ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 1, 2016

නපුංසකයන්ගේ නල්ල මලේ සංහිඳියාව....!!! බලව් ක්‍රමානුකූලව පැරණි සිංහල ගම් දනව් විනාශ කරන අයුරු....!!!

උතුර හා නැගෙනහිර පළාත් ඓතිහාසිකව ගත් කල සිංහල බෞද්ධ ජනතාවගේ උරුමයකි. ඒ බැව් එහි ඇති පුරාවස්‌තුවලින් සනාථ වේ. පසුගිය කලයේදී යුද හමුදාව විසින් සොයා දැන ගෙන ඇති සිද්ධස්‌ථාන ගැන සලකා බැලූ කල්හි මේ බව සැකයකින් තොරව තහවුරු වේ. එසේම ඒ පළාත්වල කිසිම ආකාරයකින් ද්‍රවිඩ නිජභූමියක්‌ නොපැවති බවටද හොඳින්ම සනාථ වේ. නමුත් වාර්ගික පවිත්‍රකරණය නිසා කාලයක පටන්ම උතුර හා නැගෙනහිර පළාත් වල සිංහල ජනතාව ජීවත් වන්නේ නැත. පෘතුගීසීන්ගේ ආගමනය වන අවස්‌ථාවෙන් පසුද 1545 දී පමණ යාපනයේ පමණක්‌ සිංහල ජනතාව 62% ක්‌ද මුස්‌ලිම් පිරිස 20% ක්‌ද දෙමළ ජනතාව 18% ක්‌ ද ජීවත්ව සිටි බව ක්‌වේරෝස්‌ පියතුමාගේ වාර්තා වලින් පැහැදිලිය. නමුත් 1800 වන විට සිංහල ජනගහනය 9% දක්‌වා පහළ මට්‌ටමකට ඇදවැටුණේ ද්‍රවිඩයන් විසින් මේ සිංහල ජනතාව උතුරෙන් පන්නා දමන ලද බැවිනි.
කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත් කිරීම වෙනුවෙන් සිය ලේ කඳුළු දහදිය හෙළු රණවිරුවන් ඇතුළු සිංහල ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් වෙනුවෙන් රජය ඉදිරිපත් වනු ඇතැයි කියාය. ඒ සඳහා සිය වාස භූමි වල නැවත පදිංචිකිරීම සිදුවනු ඇතැයි උදක්‌ම ප්‍රාර්ථනා කළහ. නමුත් සිදුව ඇත්තේ වෙනත් දෙයකි. ඉන්දීය රජයේ අවශ්‍යතාව මත කටයුතු කළ රජය සිංහලයන් පදිංචි කිරිමට මැළිකමක්‌ දැක්‌වීය. හමුදා කඳවුරු මේ ප්‍රදේශවල තිබීම පවා ජාත්‍යන්තරව විවේචනයට ලක්‌ වී ඇති අතර මෑතකදී යහපාලන රජය බලයට පත්වූ පසු හමුදා කඳවුරු සියල්ල ඉවත් කළ යුතු යෑයි විග්නේශ්වරන් සහ සම්බන්ධන් යන දේශපාලකයන් දෙදෙනාම පවසති. නමුත් සිංහල ජනතාව වෙනුවෙන් රජය කිසිම ආකාරයකින් හඬක්‌ මේ වනතුරු නඟා නොමැත. සිංහලයන් නැවත පදිංචි කරලීමේ දී නොයෙකුත් නීති රීති වලට යටත් කොට ඔවුන් අධෛර්ය කිරීම දිගින් දිගටම සිදු විය. උදාහරණයක්‌ ගත හොත් යාපනය නාවක්‌කුලි ගම්මානයෙහි දැනට පදිංචි පවුල්වලට අත්වූ ඉරණම සඳහන් කළ හැකිය. එහෙත් පැරණි සිංහල ගම්මානයන් අල්ලාගෙන පදිංචි වන මුස්‌ලිම්වරුන්ට ක්‌ෂණයකින් ඉඩම් බලපත්‍ර ලබා දීමට කටයුතු කෙරෙති. සිංහල ප්‍රාදේශීය ලේකම් වරුන් ද පුද්ගලික වාසි උදෙසා උදව් කරන බව පැහැදිලිය.

