ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 21, 2016

ඔසු උයන වනසා හදන තිරුපති නැගිටියි....!!!

තිරුපති කෝවිල යනු ඉන්දියාවේ ප්‍රධාන කෝවිලය. අපේ රටේ සියලුම දේශපාලන නායකයන් නිතර යන එන කෝවිලකි. එමෙන්ම අපේ රටේ දේශපාලන නායකයන් තවමත් ඉන්දියාවේ අතකොලුය. එහෙයින් ජාතික උරුමයන් කම්බස්‌ කර හෝ ඉන්දියාවේ හොඳ හිත ආරක්‍ෂා කරගැනීමට මෙරට දේශපාලන නායකයන් පසුබට නොවන බවද සැබෑය.

ඇස ගැටෙන මානයම කාන්තාරයකි. ගිනි තබා ඇති මහ දැව කඳන් අමු සොහොන් ඇවිලෙන්නා සේ තැන, තැන පිච්චෙන්නේය. යකඩ දත් මගින් පහුරු ගා ඇති බිම දකින විට සොහොන් බිමක මූසල පාළුව විනා දැනෙන වෙනත් හැඟීමක්‌ නොවේ. මේ මහා විනාශය ඉදිරියේ අපගේ සිත හඬා වැටෙන්නේ මේ වනසා දමා ඇත්තේ කතරගමට පමණක්‌ නොව මුළු ලෝකයටම වටිනා ඖෂධ වනයක්‌ වීම නිසාය. එහෙත් මේ නින්දිත අපරාධය හමුවේ නීතියේ දෙවඟන නිරුත්තරය. එහෙයින් පොළෝ මහී කාන්තාව පවා නූහුලන මේ මහා වන විනාශය දැන් අපට හෙළි කරන්නට සිදුව ඇත්තේ දෙබිඩි නීතියක්‌ සහිත රටක සිටය. කතාව පෙළගැසෙන්නේ මෙසේය.
කතරගම මහා දේවාලයට දකුණු දිසාවෙන්, නාගහවීදීය ගම්මානයට ආසන්නයේ යාල අංක තුන කලාපයට මායිම්ව පිහිටි මේ ඖෂධ උයන ආරම්භ කර ඇත්තේ 1988 අවුරුද්දේ ගම්උදා වැඩසටහන යටතේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා විසිනි. ඉඩම් අක්‌කර එකසිය පනහකින් පමණ යුක්‌ත ඔසු උයන පූජා භූමිය පුරාම සාරවත් ලෙස පැතිරී ගොස්‌ තිබිණි. එමෙන්ම එම ඔසු උයන අරළු, බුළු, නෙල්ලි, දිවුල්, කොහොඹ, ආදී ඖෂධ ශාක මෙන්ම වටිනා ගස්‌ කොළන්වලින් ද පෝෂිතව තිබිණි. මුව රංචු, හාවන්, මීමින්නන්, ඌරන්, ඉත්තෑවන් ආදී එකී, නොකී සිව් පා සතුන් මෙන්ම විවිධ පක්‍ෂීන්ද ඔසු උයන ගෙ උයනක්‌ කරගෙන සිටියහ. කතරගම පූජා භූමිය ආසන්නයේම පිහිටි රක්‌ෂිතය ද මේ ඔසු උයන පමණි. එමෙන්ම මේ ඔසු උයන පිහිටි භූමියේ අතීතයේ පැරැණි ගම්මානයක්‌ තිබූ බවද ප්‍රදේශවාසීන්ගේ අදහසය. 1969 වර්ෂයේදී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විසින් කතරගම දේවාලය අවට ප්‍රදේශය පූජා භූමියට අයත් ලෙස ගැසට්‌ පත්‍රයක්‌ මගින් නීතිගත කිරීමත් සමඟ එම ගම්වාසීන්ට වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදී පදිංචි කරනු ලැබිණි. එමෙන්ම එම ගම්මානයේ ජීවත් වූ බහුතරයගේ ජීවන වෘත්තීය වී තිබුණේ මැටි වළං කර්මාන්තයයි. එම ප්‍රදේශයේ මැටි වළං කර්මාන්තය ප්‍රචලිතව තිබූ බවට අදට ද ඉඳහිට සාක්‍ෂි හමු වන්නේය. දේශපාලන බලය ආයුධයක්‌ කරගෙන අද විනාශ කර දමමින් තිබෙන්නේ එකී ඓතිහාසික බිම් කඩය. ජාතික උරුමයකි.

