එහි නියෝජ්‍ය නායක ක්‍රිඩා නියෝජ්‍ය ඇමති එච්.එම්.එම්. හරීස් ප්‍රකාශ කරන්නේ එම ඉල්ලීමට ඉටු නොකරන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
කල්මුනේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කය එහි මුස්ලිම් ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් බවත්, ඊට ප්‍රතිවිරුද්ධ මතවලට ඉඩ දි මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වල දැමීමට ඉඩ දිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කර තිබේ.නගරාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ එසේ නොකළ හොත් ව්‍යවස්ථා සංශෝධනයේදී විරුද්ධව තම ඡන්දය භාවිතා කරන බවයි.
එමෙන්ම බහුතරයක් දෙමළ බස කතා කරන මුස්ලිම් ජනතාව වෙසෙන අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජාතික පරිපාලන නිලධාරීන් පත්වීම අසාධාරණ බවත් ඔහු පවසයි.
නැගෙනහිර වෙනම මුස්ලිම් රාජ්‍යයක් සදහා මුස්ලිම් කොංග්රස් හිටපු නායක අශ්රොෆ් 2004 දී ඉදිරිපත් කළ කුප්‍රකට ඔලුවිල් ප්‍රකාශය පාදකව මුස්ලිම් කොංග්‍රසය විසින් අවස්ථා කිහිපයකදීම කල්මුණේ වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලීම පැවති රජයන්ට ඉදිරිපත් කර තිබිණි. පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේදී ද කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්ක ඉල්ලීම ඉදිරිපත් වුණ අතර හිටපු ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ශේප කිරීම නිසා මුස්ලිම් කොංග්රස් නායක රවූෆ් හකීම් යහපාලන රජය ගොඩනැගීමට සහය දක්වන ලදි.
සුදු ඉටිරෙදි වල ඔතලා
දෙපැත්තෙන් කට බැදලා
බිම දිගේ අහුරලා
මොනවද මේ.....?
"මල මිණී."
කාගෙ මල මිනීද...?
"මුස්ලිම් මිනිස්සුන්ගෙ.."
කොහේද මේ..? ඉරාකෙද..? සිරියාවෙද..? පාකිස්තානෙද...? බංගලාදේශෙද..?
"නෑ ලංකාවෙ... ලංකාවෙ නැගෙනහිර පලාතෙ.. කාත්තන්කුඩියෙ.."
ඔව්.
මේ උඹලගෙම උන්ගෙ මලමිනී..
මේ කතාව
අද උඹලට මතක නැති
උඹලගෙම කතාව.
ඒ 1990 අගෝස්තු තුන් වෙනිදා..
වෙලාව හැන්දෑවෙ හතට ඇති..
කාත්තන්කුඩියෙ අල් හුසේනියා පල්ලියට
ගොඩක් අය ඇවිත් උන්නා.
එදා හැන්දෑවෙ වේලටත් දෙවියන් වැදලාම ගෙදර යන්ට.
යාතිකාව පටන් ගත්තා..
යාතිකාවෙ බාගයක් කියන්ටත් කලින්
පල්ලිය එක පාරටම කලුවර උනා..
ලයිට් ගියා..
කලුවරේම තවත් කට්ටියක් පල්ලිය ඇතුලට ආවා..
තොප්පිත් දාගෙන සුදු ඇදගෙන ආවත්
උන් ඇවිත් තිබුනේ දෙවියන් වදින්ට නෙවෙයි...
උන්ගෙ අතේ මැෂින් තුවක්කු..
කලුවරේම ඒ මැෂින් තුවක්කු හැරුනු හැරුනු අතේ වෙඩි පත්තු කලා...
දෙවියන් වැද වැද උන්නු අය එකා පිට එකා මැරිල වැටුන..
මිනිස්සු මර බයේ යටිගිරියෙන් කෑ ගහනකොට
කොටි තවත් වෙඩි තිය තියා මහ හයියෙන් හිනා උනා..
විනාඩි ගානක් වෙඩි තියපු උන් පල්ලියෙන් එලියට පැන්න..
කලබල වෙලා දුවන්න හදන මුස්ලිම් මිනිස්සුන්ව ආයෙත් බෙල්ලෙන් අල්ලලා පල්ලිය ඇතුලට තල්ලු කලා..
ඊට පස්සෙ පල්ලිය ඇතුලට බෝම්බ දෙකක් දමා ගැහුවා..
ඊට පස්සෙ..
කොටි යන්න ගියා...
පල්ලිය ඇතුලේ මල මිනී එකසිය හතලිස් හතක්..
මුස්ලිම් අයගේ මල මිනිය ගෙනියන්න මිනී පෙට්ටිය එවන්නෙ පල්ලියෙන්..
ඒත් එදා...
පල්ලියට ඒ තරම් මිනී පෙට්ටි තිබුනෙ නෑ.
මිනී පෙට්ටි තියා මේ තරම් මිනී තියන්න පල්ලියෙ ඉඩ තිබුනෙත් නෑ..
සමහර විට එදා මේ විදිහට බිම තියපු මල මිනී අතරෙ උඹලගෙත් කවුරුහරිම ඉන්ට ඇති..
ඒත් අද උඹලට ඒවා මතක නෑ..
උඹලව මේ මරණ බයෙන් ගලවපු අපේ කොල්ලන්ට යුද අපරාධ කාරයෝ කිය කියා
උඹලගෙ නායකයො
උඹලගෙ උන්ව මරපු කොටි එක්ක එකතු වෙලා රටෙන් වෙනම කෑලි ඉල්ලන්නෙ ඒක වෙන්ටැති.