අපගේ ප්‍රස්‌තුතයට ලක්‌වන්නේ වවුනියා දකුණට අයත් කැලෑබෝගස්‌වැව ගම්මානයයි. මෙම ගම්මානය පදවි පරාක්‍රමපුරයට කි. මී. පහළොවක්‌ පමණ දුරින් පිහිටා ඇත. වවුනියාවට කි. මී. තිස්‌ පහකි. කැලෑබෝගස්‌වැව වර්තමාන නාමල්ගම වර්තමාන සැළලිහිණිගම සහ පෙරිය පුලියන්කුලම නොහොත් නන්දිමිත්‍රගම යන ගම්මානයන්හි හඳුනාගත් සෙල්ලිපි ගණනින් තිස්‌හයකි. ගල්කණු සහිත නටබුන් රාශියකි. කැලෑබෝගස්‌වැවට උතුරින් කොච්චාන් චාමලන් කුලම් නොහොත් වර්තමාන සපුමල්ගස්‌කඩ ගම්මානයෙහි විහාර ආරාම සංකීර්ණ සහිත පුරාණ නටබුන්ව ගිය මහ වැවක්‌ දක්‌නට ඇත. ජනප්‍රවාදය අනුව දළදා වහන්සේ වැඩම කළ ගමන් මාර්ගය මේ ඔස්‌සේ විහිද තිබී ඇත. ඒ අනුව ක්‍රි. පූ. කාලයේ පටන් සිංහල ජනතාවගේ වාසභූමියක්‌ වශයෙන් මේ ප්‍රදේශය හඳුනාගන්නට හැකිය. නමුත් උතුරු පළාතෙන් ක්‍රමානුකූලව සිංහල ජනතාව දකුණට තල්ලු වන කල්හි වනගතව තිබූ ගම්මාන කීපයක්‌ ඇරුණු කොට සිංහලයන්ගේ ජනාවාස දක්‌නට නොවීය. එහෙත් මාස්‌ කන්නයට හේන් ගොවිතැන් කිරීමට යන සංක්‍රමණික ගොවීන් වරින් වර තම ජනාවාසයන් හෙළි පෙහෙළි කර ගත් බව පෙනේ.

වසර තිහක්‌ පමණ ඇදී ගිය කොටි ත්‍රස්‌තයන්ගේ යුද්ධයේදී මේ ප්‍රදේශයේ ජනතාව පමණක්‌ නොව වැලිඔය පදවි ශ්‍රීපුර පිරප්පන්මඩුව මඩුකන්ද මා මඩුව ද වවුනියාවේ සිටි සිංහලයන්ද අවතැන් වූහ. 1980 ගණන් වලදී නෙවිල් ජයවීර දිසාපතිවරයා විසින් වවුනියා නගරයට නුදුරින් තේක්‌කවත්තේ තනන ලද සිංහල ජනපදය පවා ඇතැම්විට සිංහල ජනතාවගෙන් තොර විය. නමුත් යුද්ධයෙන් පසුව මේ ප්‍රදේශවල දෙමළ ජනපදකරණය ඉතා සීග්‍රයෙන් වර්ධනය විය. මුස්‌ලිම් ජන පිරිසද සිය මුල් ජනාවස වලට අමතරව අලුතින් ප්‍රදේශ අත්පත් කර ගැනීමේ යෙදී සිටියහ. එහෙත් 2012 වන විට යාපනය මන්නාරම වැලිඔය කිලිනොච්චිය සහ වව්නියා දිස්‌ත්‍රික්‌කයන් තුළ නැවත පදිංචියට පැමිණි සිංහලයන්ගේ ගණන ඉතාමත් සීමිත විය. පැමිණියද සිය මුල් ඉඩම් වල ඔප්පු විනාශ වීම නිසා පදිංචිය සනාථ කළ නොහැකි විය. ඇතැම් ඉඩම් කොටි මහ විරු පවුල් විසින් අත්පත් කරගෙන තිබුණි. 1971 ජන සංගණනයේදී උතුරේ පමණක්‌ සිංහලයන් හතලිස්‌ දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ ජීවත්ව සිට ඇත. එහෙත් 2012 වන විට එම සංඛ්‍යාව වී ඇත්තේ 32331 කි. වැලිඔය සහ වවුනියාවේ සිංහල ජනගහනය වර්ධනය වුවද කිලිනොච්චි මන්නාරම සහ යාපනය සිංහල ගම්මානයන් වර්ධනය වූයේ නැත.