කතරගම පූජා භූමියට අයත් සියලුම ඉඩම්වල අයිතිය පැවරී ඇත්තේ භෞතික සම්පත් දෙපාර්තමේන්තුවටය. එම ආයතනයේ අනුමැතියක්‌ නොමැතිව පූජා භූමියේ ගඩොලක්‌වත් තැබීමට තහනම්ය. එම දෙපාර්තමේන්තුවේ කතරගම ශාඛාව පිහිටා ඇත්තේ ද සාහසිකයන් අතින් කෙළෙසූ ඔසු උයන ආසන්නයේය. අක්‌කර තිහක ගහ කොළ කපා යකඩ දත්වලින් පොළව පහුරු ගාන තෙක්‌ භෞතික සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහඬව සිටීම අපට විශාල ගැටලුවකි. එහෙයින් සියලු ගැටලු නිරාකරණය කර ගැනීම් වස්‌ පසුගිය දිනක අපි කතරගම ප්‍රදේශයට ගියෙමු. ගස්‌ කපා කාන්තාරයක්‌ බවට පත් කර ඇති එම ඔසු උයන සමීපයට යන විටත් ප්‍රදේශයේ මහා සංඝරත්නය පෙරටු කරගනිමින් විශාල ජන ගඟක්‌ පාරට බැස වන විනාශයට එරෙහිව උද්ඝෝෂණ කරමින් සිටිති. සටන් පාඨ කියමින් කෑමෝර දෙන ඔවුහු හිරුගේ ගිනියමටත් වඩා කෝපයෙන් දැවුණහ. බලන්නට නොහැකි තරමට ඔවුන්ගේ මුහුණු කෝපයෙන් පුපුරන්නේය. ප්‍රථමයෙන් අපි ගිහියන් අතරට නොගිහින් හිමි නමක්‌ අසල නතර වුණෙමු. උන්වහන්සේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කපුගම සරණතිත්ත හිමියෝය. උන්වහන්සේ අපට සිද්ධිය මෙසේ විස්‌තර කළහ.

'පූජා භූමියට අයත් සියලුම ඉඩම් රාජ්‍ය දේපළ. ඒත් කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ කිසිදු අනුමැතියකින් තොරව ඩෝසර් කරලා. අක්‌කර තිහක විතර වටිනා ගස්‌ කපලා කාන්තාරයක්‌ කරලා. එහෙම කරලා එතුමා කියනවා කුණු වළක්‌ හාරන්න කියලා. කුණු වළක්‌ හාරන්න අක්‌කර තිහක්‌ම ඕනද මහත්තයො... ඊට පස්‌සේ කියනවා දේවාලේ අලින්ට කන්න පොල් වවන්නලු. මේවා විහිළු කතා. පොල් වවලා අවුරුදු දහයකින්, පහළොවකින් තමයි අලින්ට පොල් අතු කපන්න වෙන්නේ. මේවා අමූලික මුසාවාද... එතුමත් එක්‌ක අපේ පෞද්ගලික අමනාපයක්‌ නෑ. ඒත් එතුමා මේ කරන වැඩේ විශාල අපරාධයක්‌. මීට පෙර බස්‌නායක නිළමේවරු නව දෙනෙක්‌ රාජකාරි කළා. ඒ අතර ඇමැතිවරු හිටියා. ඒත් ඒ අය පූජා භූමියට අහිතක්‌ කළේ නෑ. මේ බස්‌නායක නිළමේවරයාගේ අරමුණ වෙලා තියෙන්නෙ මේ රක්‍ෂිතය එළිපෙහෙළි කරගෙන දේවාල හදාගෙන, ගෙවල් දොරවල් හදාගෙන පදිංචි වෙන්නයි. නිළමේතුමා මේ දේවල් කරන්නෙ ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත් නම් විකුණගෙන, හමුදා ආරක්‍ෂාවත් ඇතිවයි. එහෙම කරලා අපේ මිනිස්‌සුන්ට එතුමාගේ බලය පෙන්වනවා. අසාධාරණය ඉදිරියේ අපි හිස නමන අය නෙමෙයි. කතරගම සියලුම පන්සල්වල හාමුදුරුවරු ජනතාව සමඟ පාරට බැස්‌සා. අපි තමයි ප්‍රදේශවාසීන්ව පාලනය කරගෙන තියාගෙන ඉන්නෙ. නැත්තම් දැනටමත් මොනව වෙලාද දන්නෙ නෑ...'

