ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 20, 2016

වස් තුන් මාසේ හැම රෑකම ගමටම කන්න දෙන “පන්සලේ දන්සල“

ඇසළ පොහෝ දිනයෙන් අරැඹුණූ අසිරිමත් වස්සාන කාලය බොදුනුවන්ට විශේෂ වූ කාල සීමාවකි. එකී

කාලය පුරාම අලංකාර වූ වත් පිළිවෙත් පිංකම් රැසක් රට පුරා විහාරස්ථානයන්හි ගිහි පැවිදි දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් සිදු කෙරෙයි. බුද්ධාලම්බන ප්‍රීතිය සිත්සතන් තුළ පුරවාලමින් සිදුකෙරෙන මේ පින්කම් මාලාවට මහඟු ආදර්ශයක් මෙන්ම ආශිර්වාදයක් ද සපයන පුණ්‍ය කටයුත්තකට සහභාගි වන්නට පසුගිය දිනෙක අපට ද අවස්ථාව ලැබිණි. ඒ වසර ගණනක් පුරා වස් පිංකම් මාලාවට සමගාමීව පැවැත්වෙන අපූරු බත් දන්සලකි.
ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුපිල ගම්මානයේ සියවසකට අධික ‍‍‍ඓතිහාසික වටිනාකමකින් යුත් ඉපැරැණිතම පුදබිමකි ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය. එහි වසර දහයකට ආසන්න කාලයක සිට පැවැත්වෙන මේ මහා බත් දන්සල නොකඩවා සිදුකෙරෙන්නේ විහාරස්ථානයේ වැඩවසන විහාරධිපති වැවගෙදර සීලක්ඛන්ධ හිමියන්ගේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් යුතුවයි.
වස් තෙමස නිමිත්තෙන් විහාරස්ථානයේ මල්පූජා හා අනෙකුත් පුණ්‍ය කටයුතු සඳහා පැමිණෙන සියලුම උවසු උවැසියන් වෙත රාත්‍රී බත් දන්සලක් පවත්වාගෙන යමින් විහාරස්ථායට පැමිණෙන කුඩා දරුවන්ගේ මෙන්ම උවැසි උවැසියන්ගේ ගතේ මෙන්ම සිතේ ද වෙහෙස නිවමින් මෙත් පහන්කරන්නට සමත් වන මේ පුණ්‍ය කටයුත්ත පිළිබඳ විහාරාධිපති ජූජ්‍ය වැවගෙදර සීලක්ඛන්ධ හිමියන් ඇතුළු පැමිණ සිටි බැතිමතුන් සමඟ අපි කතාබහ කළෙමු.
“මේ ගෙවෙන්නේ වස්සාන කාලය. මේ කාලෙට දින සියයක් මුළුල්ලේම සියලුම විහාරස්ථානවල හාමුදුරුවරුන් වස් වසනවා. එය තමයි බුද්ධ නියමය. මේ කාලය පුරාම පන්සල්වල උපාසක උපාසිකාවන් පුණ්‍ය කටයුතු සිදු කිරීමට, දානාදිය පිංකම් සඳහා පන්සලට පැමිණෙනවා. මල් පූජාවන් හා දන්සල් පවත්වනවා. ස්වාමීන් වහන්සේ එලෙස පැමිණෙන ගිහියන්ට ධර්මානුශාසනා පවත්වනවා. හැමදාමත් මේ දේවල් මේ විදිහට සිදුවෙනවා. ධර්මානුශාසනාව පමණක් නොවෙයි. ගිහියන් වෙනුවෙන් ඒ අනුශාසනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි. එනිසා මගේ සිතට නැඟුණු සිතුවිල්ලක් මත මේ ආකාරයට දන්සලක් දුන්නොත් හොඳයි යන යෝජනාව ඉදිරිපත් කළා. එදා සිට අද දක්වාම කිසිදු බාධාවකින් අපහසුතාවකින් තොරව මේ කටයුත්ත කර ගෙන යන්නට හැකිවෙලා තිබෙනවා. බත් දන්සල ආරම්භ කරලා දැන් වසර දහයකට පමණ ආසන්නයි. වස් කාලය පුරාම මෙවැනි දන්සලක් පවත්වාගෙන යෑම පහසු නැහැ. මුල් දිනවල විහාරස්ථානයට දානාදිය පිංකම් සඳහා ලැබුණු කෑම බීම එකතු කරලා විහාරස්ථානයට වැද පුදාගන්න එන කුඩා දරුවන්ට දන්සලක් පැවැත්තුවා. ඉතාම සුළුවෙන් තමයි මේ කටයුතු සිදු වුණේ. මෙය දිගටම කරගෙන යන්න තිබුණා නම් හොඳයි කියන දේ යෝජනා වු‍ණා. අද එය විශාල බත් දන්සලක් බවට පත් වෙලා තිබෙනවා. දිනකට හාල් කිලෝ විසිපහක තිහක පමණ බත් ප්‍රමාණයක් සකස් කරනවා. කොහොමත් රුපියල් අට දහසක පමණ වියදමක් දිනකට මේ වෙනුවෙන් පින්වතුන් වැය කරනවා. ඉතාම සාර්ථකව දින සියයකට වැඩි කාලයක් පුරාවට මේ පුණ්‍ය කටයුතු ඉටු කරගන්නට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවී තිබෙනවා” යැයි දන්සලේ ආරම්භය විස්තර කරමින් විහාරාධිපති වැවගෙදර සීලක්ඛන්ධ හිමියෝ පවසති.
