“11 වැනි විත්තිකරු වූ අරුමාදුර රොමෙලෝ දුමින්ද සිල්වා නැමැත්තා අනෙකුත්
විත්තිකරුවන්ට නායකත්වය ලබා දෙමින් අපරාධ ස්ථානයට ගමන් කළා. ඔහු දැනගන්න
ඕනෑ තමන්ටත් අවියක් සහිත පොලිස් නිලධාරීයෙක් සිටින බවත්, භාරත ලක්ෂ්මන්ටත්
අවි සහිත පොලිස් නිලධාරියෙක් සිටින බවත්
එසේම යම් ප්‍රශ්නයක් වුවහොත් තමන්ටද වෙඩි වදින බව දැනගත යුතුයි. භාරත
ලක්ෂ්මන් සහ මෙම විත්තිකරු අතර කාලයක සිට ආරවුලක් පැවැති බවට කරුණු අනාවරණය
වුණා. මටයි වෙඩි වැදුණේ කියන එක හේතුවක් නොවෙයි.” යැයි මහාධිකරණ විනිසුරු
පද්මිණී රණවක ගුණතිලක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළ
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබෙනවා.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඊයේ (08) පෙරවරු 10. 45ට පමණ ආරම්භ
වූ අතර, නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම නැරඹීම සඳහා අධිකරණය තුළ නීතිඥවරු
ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියා.
මෙම නඩු තීන්දුව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු
පද්මිණී රණවක ගුණතිලක මහත්මිය විසින් වන අතර ඇය සඳහන් කළ තීන්දුවේ මෙසේ
සඳහන්වුණා.
“විත්තියේ උගත් නීතිඥවරුන් ඉදිරිපත් කළ වැදගත් කරුණු වන්නේ එක
විත්තිකරුවකුගෙන් ප්‍රකාශ තුනක් හෝ හතරක් ලබා දී ඇතත්, ඒවා එකිනෙකට
පරස්පරය. මෙම පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණයට සාක්ෂි ලබාදීමේදී අධිකරණ
පිළිබඳ දැඩි විශ්වාසයක් ඇතිවූ බැවින් සිදුවූ නියම තත්ත්වය ප්‍රකාශ කළ බවත්,
යම් සාක්ෂි 11 වැනි විත්තිකරුගේ යම් යම් බලපෑම් මත ලබාදී ඇති බවට අධිකරණය
අවධානයට යොමු කළා.
එහෙත් අධිකරණයට ලබාදෙන ලද සාක්ෂිවල ඌනතා ඇති අතර, ඒවා පරස්පරයි. ඒ
කෙරෙහි විශේෂ අවධානය යොමු කර මෙම තීන්දුව සකස් කර ඇත. අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට ඒ ඒ සාක්ෂිකරුවන් ලබාදුන් ප්‍රකාශවල මානසිකත්වය හා බියවීම
මත ලබාදී ඇති බව සඳහන්. තීන්දුව සකස් කිරීම කෙරෙහි ඉන්දියානු නඩු තීන්දු
කිහිපයක් අදාළ කරගනු ලැබුවා. සාක්ෂි ආඥාපනතට අනුව ඡායාරූපගත කරන ආකාරය
සඳහන් වුණා. ඒ වගේම යම් යම් ප්‍රකාශ ලබාදීමේදී මතක නැති බව සඳහන් වුණා.
මෙහි චෝදනා අතර, 2011 ඔක්තෝබර් මස 08 දින ඡන්දය පැවැති දිනයක ගිනි අවි
භාවිත කරමින් සාපරාධී බිය ගැන්වීම, පොදු අරමුණක් සහිතව ක්‍රියා කිරීම,
කැරලි ගැසීම ආදිය 1 සිට 9 වන චෝදනාව දක්වා වැරදි සිදුකළ බවට අධිකරණයට පෙනී
යනවා. සියලුම විත්තිකරුවන් 11 වැනි විත්තිකරුගේ මූලිකත්වයෙන් තමිල්නාඩුවට
ගිය බවත්, රාජසිංහ විද්‍යාලය, රාහුල විද්‍යාලය සහ ප්‍රධාන අපරාධ ස්ථානයට
ගමන් කර ඇති බවත්, තරුණයකුට පහර දී ඇති බවත් අනාවරණය වෙයි.
පහර කෑ තරුණයාගේ අනන්‍යතාව හෙළිකර නැත. පසුව ඔහු සෝලංගාරච්චිගේ
ආධාරකරුවෙක් බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. රාජසිංහ විද්‍යාලය රාහුල විද්‍යාලය
අතර සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගය පවත්වමින් මෙය ඇති වූයේ 11 වන
විත්තිකරු සමග පැමිණි පිරිස අනෙක් හතර දෙනාට වෙඩි තැබූ බව පැහැදිලියි.
