පොලිස්පති ධුරය පුජිත්ට අහිමි වෙයි…FCID ලොක්කා පොලිස්පති..!
වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසිය භාර අමාත්තයවරයා ලෙස තමන් කිසිසේත්ම සැහැහිමකට පත් නොවන බව සාගල රත්නායක පුල පුලා පවසා තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස්පති විමට පෙර කටින් කී තරම් දක්ෂයෙකු නොවන බවත් සියල්ලන්ටම වඩා ඔහු සිරිසේන අනුගාමිකයෙකු විම හේතුවෙන් රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විමේදි කලමැරිමේ ක්‍රියාවලියක නිරතවන බවද රනිල් පිළේ අදහස වි තිබේ.වත්මන් ආණ්ඩුවේ පැවැත්ම මුළුමනින්ම රඳා පවතිනුයේ FCIDයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් බවත් ඉදිරියේදි එය පුලුල් කිරිම සදහා රවි වෛද්‍යලංකාර වැනි තමන්ට අවනත අයෙකු පොලිස්පති ලෙස පත්කිරිම අතිශය වැදගත් බවයි එහිදි රනිල් පිළ පෙන්වා දි ඇත්තේ.
පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විමර්ශණයක් ක්‍රියාත්මක කරමින් තිබේන අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීවරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිසම නිර්දේශ කළ පසු පුජිත්ගේ හැසිරිම සහ පුජිත් සම්බන්ධයෙන් එල්ල වි තිබේන විවිධ දුෂණ චොදනා සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.