අතීතයේ පටන්
භාවිතයට ගත් ඖෂධීය වටිනාකමකින් යුත් කුළු බඩුවක් ලෙස ඉගුරු සැලකිය හැකිය.
එහි විද්‍යාත්මක නාමය වනුයේ “සින්ගිබර් ඔෆිසිනේල්” ය. සගන්ධ තෙල් නිෂ්පාදනය
සදහා ද යොදා ගන්නා ඉගුරු මගින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රයෝජන බොහෝමයක් ඇත. එහි
ඇති ප්‍රයෝජන නිසා ම ආයුර්වේදයේ දී “වෛද්‍ය විද්‍යාවේ හදවත” ලෙස ද සලකයි.
01.ස්වසන ආබාධවලට ප්‍රතිකාරයකි.
මෙහි
ඇති ඇන්ටිහිස්ටමීන් ගුණය නිසා ආසාත්මිකතාවලට ප්‍රතිකාරයකි. එය ස්වසන
මාර්ගය ආශ්‍රිතව ඇති වන සොටු වෑස්සීම වලකයි. ඉගුරු ඉස්ම තේ හැන්දක් මී පැණි
සමග භාවිතයට ගත් විට නොනැවති පවතින කැස්ස හා උගුර වණ වීම් සුව වේ. නැවුම්
ඉගුරු ඉස්ම උළුහාල් සමග මිශ්‍ර කර ගත් මිශ්‍රණය ඇදුම රෝගයට ඔසුවකි.
02.ඔක්කාරයට හා වමනයට
ඉගුරු
සපා කෑමෙන් ඔක්කාරය හා වමනය නවතා ගත හැකි ය. සැත්කමකින් පසුව ඇති වන
වේදනාවට බලපෑමක් ඇති කිරීමට ද පුළුවන. විටමින් බී6 ඇති නිසා උදෑසන ඇති වන
වමනයට ද ප්‍රතිකාරයක් ලෙස ද ඉගුරු යොදා ගත හැකි ය. එමෙන් ම ගර්භනී
මවුවරුන්ට උදෑසන ඇති වන ඔක්කාරයට ද මනා ඖෂධයකි.
03.පාචනය අඩු කරයි.
ඉගුරු
මගින් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ දිරවීම හා අවශෝෂණය වැඩි කර ආහාර දිරවීම
පහසු කරවයි. එමෙන් ම ආහාරයේ අඩංගු ප්‍රෝටීන බිද හෙලීමටත් ආහාර ඡීර්ණ
පද්ධතියේ අන්ත්‍ර ස්රාවය ද උත්තේජනය කරයි.
04.ඔසප් වීමේ දී ඇති වන කෙන්ඩ පෙරලීම වලක්වයි.
ඔසප්
වීමේ ආරම්භක අවධියේ දී ම ඉගුරු ආහාරයට එකතු කර ගැනීමෙන් ඇති වන වේදනාවන්
අඩු කර ගත හැකි ය. දුඹුරු සීනි සමග ඉගුරු තේ පානය කිරීම මගින් ඔසප් වීමේ දී
ඇති වන කෙන්ඩ පෙරලීම වලක්වයි.
05.ඩිම්භ හා බඩවැල ආශ්රිත පිලිකාවලට ප්‍රතිකාරයකි.
ඉගුරුවල පවතින ඉහල ඇන්ටිඔක්සිඩන්ට් ගුණය නිසා පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් මෙන් ම නැවත ඇති වීමේ අවධානම ද අඩු කරයි.
විද්යාංඥයන්
පවත්වනු ලබන පරීක්ෂණ අනුව බඩවැල ආශ්රිත පිලිකා සෛල වර්ධනය වීම වැලැක්වීමේ
හැකියාවක් ඇත. එපමණක් නොව එම පිලිකා සෛල ප්‍රගුණනය හා ක්‍රියාකාරීත්වය
වලක්වයි.
06.ඉදිමුම් සහිත දැවිල්ල අඩු කරයි.
