පසුගියදා ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේදී එරට ශ්‍රී ලංකා තානාපතිවරයාට
සහර දීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව විරෝධය පල කල
පිරිස අතර මෑතකදී මෙරට අත්අඩංගුවෙන් නිදහස් කරන ලද අයක් සිටි බව හිටපු
මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් පවසයි.
ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් පැවසුවේ අදාල සිදුවීම්වලට සම්බන් වූ ‘කෙලෙයි මුහිලන්’ නම් පුද්ගලයා මෙරට ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටියදී රජය විසින් නිදහස් කරනු ලැබූ පුද්ගලයෙක් බවයි.