ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 7, 2016

පාහරයන් විසින් දියකර හරින රණවිරුවන්ගේ සැබෑ කථාව ....!!!

      "රණ මඟ ඔස්සේ නන්දිකඩාල් කොටි සංවිධානය පරාජය කිරීම සත්‍ය කතාව"

 "කාර්යබහුල ජීවිතයත් එක්ක ජනතාවට මේ ලේ වැගිරුණු අතීතය අමතක වෙනවා.එල්.ටී.ටී.ඊ යේ සහ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ප‍්‍රචණ්ඩත්වය ඔවුන්ට අමතකයි.ඒ වගේම යුද්දය පැවැති කාලයේ කොහොමද ජීවිතය ගත කළේ කියන එකත්, ඔවුන් වෙනුවෙන් රට සුරක්ෂිත කරන්න, 30 වසරක යුද්දය නිමා කරන්න, හමුදා සෙබලූන් ඇතුලූ සියලූ ආරක්ෂක අංශ නිලධාරීන් වෙහෙස වුනේ, කැපකිරීම් කළේ කියන එකත් ඔවුන්ට අමතක වෙලා තිබීම ඇත්තෙන්ම අවාසනාවක්."
කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ ජයග්‍රාහී යුද්ධයේදී 53 වැනි සේනාංකයට අණ දුන් ,වසර 35 ක යුද හමුදා දිවියට සමුදී සිටින කීර්තිමත් හමුදා නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ස්වකීය මතක සටහන් ඇතුළත් කොට රචනා කළ ‘රණ මග දිගේ නන්දිකඩාල්‘ ග‍්‍රන්ථය පසුගියදා (6) ඔහුගේ පාසල් මව් වන කොළඹ ආනන්ද විදුහලේදී දොරට වැඩිණි. එම අවස්ථාවට පෙර ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඔහු මෙරට දේශපාලකඥයින් අමතමින් ඉතා වෙහෙසව දිනාගත් සාමය ආරක්ෂා කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.එල් ටී ටී ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ දිවියේ අවසන් විනාඩි 45 සනිටුහන් වූ නන්දිකඩාල් සටනට මහත් දායකත්වයක් ලබාදුන් යුද හමුදා 53 වැනි සේනාංකයට නායකත්වය ලබාදීමේ ගෞරවය හිමි ඔහුටය.
ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් හා සාකච්ඡාවට එක් වෙමින් ඔහු එල් ටී ටී ඊ යට ශක්තිමත් සංවිධානයක් වීමට මාර්ගය පාදා දුන් ඓතිහාසික වැරදි, රෝඞ් ටු නන්දිකඩාල් රචනා කිරීමට තුඩු දුන් හේතු කාරණා, එල් ටී ටී ඊ යේ වැටීමට හේතු, ශී‍්‍ර ලංකා යුද හමුදාව ජයග‍්‍රාහී හමුදාවක තත්ත්වයට ගෙන ආවේ කෙසේද, මානව හිමිකම් කඩවී යැයි නැගී ඇති චෝදනා සහ යුද්දයේ අවසන් දින කිහිපයේ පැවති තත්ත්වය ආදිය සම්බන්ධයෙන් තම අදහස් පල කළේය.

 











තමන් මෙම ග‍්‍රන්ථය රචනා කළේ එල් ටී ටී ඊ යට තම දරුවන් දන් දුන් අසරණ දෙමව්පියන් වෙනුවෙන් හා යුද්දය සහ ශී‍්‍ර ලංකා සොල්දාදුවන් ගැන වැරදි චිත‍්‍රයක් පෙරදැරිව නොමග ගොස් සිටින කොළඹ මෙන්ම විදෙස් රටවල වෙසෙන ප‍්‍රභූන් ඇතුළු මානව හිමිකම් කි‍්‍රයාධරයින් වෙනුවෙන් බව කමල් ගුණරත්න පැවසුවේය.විශ‍්‍රාම යෑමත් සමග මෙම ග‍්‍රන්ථයද තමන් සමගම වැළලෙනු දැකීමට කිසිදු අපේක්ෂාවක් නොමැත යැයිද ඔහු කීවේය.
 
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැවත නැගිටීමකට ප‍්‍රභාකරන් හා සම කැපවීමකින්, විනයකින්,ශක්තියකින් හා ප‍්‍රචණ්ඩත්වයකින් කි‍්‍රයාත්මක වන නායකයෙක් අත්‍යාවශ්‍ය බව ඔහු කියයි.
 
ප‍්‍රශ්නය -
එල්.ටී.ටී.ඊ ය පරාජය කර වසර හතක් ගතව තිබෙනවා.ඇයි ඔබ රෝඞ් ටු නන්දිකඩාල් රචනා කරන්න මේ කාලයම තෝරාගත්තේ?
 
 
පිළිතුර -
එල්.ටී.ටී.ය පරාජය කරන එක ආරක්ෂක අංශ වලට කොහෙත්ම පහසුදෙයක් වුනේ නැහැ.අවසන් ඊළාම් යුද්දයේදී අපට ගොඩක් කැපකිරීම් කරන්නට සිදුවුනා.2009 මැයි මාසයේ 19 වැනිදා වෙනකන් ගෙවුණු අවුරුදු දෙකකුත් මාස දහයකට ආසන්න මේ කාලයේ ශී‍්‍ර ලංකා යුද හමුදාවට පමණක් අහිමි වුනු නිලධාරීන් සංඛ්‍යාව 5000 කට අධිකයි.තවත් 25000 ක් පමණ තුවාළ ලැබුවා.මේ අතරින් දහස් ගණනක් නිලධාරීන් තවමත් ඉන්නේ ලෙඩ ඇදේ.අද ශී‍්‍ර ලංකාවේ ජනතාව ජීවත් වෙන්නේ අපේ නිලධාරීන් කරපු ඒ කැපකිරීම් නිසා.බෝම්බ පිපිරෙන්නේ නැති, ලේ වැගිරෙන්නේ නැති අනාගතයක් රටට දිනා දෙන්නයි ඔවුන් ඒ කැපකිරීම් කළේ.
 
කාර්යබහුල ජීවිතයත් එක්ක ජනතාවට මේ ලේ වැගිරුණු අතීතය අමතක වෙනවා.එල්.ටී.ටී.ඊ යේ සහ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ප‍්‍රචණ්ඩත්වය ඔවුන්ට අමතකයි.ඒ වගේම යුද්දය පැවැති කාලයේ කොහොමද ජීවිතය ගත කළේ කියන එකත්, ඔවුන් වෙනුවෙන් රට සුරක්ෂිත කරන්න, 30 වසරක යුද්දය නිමා කරන්න, හමුදා සෙබලූන් ඇතුලූ සියලූ ආරක්ෂක අංශ නිලධාරීන් වෙහෙස වුනේ, කැපකිරීම් කළේ කියන එකත් ඔවුන්ට අමතක වෙලා තිබීම ඇත්තෙන්ම අවාසනාවක්.
 
