ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 4, 2016

ඇන්දවිල්ලක තරම....!!! ඇට අට, තුනයි පනහේ පාන් ,රත්තරන් බ්‍රේස්ලට්,වයි.ෆයි ,ඇන්දිල්ලේ තවත් ඵකක්....!!!

ජුනි 25 වැනිදා කුලියාපිටියේදී පැවති උත්සව සභාවක්‌ අමතමින් අගමැති රනිල්  කියා සිටියේ ජර්මානු ෆොක්‌ස්‌වැගන් සමාගම අගෝස්‌තු මාසයේ සිට මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන බවය. අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම්  ජූලි මස 15 වැනිදා කියා සිටියේ කුලියාපිටිය ෆොක්‌ස්‌වැගන් කර්මාන්ත ශාලාවට සැප්තැම්බර් මුල් සතියේ මුල්ගල් තබන බවය.
ෆොක්‌ස්‌වැගන් සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරන බව කියමින් ෆොක්‌ස්‌වැගන් මෙරටට බලයලත් ආනයනකරු වන සෙනොක්‌ ඔටෝමොබයිල් සමාගමේ සභාපති මනෝ සෙල්වනායගම්  සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ සභාපති උපුල් ජයසූරිය  ආයෝජන මණ්‌ඩලය ගිවිසුම් ගත වූයේ අගෝස්‌තු මාසයේ 14 වැනිදාය. ඇමෙරිකානු ඩොලර් මිලියන 26.5 ක ආයෝජනයක්‌ සිදුකරමින් කුලියාපිටියේ අක්‌කර 30 ක භූමිභාගයක මෝටර් රථ එකලස්‌ කිරීමේ කම්හලක්‌ ඉදිකිරීමට හා එමගින් රැකියා අවස්‌ථා 200 ක්‌ පමණ නිර්මාණය වනු ඇති බවටද මෙම ගිවිසුමෙන් අපේක්‌ෂා කර තිබුණි.
ඒ සියල්ල මැතිවරණ පොරොන්දුවකට ලඝූ කරමින් තමන් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා නොපැමිණෙන බව ෆොක්‌ස්‌වැගන් විසින් ප්‍රකාශ කරන ලද බව මාධ්‍ය පසුගියදා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ෆොක්‌ස්‌වැගන් කම්හලක්‌ පිහිටුවීම සඳහා යෝජිත වී තිබූ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න  පවසා තිබුණේ අද දෙරණ පුවත් නාලිකාව හා පැවති සම්මුඛ සකච්ඡාවකදීය.

 ව්‍යාපෘතිය අත්හිටුවන බව කිවේ ආණ්‌ඩුවේම ඇමැතිවරයෙක්‌...
ජර්මනියේ මව් කර්මාන්තශාලාවත් අර්බුදයක...
"අඩු මිල කාර්" තවදුරටත් සිහිනයක්‌...?



හිට්‌ලර්ගේ ස්‌වස්‌තික ලකුණ සමග ඈදුනු පලවෙනි ෆොක්‌ස්‌වැගන් ලකුණ



උදය ගම්මන්පිල - ඔබගේ ආණ්‌ඩුව ෆොක්‌ස්‌වැගන් මෙරටට ගේනවා කිව්වේ පසුගිය ජූලි මාසේ. වංචනික, පරිසර දූෂණ සමාගමක්‌ බවට මෙම සමාගම නම්කරල තියෙන බව ඔබතුමන්ලා දැනගෙන හිටියාද....?

මලික්‌ සමරවික්‍රම - ඔව්.

උදය ගම්මන්පිල - මෙම සමාගමේ පසුගිය වසර තුළ ලෝක ඉල්ලුම බරපතළ ලෙස කඩාවැටෙන බවට වාතාවරණයක්‌ ගොඩනැඟී තිබෙන බව ඔබ දන්නවාද?

මලික්‌ සමරවික්‍රම - මම එච්චර දන්නේ නැහැ.