එසේම පතුරොම් 56 ක් අපරාධ ස්ථානයේ තිබී සොයා ගත්තා. එක පතරොමක් ගාමිණීගේ
පිස්තෝලය සමග සැසඳී ඇත. භාරත ලක්ෂ්මන් යන අයගේ තුවාල සලකා බැලීමේදී මරණය
සිදුකිරීමේ අදහසින් මෙය සිදුකළ බවත්, පැමිණිල්ල ඔප්පු කර ඇත. අහම්බෙන්
හමුවුවද, 11 වන විත්තිකරුගේ පෙර හැසිරීම් රටාව අනුව ඔවුන් දෙදෙනා දැඩි
අමනාපයෙන් සිට ඇත. ඒ අනුව අවස්ථාවෙන් මෙම ප්‍රයෝජනය ගෙන ඇත.
1, 3, 4, සහ 10 විත්තිකරුවන් 11 වැනි විත්තිකරු සමග සක්‍රීය දායකත්වය මේ
සඳහා දක්වා ඇත. 9 වන චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේදී ගාමිණී
නමැත්තාගේ මොළයට දැඩි ලෙස හානි සිදුවී ඇති බව ඔහුගේ වෛද්‍ය වාර්තාවල සඳහන්
වෙනවා. ඒ අනුව ගාමිණීට අමතකවීම ඇති බව එහි සදහන්. 11 වැනි විත්තිකරු ශ්‍රී
ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර තිබුණා. වෛද්‍ය ධනුෂ්ක ෂෙහාන් සිල්වා මහතා
විසින් 11 වැනි විත්තිකරු මද්‍යසාර ගෙන ඇති බව වාර්තා කර තිබුණා.
එම සටහන 0 (බිංදුව) ලෙසට වෙනස් කර ඇත. එසේ වෙනස් කර ඇත්තේ මද්‍යසාර
නොගෙන තිබූ බවට දැක්වීමටයි. එම සිදුවීම සිදුකර ඇත්තේ වෛද්‍ය වාර්තාව විකෘති
කිරීමටයි. මෙම සිද්ධිය සිදුවන විට මත්පැන් භාවිත කර සිටි බව දක්වා ඇත.
භාරත ලක්ෂ්මන් යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ඩබ්ලිව්. එස්.
ප්‍රනාන්දු විසින් එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ භාරත මහතා මත්පැන් පානය කර
නොමැති බවයි. ඒ මහතාගේ තුවාලය බෙල්ල පිටුපස සෙන්ටිමීටර් 1. 4ක ඕවලාකාර
තුවාලයක් වූ බවත්, හිසේ දකුණු පසේ දකුණු කනට ඉහළින් වූ තුවාලය නිසා මොළය
සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත්, එම නිසා සිහිය නැතිවී මරණය සිදුවූ බවත්
එහි සඳහන්.
11 වැනි විත්තිකරු නීතිවිරෝධී රැස්වීමක පොදු අරමුණක් ඇතිව හැසිරීම නිසා
භාරත ඇතුළු සිව්දනකු මිය ගිය බවට සඳහන් වුණා. එයට වගකිවයුත්තේ 11 වැනි
විත්තිකරුයි. අනෙකුත් විත්තිකරුවන් ඔහුගේ නායකත්වයෙන් කටයුතු කළ අයවලුන්ය. ඒ
අනුව මෙම දීර්ඝ නඩු තීන්දුව කෙටියෙන් ප්‍රකාශ කළා.
මෙම ඉදිරිපත් වූ කරුණු අනුව මෙම විත්තිකරුවන්ගෙන් හත් දෙනකු පළමු වැනි
චෝදනාවේ සිට 17 වැනි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලබනවා. එකී චෝදනා
පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීම සඳහා අපොහොසත් වී ඇති
බවට ඔප්පු වී ඇත.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා වූ මහාධිකරණ විනිසුරු
ශිරාන් ගුණරත්න විසින් ඔහුගේ තීන්දුව මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.
“සාක්ෂියක සෑම හරයක්ම විනිශ්චය කළ යුතුයි. සාක්ෂියක් ප්‍රතික්ෂේප කළ
අවස්ථාවක එය තවත් සාක්ෂියක් ලෙස භාවිත කළ නොහැක. සාක්ෂිකරුගේ ප්‍රකාශ
ප්‍රමාද වුවත්, එය ප්‍රතික්ෂේප කිරීමට බලයක් නැත. ප්‍රමාදයක් ඇති වූ විට
එකතු කර ගත හැකි කරුණු මත කට කතා සාවද්‍ය කරුණු ඇති බැවින් ඒ පිළිබඳව
අධිකරණය අවධානය යොමු කළ යුතුයි. සලකුණු කර ඇති ප්‍රධානම දේ සැලකිල්ලට
ගැනීමේදීම සාක්ෂිය සාධාරණ සැකයක් මතු කරයි. ඇසින් දුටු සාක්ෂිවලට බලපෑමක්
වේ යැයි ජීවිත හානි බියගැන්වීම් ඇති බවට ප්‍රකාශ නොකරයි.
සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී මරණීය තර්ජනයන් ඇති විට ප්‍රකාශයක් ලබා
දීමේදී තර්ජනය කළ දිනය ස්ථානය පිළිබද සාක්ෂි නොමැති බැවින් එය බැහැර කර ඇත.
1, 2, 3, 4, 5, 6, 7, 9 චෝදනාවලට අදාළව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් එකී
සාක්ෂි විමසුමට ලක් කර ඇත. තවත් සාක්ෂියක් සමග සැසදෙමින් පරස්පරතාව
සැලකිල්ලට ගෙන ඇත.
එහි පළමු චූදිත නීතිවිරෝධී රැස්වීමට දැනගෙන එකතුවූවාද එකී අරමුණ
සාක්ෂාත් කිරීමට එකතු වූවාද පොදු අරමුණ සිටියේ නම් එක් එක් චූදිතගේ
ක්රියාකළාපය අවධානයට යොමු කරමි. ඒ අනුව එකම ස්ථානයක පොදු චේතනාව යන
තත්ත්වය මත පුද්ගලයකු ඔහුට විරුද්ධව ඇති සාක්ෂි විමසීමේදී සාධාරණ සැකයක
වාසිය චූදිතට දිය යුතුයි. ඉහත නිරීක්ෂණයට අනුව 10, 11, 12,13, 13, 16 චෝදනා
සාක්ෂි විමසීමට ලක් කර ඇත.
පැමිණිල්ල 154 වගන්තිය අනුව ඉල්ලීමක් කර ඇත. ඒ අනුව සාක්ෂි මෙහෙයවා ඇත.
ලක්ෂ්මන් ප්‍රියන්ත දිසානායකගේ සාක්ෂි විමසුමට ලක්කර ඇත. 24 වගන්තිය යටතේ 3
වන සැකකරුගේ ප්‍රකාශ මත නිවාස වලින් අවි සොයාගෙන ඇත. එම අවි තුන්වැනි
විත්තිකරුගේ ඉඩම පරිශ්‍රයේ තිබී සොයා ගෙන ඇත. එය කුලියට ගත් නිවසක් බවට
අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් දිනයේ සිට භාණ්ඩ සොයා ගත් දින දක්වා
විමර්ශනයට අදාළව පැමිණිල්ල විසින් ස්වාධීන සාක්ෂි ඉදිරිපත් නොකිරීම අධිකරණය
අවධානයට යොමු කර ඇත.
විමර්ශනයක සාර්ථකත්වය අප්‍රමාදව කටයුතු කිරීම කාර්යක්ෂම කටයුතු කිරීම
විමර්ශන නිලධාරීන් පැමිණිල්ලේ විශ්වාසය යුතුය කටයුතු කළ යුතුයි. තුන්වැනි
විත්තිකරුගේ විමර්ශන ලෙස ඔහු අත්අඩංගුවට ගැනීමේදී සත්‍යතාවය හා සත්‍යතාවය
අතර සම්බන්ධය පිළිබඳව විමසීමේදී අත්අඩංගුවට පත්වූ ආකාරය සම්බන්ධයෙන් සැකයක්
මතුවේ. සාධාරණ සැකය යනු පැමිණිල්ලේ වාසිය නොව විත්තියේ වාසියයි. ඒ අනුව
සියලුම චූදිතයින් නිදොස් කොට නිදහස් කරමි.
අධිකරණයේ සියලු පහන් නිවා දමා, සියලු දෙනා නැගී සිටුවා අධිකරණය නිශ්ශබ්ද
කොට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලද සිය ආසනවලින් නැගී සිටිමින් සිය තීන්දුව
ප්‍රකාශයට පත්කරනු ලැබූවා.
ඒ අනුව, චෝදනා හතරක් සම්බන්ධයෙන් වරදකරුවන් කළ මෙම චූදිතයන් පස්දෙනා
කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ගොස් බිත්ති හතර තුළ රඳවා තබා ශ්‍රී ලංකා
ප්රජාතාන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විසින් නියම කරනු ලැබූ
දිනයක හා වේලාවකදී ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට විනිසුරුවරුන්
විසින් නියම කළා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, September 9, 2016
අධිකරණයේ සියලු විදුලි පහන් නිවා දමා ‘දුමින්දට මරණ දඬුවම දුන්’ සම්පූර්ණ නඩු තීන්දුව..!!!
2016-09-09T10:44:00+02:00
lankanews
Bharatha Lakshman|drugs dealer duminda silva|kudu duminda|kudu duminda silva kudu lalitha|lankanews|murder duminda|reynor silva|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