රචකයෙක් හැටියට මට ඇති අත්දැකීම් අවමයි.නමුත් මම 1983 සිට 2009 මැයි දක්වා සටන් පෙරමුණේ සේනාංකයක සටන් වැදුණු සොල්දාදුවෙක්.මම, කමල් ගුණරත්න හැටියට මොනවාද කළේ කියන්න වචන වැය කරන්නේ නැතිව, අපි ආරක්ෂක අංශ හැටියට මොනවාද කළේ කියන්නයි මම මේ ග‍්‍රන්ථය රචනා කළේ.මොකද අපි හමුවේ තිබුණේ මහා විශාල කර්තව්‍යයක්.එල්.ටී.ටී.ඊ යේ නිය පදුරු වලින් රට ගලවාගෙන, සාමය උදා කරන එක කිසිසේත්ම පහසු දෙයක් වුනේ නැහැ.
 
ප‍්‍රශ්නය -
පිටු 800 ක පොතක් ලියන එක ලෙහෙසි දෙයක් නොවෙයි.හමුදා නිලධාරියෙක් හැටියට කොහොමද ඔබ, ඔබේ අත්දැකීම් සටහන් තබන්න කාලය සොයාගත්තේ?
 
 
පිළිතුර -
ඔව්.ඇත්තටම ඒක හරිම අමාරු දෙයක් වුනා.මම මගේ අමතර කාලය සම්පූර්ණයෙන්ම වැය කළේ මේ වෙනුවෙන්.යුද්දය ගැන ලියවිලා තියෙන ග‍්‍රන්ථ බොහෝමයක් ලියලා තිබෙන්නේ යුද්දයට කිසිම සම්බන්ධයක් නොතිබුණු අය.එහෙම නොමැතිව, යුද්දයත් එක්කම බැදී හිටපු අය ලියා තිබෙන පොත් ගණනින් අල්පයි.ඉතින් මටත් යුද්දය සමග සෘජු සම්බන්ධයක් තිබුණු නිසා 1983 - 2009 අතර කාලයේ අපි මුහුණදුන් අභියෝග ගැනත්, අන්තිමට අපි යුද්දය ජයගත්තේ කොහාමද කියන එක ගැනත් සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා.පටන් ගනිද්දී නම් මේක බොහොම ලෙහෙසි වැඩක් වෙයි කියලා හිතුනත් පිටුවෙන් පිටුව යනකොට මට අවබෝධ වුනා හිතුවාට වඩා වැඬේ අමාරු බව.නමුත් මම මෙහෙයුම අත්හැරියේ නැහැ.සිත ඒකාග‍්‍රකරගැනීම, ඉවසීම සහ දරාගැනීම කියන්නේ මම හිතන හැටියට නිර්මානයක් සාර්ථක කරගන්න නම් රචකයෙක්ට තිබෙන්නම වුවමනා ගුණාංග.එහෙම නැතිවුනොත් වැඬේ මග නවතිනවාට සැකයක් නැහැ.
 
මේ ග‍්‍රන්ථය ඔබ සිංහල හා ඉංගී‍්‍රසි භාෂා ද්විත්වයෙන්ම රචනා කර තිබෙනවා.ඒ ඇයි?
 
පිළිතුර -
ගැටුමක් දරාගැනීමේ සමත් පුද්ගලයා අවසානයේ ජයග‍්‍රාහකයා බවට පත්වනවා.ශී‍්‍ර ලංකා යුද හමුදාව සැළකුවහොත් අවසන් ඊළාම් යුද්දය සාර්ථකව දරා ගැනීමට සමත්වූ නිසා ඔවුන් ජයග‍්‍රාහකයන් වූවා.නමුත් ප‍්‍රභාකරන්ට එතැනට එන්න නොහැකි වූවා.ඇයි? අපට එතරම් දරාගැනීමේ හැකියාවක් තිබුණේ තමන්ගේ දරුවන්ව යුද හමුදාවට එවපු, ගම්වල හිටපු අසරණ දුප්පත් දෙමව්පියන්ගේ ආශිර්වාදය අපට තිබුණු නිසා.එල්.ටී.ටී.ඊ ය ඔවුන්ගේ මිය යන තරුණ සාමාජිකයන් වෙනුවෙන් අවමගුල් උත්සව පවත්වද්දී, ඔවුන්ගේ සාමාජිකයන් යුද්දය අතහැර පලා යද්දී, අපේ දෙමව්පියන් දිගින් දිගටම ඔවුන්ගේ පුතුන් හමුදාව වෙත යොමු කළා.
 
මේ හේතුව නිසාම අන්තිම මොහොත වෙනකන් සටන් වදින්න තරම් මානව ශක්තියක් අපට තිබුණා.නමුත් ජනතාවගෙන් ප‍්‍රභාකරන් වෙත එවැනි සවියක් ලැබුණේ නැහැ.මා සිතුවා අප වෙත ඔවුන්ගේ දරුවන් එවූ ඒ දෙමව්පියන්, නෑ හිතවතුන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කිරීමක් ලෙස මෙම ග‍්‍රන්ථය සිංහල භාෂාවෙන් රචනා කරන්න.ඔවුන්ගේ පුතුන් යුද්දයේ සටන් කළේ කෙළෙසද, සාමය දිනා දීමට කොපමණ වෙහෙසක් දැරීමට සිදුවීද යන්න මේ අනුව ඔවුන්ටත් කියවා දැනගැනීමට හැකියි.
 
එල්.ටී.ටී.ඊ යට එරෙහි යුද්දයේ අවසාන භාගයේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් ගැන ආරක්ෂක අංශ වලට නැගෙන චෝදනා වලට පිළිතුරක් ලෙස මෙම ග‍්‍රන්ථය ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කරන්නත් මම කටයුතු කළා.මට වුවමනා වුනේ කටකතා වලින් ඒ වගේම වැරදි චිත‍්‍ර වලින්, නොමග ගිහිල්ලා ඉන්න කොළඹ වගේම විදෙස් රටවල වාසය කරන ප‍්‍රභූ පැළැන්තියට ඇත්තෙන්ම කුමක්ද සිදුවුයේ කියන පණිවුඩය ලබාදෙන්න.සාමය දිනාගැනීමට අපට කෙතරම් අපහසු වූවාද, එල්.ටී.ටී.ඊ ය ආරක්ෂක පලිහක් ලෙස භාවිතා කළ සිවිල් වැසියන් ඔවුන්ගෙන් මිදී පලා ආ විට අප  එම වැසියන්ව කොපමණ ආදරයෙන් පිළිගත්තාද, ආදී කරුණු සම්බන්ධයෙනුත් ඔවුන්ගේ ඇස් අරවන්නට මට වුවමනා වුනා.
 
ප‍්‍රශ්නය -
දෙවැනි හා තෙවැනි ඊළාම් යුද්දයේ ගෙවුණු දවස් මතකයට නගන්නට පිළිවන්ද?
 
