මේ තියෙන්නේ උතුරෙ දකුණේ මළ මිනී ගොඩගැහෙන්නේ නැති එකේ දුක... බස්
බෝම්බවලින් මිනිස්සු කෑලි කෑලි නොවෙන එකේ දුක... තමන්ගේ අණට අකීකරු වෙන
අහිංසක දෙමළ මිනිස්සුන්ව පණ පිටින් පුච්චන නල්ලමලේ විමුක්ති සංවිධානයක්
උතුරේ නැති එකේ දුක..
. ගෙවල්වලට පැනලා නොදරුවෝ පැහැරගෙන ගිහින් බෙල්ලේ සයනයිඩ් කරල් එල්ලන්න ප්රභාකරන් වගේ නිවට බයගුලු නායකයෙක් නැති එකේ දුක... කවියක් ලියලා ලාබෙට වීරයෙක් වෙන්න, බීගෙන විගඩම් දොඩවන ගමන් බයිට් එකට ගන්න මළමිනී නැති එකේ දුක... සැබෑ ජීවිතේදි අනිත් මිනිස්සු වෙනුවෙන් පාන් බාගෙක තරමේ කැප කිරීමක් නොකරන සෙවල කවියන්ට හරි ලේසියෙන් විමුක්තිකාමී ඇදුමක් දාගෙන කැමැත්තෙන් පිටුවහල් වෙන්න ක්රමයක් නැති එකේ දුක. ඔය දුකේ තරම අපිට තේරෙනවා. ලෝකෙ හැටි ඔහොම තමයි. හැමෝටම සාධාරණයක් වෙන විදිහට ලෝකෙ කිසිම ප්රශ්නයක් විසදන්න කවදාවත් බෑ. භයානක අපරාධකාරයෙකුට නීතියෙන් දඩුවම් දුන්නත් ඒකෙන් අසාධාරණයට ලක්වෙන කීපදෙනෙක් හරි ඉන්නවා. ඉතින් කොහොමද යුද්දෙ වගේ සංකීර්ණ ප්රශ්නයක් කාගෙවත් හිත නොරිදෙන විදිහට විසදන්නේ... සාමය පොදුවේ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම යහපතක් වුණාට ඒකෙන් අවතැන් වෙන කීපදෙනෙකුත් රටේ ඉන්නවා. ඒත් බය වෙන්න එපා. මේ යන විදිහට යහපාලනේ තව අවුරුද්දක් දෙකක් ඉස්සරහට ගියොත් ඔයාලට සතුටු වෙන්න පුළුවන් කාලයක් ඉක්මනින්ම ආපහු උදාවේවි.
ඉසුරු ප්රසංග