෝ එක....!!!

මොරිස්‌ මයිනර් මොකට අපිට වටිනවා මේ ත්‍රීවීල් කට්‌ට...
ත්‍රීරෝද රථ ගැන නොදත් කතා...

 "කෙල්ලො විතරක්‌ නෙමෙයි අපි වගේ මැදිවයසෙ ගෑනුත් හයෙන් පස්‌සේ ත්‍රීවීල් එකක යන්න බයයි. වැඩි දෙනෙක්‌ කුපාඩියෝ. දෙපැත්ත කැපෙන කතාමයි, කියන්නෙ එසේ කියන්නේ ඉරිදා පොලේ ගමේ පලතුරු විකුණන වට්‌ටි අම්මා කෙනෙකි.
 කිරුලපන කල්පනා හෝල් එක ගාව මීටර් සරා පොඩි චූටියා වැනි අය ඉන්දියාව පවා හොල්මං වන ආකාරයේ ජිල්මාට්‌ දමමින් මීටර් වෙනස්‌ කරන ජාවාරම ආරම්භ කරන ලදී. ඒ නිසා ඉතාම නොබෝ දිනකින් ත්‍රීවීල් රැකියාවද, චා වෙමින්, සාමාන්‍ය මගියාට ත්‍රීරෝද රථ සහ රියදුරන් ගැන ඇති විශ්වාසය කඩතොලු වන්නට පටන් ගති.නාගරික සමාජයේ ආටා එක ලෙසත් සාමාන්‍ය ව්‍යවහාරයේ ත්‍රීවීල් එක හෝ ත්‍රීවීලරය ලෙසත් ගමට වෙන්නට වීල් එක හෝ ත්‍රීවීල් එක ලෙසත් ඉංග්‍රීසි කතාකරන සමාජයේ ස්‌කූටර් ටැක්‌සිය හෙවත් ඔටෝ රික්‌ෂෝ එක ලෙසත් කලාත්මක ඇසක්‌ ඇත්තෝ තුන්සක රිය ලෙසත් පිටරටින් එන ඈයෝ ටුක්‌ ටුක්‌ ලෙසත් හඳුන්වන මේ අපූරු රෝද තුනේ වාහනයටද සමාජය තුළ ඇත්තේ එතරම් යහපත් ආකල්පයක්‌ නොවේ.
කෙසේ වෙතත් මේ ත්‍රීවිලරයත් ඒ හා බැඳුනු උප සංස්‌කෘතියත් අද අපේ සමාජය තුළ වෙන්කර නොහැකි අන්දමට බහුතරයක්‌ ජන ජීවිත හා බද්ධ වී තිබේ.

මෙම ත්‍රීරෝද රිය ලංකාවට මුලින්ම ආවේ 1970 දසකයේ මැද භාගයේදී පමණ බව මට මතකය. ඒ කාලයේ කුඩා අප රාත්‍රියේ නිවසේ නිදාගෙන සිටිද්දී අපේ තාත්තා වැඩ ඇරී මහ රැයේ නිවසට පැමිණ අපව කූද්දවා ඔහු පසුපස ආ අමුතු කුඩා රථය අපට පෙන්වීය. එය එලවාගෙන ආවේ මැදිවියේ මහත්මයෙකි. ඔහුවත් ඒ තුන්රෝද රථයත් අපේ තාත්තාට තැබෑරුමක්‌ අසලදී ඇස ගැසී ඇති අතර ඔහු එය අපට පෙන්වන්නට රැගෙන ආවේ තාත්තාත් එවැනි රථයක්‌ දුටු මුල් වතාව එය නිසාය. අපගේ නින්දට බාධා කළාට අම්මා තාත්තාට මඳක්‌ බැන්නද එය දැක එදා අම්මාත් අපිත් මහත් සේ පුදුම වුණා මට තාම මතකය. දැන් මෙන් නොව සම්පූර්ණයෙන්ම තහඩුවලින් ආවරණය කර තිබූ ඒ රථය හයර් කිරීමට හෝ කුළී රථ මෙන් නොපැවති අතර පෞද්ගලික කටයුතු සඳහා පමණක්‌ යොදා ගැනුණි.
සාටක සුණඛයාද ත්‍රී වීලයක් පදවමින් ජනතාවට මොත්තෙ දැමූ මොහොතක්....!!!

