සී.එස්.එන්. රූපවාහිනී නාලිකාවේ වත්මන් සභාපති රොහාන් වැලිවිට විසින් විජය
පුවත්පත් සමාගම විසින් මුද්‍රණය කර ප්‍රකාශ කරන ‘’අද” පුවත්පතින් රුපියල්
මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
නීතීඥ නිලන්ත විජේසිංහ මාර්ගයෙන් මෙම එන්තරවාසිය යවා ඇත්තේ 2016
අගෝස්තු 11 වන දින ‘‘අද ’’ පුවත්පතේ පළමු පිටුවේ ‘‘සී.එස්.එන්. නාලිකාවට
අයත් රුපියල් මිලියන 157.5 රාජසන්තකයි’’ යන ශීර්ෂ පාඨය යටතේ පළවූ
ප්‍රවෘත්තිය අසත්‍ය බව පවසමිනි.
එම ප්‍රවෘතියේ ‘’රොහාන් වැලිවිටට අයත් ගිණුමක තිබූ මෙම මුදල ඔහුගේ නොවන
බවත්, එය යෝෂිත රාජපක්ෂට අයත් මුදලක් බවත් පොලිස් මූල්‍ය අපරාධ
කොට්ඨාශය කළ පරීකෂ්ණයේදී රොහාන් වැලිවිට කට උත්තර දී ඇති බව එම ප්‍රවෘත්තියේ
සඳහන් වන බව පැවසේ.
2016 අගොස්තු 10 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කඩුවෙල
මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බී වාර්තාවේ කිසිම ස්ථානයකක්
සී.එස්.එන්. නාලිකාවේ හෝ රොහාන් වැලිවිටගේ නම සඳහන් කර නොමැත.
වසර 40 ක පමණ කාලයක් මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු ලෙස දේශීය හා විදේශීයව
ලබා තිබෙන කීර්ති නාමයට හා ව්‍යාපාරිකයෙකු ලෙස තබා තිබෙන විශ්වාසය මෙම
ප්‍රවෘත්තය නිසා කඩවූ බව සඳහන් කරමින් මෙම එන්තරවාසිය විජය පුවත්පත් සමාගමේ
අයතිකිරුවන්ට හා ‘‘අද’’ පුවත්පතේ කතෘවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යාවා
ඇතැයි වාර්තා වේ.
අදාළ වන්දි මුදල දින 14 ඇතුළත ලබා නොදුනහොත් එම ආයතනයට එරෙහිව නඩු පැවරීමට
කටයතු කරන බව රොහාන් වැලිවිට ගේ නීතීඥ නිලන්ත විජේසිංහ කියා සිටියේය.