යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උතුරේ අර්බුදයට පිළිගත හැකි ස්ථීර
දේශපාලන විසදුමක් ගෙන ඒම
සංහිදියාව වෙනුවෙන් වූ කාන්තා සංවිධානය වත්මන් දේශපාලනයයි කාන්තා දායකත්වයයි මැයෙන් ත්‍රිකුණාමලයේ දී පැවැත්වූ වැඩමුළුවකදී විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා දෙමළ ජාතික සන්ධානය පූර්ණ දායකත්වයක් ලබා දෙන බවත් එම ව්‍යවස්ථාවෙන් දීර්ඝ කාලයක පටන් විසදුම් හිමිනොවූ උතුරේ ජනවාර්ගික අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසදුමක් ගෙන ඒම සිය අරමුණ බවත් සම්බන්දන් කියා සිටියේය.
මෙතෙක් කලක් මෙරට ක්‍රියාත්මක කල කිසිදු ආණ්ඩුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙමළ ජනතාවගේ එකගතාව මත හෝ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සකස් නොකළ බව ද වත්මන් රජය මූලිකත්වය ගෙන සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු නොවන්නේ නම් එම ව්‍යවස්ථාවද ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම කීවේය.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රඥාප්තියට අනුව ජනතා මතයට ගරු නොකර කිසිදු ආණ්ඩුවක් ඉදිරියට යා නොහැකි බවද විපක්ෂනායකවරයා කීවේය.