මේ තත්ත්වය තුළ නැවත පදිංචි කිරීම් අමාත්‍යංශය යම් විධිමත් වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුව තිබුණි. එහෙත් මෙම අමාත්‍ය ධුර දැරූ අන්‍ය ජාතිකයන් කිසිවෙක්‌ එවැනි විධිමත් වැඩපිළිවෙළකට අත නොතැබූහ. වරක්‌ එම තනතුරට පත් වූ එක්‌ සිංහල ඇමැතිවරයෙකු සිංහල ජනතාවට පවසා ඇත්තේ යළිත් එම ප්‍රදේශවලට නොයන ලෙසයි. කෙසේ වෙතත් යුද්ධයෙන් පසු මෙම ගැටලුවට උපක්‍රමශීලී විසඳුමක්‌ ලබා දීමට පසුගිය රජය යම් උත්සාහයක්‌ දරන ලද්දේය. එකී සංකල්පය සැබැවීන්ම ගෝඨාභය රාජපක්‌ෂ සතු විය. සිය ආරක්‌ෂක අංශ වල සම්පූර්ණ ශක්‌තිය යොදවා නැවත පදිංචි කිරීම් කාර්යක්‌ෂම කිරීම එහි අරමුණ විය. ඒ අනුව 2011 වසරේ වවුනියා දකුණට වන්නට කැලෑබෝගස්‌වැව පුරාණ ගම්මානය නැවත පුනරුත්ථාපනය කිරීමට හමුදාවට හැකි විය. මඩුකන්ද මාමඩුව මාර්ගය කැලෑබෝගස්‌වැව දක්‌වා පුළුල් කිරීමටත් අනතුරුව කිට්‌ටගල් ඔය හරහා පාලමක්‌ දැමීමෙන් පදවි පරාක්‍රමපුරට යාකිරීමත් සිදු විය. මෙම වැඩ කටයුතු භාරව තිබුණේ කොක්‌එළිය පනස්‌හය වන සේනාංකයටයි. එහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් රණවක මහතාගේ අධීක්‌ෂණයත් වුවමනාවත් මත ඉතා කඩිනමින් කැලෑබෝගස්‌ වැවට යාබද පෙරියපුලියන් කුලම දක්‌වා කට්‌ටි කඩන ලද ඉඩම්වල නැවත පදිංචි කිරීම් ඇරඹුණි. එම ගම්මානවල 2013 වසර වන විට පවුල් 2666 ක්‌ පදිංචි කර තිබුණි. ඒවා කැලෑබෝගස්‌වැව අංක දෙක නාමල්, ගම, සැළලිහිණිගම සහ නන්දිමිත්‍රගම (නන්දිමිත්‍ර යෝධයා උපන් ගම) වශයෙන් නම් කෙරුණි.

