ඩෙන්මාර්කයත් දෙමළ ඊළම් රාජ්‍යය පිලි ගනියි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපය කිව්වා මාස හැටෙන් අළුත් රටක්
කියලා. මතක තියා ගන්න රට අළුත් කරන්න නොවේ ජන වරම ඉල්ලුවේ. අළුත් රටක්
හදන්නයි ජන වරම ඉල්ලුවේ. ඒ කියන්නේ ලෝක සිතියමට තවත් රටක් එකතුකරන්න.
ජනතාවත් පෙල සැදී ගිහින් අලියාට කතිරය ගැහුව්වා. තවම මාස හැටෙන් ගත වුණේ
මාස 13යි. මෙන්න ඒ අළුත් රට මතුවෙලා.මේ වෙනකොට ඩෙන්මාර්කයෙන් දෙමළ ඊලම වෙනම
රටක් විදිහට මතුවේ. ඩෙන්මාර්ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ලබා
දීමේ දී තමන් උපන් රට තෝරා ගන්න ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා. ඒ ලැයිස්තුවේ
තිබෙනවා දෙමළ ඊළම. මීට කලින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව
පැවැත් වූ විද්‍යුත් සංගණනයේ දී තමන් උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට
දෙමළ ඊළම ඇතුලත් කර තිබුණා. තානාපති කාර්යාලය කිසිම දෙයක් කලේ නෑ. ඒ රටේ
ජීවත් වන ලාංකික ජනතාවගේ බලවත් විරෝධය හමුවේ එය වෙනස් කරන්න ඔස්ට්‍රේලියානු
ආණ්ඩුව එකඟ වුණා. එම සංගණනයත් ඉවර වෙලා ලංකාව තුලත් මීට එරෙහිව විරෝධතා
ඇතිවෙද්දි තමයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිලිබදව සිය විරෝධය පළ
කලේ.පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ
ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල
කලේය.
ස්වාධීන රටක් බිහි වීමේ දී භූමියක් තිබීමට වඩා වැදගත් වන්නේ වෙනත් රටවල්
පිලි ගැනීමයි. පලස්තීනයට මෑතක් වන තුරු භූමියක් තිබුණේ නෑ. නමුත් ලෝකයේ
බහුතර රටවල් පිලිගත් නිසා එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය පාවා
තිබෙනවා.
තිබ්බතයටත් භූමියක් නැතත් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් පිලි අරන්
තිබෙනවා. අනිත් පැත්තෙන් තායිවානයට ශ්‍රී ලංකාවෙන් හරි අඩක පමණ භූමියක්
ඇතත් ලෝකය තවම පිලි අරන් නෑ. මේ පසුබිම හේතුවෙන් දෙමළ ඊලාම් සටන පැරදුනු
පසුව, රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් හරහා දෙමළ ඊළාම් රාජ්‍යය දිනා ගැනීම
සදහා 2010 දී දෙමළ බෙදුම්වාදින් වී රුද්රකුමාරන් අගමැති කරලා බිමක් නැති
රාජ්‍යයක් බිහි කළා. ඔවුන් එය හඳුන්වන්නේ Transnational Government of
Tamil Eelam හෙවත් ජාත්‍යන්තරව පැතිරුණු දෙමළ ඊලාම් ආණ්ඩුව ලෙසයි. ඔවුන්
තමන්ව පිලි ගන්නා මෙන් ලෝකය පුරා රාජ්‍ය තාන්ත්‍රික සටනක් දියත් කරලා
තිබෙන්නේ. මේ පිලිබඳ ශ්‍රී ලංකාණ්ඩුව නිවටව නිහඬව බලා සිටියොත් පිරබාහරන්
බාලසිංහම් දෙපලට බැරි වුණු දේ සම්බන්දන් – විග්නේශ්වරන් දෙබෑයෝ කරාවි.