 
පිළිතුර -
කියන්න කණගාටුයි.ඒ දවස්වල එල්.ටී.ටී.ඊ ය හමුදා සාමාජිකයින් 50 ක් මරා දැමුවත් රටේ ජනතාවට කිසිම ගණනක් වුනේ නැහැ.ඒ වුනත් මුලූ ශී‍්‍ර ලංකා ජාතියම කම්පා වුනා කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියොත්.මෙහෙම වෙන්න හේතුව වුනේ යුද පිටියේදී ආරක්ෂක අංශ දිගින් දිගටම පරාජය වෙමින් සිටීම.අපේ හමුදාවල ශක්තිය ගැන විශ්වාසයක් නොතිබුණු ජනතාවගේ හිත් වලට එල්.ටී.ටී.ඊ ය අපට වඩා බලවත් කියන අදහස කා වැදිලා තිබුණා.අලිමංකඩ බේරාගත් බලවේගය, යාපනය කොටුව බේරාගත් ති‍්‍රවිධ බලය යන මෙහෙයුම් හැරෙන්නට ආරක්ෂක අංශ දියත් කළ අනෙක් සියලූ මෙහෙයුම් අසාර්ථක වීමත් මෙයට ප‍්‍රධාන හේතුවක්.
 
ජයසිකුරු මෙහෙයුම උදාහරණයකට ගනිමු.වසර දෙක හමාරකට ආසන්න කාලයක් අප එහි මෙහෙයුම් කටයුතු වල නිතර වුනා.ගැටුම් වලට මැදිව අපේ භටයන් බොහො දෙනෙක් මරණයට පත්වුනා.තවත් විශාල පිරිසක් තුවාළ ලැබුවා.අපි මාන්කුලම් අත්පත් කරගත්තත් එල්.ටී.ටී.ඊ යේ ප‍්‍රහාරක බලය හමුවේ අපට තන්ඩිකුලම් දක්වා පසු බහින්න සිදුවුනා.වසර දෙකක හමාරක මෙහෙයුමේ අත්පත් කරගත් දේවල් දින දෙක හමාරක වගේ කාලයකින් අපෙන් ගිලිහුනා.හේතුව? හේතුව වුනේ අත්පත් කරගත් ප‍්‍රදේශ වල බලය රදවාගෙන තබාගන්න තරම් පිරිස් බලයක් අපට නොතිබුණ එක.කර්නල් රොෂාන් ද සිල්වා ට ස්තූති වෙන්න අපට  ඕමන්තෙයි හි කදවුරු බදින්න පුලූවන් වුනා.
 
ඒ කාලයේ අපි ‘දුවන‘ හමුදාවක්.මම මගේ ග‍්‍රන්ථයෙන් කියන්න උත්සාහ කරන්නේ ඒ දුවන හමුදාව, සිව් වැනි ඊළාම් යුද්දයේදී ජයග‍්‍රාහී හමුදාවක් වුනේ කොහොමද කියන එක.
 
ප‍්‍රශ්නය -
හමුදාවට ඔබ සදහන් කළ පරාජයන් අත්වෙන්න හේතුවුනේ මොන වගේ කරුණුද?
පිළිතුර -
එම කරුණු මගේ ග‍්‍රන්ථයේ හොදින් විස්තර කර තිබෙනවා.1983 - 2005 කාලය සැළකුවොත් හමුදාවේ පරාජයන් වලට ප‍්‍රධානම හේතුව වුනේ පැහැදිලි දේශපාලන දැක්මක් සහ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ස්ථීර අරමුණක් නොතිබීම.දෙවැනි එක තමයි එල්.ටී.ටී.ඊ පරාජය කිරීමට මූලෝපායක් නොතිබීම.තෙවැන්න තමයි යුද හමුදාවේ ප‍්‍රහාරක ශක්තිය වර්ධනය කිරීමටත්, අඛණ්ඩ අවි හා උණ්ඩ සැපයුමක් පවත්වා ගැනීමටත් නිසි සැළසුමක් නොතිබීම.
 
මේ හේතු පැහැදිලි කරන්න ගන්න පුලූවන් හොදම උදාහරණය තමයි වඩමාරච්චි මෙහෙයුම.දේශපාලනමය වුවමනාවක් නොතිබුණු නිසා එය අතරමග නතර කර දැමුණා.ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ජාතික මට්ටමින් මූලෝපායක් නොතිබුණු නිසා,  පැවැති රජයන් කළේ එල්.ටී.ටී.ඊ ය අපට දිගින් දිගටම පහර එල්ල කරමින් සිටියදීම ඔවුන් සමග සාම සාකච්ඡුා පැවැත්වීම.සාම සාකච්ඡුා බිද වැටුණයින් පස්සේ ඔවුන්ට වුවමනා වුනා යුද්ද කරන්න.නමුත් ඒ වෙනකොට අපිට ප‍්‍රමාණවත් පිරිස් බලයක් තිබුණේ නැහැ.අපේ භටයින් මිය යන එක, බරපතල තුවාළ ලබන එක, ඔවුන්ට ගණනක් වුනේ නැහැ.ඔවුන්ට අවශ්‍ය වුනේ අපි යුද්ද කරනවා දකින්න විතරයි.
 
අපේ පරාජයන්ට තවත් හේතුවක් වුනේ ආරක්ෂක අංශ වල එක් එක් මට්ටම් වලට නායකයින් පත් කළේ යුද පිටියේ ජයග‍්‍රහණ මතවත්, ඔවුන්ගේ හැකියාවන් මතවත් පදනම් නොවී, හමුදාවේ ජේ්‍යෂ්ඨත්වය මත පමණක් වීම.ඔබේ හැකියාවන් ගැන සොයා බැලීමක් සිදුවන්නේ නැහැ, නමුත් ඔබ ජේ්‍යෂ්ඨයෙක් නම් සේනාංක අණදෙන නිලධාරියෙක් ලෙස පත්වන්නට එය ප‍්‍රමාණවත්.හමුදා භටයින්ට අණ දීමේ සමත්, දක්ෂ නිලධාරීන්ට මේ නිසා නිසි තැන් හිමිවූයේ නැහැ.ඉතින් අපට අත්වුනේ පරාජය.
 
තවත් සදහන් කළොත් නොගැලපෙන භට කණ්ඩායම් සටන් වලට අනුයුක්ත කිරීම අප ලැබූ පරාජයන්ට හේතුවක්.මේ තත්ත්වයට වැඩි වශයෙන්ම මුහුණදුන්නේ කොමාන්ඩෝ සහ විශේෂ කාර්ය බලකා කණ්ඩායම් වල භටයන්.අවිගත් භට කණ්ඩායම් සාර්ථකව යෙදවිය හැකි මෙහෙයුම් වලට මෙම භට කණ්ඩායම් යෙදවීමෙන් අපට දිගින් දිගටම අවාසි සහගත තත්ත්වයන් උදා වූවා.කොමාන්ඩෝ හෝ විශේෂ කාර්ය බලකා භටයෙක් පුහුණු කරන්නට වසර එක හමාරක පමණ කාලයක් ගතවනවා.ජයසිකුරු මෙහෙයුමේ එක් අදියරක දී ආරක්ෂාව ඉතාම දැඩිව තරකර තිබූ මාන්කුලම්හි පිහිටි ගම්මානයක් අත්පත් කරගැනීමට යෙදවූ භටයින් 90 දෙනෙකුගෙන් යුත් සමස්ත දෙවන කොමාන්ඩෝ රෙජමෙන්තුවම අපට අහිමි වුනා.මේ ගම්මානයට අවිගත් භට පිරිස් මගින් ප‍්‍රහාර එල්ල කර යටත් කරගැනීමට හැකියාව තිබියදීයි ඔවුන් වෙනුවට කොමාන්ඩෝ භටයින් යෙදවීම සිදුවූයේ.දුර්වල මට්ටමේ හමුදා නායකත්වයක් යටතේ අපට අත්විදින්නට සිදුවූයේ මෙවැනි දේ.
 