අපේ හාමුදුරුවනේ අක්‌කර තිහක්‌ එළිකරනකම් ඇයි ඔබ වහන්සේලා බලා සිටියේ....? උන්වහන්සේගේ කතාවට මම හරස්‌ වෙමි.

'හමුදාවෙන් වත්ත සුද්ද කරන නිසා අපි හිතුවේ මේක රජයේ ව්‍යාපෘතියක්‌ කියලයි. භෞතික සම්පත් දෙපාර්තමේන්තුවෙන් තහනම් කළාට පස්‌සෙ තමයි මේකෙ ඇත්ත, නැත්ත තේරුම් ගියේ. නැති නම් අපි මීට ඉස්‌සර වෙලා මේ විනාශයට විරුද්ධ වෙනවා. මේක නිළමේතුමා අපි සේරම නොමඟ යවලා කරපු වැඩක්‌...'

උන්වහන්සේගේ කරුණු දැක්‌වීමෙන් අනතුරුව අපි අසල සිටි ප්‍රදේශවාසියෙක්‌ දෙසට හැරුණෙමු. ඔහු ඔසු උයනේ අරළු, බුළු, නෙල්ලි කඩා විකුණා ජීවත් වූ අසරණ ගැමියෙකි. දැන් ඔහුගේ බත් පතට වැලි වැටී හමාරය. එහෙත් ඔහු අප සමඟ කතා කළේ බත් පත ගැන නොව, කිරිවෙහෙර මහා සෑ රජුන් සහ
කතරගම මහා දේවාලය සමඟ ගොඩනැඟුණු ආගමික සංස්‌කෘතිය බිඳීමට වෙර දරන ඉන්දීය කුමන්ත්‍රණය ගැනය.

'කතරගම ඇසළ මංගල්‍යයට ඉන්දියාවේ තිරුපති කෝවිලේ සාමිවරු කිහිපදෙනෙක්‌ සහභාගි වෙලා තිබුණා. ඒ සාමිවරු අතර හිටි ප්‍රධාන සාමිවරයා කතරගම දියුණු කරන්න ඉඩමක්‌ දෙන්න කියලා ඉල්ලා තියෙනවා. අපි පත්තරවලින් දැක්‌කා. ඊට පස්‌සේ ඒ සාමිවරුන් එක්‌ක බස්‌නායක නිළමේවරයා කොළඹ තරුපහේ හෝටලයක කාලා බීලා සතුටු වෙලා කෝවිල හදන හැටි ගැනත් සාකච්ඡා කරලා තියෙනවා. ආණ්‌ඩුවේ ප්‍රධාන නායකයෙකුත් මේ ඩීල් එකට සම්බන්ධයි කියලත් ආරංචියි. දේශපාලන හස්‌තයක්‌ තියෙන නිසා තමයි මේ වත්ත සුද්ද කරන්න හමුදාවෙන් දාල තියෙන්නෙ කියලා දැන් අපිට තේරෙනවා. ඒත් අපි ජීවතුන් අතර ඉන්නකම් කතරගම තිරුපති කෝවිලක්‌ හදන්න දෙන්නෙ නෑ. අපට තිරුපති කෝවිල් ඕනත් නෑ. කිරිවෙහෙරයි, මහා දේවාලයයි තිබුණාම හොඳටම ඇති...' ඒ කතා කළ නිශාන්ත තිදරු පියෙකි. එහෙත් ඔහු කතරගම ඓතිහාසික පූජා භූමිය ආරක්‍ෂා කරගැනීමට දිවි හිමියෙන් කැපවෙන බව අප ඉදිරියේ පුන, පුනා පවසා සිටියේය. උද්ඝෝෂණය අතර සිටි විශාල පිරිසක්‌ අපව වට කරගෙන ඔවුන්ගේ හදවත්වල තෙරපෙන කෝපය වචන කළහ. ඒ සියලු කරුණු හාමුදුරුවන්ගේ සහ නිශාන්තගේ කතා තුළ අන්තර්ගතය.