මෙම නැවත පදිංචි කිරීම ආරම්භ කරන අවස්‌ථාවේදී ඒවාට කිසිම මුදලක්‌ රජයෙන් වෙන් කර නොතිබිණි. නමුත් පසුව නැවත පදිංචි කිරීම් කාර්ය සාධක බළකායක්‌ පිහිටුවා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් වෙන් කරන ලද මුදල් මගින් අධ්‍යාපන යටිතල පහසුකම් ජලය සහ විදුලිය ලබා දෙන ලදී. මේ කටයුතු සියල්ල සම්බන්ධීකරණයට මැදිහත් වූයේ එවකට ජනාධිපති උපදේශකව සිටි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ය. හමුදාව මැදිහත් වී කැලෑබෝගස්‌ වැව, රුවන්මඩුව මෙන්ම රඹවිටිකුලම වැව් ප්‍රතිසංස්‌කරණය කරන ලදී. එයින් කැලෑබෝගස්‌වැව ගම්වාසීනට අවශ්‍ය කුඹුරු ඉඩම් නැවත ලබාදෙන ලදී. මෙම ගම්වාසීන්ගේ ඉඩම් සහ හිමිකම් තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ පවතින ප්‍රධාන ගැටලුවක්‌ වී තිබූණි. වවුනියා දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත්ව තිබුණද හමුදාව ප්‍රධාන කොට නැවත පදිංචි කිරීම් කළ බැවින් ගම්වාසීනගේ තොරතුරු සියල්ල ක්‍රමානුකූලව රාජ්‍ය නිලිධාරීන් අතට පත්ව නොතිබුණි. දැනට මේ සෑම ගමකටම ග්‍රාම නිලධාරිවරයෙකු පත් කොට ඇති නමුත් ඔවුන් කරන රාජකාරි සියල්ල සීමිත පරාසයකට පැතිර පවතී. මේ තත්ත්වය තුළ ඉඩම් බලපත්‍ර ලබා දීම වැනි කටයුතු මහවැලි අධිකාරිය යටතේ ඉටුකිරීම රජයේ බලාපොරොත්තුව විය. ඊට හේතුව පැරණි මහවැලි සැලැස්‌ම යටතේ මෙම ප්‍රදේශ මහවැලි එල් කලාපයට අයත් වීමයි. එය 1978 මහවැලි අධිකාරිය ගැසට්‌ කිරීමේදී ගන්නා ලද පියවරකි. ඒ අනුව ලංකා භූමියෙන් තුනෙන් එකක්‌ මහවැලි භූමි ප්‍රදේශ ලෙස පිළිගැනුමකට ලක්‌ව ඇත. කැලෑබෝගස්‌වැව ඇතුළු ගම්මාන පහ තුළ ජීවත්වන ජනපදිකයන්ට මහවැලි අධිකාරිය විසින් ඉඩම් බලපත්‍ර ලබා දීම කළ යුතුය. එසේම ජනපද සැලසුම් කිරීම සහ වාරි පහසුකම් සපයා දීම කළ යුතුය.

මේ අතර 2015 අගෝස්‌තු 21 ගැසට්‌ පත්‍රයක්‌ මගින් මෙම ප්‍රදේශ වල කොට්‌ඨාශ නිර්ණයද සිදු කර තිබේ. දැනට උතුරු මැද පළාත අවසන් වන්නේ කැළෑබෝගස්‌වැව අසන්නයෙනි. මේ යටතේ ප්‍රතිසංස්‌කරණය කරන ලද පිරප්පන්මඩුව සහ රුවන් මඩුව යන වැව් දෙකම අයත් වන්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයටයි. මේ නිසා නැවත පදිංචි කරන ලද මෙම ජනතාවගේ ඡන්ද බලය හිමිවන්නේ කුමන දිස්‌ත්‍රික්‌කයටදැයි ගැටලුවකි. පසුගිය පළාත් පාලන ඡන්දය අවස්‌ථාවේදී සැබැවින්ම මෙම ගම්මානයන්හි ජනතාවට ඡන්ද බලය හිමි වූයේ නැත. හේතුව නම් ඒ වන විටත් ඡන්දය ලියාපදිංචි කිරීමට මැතිවරණ නිලධාරීන් කටයුතු නොකර සිටීමයි. මෙම නිසා උතුරු පළාත් සභාවට ලැබීමට තිබූ තවත් සිංහල ආසනයක්‌ අහිමි ව ගියහ. මෙම ප්‍රශ්නය මත වවුනියාව මහ දිසාපතිතුමා මෙන්ම ප්‍රාදේශීය ලේකම්ද යම් ගැටලුවක සිරවී ඇති බව නිසැකය. උතුරු පළාතෙන් එළවා දමන ලද සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටින දේශපාලකයන් වවුනියා දිස්‌ත්‍රික්‌කය තුළ නැත. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  සිය ජනතාව නැවත පදිංචි කරලීම උදෙසා උපරිම ශක්‌තිය යොදවද්දී සිංහල දේශපාලකයන් මෙම ජනතාව පිළිබඳව ගත යුතු පියවරයන් පිළිබඳ දක්‌වන්නේ උදාසීන පිළිවෙතකි.