ප‍්‍රශ්නය -
ඔබ හිටපු හමුදාපතිවරුන්ගේ තීරණ වලට අභියෝග කරනවාද?
පිළිතුර -
නැහැ.මම එහෙම කරන්නේ නැහැ.මම ඒ සියලූම දෙනාට ගරු කරනවා.මම දන්නවා ඔවුන් හමුදාව වෙනුවෙන් විශාල කැපකිරීම් සිදුකළ බව.මම කියන්නේ ඇතැම් අවස්ථා වලදී ගැලපෙන, නිවැරදි තීන්දුව ගැනීමට ඔවුන්ට නොහැකි වන්නට ඇති බව පමණයි.
 
ප‍්‍රශ්නය -
සටන් විරාම සමයේ එල්.ටී.ටී.ඊ යේ හැසිරීම කෙබදුද?
පිළිතුර-
අපි සියලූදෙනා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ අභිමානවත් සාමාජිකයින්.නමුත් දිගින් දිගටම අපේ භටයන් නින්දාවට, ලැජ්ජා කිරීමට ලක්වෙද්දී මේ අභිමානවත් බව නිසාම ඔවුන්ට ඒවා දරාගෙන සිටීමට අපහසු වුනා.නමුත් ඔවුන් ඉතාම ඉවසීමෙන් ඔවුන්ගේ රාජකාරිය අකුරටම ඉටු කළා.අපේ භටයන්ට එල්.ටී.ටී.ඊ යෙන් ගැලවීමක් තිබුණේ නැති තරම්.නැවත නැවතත් නින්දා කිරීම්, ලැජ්ජාවට පත් කිරීම් සිදුවුනා.
 
පැවැති සියලූම රජයන් වල ජනාධිපතිවරුන් සාම සාකච්ඡුා ආරම්භ කළේ ධනාත්මක ආකල්පයකින්.ඔවුන් එල්.ටී.ටී.ඊ යේ සැබෑ වුවමනාකම් දැන සිටියේ නැහැ.එල්.ටී.ටී.ඊ යත් සාම සාකච්ඡුා වලට එකගවුනු සෑම අවස්ථාවකදීම, පැවැති රජයන් ඔවුන් වෙත විසදුම් ඉදිරිපත් කරන්න සූදානමින් සිටියා.නමුත් ලද දෙයින් සෑහීමකට පත් වෙන සිරිතක් නොතිබුණු නිසාම, එල්.ටී.ටී.ඊ යට එම විසදුම් වලට එහා ගිය යමක් ඒ හැම අවස්ථාවකදීම වුවමනා වුනා.බලය බෙදීම ගැන රජය එක්ක සාකච්ඡුා පවත්වමින් සිටින කොට ඔවුන් අනෙක් පසින් කළේ සටන් විරාම ගිවිසුම බිද දමමින් හමුදාවට ප‍්‍රහාර එල්ල කරන එක, හමුදා භටයින්ව ලැජ්ජාවට පත් කරපු එක.
 
එල්.ටී.ටී.ඊ ය අපේ හමුදාව ලැජ්ජාවට පත් කළේ කෙසේද යන්න මම මෙහි විස්තර කර තිබෙනවා.ගම්වැසියන් උසි ගන්වා විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ ඔවුන් එම වැසියන්ව හමුදා කදවුරු ආසන්නයට ගෙන විත් එම වැසියන් ලවා කදවුරු වල සිටි හමුදා භටයින්ට අතිශය පරුෂ වචන වලින් බැණ වදින්න පුරුදු කර තිබුණා.උණ්ඩ පුරවා සූදානමින් තබාගෙන සිටි අවි අතැතිව සිටියත් අපේ භටයින් ඒ සියල්ල ඉවසුවා.ඔවුන් තම වෘත්තිකත්වයත්, විනයත් මනාව පෙන්වා දුන්නා.නමුත් එය ලෝකයා අවබෝධ කරගෙන නැහැ.
 
අවසානයේ අපේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා.නින්දා සහගත සාමයක් පවත්වාගන්නවාට වඩා ගෞරවාන්විත යුද්දයක් සුදුසු බව අප තීරණය කළා.ඒ අනුව හමුදාව සූදානම් වන්නට ගත්තා.පුහුණු සැසි සහ විමර්ෂණ වලින් අපගේ දුර්වලතාවන් හදුනාගන්නත්, එම දුර්වලතා වලට විසදුම් හදුන්වාදෙන්නත් අවශ්‍ය පියවර ගැනුනා.එල්.ටී.ටී.ඊ ය ප‍්‍රහාර එල්ල කිරීම සදහා බොහෝ විට තෝරාගත්තේ රාති‍්‍රය බැවින් අපේ හමුදා සාමාජිකයන් අදුරට බියෙන් සිටියේ.නමුත් සතුරාගෙන් වසන් වී සිටින්නට මනා අවස්ථාවක් ලැබෙන නිසා, හමුදා සාමාජිකයකුගේ හොදම මිතුරා විය යුත්තේ අදුර.මෙය අපි අපගේ භටයන්ගේ සිත් වලට කා වදින්නට සැළැස්වුවා, ඒ සමගම රාති‍්‍රයේ සටන් වලට ඔවුන්ව පුරුදු පුහුණු කළා.අවසානයේ ඔවුන් ඉතා දක්ෂ රාතී‍්‍ර සටන් කරුවන් බවට පත්වුනා.
 
ශී‍්‍ර ලංකා යුද හමුදාව මේ ආකාරයට සූදානම් කිරීමෙන් පසු සිව් වැනි ඊළාම් යුද්දය ආරම්භ කිරීමට රජයෙන් අවසරය ලැබෙන තෙක් අප බලා සිටියා.එල්.ටී.ටී.ඊ යත් අප හා සමානවම යුද්දයට සූදානම් වෙමින් සිටි බව අප දැන සිටියා.
 
ප‍්‍රශ්නය -
දුවන හමුදාවක ඉදගෙන සටන් කරපු ඔබට ප‍්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානය ගැන තිබුණු අදහස මොකක්ද?
 
 
පිළිතුර -
දුවපු හමුදාවක් කියන එක තිත්ත ඇත්ත වුනත් මම දන්නවා මගේ මේ කියමන නිසා හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් බොහෝමයක් අමනාප වේවි යන වග.නමුත් අපි මාන්කුලම් ඉදන් තන්ඩිකුලම් දක්වා දවස් දෙක හමාරකින් ආවේ දුවගෙන ආපු නිසා.ඒ නිසයි මම දුවපු හමුදාවක් ලෙස හැදින්වීමක් කළේ.මම සමාව අයැද සිටිනවා එදා සටන් කළ ආකාරය ගැන හැදින්වීමක් කිරීමට මම යොදාගත්තු වචන වලින් අපහසුතාවක් ඇති වුනානම්.විශ‍්‍රාමික හමුදාපති ලූතිනන් ජෙනරාල් සිසිල් විද්‍යාරත්න කියපු දෙයක් තමයි ඔහුට පරාජය වෙමින් සිටි හමුදාවකට නායකත්වය දීමට වුවමනාවක් නැහැ කියන එක.ඔහු උපරිමයෙන් උත්සාහ කළා ශී‍්‍ර ලංකා යුද හමුදාව නගා සිටුවන්නට.නමුත් ඵලක් වුනේ නැහැ.
 