දිනපතා සවස හය හමාර පමණ වන විට දන්සල ඇරැඹෙන අතර විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත්තු හාරසිසයකට වැඩි පිරිසක් මේ දන්සලෙන් ආහාර අනුභව කරති. ඉන් අනතුරුව සැදැහැවතුන් අටවිසි බුද්ධ පූජා පිංකම් මාලාවට සහභාගි වී ධර්මානුශාසනාව සහ සෙත්පිරිත් සජ්ඣායනාවට සහභාගිවීම සිදුවේ. ගම්වාසීන්ගේ මෙන්ම අවට ගම්මානයන් හී ගිහි පිරිස්ද, ගමේ ක්‍රියාත්මක වන සමිති සමාගම් ද මේ පුණ්‍ය කටයුත්තට තම මුල්‍යමය හා ශ්‍රම දායකත්වය සපයන්නේදැඩි කැපවීමකින් හා උද්යෝගයකින්බව අපට දක්නට ලැබිණී.
මේ පිළිබඳ විහාරස්ථානයේ දායකයකු වන ජාතික කෞතුකාගාරයේ සේවය කරන ආර්. ඒ. ඩී. කේ. රාමනායක මහතා අප සමඟ පැවසුවේ මෙවැන්නකි.
“උඩුපිල ගමේ මේ වන විට විහාරස්ථාන නවයක් පමණ ස්ථාපිත වී තිබෙනවා. ඒ සියල්ල අතරින් ඉපැරැණිතම විහාරස්ථානය මෙයයි. මෙහි සිදු වන වස් පිංකම් මාලාව සහ කථින මංගල්‍යය ඉතාම සංවිධානාත්මකව සැලැසුම් සහගතව විචිත්‍රවත්ව පවත්වන්නට අපිට හැකි වී තිබෙනවා. වෙනත් කිසිදු විහාරස්ථානයක දක්නට නොලැබෙන අන්දමේ පිංකම් මාලාවක් තමයි දිනපතා මේ පුදබිමේ සිදු වන්නේ. අපේ විහාරස්ථානයේ නායක හිමියන්ගේ සංකල්පයක් විහාරස්ථානයේ දායකයකන් හා ගම්වාසීන් එක්ව සැම දෙනාගේම උත්සාහයත් කැපවීමත් නිසා මේ තරම් කාලයක් පුරා පවත්වාගෙන එන්නට ලැබීම ගැන ලොකු සතුටක් හිතේ තිබෙනවා. දින සියයට අනූව බෙදන ලද සටහනක් සහිත පුවරුවක් විහාරස්ථානයේ ප්‍රදර්ශනය කර තිබෙනවා. එයට තමන් කැමැති දිනයක් වෙන් කර දන්සලක් පැවැත්වීමට ඕනෑම කෙනෙකුට බාර ගන්න පුළුවන්. මේ වන විටත් වස් කාලය අවසන් වන තෙක්ම දන්සල් දින සියල්ලම සැදැහැවතුන් පවත්වන්නට බාරගෙන ඉවරයි. බත්, ඉඳි ආප්ප, නූඩ්ල්ස්, තෝසේ වැනි ඕනෑම ආහාරයක් දන්සල බාර ගත් දායකයන්ට කැමති ආකාරයකින් සකසන්නට පුළුවන්. කාගේවත් බලපෑමක් නැහැ. මාළු පිණි දෙකක් හෝ තුනක් සමඟ බත් දන්සල පවත්වනවා. සාමාන්‍යයෙන් බත් තමයි වැඩි වශයෙන් දන්සලෙන් ලබා දෙන්නේ.” යැයි රාමනායක මහතා පවසයි.