1978 ඇරඹුනු විවෘත ආර්ථික සංකල්පයෙන් පසුව ගහෙන් ගෙඩි එන්නාක්‌ මෙන් එක දිගට අප රටට ත්‍රීවීලර් පැමිණෙන්නට විය. ඇත්තටම මෙහි අතීතය අපූරුය.

1978 දී පමණ මුලින්ම මෙම වාහන ලංකාවට ගෙන එනු ලැබුවේ ඩේවිඩ් පීරිස්‌ නම් අප රට සුපතල වාහන සම්බන්ධව කටයුතු කරන ව්‍යාපාරික මහතෙකු විසිනි. ඔහු ගෙන්වන ලද ත්‍රීරෝද වාහන පදවන්නට යන රියදුරු මහත්වරුන්ට අවශ්‍ය මනා පුහුණුව ලබා දුන්නේද ඩේවිඩ් පීරිස්‌ මහතා විසින්මය. ඔහු පෞද්ගලිකව ඒ සඳහා එක එකා වෙනුවෙන් කැපවීමෙහි යෙදුනි.

ආමර්වීදියේ අහමඩ් හෙප්තුල්ලාබෝයි නම් සමාගමක්‌ විසින් එම ත්‍රීවීල් පනහ මිලට ගත් අතර පුහුණුව ලද රියදුරන්ටම එම වාහන ලබා දී මහ මග හයර් දුවන්නට අවස්‌ථාවද ලබා දුනි. මීටර් සවි කර තිබූ එම වාහනයෙන් තමාට අවශ්‍ය ප්‍රමාණයක්‌ මුදල් උපයා ගැනීමට රියදුරාට හැකියාව ලැබුණු අතර ඔහු විසින් දවසට රුපියල් 30 ක්‌ (තිහක්‌) සමාගමට ගෙවිය යුතුව තිබුණි. එකල මීටරය ආරම්භ වුණේ රුපියලකුත් සත විස්‌සක්‌ වැනි මුදලකට වූ අතර පළමු සැතපුමෙන් පසුව සත පනහ පනහ වැඩි වුණි.

ගාණ අඩු නිසාත් පෙනුම හුරුබුහුටි නිසාත් වැඩේ අලුත් නිසාත් සරං අඳින ටැක්‌සි රියදුරන්ට වඩා කලිසම් අඳින ත්‍රීවිලර් රියදුරන් වැදගත් යෑයි සිතූ නිසාත් නගරයේ නෝනලා සහ මහත්තුරු එතෙක්‌ ගමන් කළ හුඩ් එක කහ පාට කරන ලද මොරිස්‌ මයිනර් ටැක්‌සිය සහ හිල්මන් කාර් එක වෙනුවට මේ අලුත් වාහනය වෙත නැඹුරුවන්නට විය.