අන්තිම ඊළාම් යුද්දය වෙනකන්ම ජනතාව විශ්වාස කළේ නැහැ අපේ හමුදාව ජයග‍්‍රාහකයෝ වේවි යන වග.පසුගිය රජයේ ජේ්‍යෂ්ඨ ඇමැතිවරයෙක් වරක් මා සමග සංවාදයක යෙදුණා.ඔහු මට කීවා ඔබට එල්.ටී.ටී.ඊ ය සමග සටන් කර දිනන්නට නොහැක කියා.අපට පුලූවන් යැයි මම ඔහුට උත්තර දුන් පසු ඔහු නැවත කියා සිටියා මෙහෙම.කර්නල් ඔයාගේ මිනිස්සු එල්.ටී.ටී.ඊ ය එක්ක දීර්ඝ කාලයක් තිස්සේ සටන් වැදිලා ඉදලත් තවම කිසිම ජයග‍්‍රහණයක් ලබලා නැහැ.ඒ හින්දයි අපට සාම සාකච්ඡුා වලට යොමු වෙන්න සිද්ද වෙලා තියෙන්නේ.මම මේ ගැන මගේ ග‍්‍රන්ථයේ විශේෂයෙන් සදහන් කරලා තියෙනවා.මේ රටේ ජනතාව, දේශපාලකයෝ, වෙනකක් තියා අපේම හමුදා භටයෝ පවා එල්.ටී.ටී.ඊ ය කියන්නේ කිසිදා පරාජය කළ නොහැකි බලවේගයක් බවට විශ්වාසයක එල්බ ගෙන සිටියා.නමුත් 2009 මැයි මාසයේදී අපි එල්.ටී.ටී.ඊ ය මතවාදයක් පමණක් වන තැනටම තල්ලූ කර දැමුවා.මම නම් කිසිසේත්ම හිතන්නේ නැහැ එල්.ටී.ටී.ඊ යට එදා තිබූ ශක්තියෙන් නැවත නැගිටින්නට පුලූවන් වේය කියා.කැපවීමෙන්, විනයානුකූලව, ප‍්‍රචණ්ඩත්වයෙන් එල්.ටී.ටී.ඊ යට නායකත්වය දුන් ප‍්‍රභාකරන් අද නැහැ.ඔහු නැතිව එල්.ටී.ටී.ඊ යට පරණ ප‍්‍රචණ්ඩත්වයෙන් නැගී සිටින්නට කොහෙත්ම හැකියාවක් නැහැ.
 
ඔහු වැඩිදුර අධ්‍යාපනය නොලැබූවා වන්නට පිළිවන්.නමුත් ඔහු දැඩි විනයෙන් හික්මුනු පිළිවෙතක් ඔහුගේ කටයුතු වලදීත්, සංවිධානයේ කටයුතු වලදීත් අනුගමනය කළා.ඔහු තමයි මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වල නිර්මාතෘවරයා.අල් කයිඩා සංවිධානයේ පළමුවැනි මරාගෙන මැරෙන බෝම්බකරුවාට ඉස්සෙල්ලා එල්.ටී.ටී.ඊ යට එවැනි බෝම්බකරුවන් 200 කට අධික ප‍්‍රමාණයක් සිටියා.ඔවුන්ගෙන් බොහෝමයක් කාන්තාවන්.ඒ අය නායකයාගේ අණ ලැබෙන්නේ කොයි මොහොතේද, ඒ අවස්ථාවේදී තමන්ගේ ජීවිතය සංවිධානය වෙනුවෙන් කැප කරන්න සූදානමින් සිටියා.ඔහු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් අපහරණයට ලක්කළ බව සනාථ කරන එකම සාක්කියක්වත් හමුවෙලා නැහැ.
 
ඔහු පවුල මුල් තැනෙහි ලා සැළකූ පුද්ගලයෙක්.ප‍්‍රභාකරන්, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ එල්.ටී.ටී.ඊ සැමරුම් සටහන්ව තිබූ ඡුායාරූප 10000 කට ආසන්න සංඛ්‍යාවක් සොයාගන්න යුද හමුදාවට හැකිවුනා.නමුත් මේ එක ඡුායාරූපයක්වත් ප‍්‍රභාකරන් මත්පැන් වීදුරුවත් අතැතිව සිටිනු සටහන් වෙලා නැහැ.ඔහු විනය අකුරටම පවත්වාගෙන ගිය නායකයෙක්.ඔහුගේ නීතිය ෂාරියා නීතියටත් වඩා දරුණුයි.ෂාරියා නීතියට අනුව ඔබ සොරකම් කළොත් ඔබට අහිමි වන්නේ අත පමණයි.නමුත් ප‍්‍රභාකරන්ගේ නීතියට අනුව ඔබට අහිමි වන්නේ ජීවිතය.හින්දු භක්තිකයකු වුවත් ඔහු දෙවියන් විශ්වාස කළේ නැහැ.දෙවියන් සිටින්නේ බලවත් රටවල සහයට පමණක් බව ඔහු වරක් පැවසුවා.ඔහු වෙනස්ම ආරක පුද්ගලයෙක්.කෙනෙකුට ඔහුගෙන් උගත හැකි දේවල් බොහෝමයක්ද තිබුණා.
 
ඒ වගේම ඔහු දැඩි තීරණ ගන්නෙක්.හරි හෝ වැරදි හෝ ඔහු එය සැළකුවේ නැහැ.තීරණය ගත් පසු එය වහාම කි‍්‍රයාත්මක කිරීමට ඔහු වගබලා ගත්තා.එයින් එකක් වුනේ ඉන්දියා අගමැති රජීව් ගාන්ධි ඝාතනය.එය ඔහු ගත් ඉතාම අමනොඥ තීරණයක්.ගාන්ධි ඝාතනයත් සමග ඉන්දියාවෙත්, මුලූ ලෝකයෙත් කෝපය තමන් කෙරේ යොමුවන බව ඔහු දැන සිටියා.නමුත් එය ඔහුට ගණනක් වුනේ නැහැ.ඔහුට වුවමනා වුනේ සාම සාධක හමුදා ලංකාවට එවීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් පළිගන්න.ඉතින් ඔහු ගාන්ධිව අනුකම්පා විරහිතව ඝාතනය කළා.ඔහුට හොද ඉවසීමක් තිබුණා.මේ නිසා කවදාවත් ඔහු සංවිධානයේ මෙහෙයුම් ඉක්මන් කළේ නැහැ.නිසි කාලයට වේලාවට ඒවා කි‍්‍රයාත්මක කරන්නත් ඔහු වගබලා ගත්තා.
 
ප‍්‍රශ්නය -
2005 - 2009 අතර කාලයේ ශී‍්‍ර ලංකා යුද හමුදාව ජයග‍්‍රාහක හමුදාවක් බවට පරිවර්තනය වූ බව ඔබ පැවසුවා.මේ වෙනසට හේතු වුනේ මොනවාද?
 