මෙම විහාරස්ථානයට කුමන වේලාවක සැදැහැවතකු පැමිණියද විහාරධිපති හිමියන් ඔවුන්ගේ කුස ගිනි නිවන්නට පසුබට වන්නේ නැත. ඒ බව හිමිවරුන් වැඩ සිටින ආවාසගෙය ඉදිරිපිට ඇති දැව බංකුවේ නිරතුරුවම අසුන්ගෙන සිටින කුඩා දරුවන්, උපාසක උපාසිකාවන් එමතු නොව යාචකයින් පවා ගිමන් හරිමින් කුසගිනි නිවාගන්නා අන්දම දක්නට ලැබෙන සුලබ දර්ශනය සාක්ෂි දරයි.
වර්තමානයේ මෙම බත් දන්සල ආරම්භ වන්නේ ප්‍රථම දිනයේ විහාරස්ථානයට පැමිණෙන සැදැහැවතුනට මඤ්ඤොක්කා දන්සලක් පැවැත්වීමෙන් අනතුරුවය. මෙම දන්සල වෙනුවෙන්ම මඤ්ඤොක්කා හේනක් වගා කරන්නේ ගම්මානයේ වෙසෙන ගොවි මහතෙකි. ඔහු නමින් ඩබ්.ඒ.ඩී.ගුණසේනය. ඔහු පවසන අන්දමට ඔහු කල්යල් බලා මඤ්ඤොක්කා වගා කරන්නේ දන්සල ආරම්භ වන දිනයේම අස්වැන්න නෙළා සැදැහැවතුන් වෙනුවෙන් පවත්වනු ලබන දන්සලට පරිත්‍යාග කිරීමටයි.
“මම වසර හතක පමණ කාලයක සිටම මඤ්ඤොක්කා දන්සලක් පවත්වනවා. ඒ වෙනුවෙන් පර්චස් හතළිහක පමණ මඤ්ඤොක්කා වගා කර තිබෙනවා. ගෙදර අයත් මේ කටයුත්තට මට ලොකු සහායක් දෙනවා. දන්සල පැවැත්වීමෙන් පසුව ඉතිරිවෙන අස්වැන්න විකුණා යම් මුදලක් ගන්නවා. එයත් වෙන් වන්නේ පින්දහම් කටයුතුවලටයි. මේ විදිහට දන්සලක් පවත්වන විහාරස්ථානයක් ඇත් නම් සියනෑ කෝරලේටම මම දන්න විදිහට මේ විහාරස්ථානය විතරයි. ප්‍රදේශවාසින් විතරක් නොවෙයි මෙතැනින් යන එන අය පවා මේ දන්සලට එනවා. ඒ වගේම පන්සලේ කටයුතවලට උදව් උපකාර කරනවා. සමහර සැදැහැවතුන් නම් දන්සල සඳහා බත් මාළුපිනි ඉවුම් පිහුම් කරන්නේ පන්සලේ දිමයි. ඒ සඳහා අවශ්‍ය භාජන, දර, ජලය සියල්ලම පන්සලේ තිබෙනවා. ඒ වගේම මේ හැම දෙයටම පන්සලේ ස්වාමීන් වහන්සේත් උදව් උපකාර කරනවා.” ගුණසේන මහතා පවසයි.
මේ අතර දන්සල වෙත නිතරම පලතුරු රැගෙන පැමිණෙන නන්දපාල මහතාද පලතුරු කූඩා දෙකකුත් දෙඅතට ගෙන විහාරස්ථානයට ගොඩවැදිණි.
“ හැමදාම සඳුදා අගහරුවාදා වගේ දවස්වලට මම විහාරස්ථානයට පලතුරු අරගෙන එනවා. පැණි කොමඩු, කෙසෙල් ගෙඩි තමයි වැඩිපුරම රැගෙන එන්නේ. ඒවා බත් දන්සල අවසානයේ කුඩා දරුවන්ට හා උපාසක උපාසිකාවන්ට බෙදලා දෙනවා. ඉතාම භක්තියකින් තමයි මේ දේවල් සිදු කරන්නේ. ඉදිරියටත් මං මට පුළුවන් හැමදාකම පන්සලේ පවත්වන දන්සලට පලතුරු ගෙන එනවා.” නන්දපාල මහතා පවසන්නේ සිනහවකින් මුව සරසා ගෙනය.