වේදනානාශක ගුණයක්
පවතින නිසා ඉගුරු දණහිස් අමාරුව(අස්ථි සන්ධි ප්‍රදාහය), රක්ත වර්ණ වී සන්ධි
ඉදිමීම හා සාමාන්‍ය මාංශ පේෂිවල වේදනාවන්ගෙන් පෙලෙන රෝගීන්ට ගුණදායක වේ.
ඉගුරු අඩංගු තෙල් ගැල්වීමෙන් සන්ධිවල වේදනාව අඩු කර ගත හැකි ය. ඊට අමතරව කහ
සමග ඉගුරු මිශ්‍රණය ද ඊට සුදුසු වේ.
07. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධවලට ප්‍රතිකාරයකි.
දියවැඩියා
රෝගය නිසා බොහෝමයක් රෝගීන්ට වැලදෙන රෝගයක් ලෙස වකුගඩු ආබාධය සැලකිය හැකි
ය. එම නිසාම දියවැඩියා රෝගීන්ට ග්ලූකෝස් මට්ටම අඩු වීමසදහා සෑම උදෑසනක ම
ඉගුරු ඉස්ම පානයට වෛද්‍යවරු උපදෙස් දෙති.
08.ආමාශය ආශ්රිත රෝගවලට
ඉගුරුවල
ඇති වාතනාශක ගුණය නිසා ආමාශයේ පිරවීම සුව කරයි. දිනකට දෙතුන් වතාවක් ඉගුරු
ඉස්ම භාවිතයෙන් එම ගතිය මග හරවා ගත හැකි ය. ඉගුරු ආමාශයේ දැවිල්ලට ද හොද
ප්‍රතිකර්මයකි. ඉගුරු තේ පානය මෙයට වඩාත් උචිත වේ.
09.තරුණ බව රැක ගැනීමට
ඉගුරුවල
ඇති ඇන්ටි-ඔක්සිඩන්ට් සංයුතිය මහලු පෙනුමට එරෙහිව ක්‍රියා කරයි. එමෙන් ම
සමේ ඇති විෂ බීජ ඉවත් කිරීමට ද සමට පෝෂණයක් ලබා දීමට ද ඉගුරුවලට හැකියාවක්
පවතී. ඇන්ටි-ඔක්සිඩන්ට් නිසා සමේ තාරුණ්යබාවය වැඩි කිරීමට ද පුළුවන.
10.පිලිස්සු ලප කැලැල් සුව කිරීම
ස්වාභාවික
ඉගුරු ඉස්ම මගින් පිලිස්සු නු තුවාලවල වේදනාව නැති කිරීමට ද එම ස්ථානයේ ලප
කැලැල් සුව කර ගැනීමට ද හැකි ය. එම කැලැල් මත ඉගුරු පෙති දිනකට තුන්
වතාවක් පමණ තැබීමෙන් සති 12ක් ඇතුලත එය සුව වේ. එමෙන්ම විෂබීජ නාශකයක් ලෙස ද
ක්‍රියා කරයි.
11.කෙස් වැඩීම වර්ධනය කරයි.
ආයුර්වේදයේ දී
බොහොමයක් ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම සදහා ඉගුරු භාවිතා කරයි. කෙස් වර්ධනය
උත්තේජනය කරයි. එමෙන් ම අකලට කෙස් වැටීම වලක්වයි. කෙස් අග පැලීම වලක්වයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, September 20, 2016
ඉගුරු ගැන මෙතෙක් අපි නොදැනහිටිය විශ්මිත දේවල් ...!!!
Posted by
lankanews
at
September 20, 2016
Labels: ginger, herbal plants, lankanews, sinhala medicines, traditional medicines srilanka
ඉගුරු ගැන මෙතෙක් අපි නොදැනහිටිය විශ්මිත දේවල් ...!!!
2016-09-20T23:11:00+02:00
lankanews
ginger|herbal plants|lankanews|sinhala medicines|traditional medicines srilanka|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
