මිත්‍රශීලි විදෙස් ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ලෝකයේ හොඳ හිත දිනුවා
- ජනපති නිව්යෝර්ක්හිදී කියයි.
අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
එක්සත් ජාතීන්ගේ 71 වැනි සමුළුවට සහභාගිවෙද්දී වර්තමාන රජය බලයට පත්වී මාස 17 කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. පසුගිය වර්ෂයේ 70 වන සමුළුවට සහභාගි වෙද්දී විවිධ රටවල රාජ්‍ය නායකයන් අපි දිහා බැලුවේ ආධුනිකයන් විදිහට. ඒත් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා.
71 වැනි සමුළුවට අපි සහභාගි වෙද්දී ඇමරිකාව ප්රමුඛ හැම බලවත් රටක්ම ශ්‍රී ලංකාව දිහා බැලුවේ බොහොම සුහදශීලී සුබවාදී විදිහට. එය ශ්‍රී ලංකාවත් ජනතාවත් ලැබූ ලොකු ජයග්‍රහණයක්. එජා මහා මණ්ඩල සම්මේලනයේදී ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ගැන පැහැදිලි කිරීමක් කළා. ඒ වගේම මුළු ලෝකයටම මහත් ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම පිළිබඳව මැදිහත් වන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළා. එය මත්ද්‍රව්‍ය ජාවාරමට පාසල් දරුවන් යොමුවීම වැළැක්වීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන ලෙස මා ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළා.
රී ලංකාව බොහෝ රටවල් සමඟ මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අප උනන්දුවකින් කටයුතු කරනවා. ලබන සතියේ රටවල් ගණනාවකින් මට ආරාධනා ලැබී තිබෙනවා සංචාරයන් සඳහා පැමිණෙන ලෙස. ලබන මාසයේ තායිලන්තය හා ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලැබී තිබෙන ආරාධනා ලබන වසර දක්වා කල් තබා ගැනීමට කටයුතු කළා. ඒ වගේම ඔස්ටේ්රලියාව, මලයාසියාව ඇතුළු තවත් රටවල් කීපයකින් ආරාධනා ලැබී තිබෙනවා. මේ ආරාධනා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ලැබෙන්නේ වර්තමානයේ අප ගෙන යන මිත්‍රශීලී වැඩපිළිවෙළ නිසයි.