විදේශ ඇමැති මංගල සමරවීර සිදුකර ඇති ප්රකාශවලින් තමාට මහත් අවමානයක්
සිදුවූ බව දක්වමින් ස්විස්ටර්ලන්තයේ හිටපු ශ්රී ලංකා තානාපතිනි තමාරා
කුමානායගම් රුපියල් මිලියන 500 ක් ඉල්ලා මංගල සමරවීරට නඩු පවරා ඇත.මේ පිළිබඳව නඩුව නොවැම්බර් 2 දා කොළඹ අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් තම නීතිවේදියා යෑවූ එන්තරවාසියට විදේශ ඇමැතිවරයා ප්රතිචාර
නොදැක්වීම නිසා නඩුවක් ගොනු කළ බවද කුමානායගම් වැඩිදුරටත් පැවසීය.
විදේශ ඇමැතිවරයකුගෙන් අතිවිශාල වන්දියක් ඉල්ලා හිටපු ශ්රී ලාංකික තානාපතිනියක පැවරූ මුල්ම නඩුව මෙය වේ.