 
පිළිතුර -
උගත් පාඩම් හැටියට මට ඒවා ලැයිස්තු ගත කරන්න පුලූවන්.එදා පැවති රජයයි, හමුදාපති සරත් ෆොන්සේකා මහතායි කටයුතු කළේ ත‍්‍රස්තවාදය පරාජය කරන්න පැහැදිලි දැක්මක් ඇතිව.අත්දැකීම් බහුල හමුදාපතිවරයකු වූ එතුමා ත‍්‍රස්තවාදය විනාශ කර දමන්න සම්පූර්ණයෙන්ම කැප වෙලා සිටියා.ඒ වගේම එතුමා කිව්වා යුද්දය තමන්ගෙන් පසු එන හමුදාපතිවරයාට ඉතුරු කරන්නේ නැතිය කියා.ඔහු ඒ පොරොන්දු වූ ආකාරයටම කටයුතු කළා.නමුත් එදා තිබූ රජයේ සහය නිසා නොවන්නට ඔහුට එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වන්නේ නැහැ.නව සාමාජිකයන් බදවා ගැනීමට නොයෙක් වැඩසටහන් දියත් කිරීමට අවසර දෙමින් එදා රජය යුද්දය අවසන් කරන්න විශාල සහයක් ලබා දුන්නා.ඒ හමුවේ යුද හමුදාවේ පිරිස් බලය 120000 අගයේ සටි 230000 දක්වා ඉහළ ගියා.
 
ඔබ යුද්දය අවසන් කරන්න. අපි කිසිම බාධාවක් කරන්නේ නැහැ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අපට කිව්වා.උණ්ඩ ඉදන් මිසයිල වෙනකන් එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කරන්න අවශ්‍ය වුනු සියලූම දේ රජය අපට ලබාදුන්නා.
 
මේ කාලයේ මෙහෙයුම් වලය නායකත්වය දුන් පුද්ගලයන් තෝරාගත්තේ හිටපු හමුදාපතිවරයා.එම මෙහෙයුම් වලය තෝරාගත යුත්තේ කවුරුන්ද යන්න ඔහු හොදින් දැන සිටියා.ඔහු ජ්‍යෙෂ්ඨත්වය සළකා වගකීම් භාර දුන්නේ නැහැ.මා බි‍්‍රගේඩියර්වරයෙක් ලෙස උසස් වුනු විගසම වාගේ සේනාංක අණ දෙන නිලධාරියෙක් ලෙසත් පත් කෙරුණා.ඒ මට වඩා ජේ්‍යෂ්ඨ නිලධාරීන් බොහෝමයක් සිටියදී.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයත් හමුදාපති සරත් ෆොන්සේකා මහතාට තිබුණා.වැදගත් තීරණ ගත්තේ දෙන්නා එකතුවෙලා.කොමාන්ඩෝ සහ විශේෂ කාර්ය බලකා සෙබලූ මනා සැළැස්මක් ඇතිව මෙහෙයුම් වලට යෙදවූ නිසා එල්.ටී.ටී.ඊ කදවුරු සාර්ථකව විනාශ කර දමන්නත් අපට පුලූවන් වුනා.
 
ප‍්‍රශ්නය -
එල්.ටී.ටී.ඊ ය පරාජිතයන් වෙන්න හේතුවුනේ මොන වගේ දේවල්ද?
 
 
පිළිතුර -
ප‍්‍රධානම හේතුව වුනේ ඔවුන් 2005 දී සටන් වැදුනු හමුදාවට වඩා වෙනස්, පරිණත හමුදාවක් එක්ක ඔවුන්ට අවසන් සටනට මුහුණ දෙන්නට සිදුවීම.සියලූ තල වල සිටි කොමාන්ඩෝ භටයන් සටනට හොදින්ම සූදානම් වෙලා සිටියා.මම මුලින් සදහන් කළා වගේ අප අපගේ වැරදි හදුනාගෙන ඒවා නිවැරදි කරගත්තා.එල්.ටී.ටී.ඊ යෙන් පවා අප ඉගෙන ගත්තා.එදා අපට වුවමනා වුනේ සාම්ප‍්‍රදායික සටන් ක‍්‍රම වලම එල්බ ගෙන සිටින්න.නමුත් සිව් වැනි ඊළාම් යුද්දයේදී අපි ක‍්‍රමවේදය වෙනස් කළා.කොමාන්ඩෝ සහ විශේෂ කාර්ය බලකා භටයින් කුඩා කණ්ඩායම් ලෙස බෙදී මෙහෙයුම් වල නිතර වුනා.එල්.ටී.ටී.ඊ යේ ක‍්‍රමවේදය වුනේ මෙය.ඒ හමුවේ එදා අපට නිදහසේ හුස්ම ගන්නවත් වාතාවරණයක් තිබුණේ නැහැ.නමුත් මෙදා අපි ඒ වාතාවරණය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අතර ඇති කළා.අපි පුලූවන් උපරිමයෙන් උත්සාහ කළේ සාම්ප‍්‍ර‍්‍රදායික සටන් ක‍්‍රම වලින් ඈත් වෙන්න.ඒ අතරේ ප‍්‍රභාකරන් උත්සාහ කළේ ගරිල්ලා සටන් ක‍්‍රම වලින් ඈත් වෙන්න.
 
මේක එල්.ටී.ටී.ඊ ය බිද වැයෙන්න ප‍්‍රධානම හේතුවක්.අනෙක් පැත්තෙන් ඔවුන් ආරක්ෂාව සළසා ගන්න පළිහක් ලෙස සාමාන්‍ය ජනතාව භාවිතා කරන්නට ගත් නිසා ජනතාවගේ සහය අවසානයේ ඔවුනට අහිමිව ගියා.ප‍්‍රභාකරන් කරපු ලොකුම වරද වුනේ ගරිල්ලා සටන් ක‍්‍රම වලින් ඉතාම දක්ෂ මට්ටමක හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානය සාම්ප‍්‍රදායික සටන් ක‍්‍රම අනුගමනය කරන්නට හුරු කරවීම.
 
බුද්ධි අංශ නිලධාරීන්, පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයින්, මරාගෙන මැරෙන බොම්බකරුවන්, කාලතුවක්කු කණ්ඩායම්, ප‍්‍රහාර නිරීක්ෂකයන් මේ ආදී ලෙස ඉතාම දක්ෂ, හැකියාවන්ගෙන් සපිරි කණ්ඩායමක් එල්.ටී.ටී.ඊ යට සිටියා.නමුත් ප‍්‍රභාකරන්, එල්.ටී.ටී.ඊ සංවිධානය සාම්ප‍්‍රදායික හමුදාවක මට්ටමට පත් කිරීම නිසා ඒ කිසිවකුගෙන් වත් අවසානයේ ප‍්‍රයෝජනයක් නැතිව ගියා.හොද මට්ටමක තිබුණු ඔවුන්ගේ සාමාජිකයන් බදවාගැනීමේ වැඩපිළිවෙලත් බිද වැටුණා.තවත් කාරණයක් වුනේ ශී‍්‍ර ලංකා යුද හමුදාව යුද පෙරමුණු කිහිපයක් ඔස්සේ ප‍්‍රහාර එල්ල කරමින් සිටීම.මෙම ප‍්‍රහාර වලට මුහුණදෙන්නට හැකි පිරිස් බලයක් එල්.ටී.ටී.ඊ යට තිබුණේ නැහැ.
 
