එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවෙන් පැනයාමට උත්සාහ කලේ යයි
නොසැලකිලිමත්ව වෙඩි තබා මරා දැමුවේ යයි චෝදනාවකට වරදකරු වූ විශ්‍රාමික
හමුදා මේජර්වරයෙකුට කොලඹ මහාධිකරණය විසින් වසර දෙකක අත්හිටවූ සිර දඩුවමක්
හා මිය ගිය කොටි ත්‍රස්තවාදියාගේ ළගම ඥාතීන්ට රුපියල් විසි ලක්සයක් වන්දි
ගෙවීමටද නියම කර ඇත.
1998 වසරේදී මෙම සිදුවීම සිදුව ඇත්තේ පේදුරුතුඩුව යුද හමුදා කදවුරේදීය.
මෙම සිදුවීම මත විශ්‍රාමික හමුදා මේජර් කමල් වික්‍රමසූරියට
නොසැලකිලිමත් ලෙස වෙඩි තබා මිනීමැරීමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු
කළ බවට චෝදනා එල්ල වී තිබින.
කඳවුරේ රඳවා සිටියදී අත්මාංචු පිටින්ම පලායාමට උත්සාහ කළ
එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් සම්බන්ධ යෙන් සැකපිට
අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට අපරික්ෂා කාරී ලෙස හා
නොසැලකිලිමත් ලෙස වෙඩි තැබීමෙන් මරණයට පත් කිරීමේ චෝදනාවට
වරදකරු කරනු ලැබු විශ්‍රාමික හමුදා නිලධාරියකුට කොළඹ
මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන (31
දා) වසර 10 කට අත්හිටවූ දෙවසරක සිරදඬුවමක් නියම කළාය.
මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ සමීප ඥතීන්ට රුපියල් ලක්ෂ
20 ක වන්දියක් ගෙවන ලෙසත් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය
දඩයක් ලෙස තම අධිකරණය විසින් නියම කළ එම වන්දිය නොගෙවන්නේ
නම් මාස 12 ක අනිවාර්ය සිරදඬුවමක් ද නියම කළාය.
1998 වසරේදී පේදුරුතුඩුව යුද හමුදා කඳවුරේ රඳවා සිටි
රොබට් වෙලින්ඩන් නමැති සැකකරු මරණය සිදුකිරීමෙන් දණ්ඩ
නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්
සිදු කළැයි විමල් වික්‍රමගේ නමැති යුද හමුදා නිලධාරියාට
එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
එවකට ලුතිනන්වරයෙකු වූ විත්තිකරු එම හමුදා කඳවුර භාර අණදෙන
නිලධාරියා ලෙස කටයුතු කළ බව සාක්ෂි විභාගයේදී අනාවරණය වූ
අතර ඔහු මේ වනවිට හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ඇති අයකු
බවද පැවැසේ.
එම දඬුවම්වලට අමතරව විත්තිකරුට රුපියල් 10,000 ක දඩයක්
ගෙවීමටද නියම කළ විනිසුරුවරිය එම දඩය නොගෙවන්නේ නම් මාස 6
ක අමතර සිරදඬුවමක් ලබාදීමට ද නියම කළාය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ලක්මිණි ගිරිහාගම
නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ සාලිය
පීරිස්, නීතිඥ රුක්ෂාන් නානායක්කාර යන මහත්වරුන්
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියහ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, September 1, 2016
පැන ගිය කොටි ත්‍රස්තයෙක් මැරුවා කියා හමුදා මේජර්ට සිර දඬුවම්.. විසි ලක්ෂයක් වන්දි ගෙවන්නත් වෙයි..
Posted by
lankanews
at
September 01, 2016
Labels: Dhanu and LTTE, Former LTTE arms procurer, lankanews, LTTE agenda, ltte bombs, TNA politicians, yahapalanaya
පැන ගිය කොටි ත්‍රස්තයෙක් මැරුවා කියා හමුදා මේජර්ට සිර දඬුවම්.. විසි ලක්ෂයක් වන්දි ගෙවන්නත් වෙයි..
2016-09-01T10:34:00+02:00
lankanews
Dhanu and LTTE|Former LTTE arms procurer|lankanews|LTTE agenda|ltte bombs|TNA politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