දිනෙන් දින නව ව්‍යාපාරය සාර්ථක වෙමින් රියදුරන් අතට සල්ලි වැඩිපුර එන්න පටන් ගත් විට හෙප්තුල්ලාබෝයි සමාගම තම දිනකට අය කරන ගාස්‌තුව රුපියල් හතළිහ දක්‌වා වැඩි කළේය. එයද දරාගන්නට අමාරු නොවූ ගාණක්‌ නිසා ත්‍රීරෝද රථ රියදුරෝ මුවින් නොබැණ තම රස්‌සාව කර ගෙන ගියෝය. නමුත් තවත් ඉතාම කෙටි කලකින් සමාගම තම දෛනික බද්ද රුපියල් පනහ කළ අතර රියදුරෝ ඊට එරෙහිව තම විරෝධය පළකරන්නට පටන් ගත්හ. එහි ප්‍රතිපලයක්‌ ලෙස එවකට වරාය ඇතුළු තවත් කම්කරුවන් රැසකගේ ගැලවුම්කරුවන් ලෙස නමක්‌ දරා සිටි ජාතික සේවක සංගමය මෙම ප්‍රශ්නයට මැදිහත් විය. එවකට එහි සභාපතිව සිටි සිරිල් මැතිව් මහතාගේ Rජු දායකත්වයෙන් මේ ත්‍රීරෝද රථ රියදුරන් නව පණක්‌ ලබා වැඩ වර්ජනයක යෙදුනු අතර සමහරු තම වාහනය සමාගමටම බාර දී තමන්ටම කියා අලුත් වාහනයක්‌ ගන්නට උනන්දු විය.

මේ කාලය වන විට දුම්කොළ සමාගම විසින් ත්‍රීරෝද රථ තොගයක්‌ ලංකාවට ආනයනය කර තිබූ අතර ඒවා මිලදී ගන්නන් හට මහජන බැංකුව විසින් ණය මුදලක්‌ද ලබා දීමට කටයුතු ආරම්භ කෙරුණි. මෙම පහසුකම් සැපයීම මත තව තවත් තරුණයෝ ත්‍රීවීල් මිලදී ගන්නට නැඹුරුවක්‌ දැක්‌වූහ. එකල අලුත්ම අලුත් බජාජ් වර්ගයේ හුරුබුහුටි කිරි කිරි ටොයියෙකුගේ උපරිම සිල්ලර මිල රුපියල් තිස්‌පන් දාහක්‌ පමණ විය. එසේම හෙප්තුල්ලාබෝයි සමාගමට අයත්ව තිබූ ත්‍රීරෝද රථ ඔවුන් විසින් රුපියල් පහලොස්‌දහසකට හෝ විසිදහසකට අලෙවි කර එම ව්‍යාපාරයෙන් සමුදීමටද තීරණය කර තිබුණි.

මේ කාලයේදී එනම් 80 දසකයේ මුල වන්දි සූත්‍රයක්‌ හරහා රජයේ සේවකයන්ට ස්‌වේච්ඡාවෙන් ඉවත් විය හැකි ක්‍රමවේදයක්‌ එවකට පැවති ෙජ්. ආර්. රජය විසින් ඉදිරිපත් කළ අතර සෑහෙන ප්‍රමාණයේ වන්දි මුදලක්‌ හා පාරිතෝෂිකයක්‌ රැගෙන රජයේ සේවකයෝ තොග පිටින් තම රැකියාවලින් ඉවත් වන්නට පටන් ගත්හ. එසේ ඉවත් වුණු ඔවුන් වැඩි දෙනෙක්‌ එම මුදලින් කළේ අමතර ආදායමක්‌ සොයා ගනු වස්‌ ත්‍රිරෝද රථයක්‌ මිලට ගෙන එය හයර් කිරීමයි. මෙය එකල ඔවුන් දුටු සාර්ථක වැදගත් ස්‌වයං රැකියාවක්‌ විය. ඩේවිඩ් පීරිස්‌ මහතාගේ කොම්පැණිය මෙන්ම තවත් ව්‍යාපාරිකයන් කීප දෙනෙක්‌ම ඒ කාලයේ ඉන්දියාවෙන් සහ ඉතාලියෙන් ත්‍රිරෝද ආනයන කරන ව්‍යාපාරයට අත ගැසූහ.