දන්සල රිසිසේ බුක්තිවිඳින කුඩා දරුදැරියන් සමඟ කතාබහ කරන්නට ද අපි අමතක නොකළෙමු. ඔවුන් අතරින් එක් දරුවෙකු අප සමඟ පැවැසුවේ මෙවැන්නකි.
“දන්සලේ පෝලිමේ ඉඳලා බත් බෙදාගෙන බඩ පිරෙන්න බත් කාලා මල්වට්ටි, සුවඳ දුම්, පූජා කරලා බෝධිය ළඟට වෙලා බණ අහලා ගෙදර යන්න හැමදාම මම මෙතැනට එනවා.” කුඩා දරුවා පවසන්නේ සුරතලෙන් සිනාසෙමිනි.
සෑම දිනකම පාහේ විහාරස්ථානයේ සිදු කෙරෙන මේ පුණ්‍ය කටයුතු හේතුවෙන්ම විහාරස්ථානයට යන එන්නන් වෙත නිරතුරුවම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන බව ගැමියන්ගේ විශ්වාසයයි. පසුගිය වකවානුවේ විහාරස්ථානයේ සිදුකෙරුණු පින්කම් කටයුතු වලදී ගනු ලබූ ජායාරූපවල චෛත්‍ය රාජයා වටා නෙ‍ක නෙක වර්ණ රටාවන්ගෙන් සැදුම්ලත් ආලෝක කදම්භ දක්නට ලැබෙන බවත් තවත් වරක් බෝධීන් වහන්සේට ඉහළින් මුතු කුඩයක් ඉහලූ ආකාරයට වර්ණ රටා දිස් වූ බවත් දායකයෝ පවසති. එලෙසම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පිහිටා ඇති ‍‍‍ඓතිහාසික විෂ්ණු දෙවොල ද ගැමි ජනතාව අතර දැඩි භක්තියටත් විශ්වාසයටත් ලක් ව ඇත්තේ හාස්කම් සහිත දෙවොලක් නිසා බව පැවසේ. මරණ දණ්ඩනයට නියම වූවන් පවා භාරහාර වීමෙන් තම ජීවිත ගලවා ගත් පුවත් මෙහි ඉතිහාසයේ දැක්වේ. මෙම විහාරස්ථානයට ගොඩ වදින්නෙකුට දැකිය හැකි තවත් අපූර්ව නිර්මාණ රැසකි. ඒ විහාරාධිපති හිමියන් අතින් නිර්මාණය වූ අපූර්වත්වයෙන් යුතු ශෛලමය හා දැවමය කැටයම් රැසකි. පිළිම වහන්සේ සහ මල් ආසන, සඳකඩ පහණ ඒ අතර විශේෂය. ඇම්බැක්කේ දෙවොලේ වහලයට සමානව කරන ලද මල් ආසනයේ වහලය දුර්ලභ ලී කැටයම්වලින් අලංකෘතය. විහාරාධිපති හිමියන් අතින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ පනහකට අධිකය. මේ සෑම කටයුත්තක්ම සාර්ථක අන්දමින් සිදු කරගන්නට හැකි වී ඇත්තේ මේ පුදබිමේ ඇති පින්වත් බව නිසා බව සියල්ලන්ගේම විශ්වාසයයි.
ලොකු කුඩා, උසස් පහත්, කුල මල, පොහොසත් දුප්පත් භේදයකින් තොරව සැමටම පරිත්‍යාගය උගන්වමින් සමානාත්මතාව, සමගිය සමාදානය බෙදා හදා දෙමින් පවත්වනු ලබන මේ පුණ්‍යවන්ත දන්සල නිමාවට පත් වන්නේ අලංකාර වූ මල් වෙඩි සංදර්ශනයකින් අනතුරුවය. එය එකමුතුව කටයුතු කළ ගම්වැසියන් වෙන්ව යන විට නැගෙන සතුටු සිනා බඳුය.
 තුෂාරි නේරංජා වික්‍රමසිංහ
ජායාරූප- මහින්ද විතානච්චි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.