මලික්‌ සමරවික්‍රමගේ පිළිතුරට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට පිළිතුරු දෙන්නට පටන් ගත්තේ යහපාලන ආණ්‌ඩුවට හංසයා ලකුණ සේම ෆොක්‌ස්‌වැගන් ලකුණද ඒ වන විට ඇලවී තිබූ නිසා විය හැකිය.

"ෆොක්‌ස්‌වැගන් සමාගම ආවේ 2015 නෙමෙයි. ඊට ඉස්‌සෙල්ලාත් ආවා. ඒ පාර ඇහුවා ඩොලර් මිලියන 5 ක්‌ දෙන්න කියලා මේක අනුමත කරන්න. ෆොක්‌ස්‌වැගන් සමාගම කඩාවැටිලා නැහැ. ඒ සමාගම වැරැද්දක්‌ කරලා තියෙන කොට ජර්මන් රජය ඒකට දඬුවම් කරලා තියෙනවා."

"අපි මේ කර්මාන්ත ශාලාව ගේන්නේ කුරුණෑගලට. ඒක නියෝජනය කරන මහින්ද රාජපක්‌ෂ ගේ අයට රැකියා දෙන්න. ඇයි... ඒකට විරුද්ධද...?" යනුවෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගෙන් අග්‍රමාත්‍යවරයා පෙරළා විමසා සිටියේය.

සාමාන්‍ය ජනතාවට අඩු මිලට හොඳ වාහනයක්‌ ලබාදීම සඳහා යහපාලන ආණ්‌ඩුව විසින් ෆොක්‌ස්‌වැගන් සමාගම ලංකාවට ගෙන්වන්නට උත්සාහ කළා සේම ෆොක්‌ස්‌වැගන් ඉපදුණේද සාමාන්‍ය ජනතාවගේ වාහන සිහිනය වෙනුවෙන්මය.

"ලොව උසස්‌ම ජාතිය බවට පත් ජර්මන් ජාතියත්, ජර්මන් කම්කරුවා ලොව කම්කරු ජනයා අතර උසස්‌ම කම්කරුවා බවටත් පත්විය යුතුය. සෑම කම්කරුවෙකු ළඟටම මෝටර් රථයක හිමිකරුවෙකු වීමට අයිතියක්‌ තිබේ. ලොව අනිකුත් කම්කරුවන්ට ප්‍රථම ජර්මන් ජාතික කම්කරුවා හට මේ තත්ත්වය උදාකර දිය යුතුය" යනුවෙන්  හිට්‌ලර් ප්‍රකාශ කළ බව, ඔහුගේ පුද්ගලික ඡායාරූප ශිල්පී හොප්මන් විසින් රචිත "මාගේ මිත්‍ර හිට්‌ලර්" නම් ග්‍රන්ථයේ විස්‌තර කර තිබේ.

ජර්මනියේ කම්කරුවා ගැන හිට්‌ලර් දුටු ඒ සිහිනයේ ප්‍රතිඵලය වන්නේ ෆොක්‌ස්‌වැගන් බීටල් මොඩලයේ කාර් රථය එළි දැක්‌වීමයි.

පළමුවැනි ලෝක යුද්ධයෙන් අඩියටම වැටීසිටි ජර්මන් දේශයට නැඟීසිටීම අසීරු කාර්යයක්‌ වන්නේ තම ආර්ථික වර්ධනය පමණක්‌ නොව තමන් උපයන ධනයෙන් පළමු ලෝක යුද්ධයෙන් ජයග්‍රහණය කළ ජාතීන්ට වන්දි ලබා දීමටද සිදු වූ නිසාය. මේ කාලයේදී උතුරු ඇමරිකානු හා යුරෝපානු රටවල ජනතාව සැප ජීවිත ගත කරද්දී ජර්මනියේ ජනතාව ගත කරන ලද්දේ සාපේක්‌ෂව දුෂ්කර ජීවිතයකි. අඩු මිලක්‌ සහිත වාහනයක්‌ නිෂ්පාදනය කළ යුතු බවට හිට්‌ලර් තීරණය කරන්නේ විඳවමින් සිටි දුෂ්කරතාවයෙන් ජර්මන් ජනතාවට යම් සැනසීමක්‌ අත් කර දෙන්නටය.