සෑම ත්‍රීරෝද රථයකටම මීටරයක්‌ සවි කර තිබුණු නිසාත් කර දක්‌වා බොත්තං පියවූ කමිසයක්‌ සහ දිගු කලිසමක්‌ ඇඳි වැදගත් පෙනුමැති රජයේ විශ්‍රාමික නිලධාරයෙක්‌ වාහනය පදවන නිසාත් ඔහු ඉතා විනීතව කතා බහ කරන නිසාත් නගරයේ ගැහැනුන් සහ මිනිස්‌සු වැඩි වැඩියෙන් මෙම නව රථයේ ගමන් යන්නට පටන් ගත්හ. එකල මෙකල මෙන් හතර වටේ දුවමින් හයර් අහුලන කෝල් එකක්‌ දුන් කල ගෙදරට එන ත්‍රීරෝද රථ නොතිබුණු අතර සියල්ලෝම තම ගමේ හෝ නගරයේ හන්දියක ඇති එකම පාර්ක්‌ එකක තම රථය ගාල් කර ටර්න් එකට හයර් එක අර ගත්හ.

තත්ත්වය මෙසේ තිබියදී ඉන්දියාවෙන් ආ ටැක්‌සි මීටරය ලෙඩ දෙන්නට පටන් ගත් අතර සමහරු පාරිභෝගිකයන්ටත් රථයේ හිමිකරුවන්ටත් මරිසිය දමා මාටිය ගසා කොලේ වසනු පිණිස මීටර් ජිල්මාට්‌ දමන්නට පටන් ගත්හ. සමහරු මීටරයකට කටු ගසා ඉලක්‌කං දිවිල්ල නැවැත්තූ අතර තවත් අය කේබලය බුරුල් කර බෝලය බැස්‌සූහ. තවත් අය ඉදිරි රෝදය උස්‌සා ටයරය පසුපසට කරකවා මීටරය අඩු කරන්නට වූහ. ඒ අතර කිරුලපන කල්පනා හෝල් එක ගාව මීටර් සරා පොඩි චූටියා වැනි අය ඉන්දියාව පවා හොල්මං වන ආකාරයේ ජිල්මාට්‌ දමමින් මීටර් වෙනස්‌ කරන ජාවාරම ආරම්භ කරන ලදී. ඒ නිසා ඉතාම නොබෝ දිනකින් ත්‍රීවීල් රැකියාවද, චා වෙමින්, සාමාන්‍ය මගියාට ත්‍රීරෝද රථ සහ රියදුරන් ගැන ඇති විශ්වාසය කඩතොලු වන්නට පටන් ගති.

1992 දී ලලිත් ධර්මසේකර විසින් සමස්‌ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සුබසාධක සංගමය වශයෙන් ලංකාවේ පළමු වතාවට ජාතික මට්‌ටමේ වෘත්තිය සමිතියක්‌ පිහිටුවන අතර එය කෙමෙන් කෙමෙන් දිවයින පුරා ව්‍යාප්තව අද වන විට සමස්‌ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය ලෙස සාමාජිකයන් දහස්‌ ගාණකගේ එකමුතුවෙන් රට පුරා ක්‍රියාත්මක වෙයි. තවත් මෙවැනි ත්‍රිරෝද රථ සමිති සංගම් සිය ගණනක්‌ අප රටේ පැවතියද මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ ඔවුන් ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු ගැන පමණක්‌ නොව හිමිකරුවන් සහ ඒවායේ ගමන් බිමන් යන සේවාලාභීන්ගේ අයිතිවාසිකම් ගැනත් කතා කිරීමයි ඒ ගැන හඬක්‌ නැගීමයි.

