දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා මේ ආණ්ඩුව කිලිනොච්චිය කොටි ත්‍රස්තවාදයෙන් මුදවාගෙන නන්දිකඩාල් කලපුව ආශ්රිත ප්‍රදේශයේදී කොටි නායක වෙළුපිල්ලේ ප්රභාකරන් විනාශ කිරීමට මුල් වූ යුද හමුදා 53වැනි සේනාංකයට, නායකත්වය දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරුවා සේවා දිගුවක් හෝ ලබා නොදී විශ්‍රාම ගන්වා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් පෙන්වා දෙයි.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී තමන්ට සහ සරත් වීරවංශට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවරා ඇති නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මෙසේ ද සඳහන් කළේය.
“යහපාලන ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ට හීලෑ නොවන සියලු දෙනා දඩයම් කරන්න. එහෙත් අපට අධිකරණය පිළිබඳව විශ්වාසයක් තිබෙනවා.
මේ මොහොතේදී රටේ උද්ගත වෙලා තිබෙන භයානක තත්වය පැහැදිලි කරන්න ඕනෙ. එත්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පැමිණ ‘ශ්‍රී ලංකාව තුළ රුවන්ඩාව තුළ මෙන් විශාල සමූහ මිනිස් ඝාතනයක් සිදුව ඇත’ කියලා කිව්වා. දැන් අෘණ්ඩුවේ ඇමතිවරු ඒ කතාව සාධාරණීකරණය කරන්න හදනවා.
නමුත් බැන් කී මූන් මේ එල්ල කරන්නේ යුද අපරාධ චෝදනාව නොවෙයිද?
ඒ විදියට විශේෂ අධිකරණ යාන්ත්‍රණ පිහිටුවීමට පෙරම බැන් කී මූන්ලා අපේ රණවිරුවන්ට යුද අපරාධයක් වන ‘සමූහ මිනිස් ඝාතනය’ නම් වූ චෝදනාව එල්ල කරමින් සිටිනවා. ඉතිං මේ යාන්ත්‍රණ මගින් අපේ රණවිරුවන්ට සාධාරණයක් අපෙක්ෂා කළ හැකිද?
ඒ වගේම මේ අෘණ්ඩුව රණවිරුවන්ගෙන් පලිගැනීම දිගින් දිගටම සිදු කරනවා. කිලිනොච්චිය කොටි ත්රත්සවාදයෙන් මුදවා ගෙන නන්දිකඩාල් කලපුව ආශ්රිත ප්‍රදේශයේදී වෙළුපිල්ලේ ප්රභාකරන් විනාශ කිරීමට මුල් වූ යුද හමුදා 53 වැනි සේනාංකයට, නායකත්වය දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරුවාගෙන් මේ ආණ්ඩුව පලිගත් ආකාරය ඉතාම නින්දිතයි. ඔහුට ඊළඟ උසස්වීම ලබා නොදී අවම වශයෙන් ඔහුට සේවා දිගුවක් හෝ ලබානොදී විශ්‍රාම ගැන්වීමට මේ යහපාලන ආණ්ඩුව කටයුතු කළා. ‘කමල් ගුණරත්න රණවිරුවාට මෙසේ සැලකුවේ අදටත් අන්ත ජාතිවාදී ක්‍රියාවල නිතරවන කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට නේද? කියා අපි ආණ්ඩුවෙන් අහනවා. කොටි ත්‍රස්තවාදය පැරදවීමට කැප වූ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට වසරක කාලයක් ගත වී තිබෙනවා. අපට නිදහසේ හුස්ම ගැනීමට ඉඩකඩ සලසා දුන් ඒ රණවිරුවන් අද වැලිකඩ සිරගෙදර සිරබත් කමින් දුක් විඳිනවා.
ඒ ආකාරයට රණවිරුවන් දඩයම් කරන ආණ්ඩුව එවැනිම දඩයමක් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන්ට එරෙහිව ද දියත්කර තිබෙනවා. මැලේසියාවේ ජීවත් වන කොටි ඩයස්පෝරාවේ සාමාජිකයන් මැලේසියානු ශ්‍රී ලංකා මහකොමසාරිස්ට මිලෙච්ඡ ලෙස පහර දෙන විට, හිටපු ජනාධිපති රාජපක්ෂට පහර දීමට තැත් කළ විට මේ ආණ්ඩුවේ එජාප මන්ත්‍රීවරුන්, ‘ඒක මහින්ද රාජපක්ෂගේ වරදක් නිසා සිදු වූවක්’ කියාල ඇඟ බේරා ගැනීමට හදනවා. ඒ නින්දිත උත්සාහය අපි දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා.
‘රණවිරුවන් හා අප වැනි හීලෑ නොවන දේශපානඥයන් දඩයම් කිරීමෙන් ඔබලාට ලැබෙන දෙයක් නැහැ. දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත්වීමයි සිදු වන්නේ’ කියා මේ ආණ්ඩුවට පෙන්වා දීමට කැමතියි.
ඒ නිසා ඒ මෝඩ වැඬේ අතහැරලා දැන්වත් ජනතාවට ලබාදුන්නු යහපාලන පොරොන්දු ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා.”
–
අනුරුද්ධ බණ්ඩාර
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, September 8, 2016
කමල් ගුණරත්න රණවිරුවාට සේවා දිගුවක් හෝ ලබා නොදී ගෙදර යැව්වේ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට..!!!
Posted by
lankanews
at
September 08, 2016
Labels: kamal gunarathna, lankanews, LTTE agenda, ltte attack, ranaviru, srilankan forces, yahapalanaya
කමල් ගුණරත්න රණවිරුවාට සේවා දිගුවක් හෝ ලබා නොදී ගෙදර යැව්වේ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට..!!!
2016-09-08T21:36:00+02:00
lankanews
kamal gunarathna|lankanews|LTTE agenda|ltte attack|ranaviru|srilankan forces|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