ප‍්‍රශ්නය -
නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශ නායිකා තමිලිනී ඇයගේ ග‍්‍රන්ථයේ සදහන් කරනවා වෙහෙසත්, වයස්ගත එල්.ටී.ටී.ඊ ජේ්‍යෂ්ඨ නායකයින්ගේ දුර්වල තීරණත්, අවසන් සටනේ පරාජයට හේතු වූවා කියා.මේ සම්බන්ධව ඔබගේ අදහස්?
 
 
පිළිතුර
මම ඇය ලියා ඇති ග‍්‍රන්ථය තවම කියවා නැහැ.නමුත් එල්.ටී.ටී.ඊ යේ පරාජයට ඇය දක්වා තිබෙන හේතු එක්ක මම එකග වන්නේ නැහැ.ප‍්‍රභාකරන් තරුණ වුනත් මහලූ වුනත් අවසාන මොහොත වන තෙක්ම ඔහුගේ නායතක්ව හැකියාව මදකින්වත් වෙනස් වුනේ නැහැ.බානු, රත්නම් මාස්ටර්, සුසෙයි වැනි එල්.ටී.ටී.ඊ නායකයින්ගේ තත්ත්වයත් එළෙසමයි.අන්තිම දින කිහිපයේදී සුසෙයිගේ නායකත්වය නිසාම කවුරුන්වත් පසුබැස ගියේ නැහැ.සංවිධානයේ කොමාන්ඩෝ භටයන් මේ නායකයන්ගේ අණ පරිදි ඉතා හොදින් සටන් කළා.
 
එල්.ටී.ටී.ඊ යේ ජේ්‍යෂ්ඨ නායකයකු වූ බාල් රාජ් හදිසි හෘදයාබාධයකින් මිය යාම ඔවුන් අපේක්ෂා නොකළ දෙයක්.ඔහු එම සංවිධානයට සිටි හොදම නායකයෙක්.මෙහෙයුම් දියත් කිරීම අතින් ඉහළ තැනක සිටි කරුණා අම්මානුත් ඔවුන්ට අහිමි වුනා.පුදිකුඩිරිප්පු සටනට නායකත්වය දුන් තීපන් එල්.ටී.ටී.ඊ යට සිටි තවත් හොද නායකයෙක්.ඔවුන්ගේ නායකත්වය දුර්වල මට්ටමට පැවතුනායැයි කිසිසේත්ම කියන්නට බැහැ.සටනේ අවසන් පැය කිහිපයේදිත් ඔවුන්ගේ අණ කිරීම් යටතේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ඉතාම හොදින් සටන් වැදුණා.
 
ප‍්‍රශ්නය -
මානව හිමිකම් කි‍්‍රයාධරයින් සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නොයෙක් ආයතනයන්, යුද්දයේ අවසන් භාගයේදී ආරක්ෂක අංශ අතින් මානව හිමිකම් කඩවී තිබෙන බවට චෝදනා නගනවා.මේ චෝදනා වලට ඔබගේ පිළිතුර කුමක්ද?
 
 
පිළිතුර
යුද්දයේ අවසන් භාගයේදී යුද පෙරමුණේ සිටි අණ දෙන නිලධාරියෙක් ලෙස මම මේ සියලූ චෝදනා තරයේම බැහැර කරනවා.මානව හිමිකම් කඩවීමක් හෝ යුද අපරාධයක් හෝ ශී‍්‍ර ලංකා යුද හමුදාව අතින් සිදුවූයේ නැහැ.එතැන තිබුණේ රටක හමුදාවක් සහ ත‍්‍රස්ත කණ්ඩායමක් අතර යුද්දයක්.ඒ වගේම යුද්දකයදී අනිවාර්යයෙන්ම හානියට පත් වෙන කොටසක් සිටිනවා.මානවවාදී නීතිය යටතේ අපි උපරිමයෙන් උත්සාහ කළා සිවිල් ජීවිත හානි අවම කරගැනීමට.ඒ නිසයි අපි අපගේ මෙහෙයුම මානුෂීය මෙහෙයුමක් ලෙස නම් කළෙත්.
 
එයට ගරු කරමින් කටයුතු කළ අපි ජනාකීර්ණ පෙදෙස් වලට කිසිම ප‍්‍රහාරයක් එල්ල කළේ නැහැ.නියමුවන් රහිත යානා යොදාගෙන කළ පිරික්සුම් වල දත්ත හමුදාවේ සියලූම කොට්ටාශ වල මෙහෙයුම් අංශ වලට ලැබෙන පරිදි කටයුතු සළස්වා තිබුණා.මෙයින් අප උත්සාහ කළේ සිවිල් ජනාවාස මගහැර එල්.ටී.ටී.ඊ ඉලක්ක පමණක්ම හදුනාගෙන ප‍්‍රහාර එල්ල කරන්න.එල්.ටී.ටී.ඊ ය අපට පහර දුන්නත්, ඔවුන් එම ප‍්‍රහාර එල්ල කළේ සිවිල් ජනාවාස අතරේ සිට වීම නිසා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමෙන් අප වැළකී සිටි අවස්ථා එමට තිබුණා.ජීවිත හානි බින්දුව මට්ටමේම පවත්වාගන්නා ලෙස රජයෙන් අපට දැඩිව අවවාද කර තිබුණා.
 
ප‍්‍රශ්නය -
ප‍්‍රභාකරන් ඔහුගේ ජීවිතයේ අවසන් විනාඩි 45 ගෙවූයේ ඔබගේ හමුදා භටයින් සමග සටන් වදිමින්.ඔහුව අල්ලා ගත හැකිවේයැයි විශ්වාසයක් ඔබට තිබුණාද?
 
 
පිළිතුර
මට ලොකු විශ්වාසයක් තිබුණා ඉක්මනින්ම ඔහුව අල්ලා ගත හැකිවේය කියා.අවතැන්ව සිටි ජනතාව සිය ගණනින් එල්.ටී.ටී.ඊ ය අතහැර අප සිටි පෙදෙසෙට දිව එනු දුටු විට මගේ විශ්වාසය තවත් තහවුරු වුනා.සිතියම් පරික්ෂා කළ විට, එල්.ටී.ටී.ඊ පාලන ප‍්‍රදේශ ක‍්‍රමයෙන් කුඩාවීගෙන යන බව අප නිරීක්ෂණය කළා.ඒ අතරම අප දැනගත්තා එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සිවිල් වැසියන් අතරේ සැගවෙමින් පලා යමින් සිටින බවත්.එල්.ටී.ටී.ඊ ය ක‍්‍රමයෙන් බිද වැටෙමින් තිබෙන බවත්, අපට වැඩි වේලාවක් සටනේ යෙදෙන්නට සිදුනොවන බවත් මේ සියල්ලගෙන් අපට වැටහුණා.2009 මැයි 18 වැනිදා සන්ධ්‍යාව වන විට යුද්දය අවසන්.නමුත් හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහ මගේ සිතේ එකම පැනයක් ඉතිරි වෙලා තිබුණා.කොහෙද ප‍්‍රභාකරන්?
 