වතුර නොමැතිව වාතයෙන් සිසිල් කළ හැකි ආකාරයෙන් සකස්‌ විය යුතු ලෙසත්, ධාවනයේදී වාතයෙන් එන ප්‍රතිරෝධය අවම වන හැඩයෙන් යුතු වන ලෙසත්, නව ජනතා රථය නිපදවන ලෙස හිට්‌ලර්ගෙන් අණ ලැබී තිබුණි. ඒ සියල්ල සමග බොඩිය හා චැසිය ලෙස කොටස්‌ දෙකකට වෙන් කළ හැකි ලෙසත්, කුරුමිණියකුගේ හැඩයෙන් යුක්‌තවත් ෆොක්‌ස්‌වැගන් රථය නිෂ්පාදනය කෙරුණි.

එන්ජිම වාහනයේ පිටුපස සවිකොට තිබීම සහ ඇණ හතරකින් පහසුවෙන් ගැලවිය හැකි ලෙස නිමවා තිබූ බීට්‌ල් මොඩල් ෆොක්‌ස්‌වැගන් කාරය සරල නිමාවකින් යුක්‌ත වූවක්‌ විය. පොදුජන වාහනය හෙවත් ගැමි වාහනය යන අරුතෙන් එය ෆොක්‌ස්‌වැගන් (volkwagen) විය. ජර්මන් භාෂාවේ V අකුර සඳහා යෙදෙන්නේ ඉංගී්‍රසි F අකුරේ ශබ්දයය. උපතින් එහි නම ෆොක්‌ස්‌වැගන් වුවත් ජර්මන් සහ ඉංගී්‍රසි අක්‌ෂර සමාන බැවින් එම ජර්මන් නම ඉංගී්‍රසි වචනයක්‌ ලෙස කියවන බොහෝ දෙනෙකු වොක්‌ස්‌වැගන් ලෙස තවමත් එය හඳුන්වනු ලබයි.

1938 මැයි මාසයේදී ජර්මනියේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හිට්‌ලර් දුටු සිහිනය සැබෑ කරමින් ෆොක්‌ස්‌වැගන් කර්මාන්ත ශාලාව විවෘත විය. වහළ නිරාවරණය කළ ප්‍රථම බීට්‌ල් ෆොaක්‌ස්‌වැගන් රථයේ මංගල ගමනට හිට්‌ලර් එදින එක්‌ විය.

මුල් කාලයේ හිට්‌ලර්ගේ මුද්‍රdව වූ ස්‌වස්‌තික සලකුණත් සමග ෆොක්‌ස්‌වැගන් ලකුණ සමන්විත වූ අතර පසුව "Volkswagan" යන වචනයේ V හා W අකුරු දෙක එක්‌කොට තැනූ ලාංඡනයක්‌ හඳුන්වා දෙනු ලැබීය.

ක්‍රමයෙන් ජර්මනිය මෝටර් රථ නිෂ්පාදනය අතින් ලොව තෙවැනි තැනට පත්විය. ඇමෙරිකාව හා එංගලන්තය ජර්මනියට ඉදිරියෙන් සිටියහ. අනාගතයේ මෝටර් රථ හිමිකරුවෙකු වීමට මාස්‌පතා සෑම කම්කරුවෙකුගෙන්ම වැටුපෙන් කොටසක්‌ කපා ගැනීම සිදු විය. නොබෝ කලකින් දෙවැනි ලෝක යුද්ධයත් ආරම්භ විය. යුද්ධයෙන් ජයගෙන ලොව සියලුම ජාතීන් තම අණසකට යටත් කොටගෙන තම පොරොන්දු සපුරාලන බව පැවසූ හිට්‌ලර් කම්කරුවන්ගෙන් කපාගත් මුදලද යුද්ධය සඳහා වැය කළේය. 1945 දී ජර්මනිය කොන්දේසි විරහිතව යටත් වූයේ පරාජයේ ධජය අත දරාය. ලෝක යුද්ධයේ අතුරු ඵලයක්‌ ලෙස ෆොaක්‌ස්‌වැගන් කම්හලෙන් 75% ක්‌ පමණ විනාශ වී ගොස්‌ තිබිණි.

