යාපනේ විරෝධතා !ඵකදු ජාතික ධජයක් නොමැතිව සංවිධානය කොට තිබූ මෙම සිංහලයන්ට සහ ලංකාවට ඵරෙහිව කළ දෙමළ උද්ඝෝෂණයේ තැනින් තැන අසරණ අයුරින් හීලෑ පොලිස් යොදවා තිබුණේ ඉතා බාල්දු ලෙසිණී.අපේ සිංහලයන් දේශපාලන පක්ෂ
පාටින් බෙදී කා කොටා ගනිද්දී මේ සුළු ජන කොට්ඨාශයන් තම ජාතිය වෙනුවෙන් නැගී සිටීම පිළිබඳව සිතා බැලිය යුතුය.
දෙමළ මහජන සභාව සහ දමිළ ජාතික දේශාපලන පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කළ
“දෙමළ ජනතාවනි නැගිටිව්“ හෙවත් එළුග තමිල් විරෝධතා වැඩසටහන් උතුරේ ස්ථාන
කිහිපයකදී අද පෙරවරුවේ ආරම්භ විනි.එහි ප්‍රධාන වැඩසටහන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර කිතුණු පූජකවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එයට සහභාගී වී සිටියහ.
උතුරේ අලුතෙන් සිංහල ජනාවාස ඉදිකිරීම නැවැත්වීම, උතුරේ බුදු පිළිම සහ බුදු මැදුරු ස්ථාපනය කිරීම නැවැත්වීම, උතුරෙන් හමුදා කදවුරු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් මූලික කරගනිමින් එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.(එම විරෝධතාවයේ සජීවී වීඩියෝව පහතින් දැක්වේ)
විරෝධතාවයට සහය දක්වමින් යාපනය නගරයේ සහ නගරයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙන අතර සියළු කඩ සාප්පු වසා දමා තිබෙන බවද වාර්තා වේ.(එම විරෝධතාවයේ සජීවී වීඩියෝව පහතින් දැක්වේ)