ආර්ථිකය දුවන්නේ රිම් එකෙන්දැයි ජනතාව ඇසුවේ නැත. එහෙත්
ආර්ථිකයේ රිම් එකද ඇදවී ඇති නිසා මේ වන විට ආර්ථිකය දුවන්නේ
පස්ස බිම ඇනගෙන බව කීවේ ආණ්ඩුවය. ජනතාවට අමුතුවෙන් යළි තදකර
ගන්නට දෙයක් ඉතිsරිව තිබුණේ නැත. එහෙත් ආණ්ඩුව රටේ ජනතාවට
පටි තද කර ගන්නට යෑයි කීවේය.
ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙහෙම අමාරුවක රට වැටෙන්නට නියමිත
බවක් කීSවේ නැත. ඒ දවස්වල කීවේ අපි බලයට පත්වූ පසු ආර්ථිකය
නිවැරැදි ලෙස කළමනාකරණය කර ජනතාව පිට පැටවී ඇති "බදු බර" අඩුකර
ජනතාවට සහන සලසන බවය. ජනතාවට මේ බව විශ්වාස කරන්නට ඕනෑතරම්
හේතු තිබිණි. එහෙත් ඒ කිසිදු බලාපොරොත්තුවක් ඇත්ත නොවන වග
තේරුණේ පස්සෙන් පහුය. බදු බර අඩුකර සහන සලසනවා යෑයි කීවේ
ජනතාවටද, තම කතිරයෙන් පත්කළ ජනතා නියෝජිතයාටද යන්න මේ වන විට
බරපතළ ගැටලුවක් වී තිබේ. කොටින්ම කීවොත් ජනතාවගේ ඡන්දයෙන්
පාර්ලිමේන්තුවටත්, පළාත් සභා, ප්‍රාදේශීය සභාවලටත් ගිය ජනතා
නියෝජිතයන්ට "කප්රුක" පහල වී තිබේ.
ජනාධිපතිවරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මැති
ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට නාස්තිකාර විදෙස් සංචාර නතර
කරන්නට යෑයි කියා තිබියදීත් (27 දා) මධ්‍යම පළාත් සභාවේ
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද, රාජ්‍ය නිලධාරීන්
කණ්ඩායමක්ද රුසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබිණි.
මේ සවාරියේ මුළු වියදම රුපියල් ලක්ෂ 650 ක් යෑයි වාර්තා වේ.
කණ්ඩායම් දෙකක් ලෙස මෙම රුසියානු සංචාරයට මන්ත්‍රීවරු පිරිස
එක්වීමට සූදානමින් සිsටියහ. ඉන් දෙවැනි කණ්ඩායම රුසියාවට
පිටත්ව යැමට සූදානමින් සිටියේ ලබන මස එනම් ඔක්තෝබර් මාසයේ 05
වැනිදාය. ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම දෙවැනි
කණ්ඩායමේ ගමන අත්හිටුවා තිබේ.
මේ පිටරට සවාරි යැම ගැන ගැටලු කිහිපයක් පැන නගී. ඉන්
පළමුවැන්න මේ සවාරිය සූදානම් කරන්නේ ආණ්ඩුව මෙන්ම මධ්‍යම
පළාත් සභාවද බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටියදීය.
දෙවැන්න අප පෙර සඳහන් කළ පරිදි ජනාධිපතිවරයා විදෙස් සංචාර
සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදීත් මේ සවාරිය
සූදානම් කළේ කෙසේද? යන්නය. තුන් වැන්න මේ හදිසියේ කණ්ඩායම්
පිsටින් යන්නට තරම් මේ සවාරියේ ඇති වැදගත්කම කවරක්ද යන්නය.
කවුරුන් කොහොම කීවත් පළාත් සභා මගින් පළාතේ සංවර්ධනය උදෙසා
දක්වන දායකත්වය සියයට සියයක් සාර්ථක යෑයි කිසිවෙකුටත් කිව
නොහැකිය. රට සංවර්ධනය වෙන වේගයට සමගාමීව පළාත් සංවර්ධනය වන
බවක් දකින්නට නැත. ඕනෑම පළාතක ගම් මට්ටමින් සංවර්ධනය නොවූ
පිළිසකර නොකළ පාලම්, බෝක්කු, මහා මාර්ග, ඕනෑ තරම්ය. හදනවා තබා
පටන් ගන්නවත් හිතා නැති දූවිලි, මඩ පිරුණු පාරවල්ද, වළවල්වලින්
පිරීගත් පාරවල්ද බොහෝය. පළාත් පාසල් සංවර්ධනය වෙනුවෙන් කළ යුතු
දෑ බොහෝය. මේවා ගැන අහන විට පළාත් සභාවල උදවිය කියන්නේ
ප්‍රතිපාදන මදි බවය. දැන් අපට අහන්නට වෙන්නේ එහෙමනම් රට
සවාරිවලට රුපිsයල් ලක්ෂ 650 ක් කොහෙන්ද යන්නය.
දිවයින කතුවැකියෙනී
පසුවදන
මේ ලියා ඇත්තේ ප්‍රසිද්ධියේ රටගිය පාහර ගස් බල්ලන් ගැනය නමුත් මාධ්‍යයට හොරෙන් සහ ජනතාවට හොරෙන් ඇස්වසා රටගිය ගස් බල්ලන් කොපමණද ....?
පසුගියදා ජෝන් අමරතුංග නම්වූ පාදඩයාද ,මෝංගලයාද ,මේ ආණ්ඩුවෙන් යැපෙන මහළු ඵකැස් චෞරිය ද ජනතා ඇස්වසා අධි සුඛෝපභෝගී යුරෝපීය සංචාරවල නිරත වුනී.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, October 3, 2016
ජනතා මුදලින් බල්ලෝ රට යති...!!!
2016-10-03T02:17:00+02:00
lankanews
abroad trips|Chandrika Kumaratunga|gay mangala samaraweera|john amarathunga|lanka politics|lankanews|new vehicles to politikko|politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