1948 දී කර්මාන්තයට නව පණක්‌ ලබාදෙමින් 48 වැනි වියේ පසුවූ "හෙන්ස්‌ නෝර්ඩ්පොප්" නමැති ඉංජිනේරුවා මෙම කර්මාන්ත ශාලාවේ ප්‍රධානියා බවට පත්විය. ඔහු මෙම ධුරයට පත්වන විට ෆොක්‌ස්‌වැගන් කාර්යාලය මීයන්ගෙන් පිරී තිබුණු කිසිම පිළිවෙළක්‌ නැති ස්‌ථානයක්‌ විය. කාලය, ශක්‌තිය. දැනීම යොදවා සමාගම නැංවීම අරමුණු කොටගත් ඔහු මුල් කාලයේ නිදා ගත්තේ කන්තෝරුවේ බූරු ඇඳක්‌ මතය.

1949 වසරේදී ෆොක්‌ස්‌වැගන් විසින් මෝටර් රථ 4600 ක්‌ නිපදවූ අතර 1951 වනවිට එය ලක්‌ෂය ඉක්‌මවීය. ජර්මනියේ පමණක්‌ ෆොක්‌ස්‌වැගන් අලෙවි කොට තම අරමුණු ඉෂ්ට කරගත නොහැකි බව දැනගත් සමාගම කාර් අපනයනය සඳහා යොමු විය.

1953 දී ෆොක්‌ස්‌වැගන් බ්‍රිතාන්‍යයේ අලෙවිය ඇරඹිණ. එම වසරේදී නෝර්ඩ් පොප් ඇමෙරිකාවට සේන්දු වූයේ මෝටර් රථ අලවිය පිළිබඳව තතු විමසා බැලීමටයි. ඔහුගේ උපදේශකයන්ගේ අදහස වූයේ එය කිසිම දිනක සාර්ථක නොවන බවයි. වසරකට අඩුම තරමින් මෝටර් රථ 800 ක්‌ අලෙවි කිරීම ඔහුගේ ප්‍රයත්නය විය. වෙළෙඳ උපායන්ගේ දක්‌ෂ ඇමෙරිකානුවන් කීප දෙනෙකු යොදවා ෆොක්‌ස්‌වැගන් රථ ඇමෙරිකානු මාර්ගවල ධාවනයට එක්‌ කළේය. ක්‍රමයෙන් ඇමෙරිකානුවන්ගේ අවධානය ෆොක්‌ස්‌වැගන් බීට්‌ල් රථය වෙතට යොමුවිය.

මේ අපූරු වාහනය ලංකාවාසීන් හට දකින්නට ලැබුණේ 1953 වර්ෂයේදීය. කොළඹ වරායේ සිට යුනියන් පෙදෙසේ පිහිටා තිබූ ප්‍රදර්ශනාගාරය වෙත ගෙන එනු ලැබූ ප්‍රථම ෆොක්‌ස්‌වැගන් වාහනය විරාජමානව පැමිණියේ රථ පෙරහැරක්‌ සහ අශ්වයන් 14 දෙනෙකුගේ පිට නැඟී සුරූපී ජර්මන් තරුණියන්ද, ජර්මන් වාදක මණ්‌ඩලයක්‌ ද, ජර්මන් සර්කස්‌ කණ්‌ඩායමක්‌ ද සමඟය.

