යුද රහස් ඇතොත් මා සමගම වැලලෙයි.. මා තුට්ටු දෙකේ මිනිසෙකු නොවෙයි..තමන් විසින් මෑතකදී එලිදක්වන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’පොත මගින් කිසිදු යුද රහසක් හෙළිකර නැති බවත් තමන් එවන් තුට්ටු දෙකේ මිනිසෙකු නොවන බවත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ ඇතැමුන් පොත් ලියා යුද රහස් හෙළි කර ඇතැයි ඇමති වළත්ත කළවැද්දා විසින් කරනු ලැබූ චෝදනාවට ප්රතිචාර දක්වමිනි.තමන් යුද රහස් හෙළි කරන හමුදා සෙබලෙක් නොවන බවද කී ඔහු යුද රහස් ඇත්තේ නම් තමන් මිය යද්දී ඒවාද වැළලී යනු ඇති බවයි.