කෙසේ වෙතත් මෙම ගැටළුවට ලබාදීය හැකි හොඳම විසඳුම වන්නේ වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු කැලෑබෝගස්‌ වැවට පත් කිරීමයි. එවිට ඔහු යටතේ නව ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සිදු කළ හැකි වන අතර ප්‍රදේශය අවටින් එම කටයුත්ත කිරීම කළ හැකිය. තව ඉදිරියට මෙම ප්‍රදේශයේ සිංහල ජනගහනය වර්ධනය වීම ස්‌වාභාවික අන්දමින් සිදු වනු ඇත. එවිට සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු යටතේ පාලනය වන බල ප්‍රදේශය ද ස්‌වාභාවිකවම වර්ධනය වී නව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයක්‌ පිහිටුවීමට අවස්‌ථාව ලැබෙනවා ඇත. සීමා නිර්ණයේදී නෙදුන්කර්නි ප්‍රාදේශීය සභාවට මේ පිරිස සම්බන්ධ කිරීම හෝ වවුනියා දෙමළ ප්‍රාදේශීය සභාවට සම්බන්ධ කිරීම මගින් සිදු වන්නේ සිංහල නියෝජනය ඉවත් වීමයි. එම නිසා වවුනියා දකුණ ප්‍රාදේශීය සභාව තුළ සිංහල නියෝජනය තව තවත් ශක්‌තිමත් කිරීමෙන් උතුරු පළාතේ අයිතිය සහ උරුමය යම් පමණකට හෝ ආරක්‌ෂා වනවා ඇත.

යුද හමුදාව විසින් මෙම පදිංචි කිරීම් කරන ලද්දේ ඉතා කාර්යක්‌ෂම ලෙසිනි. නමුත් රජරට වැව් පද්ධති ගැන නොදැනීමෙන් හෝ ආරක්‌ෂක හේතූන් මත පදිංචි කිරීම් සියල්ල කර ඇත්තේ මංමාවත් දෙපසය. මේ නිසා පැරණි වැව් ගම්මානයන්හි පැවති සැබෑ ජනාවාසකරණය විකෘති ව තිබේ. උදාහරණයක්‌ ගතහොත් කැලෑබෝගස්‌වැව මහ වැවට ඉහළින් තිබෙන කුළු වැව් පද්ධතිය දැක්‌විය හැකිය. දැනට ඒවා වර්තමාන ඉඩම් කට්‌ටි කිරීම් වලට මැදිව තිබේ. තෙත් ප්‍රදේශ වගාවට සුදුසු ප්‍රදේශ හඳුනා ගැනීමක්‌ මෙහිදී කර නොමැත. එසේම වල් අලි ගමන් ගන්නා මාවත් ජලපෝෂක ප්‍රදේශ පිළිබඳ අවබෝධයක්‌ තිබිය යුතුය. මේ නිසා මහවැලි අධිකාරියටද මෙහිදී සුවිශේෂී කාර්ය භාරයක්‌ පැවරේ. එනම් වාරි පහසුකම් සැපයීමේදී පැරණි වාරි සිතියම් අධ්‍යයනය කර නව ජනපද සැලසුම් කිරීමයි. එවිට මෙහි පදිංචි ජනතාවගේ අනාගතය ආර්ථික වශයෙන්ද සංස්‌කෘතික වශයෙන්ද සුරක්‌ෂිත වනවා ඇත.

මතුගම සෙනෙවිරුවන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.