මම හමුදාපතිවරයාව අමතා දැනුම්දුන්නා අපි උතුරේ සෑම බිම් අගලක්ම අත්පත් කරගෙන අවසන් බව.ප‍්‍රභාකරන් අල්ලා ගන්නා තෙක් යුද්දය කිසිදාක අවසන් කළ නොහැකි බව ඔහු මට කීවා.අපි සියලූදෙනා ප‍්‍රභාකරන් එන තෙක් බලා සිටියදී හතරවැනි විජයබා සේනාංකය නන්දිකඩාල් කලපුවේ සටන අතරතුර ඔහුව ඝාතනය කර තිබුණා.
 
ප‍්‍රශ්නය -
සමහරු කියනවා ඔහුව කොළඹට ගෙනවිත් ඝාතනය කළා කියා.ඔබගේ අදහස්?
 
 
පිළිතුර
මේක කටකතාවක්.ඇත්ත කතාව ඔහු මියගියේ සටන අතරතුරදී.මැයි මාසයේ 19 වැනිදා උදැෑසන වෙන තෙක්ම ප‍්‍රභාකරන් මියගොස් සිටින බව අප දැනගෙන සිටියේ නැහැ.අප එල්.ටී.ටී.ඊ ය හා ගැටුණු අවසාන අවස්ථාව වූයේ එය.
 
දශක තුනක් තිස්සේ අපේ, අපේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු මිනිසා මම සහ මගේ භටයින් ඉදිරියේ නිසලව වැතිර හිදිනවා දැකීම හමුදා සාමාජිකයෙක් ලෙස මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.සර් අපි ප‍්‍රභාකරන්ව මැරුවා, කියමින් මගේ භටයින් ජයගෝසා නගමින් සිටියා.ආඩම්බරවන්නට කාරණයක් වුවත්, මම මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුයි අප යුද්දය ජයග‍්‍රහණය කළේ හමුදාවේ සියලූ කොට්ටාශ ඒ සදහා කැපවීමෙන් සහ හැකි උපරිමයෙන් දායකත්වය ලබාදුන් නිසා බව.
 
ප‍්‍රශ්නය -
ප‍්‍රභාකරන්ගේ බාල දරුවා හමුදා ප‍්‍රහාර වලින් මියගිය බව වාර්තා වුනා?
 
 
පිළිතුර
මේ චෝදනාව මම තරයේම ප‍්‍රතික්ෂේප කරනවා.ශී‍්‍ර ලංකා යුද හමුදාවට එම දරුවා අල්ලා ගන්නට හැකිවූයේ නැහැ.මේක සාවද්‍ය චෝදනාවක්.
 
ප‍්‍රශ්නය -
මුළු තරුණ කාලයම එල්.ටී.ටී.ඊ ය සමග සටන් වැයකළ ඔබ අද යුද හමුදාවෙන් විශ‍්‍රාම ගොස් සිටිනවා.රටට සාමය උදා වෙලා.ඔබට දැන් කියන්නට ඇත්තේ කුමක්ද?
 
 
පිළිතුර
ඔව්.මම තිස් වසරක් තිස්සේ ඇදගෙන හිටපු පසුගිය සැප්තැම්බර් පස් වැනිදා ගලවා දැමුවා.මම නිවසට ගියේ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ අභිමානවත් සාමාජිකයෙක් හැටියට.පරාජිතයෙක් හැටියට විශ‍්‍රාම යන්න මට වුවමනාවක් තිබුණේ නැහැ.මම මගේ සිහිනය සැබෑ කරගෙන අවසන්.මගේ පවුල එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි දැන් මගේ වුවමනාව.
 
මම විතරක් නෙවෙයි.මා සමග සිටි සෑම නිලධාරියෙක්ම ඔවුන්ගේ තරුණ විය වැය කළේ එල්.ටී.ටී.ය සමග සටන් කරන්න.ඒ කැපකිරීම්, උත්සාහයන් නිසා අපට අවසානයේ සාමය දිනාගත හැකිවූවා.ඒ සාමය දිගටම පවත්වාගැනීම රටේ දේශපාලන නායකත්වයට හිමි වගකීමක්.අප සංහිදියාව ගැන කතා කරනවා.නමුත් ඇහුම්කන් දෙන්න, ඉඩම් බලතල ඉල්ලන අයට, බලය බෙදන්නට බල කරන අයට, පොලිස් හා අධිකරණ බලතල ලබාදෙන්නට කියන අයට, කිළිනොච්චි රෝහලේ අධ්‍යක්ෂකවරයා සිංහල ජාතිකයකු නිසා ඔහුව ඉවත් කරන ලෙස බල කරන අයට.ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළ පමණින් සංහිදියාවක් ඇති වන්නේ නැහැ.උතුරේ සාමයට බාධා පමුණුවමින් දැන් සිදුවෙමින තිබෙන දේවල් ගැන රජය ලැජ්ජා විය යුතුයි.මේවායේ අවදානම වටහාගෙන වහාම අවශ්‍ය පියවර ගන්න රජය කටයුතු කළ යුතුයි.
 
ප‍්‍රශ්නය -
එල්.ටී.ටී.ඊ ය නැවත නැගිටීවි යන්නද ඔබ අගවන්නේ?
 
 
පිළිතුර
උද්ගතව තිබෙන තත්ත්වය නිසි ලෙස හසුරුවා නැතිනම් එල්.ටී.ටී.ඊ යේ නැවත නැගිටීමක් බලාපොරොත්තු විය යුතුයි.හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 12000 කට ආසන්න සංඛ්‍යාවක් මේ සමාජයේම ජීවත් වනවා.ඉතාම විධිමත් පුනරුත්ථාපන වැඩපිළිවෙලකින් පසුව ඔවුන් සමාජගත කිරීම සිදුව ඇතත්, සියයට සියයක්ම ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවට සහතිකයක් දෙන්නට පුලූවන් කමක් නැහැ.අලූත් නායකත්වයකට ප‍්‍රභාකරන්ගේ තැනට එන්න කොහෙත්ම හැකියාවක් නැතත්, එල්.ටී.ටී.ඊ මතවාදය තවමත් නොනැසී පවතින නිසා සුදුසු අවස්ථාවක් හිමිවුවහොත් එල්.ටී.ටී.ඊ යට නැවත නැගී සිටින්නට පිළිවන්.අධිකරණ, ඉඩම් හා පොලිස් බලතල හිමිවූ පමණින් දෙමළ දේශපාලඥයින් සෑහීමකට පත්වනු ඇතිය කියා මා සිතන්නේ නැහැ.දෙමළ ජාතික සන්ධානයේ න්‍යාය පත‍්‍රයේ ඊළම හැරෙන්නට වෙන කිසිවක් නැහැ.

 ජ්‍යෙෂ්ඨත්වය ආයාසයකින් තොරව ලැබුනද...,ශ්‍රේෂ්ඨත්වය ලැබෙන්නේ කරනු ලබන ක්‍රියාවන් තුළින් ය. ජ්‍යෙෂ්ඨත්වය සේවා කාළයෙන් පසුව අවලංගු කාසියක් වන මුත්......, ශ්‍රේෂ්ඨත්වය රන් මෙන් සදාකාලිකවම බැබලේ..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.