ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල ඇපෑල සම්බන්ධයෙන් රජයේ විශේෂ පණිවිඩයක් දයාසිරි අමාත්‍යවරයා අතේ යවා ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.දුමින්ද ගලවා ගැනිමේ මෙහෙයුම පාර්ශ්ව දෙකකින් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර එක් පැත්තකින් රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාප කණ්ඩායමත් මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමත් මෙහෙයුමක් දියත්කර තිබේන අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ හිරූ මාධ්‍ය ජාලය රටේ ජනතාව කෙරෙහි ඇතිකරන බලපෑම බවයි අප වාර්තාකරු සදහන් කළේ.කෙසේ වෙතත් යූ.ඵන්.පී සිරිකොතේ මාස් පතා විශාල බරපැණ උසුලන කුඩු දුමින්දගේ සොහොයුරු මේ වන විටත් ඌ සතු මාධ්‍යයන් යොදා ගනිමින් යහපාලනයට සුදුහුණු ගෑම ආරම්භ කොට ඇත. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අවධානය යොමු වි ඇති අතර එ සම්බන්ධයෙන් අවස්ථා ගණනවකදි සාකච්ඡාද සිදුව තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවන් හැටියට දුමින්ද සිල්වා ඇතුළු 05දෙනකුට මරණ දඬුවම නියම වී ඇතත් නඩුව විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටුවේ මතය තුනෙන් දෙකක් වීම හේතුවෙන් දුමින්ද සිල්වාට මෙම ඇපෑල ඉදිරිපත් කිරීමේ ඉඩකඩ සකස් වී තිබුණි.
දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ඇපිල් එකක් හරහා වෙනස් වන බවත් ලැබුනු තින්දුව සම්බන්ධයෙන් කලබලයට පත් නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට පවසා තිබේ. දුමින්දට ලැබුනු තින්දුවෙන් පසුව රෙනෝ සිල්වා අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක සමග සිදුකල දුරකතන සංවාදයකින් පසුව මරණ දඩුවම හිමිවු රාත්‍රීයේම අගමැතිවරයා හමුවිමට අවස්ථාව ලබාදි තිබුන බව අප එදිනම වාර්තා කළා.
ශිරාන් ගුණරත්න රාජපක්ෂවාදියකු මෙන්ම මුදලට යට වී තීන්දු ප්‍රකාශයට පත් කර ඇති බවට චෝදනා කරමිනි. එමෙන්ම ඔහුගේ වත්කම්, බැංකු ගිණුම් ආදිය පරීක්ෂා කළ යුතු බවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවටද තින්දුව දිමත් සමගම එජාප හා සිරිසේන මඩ බලකාය ඔහු ඉලක්ක කර පහර දෙන්නට විය.
නමුත් ශිරාන් ගුණරත්න මේ මොහොතේ දී රාජපක්ෂවාදියකු ලෙස හැඳින්වීමට ඇතැමකු ඉක්මන් වී තිබුණ ද රාජපක්ෂ සමයේ දී ඔවුන්ගෙන් එල්ල වූ බලපෑම හමුවේ මෙරට අධිකරණ සේවය ගැන කලකිරී සිය පවුල පිටින්ම ඇමෙරිකාවේ පදිංචිය සඳහා ඔහු පිටත්ව ගිය අයෙකු බව එම මඩ ප්‍රහාර හමුවේ සිරිසේනට මෙන්ම රනිල්ටද යහපාලන නීතිඥයන් පෙන්වා දි තිබේ.