මේ ඇසෙන්නේ ඒ ලලිත්ගේ හඬයි............," ඇත්තටම එදා ත්‍රිරෝද රථය, එහි රියදුරු මහතා සහ එහි ගමන් කරන්නෝ කියන්නේ හරිම වැදගත් සම්පත් තුනක්‌.... අද ඒවා බොහෝම පහත් තත්ත්වයට වැටිලා. නැත්නම් ඇද දාලා... මේකට පාර්ශව කීපයක්‌ම වග කියන්න ඕනි. ඒ රියදුරන්, හිමිකරුවන්, ගමන් කරන්නන් සහ රජය යන සියලුම දෙනා.... බලන්න අද පාරිභෝගිකයට නිශ්චිතවම අඳුනගන්න බැහැ, හයර් යන වාහනේ මොකක්‌ද පුද්ගලික වාහනේ කියල..., සමහරු උදේට ගෙදරින් රස්‌සාවට යන ගමන් හයර් එකක්‌ අරන් ඇවිත් මග දාලා හවසට ආයේ ගෙදර යද්දී තව හයර් එකක්‌ අරන් යනවා. වෘත්තියම කුලි රියදුරාට ඔවුන් කරන්නේ හරිම අසාධාරණයක්‌ ඊනියා වෘත්තිය සමිති ඇතුළු වැඩි දෙනෙක්‌ කැමති නැහැ. හරියට වැඩ කරන ප්‍රමිතියක්‌. සහිත මීටරයක්‌ හයි කර ගන්න. මීටර් නැති වාහනයක යන්න සේවාලාභියත් එච්චර කැමති නැහැ. සමහර රියදුරන් ඔවුන්ට හිතූ හිතූ ගණන් කියනවා.......

කුලි ගමනක්‌ යන මිනිහට තමන්ගෙ ගමනට ගෙවිය යුතු මුදල පිළිබඳ නිශ්චිත අදහසක්‌ ඇති කර ගැනීම හරිම අමාරුයි විවිධ අක්‍රමිකතා සිදු වෙනවා. ඒ වගේම වගකිවයුතු ආයතනයක්‌ නැති නිසා ගැටලුවලට විසඳුමක්‌ නැහැ. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ත්‍රිරෝද මගී ප්‍රවාහනය නියාමනය කිරීම පළාත් සභාවට අයිති විෂයයක්‌.... මං ඔය ගැන 2000 ඉඳන් කතා කරනව. කවුරුත් ක්‍රියාවට දාන්නෙ නැහැ. මේ වෙද්දී මම මහ ආණ්‌ඩුවට විරුද්ධව නඩුවකුත් දාලයි තියෙන්නේ. අපි හැමදාම කියන්නේ හයර් දුවන සැම ත්‍රිරෝද රියක්‌ම අදාළ පළාත් සභාවේ ලියාපදිංචි වෙන්න ඕනෑ. පළාත් සභාව මේව ගැන නිතරම නියාමනය කරන්න ඕනෑ. රියදුරාට හොඳ පුහුණුවක්‌ ආචාර ධර්ම පද්ධතියක්‌ මෙන්ම තම අනන්‍යතාවය දක්‌වන ඡායාරූපය සහිත හැඳුනුම්පතක්‌ රථයේ පිටුපස ගහල තියෙන්න ඕනැ කියලයි... දවස්‌ ගණන් කතා කරන්න කරුණු තිබුණත් මට දැනට කියන්න තියෙන්නෙ අපේ කර්මාන්තයට වෙන නින්දාව දරාගන්න බැහැ කියලයි....."

කීප දෙනෙකු ලලිත්ට බැන්නද අපට හමුවූ බහුතරයක්‌ කියන්නේ ලලිත්ට ත්‍රිරෝද රථ රියෑදුරන් ගැන ඇම්මක්‌ ඇති බවත් ඔහු කියන කරුණු කාරණා වල සත්‍යයක්‌ තියෙන බවත්ය.