මේ සෑම සිදු වීමකින්ම අපට වටහාගන්නට බල කෙරෙන්නේ මේ ආණ්‌ඩුව විසින් රටේ මිනිසුන් අන්දවන ප්‍රමාණයන්හි තරමය. තවමත් රටේ පැහැදිලි වෙනසක්‌ නැත. සියල්ල පෙර පරිදිම සිදුවෙමින් තිබේ. රාජපක්‍ෂ ආණ්‌ඩුවේදී මෙන්ම පවතින රජයද කඩන, බිඳින, අලුතින් හදන ගැටලු සහිත තැන්වලට හමුදාව යොදවනු ලැබීම සාමාන්‍යයකි. දේශපාලන බලපරාක්‍රමය සහිතව මහා වනාන්තර විනාශ කරන්නේය. එම වනාන්තරවල තිබෙන වටිනා දැව කඳන් මහ දවල් ප්‍රසිද්ධියේ ප්‍රවාහනය කරන්නේය. මේ කතරගමට පමණක්‌ සීමා වූවක්‌ නොවේ. රත්නපුරේ කිරිඇල්ල දුම්බර කන්දට අත්ව ඇත්තේ ද මේ ඉරණමය. නැගෙනහිර පළාතේ මහා කැලෑවලට සිදුවෙමින් තිබෙන්නේ ද මේ නස්‌පැත්තියමය. එහෙත් අදාළ ආයතන මෙන්ම නිලධාරීන් මේ වන විනාශයන් ඉදිරියේ හැසිරෙන්නේ තොත්ත බාබාලා ගානටය. ආණ්‌ඩුවේ අනුදැනුම නොමැතිව කැලෑ විනාශ කිරීමට රටේ ආරක්‍ෂක හමුදාව යෙදවීමට නොහැකිය. එමෙන්ම මේ ඖෂධ උයන විනාශ කර ඉදිකරන්නට යන්නේ තිරුපති කෝවිල යෑයි කියෑවේ. තිරුපති කෝවිල යනු ඉන්දියාවේ ප්‍රධාන කෝවිලය. අපේ රටේ සියලුම දේශපාලන නායකයන් නිතර යන එන කෝවිලකි. එමෙන්ම අපේ රටේ දේශපාලන නායකයන් තවමත් ඉන්දියාවේ අතකොලුය. එහෙයින් ජාතික උරුමයන් කම්බස්‌ කර හෝ ඉන්දියාවේ හොඳ හිත ආරක්‍ෂා කරගැනීමට මෙරට දේශපාලන නායකයන් පසුබට නොවන බවද සැබෑය.

එහෙත් හිත් පිත් සහිත මිනිසුන්ට වන උයනක සුන්දරත්වය නොදැනීමට ඉඩක්‌ නැත. අවාසනාව වන්නේ අපේ රටේ බහුතරය වියළී ගිය අධ්‍යාත්මයන් සහිත මිනිසුන් වීමය. දුක හිතෙන්නේ ඔවුන් විසින් සුන්දර වන උයන් විනාශ කර කෝවිල් හදන විට අපට වඳිනවා විනා වෙන දෙයක්‌ කළ නොහැකි වීමය. මන්ද රට ආරක්‍ෂා කිරීමට සිටින ආරක්‍ෂක හමුදාව යොදවා ජාතික ඔසු උයන් ගිනි බත් කරන රටක ජීවත් වන පුරවැසියන් හැටියට වෙන කළ හැකි කිසිවක්‌ නැත. එය මේ රටේ කරුමයකි. අප කම්පනයට පත් කර වන්නේ කතරගම දෙවි හාමුදුරුවන් වැඩ සිටින භූමියේ මෙවැනි සාපරාධී ක්‍රියා සිදුවීම ගැනය.

