ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 12, 2016

සිරාගේ ගැහිල්ල යට ගියාද....??

සිරාට ඔස්ටේ‍්‍රලියාවෙන් එල්ල වූ අල්ලස් චෝදනාව ගැන හිටපු අගවිනිසුරු යහපාලන නීතිය
කියාදෙයි..අනුන් කළ වැරැද්දටත් සද් භාවයෙන් ඉල්ලා අස්වන විදේශ දේශපාලන මහත්මාවරුන් අතර දුම්මල ගසාවත් ඵළවිය නොහැකි අපේ සිරා වැනි අය ගැන කුමන කථාද....???

රනිල් වික්‍රමසිංහගේ පවුලේ මිතුරියක වන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල් රුක්ෂී ඩයස් වික්‍රමසිංහට දේශපාලන කොන්ත්‍රාත්තු නොකර අවංක සේවයක් කරන්නට අවශ්‍යනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඕස්ට්‍රේලියානු රජයෙන් එල්ලවී ඇති අල්ලස් චෝදනාව සම්බන්දයෙන් ස්වාධින විමර්ශණයක් ආරම්භ කරන්නට අවශ්‍ය සියලු බලතල 19 වන ව්‍යවස්ථා සංශෝදනයෙන් ලැබී ඇතැයි හිටපු අග්‍ර විනිශ්‍යකාර සරත් එන් සිල්වා  කුරුණෑගල පැවති විද්වත් හමුවකදී පැවසීය.මෙම අල්ලස් චෝදනාවේ චූදිතයා ජනාධිපති වරයා නිසා ඔහුට නීතිපති දෙපාර්තුමේන්තුවේ සහාය පැතිය නොහැකිබවත් සැබෑ යහපාලනය මේ රටෙ තිබෙනවානම් සිදුවිය යුත්තේ අල්ලස් කොමිසම හා නීතිපති දෙපාර්තුමේන්තුව එක්ව සිරිසේනට නඩුපැවරීම බවද හිටපු අග විනිසුරු වරයා පෙන්වා දුන්නේය.

ඕස්ට්‍රේලියාවේ නිල ගුවන් විදුලියේ හා පුවත්පත් ප්‍රවෘති වාර්ථා අනුව 2011 වසරේදී ලෝක බැංකු ආධාරයෙන් ලංකාවේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ විශාල ව්‍යාපෘතියක් සඳහා ඇමෙරිකානු ඩොලර් 2.3 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් කෝටි 30 ක් පමන වන කොන්ත්‍රාත්තුවක් අනුමත කිරීමට නම් දේශපාලන අනුග්‍රාහක මුදලක් (හෙවත් අල්ලසක්) අවශ්‍ය බව එවකට අදාල අමාත්‍යවරයා වූ මෛත්‍රිපාල සිරිසේන තම නියෝජිතයන් හරහා ඔස්ට්‍රේලියාවේ ‘ SNAW MOUNT ENGINEERING ‘ නැමති සමාගමට දැනුම් දී ඇත. මේ පිළිබඳව සාක්කි දුන් සමාගමේ කලමණාකරුවෙකු විද්‍යුත් තැපැල් පනිවිඩයකින් සමාගමේ ඉහල නිලධාරීන්ට දන්වා ඇත්තේ තමා මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා හමුවු බවත්, කොන්ත්‍රාත්තුව ප්‍රධානය කිරීමට සඳහා කැබිනට් පත්‍රිකාව අත්සන් කිරීමට නම් අනුග්‍රාහක මුදලක් අවශ්‍ය බවත් දැනුම් දුන් බවත්ය. ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා මේ ව්‍යාපෘතියේ අගයෙන් කුමන ප්‍රතිශතයක් ඇමතිවරයාට ගෙවන්නට පුලුවන්දැයි මෙම කලමණාකරු තම ඉහල නිලධාරින්ගෙන් විමසා ඇත.
මෙවැනි ඉල්ලීමක් තමන්ට ඉදිරිපත් වූ බව ‘ SNAW MOUNT ENGINEERING ‘ සමාගම දැනටමත් ඕස්ට්‍රේලියානු රජයට පරීක්ෂණ වලදී හෙලිදරව් කොට ඇත.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති වරයාගෙන් ප්‍රශ්ණ කල විට ඔහු පවසා ඇත්තේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවත් තමාට එල්ල වී ඇති චෝදනාවට ප්‍රතිචාර දැක්වීමට නීතිපතිට නියෝග කරන බවත්ය.
මෙම අල්ලස් චෝදනාවේ චූදිතයා ජනාධිපති වරයා නිසා ඔහුට නීතිපති දෙපාර්තුමේන්තුවේ සහාය පැතිය නොහැකිබවත් සැබෑ යහපාලනය මේ රටෙ තිබෙනවානම් සිදුවිය යුත්තේ අල්ලස් කොමිසම හා නීතිපති දෙපාර්තුමේන්තුව එක්ව සිරිසේනට නඩුපැවරීම බවද හිටපු අග විනිසුරු වරයා පෙන්වා දුන්නේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.