2011 වන විට ලොව වැඩිපුරම අලෙවි වී ඇති වාහන මොඩල 10 අතුරින් ෆොක්‌ස්‌වැගන් බීට්‌ල් රථයට 4 වැනි ස්‌ථානය හිමි විය. මෙහිදී තවත් එක්‌ තැන වැදගත් වන කරුණක්‌ වන්නේ ලොව වැඩිපුරම අලෙවි වූ වාහන මොඩල 10 අතුරින් 3 ක්‌ ම ෆොක්‌ස්‌වැගන් රථ වීමයි. අවුඩි, බෙන්ට්‌ලී, බුගාටි, ලම්බෝගිනි, පෝෂ්, සියට්‌ සහ ස්‌කෝඩා වැනි දැවැන්ත මෝටර් වාහන නිෂ්පාදන සමාගම් අයත් වන්නේ ෆොක්‌ස්‌වැගන් සමූහ ව්‍යාපාරයටය. මෙම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා ලෝකයේ බොහෝ රටවල පිහිටා ඇත. නිෂ්පාදකයින් අතර තුන්වැනි ස්‌ථානය ෆොක්‌ස්‌වැගන් සමාගමට හිමිය.

ජුනි 25 වැනිදා කුලියාපිටියේදී පැවති උත්සව සභාවක්‌ අමතමින් අගමැති රනිල්  කියා සිටියේ ජර්මානු ෆොක්‌ස්‌වැගන් සමාගම අගෝස්‌තු මාසයේ සිට මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන බවය. අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම්  ජූලි මස 15 වැනිදා කියා සිටියේ කුලියාපිටිය ෆොක්‌ස්‌වැගන් කර්මාන්ත ශාලාවට සැප්තැම්බර් මුල් සතියේ මුල්ගල් තබන බවය.

ෆොක්‌ස්‌වැගන් සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරන බව කියමින් ෆොක්‌ස්‌වැගන් මෙරටට බලයලත් ආනයනකරු වන සෙනොක්‌ ඔටෝමොබයිල් සමාගමේ සභාපති මනෝ සෙල්වනායගම්  සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ සභාපති උපුල් ජයසූරිය  ආයෝජන මණ්‌ඩලය ගිවිසුම් ගත වූයේ අගෝස්‌තු මාසයේ 14 වැනිදාය. ඇමෙරිකානු ඩොලර් මිලියන 26.5 ක ආයෝජනයක්‌ සිදුකරමින් කුලියාපිටියේ අක්‌කර 30 ක භූමිභාගයක මෝටර් රථ එකලස්‌ කිරීමේ කම්හලක්‌ ඉදිකිරීමට හා එමගින් රැකියා අවස්‌ථා 200 ක්‌ පමණ නිර්මාණය වනු ඇති බවටද මෙම ගිවිසුමෙන් අපේක්‌ෂා කර තිබුණි.

ඒ සියල්ල මැතිවරණ පොරොන්දුවකට ලඝූ කරමින් තමන් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා නොපැමිණෙන බව ෆොක්‌ස්‌වැගන් විසින් ප්‍රකාශ කරන ලද බව මාධ්‍ය පසුගියදා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ෆොක්‌ස්‌වැගන් කම්හලක්‌ පිහිටුවීම සඳහා යෝජිත වී තිබූ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න  පවසා තිබුණේ zඅද දෙරණZ පුවත් නාලිකාව හා පැවති සම්මුඛ සකච්ඡාවකදීය.

ෆොක්‌ස්‌වැගන් සමාගම, ඩීසල් වාහන නිෂ්පාදනයේදී එන්ජිමෙන් පිටවන විෂ වායු විමෝචනය පරීක්‌ෂා කිරීමේදී හඳුනා ගත නොහැකි වන ආකාරයේ මෘදුකාංග භාවිතකර ඇති බව අනාවරණය වීම හේතුවෙන් විශාල අකරතැබ්බයකට පසුගිය කාලයේදී මුහුණ දුන්නේය.

