ඥානසාර හිමිට එරෙහි චෝදනා ඉල්ලයි...!!!
මෙම චෝදනා පත්රය පිළිබඳව විරෝධතා ලිඛිතව ලබන නොවැම්බර් 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අභියාචානාධිකරණය හිමිනමට දැන්වීය.
මෙම රිට් පෙත්සම අභියාචානාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ ප්රීති පද්මන් සූරසේන ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ දී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණයේ ශබ්ද නඟා කථාකරමින් කලහකාරී ලෙස හැසීරීමෙන් ඥානසාර හිමි අධිකරණයට අපහාසයක් සිදු කර ඇත් දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස හෝමාගම මහේස්ත්රාත්වරයා ඉකුත් ජනවාරි 20 වැනිදා මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමු කළේය.