ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 29, 2016

‘බියර් සහනයෙන් කෝටි 600 ක අලාභයක්‌’ හොර කරුප්පයියාට නොතිසි...!!!

පසුගිය මැයි මාසයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ගංවතුර ව්‍යසනයෙන් පසුව බියගම ප්‍රදේශයේ පිහිටි ලයන් බෲවරි සමාගමට මාස හතරක කාලයක්‌ සඳහා බදු සහන ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 600 ක අලාභයක්‌ සිදුවී ඇතැයි පෙන්වා දෙමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් සම්බන්ධයෙන් ලබන 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්‌වන ලෙස දන්වා මුදල් අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් 14 දෙනා වෙත නොතිසි යෑවීමට අභියාචනාධිකරණය  (27 දා) නියෝග කළේය.
“සිංහලේ ජාතික පෙරමුණ” විසින් ගොනු කර තිබූ එම පෙත්සමක්‌ සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ, විනිසුරු පී. පද්මන් සූරසේන  එම නියෝගය කළේය.

මුදල් අමාත්‍ය රවීන්ඳ්‍රන් කරුප්පයියා  , මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන ඇතුළු 14 දෙනකුට ඒ සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා පෙනී සිටින ලෙස දන්වා එලෙස නොතීසි නියෝග නිකුත් කෙරිණි.
තම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් පෙත්සම් විභාගය අවසන් වනතුරු එකී බදු සහන බියර් නිෂ්පාදන සමාගමට ලබාදීමට ගත් තීරණය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරනා ලෙසත් පෙත්සම්කාර හිමිවරුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
පෙත්සම් විභාගයෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේ එකී බදු සහන ලබාදීමේ තීරණය බලශුන්‍ය කරන මැන්ඩාමුස්‌ රීට්‌ ආඥවක්‌ නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවය වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.