"වංචනික උපක්‍රමයක්‌" ලෙසට හංවඩු ගැසී ඇති මෙම එළිදරව්ව සිදුවී ඇත්තේ ඇමෙරිකාවේදීය. සැප්තැම්බර් මාසයේ මැද හාගයේදී ෆොක්‌ස්‌වැගන් සමාගම ඩීසල් වාහන එන්ජින් නිෂ්පාදනයේදී මෙවැනි "මුළාකිරීමක්‌" සිදු වී ඇතිබව පිළිගත්තේය.

මෙම පුවත අනාවරණය වූ විගස සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්‌විය. "වාහන නිෂ්පාදනයේදී තම සමාගම විසින් කිසියම් ආකාරයක නීති විරෝධී ක්‍රියා පටිපාටියක්‌ අනුගමනය කර ඇති බව තමන් දැන නොසිටියද එවැනි වරදක්‌ සිදුවූවා නම් එහි සම්පූර්ණ වගකීම සභාපති වරයා ලෙස තමන්ට පැවරෙන නිසා එම තනතුරෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කළ බව ෆොක්‌ස්‌වැගන් සමාගමේ සභාපති මාර්ටින් වින්ටර්කොන් නිවේදනය කළේය. වින්ටර්කොන් ෆොක්‌ස්‌වැගන් සමාගමේ මුල්ම නිෂ්පාදනය සහ අතිශය ජනප්‍රිය වූ බීට්‌ල් වාහනයේ නිර්මාතෘ µර්ඩිනැන්ඩ් පෝෂ් ගේ මුණුබුරෙකි.

සිද්ධිය එළිදරව් වූ විගස කොටස්‌ වෙළෙඳ පොළේ ෆොක්‌ස්‌වැගන් සමාගමේ අගය සීග්‍ර පහත වැටීමකට ලක්‌වූ අතර ඒ සමගම මූල්‍ය සහ වෙළෙඳ පොළ අර්බුදයකට මුහුණදීමට ෆොක්‌ස්‌වැගන්ට සිදු විය.

මේ පිළිබඳව අනතුරු හඟවන පරිසරවේදීන් මෙන්ම තතු දන්නන් පවසන්නේ කෙතරම් දැවැන්ත ආයතනයක්‌ වුවද උද්ගතව ඇති අවිනිශ්චිත භාවය හේතුවෙන් අනාගතයෙදි ගොඩ ඒමට ෆොක්‌ස්‌වැගන් සමාගමට අසීරු වන්නට හොඳටම ඉඩ ඇති බවය.

වාහන එන්ජිමෙන් විෂ වායුව පිටවීම වැළැක්‌වීමට හැකි අන්දමේ "පෙරනයන්" සවිකිරීම වාහන නිෂ්පාදකයන්ගේ වගකීම වෙයි. ගරාජයකදී එන්ජිම පරීක්‌ෂාවට ලක්‌කරන අවස්‌ථාවේදී මෙම උපකරණ නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද යන්න සොයාබලන අතර ඒවා අක්‍රීයව ඇත්නම් අලුත්වැඩියා කිරීමට අණ කරනු ලබයි. වාහනය පාවිච්චියට සුදුසු බවට සහතික කෙරෙන්නේ ඉන් අනතුරුවය.

මෙම ක්‍රියාවලිය මඟහැර යැම සඳහා ෆොක්‌ස්‌වැගන් සමාගම මෘදුකාංගයක්‌ සවිකර ඇත්තේ පරීක්‌ෂා කරන උපකරණය රැවැට්‌ටීමට හැකි වන අයුරිනි.

මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වූයේ ඇට අට, තුනයි පනහේ පාන් වැනි කඩවුණු ඡන්ද පොරොන්දුවක්‌ බවට කුලියාපිටිය ෆොක්‌ස්‌වැගන් ද පත් වීමය.

ඔසිත අත්තනායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.