ත්‍රීවීල් අංකල්ල, ටැක්‌සි මාමාල, ආටා අයියා ලෙස එදා වැදගත්ව ඇමතූ ත්‍රිරෝද රථ රියදුරාට අද සමහර ඇමැතිවරුන් පවා ප්‍රසිද්ධියේ ත්‍රීවීල් කාරයා කියා අමතන්නේ කාගේ වැරුද්ද නිසාද කියා කතා කරන්නට මෙම ලිපිය තුළින් අදහස්‌ නොකළද සාමාන්‍ය මනුෂ්‍යයාට ත්‍රීරෝද රියදුරන් එපා වීමට හේතු කාරණා කීපයක්‌ම ගැන කතා කළ යුතුම බව මම සිතමි. මේ ඒ පිළිබඳව සමාජයෙන්ම එන අදහස්‌ කීපයකි. අපෝ කතා කරන්න එපා ඕකුන් තමයි ගමත් කන්නෙ රටත් කන්නෙ... පාරෙ හරියට වාහනේ එලවන්න දන්නේ නැහැ. එහෙට කපනව මෙහෙට කපනව. හිතෙන හිතෙන තැනින් ඉස්‌සර කරනව. අද අපේ රටේ රිය අනතුරුවලින් වැඩි හරියකට වග කියන්න ඕනැ මේ ත්‍රීවීල් කාරයො තමයි, ඒ බස්‌ රියක්‌ තුළ මට හමුවූ වයසක මහතෙකුගේ දහසයි.

"කෙල්ලො විතරක්‌ නෙමෙයි අපි වගේ මැදිවයසෙ ගෑනුත් හයෙන් පස්‌සේ ත්‍රීවීල් එකක යන්න බයයි. වැඩි දෙනෙක්‌ කුපාඩියෝ. දෙපැත්ත කැපෙන කතාමයි, කියන්නෙ එසේ කියන්නේ ඉරිදා පොලේ ගමේ පලතුරු විකුණන වට්‌ටි අම්මා කෙනෙකි.

ගාල්ල නගරයේ සුළු ව්‍යාපාරයක්‌ කරන සුනිත මෙසේ තම අදහස්‌ දැක්‌වීය.

අද කාටහරි හොරාට අරක්‌කු ටිකක්‌ බොන්න කසිප්පු බෝතලයක්‌ ගහන්න එහෙම නැත්නං ගංජා මිටියක්‌ කේජී කෑල්ලක්‌ කුඩු පැකට්‌ එකක්‌ ගන්න එහෙමත් නැත්නං ගණිකාවක්‌ වගේ කෙනෙක්‌ හොයා ගන්න ඕනැ නං හොඳම කෙනා තමයි ස්‌ටෑන්ඩ් එකේ ඉන්න ත්‍රීවීලර් කොල්ලා. එයා පොඩි කොමිස්‌ එකක්‌ තියාගෙන වැඩේ කරල දෙයි ලස්‌සනට.

එපමණක්‌ නොව අද අප රටේ අයෙකුට තවත් ඕනෑම කුපාඩි අශ්ලීල අවර ගනයේ අවශ්‍යතාවයක්‌ ඇත්නම් නිතැතින්ම සිහියට එන්නේ මේ ත්‍රිරෝද රථ රියදුරන්මය. එක්‌සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ අදහසට අනුව මේ ත්‍රීවිල් රියදුරන් යනු අවදානම් කාණ්‌ඩයට අයත් පිරිසකි. එනිසා ඒඩ්ස්‌ නිවාරණ කටයුතු, මත් නිවාරණ කටයුතු ආදී ව්‍යාපෘතිවලදී තම ප්‍රධාන ඉලක්‌ක කණ්‌ඩායමක්‌ කොට ගන්නේ මෙකී නාගරික ත්‍රිරෝද රථ රියදුරන්වයි.

ත්‍රීවිල් රියදුරන්ගේ උප සංස්‌කෘතිය සහ ඔවුන්ගේ ආකල්ප ගැන කතා කිරීමට මෙම පිටුව මදිය. එනිසා ඉදිරියේදී ඒ ගැන කතා කරන්නට සිතාගෙන අදට මෙම ලිපිය නිම කරමු.

මිත්‍ර ශ්‍රී කරුණානායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.