ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 16, 2016

බුද්ධි නිලධාරීන්ට ඇප ඉල්ලා ඥාතීහු උද්ඝෝෂණයේ..!!!

දේශපාළුවන් ගේ වැඩිම රිමාන්ඩ් කාලය දින තිහක් උවද මේ රණ විරු පිරිස තවමත් අසාධාරණ ලෙසින් සිර කොට සිටිති....!!!ප්‍රගීත් එක්‌නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක්‌ බන්ධනාගාරගත කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඇප මත නිදහස්‌ කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් හා දූ දරුවන් ඇතුළු ඥාතීහු ඊයේ (15 දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.

"මව්බිම වෙනුවෙන් රණවිරුවෝ" නමැති සංවිධානය මගින් මෙය සංවිධානය කර තිබුණු අතර, මෙම උද්ඝෝෂණයට එම නිලධාරීන්ගේ කුඩා දූ දරුවෝ විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

රහස්‌ පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අසාධාරණකම් හමුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රාජකාරී කළ තම ස්‌වාමිපුරුෂයන් දිර්ඝ කාලයක සිට රිමාන්ඩ් භාරයේ සිටින බව ඔවුන්ගේ බිරින්දෑවරු හැඬූ කඳුළින් මාධ්‍යයට කියා සිටියහ.

මෙහිදී කරුණු හතකින් සමන්විත විශේෂ සංදේශයක්‌ අගමැති කාර්යාලය වෙත ගොස්‌ අගමැති වෙත භාරදීමට උද්ඝෝෂකයෝ සූදානම් වූහ. මෙය සංවිධානය කළ 'මව්බිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න  ඇතුළු උද්ඝෝෂණයට සහභාගිවී සිටි රණවිරු ඥාතීන්ගෙන් කිහිප දෙනකු උසස්‌ පොලිස්‌ නිලධාරියකු විසින් සංදේශය භාරදීම සඳහා අගමැති කාර්යාලය වෙත රැගෙන යනු ලැබීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.