තනි රත්තරන් වහළයක්‌
තියන දවසකට බැතිමතුන් ලක්‍ෂයකට වඩා එන අපේ ලොක්කොත් පොඩ්ඩ බැරි වෙද්දී දුවන
මොකක්‌ද මේ තිරුපති කෝවිල!





සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල, ලොව ධනවත් ම ආගමික සිද්ධස්‌ථානය වන්නේ රෝමයේ පිහිටි වතිකානය යි. පාප් වහන්සේ විසින් පාලනය කරනු ලබන වතිකානයට ඔයෑ ඪ්එසජ්බ ඊaබන නමැති බැංකුවක්‌ ද තිබේ. ලොව දෙවන ධනවත්ම සිද්ධස්‌ථානය තිබෙන්නේ ඉන්දියාවේ තිරුපති ප්‍රදේශයේ ය. විෂ්ණු දෙවියන් වෙනුවෙන් මේ කෝවිල ඉදිකිරීම සඳහා මූලික කටයුතු පිළියෙල වන්නේ මෙයට වසර 1100 කට පෙර ය. මේ දේවාලයේ වහළ කැරට්‌ 22 රනින් තනා තිබෙන ආකාරය අදටත් දැකගත හැකිය. තිරුපති දේවාලයේ හින්දු පූජකයන්ට දේවාලයට එකතුවන පඬුරු මුදල් ගණන් කිරීමට වේලාවක්‌ නැත. එය එතරම්ම විශාල මුදල් ප්‍රමාණයකි. ඒ නිසා ඔවුහු එම මුදල් වෙන් කරගෙන තරාදිවලින් කිරා අගය ගණන් කරති. කිලෝවකට සත දහයේ කාසි හෝ සත 25, 50 කාසි හෝ රුපියලේ කාසි හෝ කොපමණ තිබේ දැයි ඔවුහු අත්දැකීමෙන් දනිති. කිලෝවකට රුපියලේ නෝට්‌ටු කීයක්‌ තිබේද, රුපියල් පහේ හෝ දහයේ හෝ පනහේ හෝ සියයේ නෝට්‌ටු කීය බැගින් තිබේද යන්න ඔවුහු අත්දැකීමෙන් දනිති. ඒ නිසා ඔවුහු කාසි හා නෝට්‌ටු කිලෝ ගොඩවල් වලින් වෙන් කරගෙන ගණන් හදති. දේවාලයේ මුදල් ගබඩාවේ කාසි තබා ඇත්තේ මිනිසකු දැමිය හැකි තරම් විශාල චීනච්චට්‌ටි ලෝහයෙන් කළ යෝධ මුට්‌ටිවල ය.

මෙයට අවුරුදු 50 කට පෙර ලෝකයේ ධනවත්ම සිද්ධස්‌ථාන අතර රත්නපුරේ මහ සමන් දේවාලය ද විය. මෙය ධනවත් වූයේ මුදලින් නොව නින්දගම් ඉඩම් වලිනි. මෙයට වසර 50 කට පෙර ලොව කිසිදු තනි සිද්ධස්‌ථානයකට අයත් නොවූ තරම් ඉඩම් ප්‍රමාණයක්‌ මහ සමන් දේවාලයට තිබිණි. රජවරුන් විසින් තෑගි කළ මේ ඉඩම්වලින් සෑහෙන ප්‍රමාණයක්‌ මැණික්‌ ඉඩම් ය. අද වන විට මේ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක්‌ සාමාන්‍ය වැසියන්, දේශපාලනඥයන් සහ ආණ්‌ඩු විසින් කොල්ලකා ගනු ලැබ තිබේ. කෙසේ වුවද මේ ලිපියේ අරමුණ පසුගියදා කතරගම ඉඩම් අර්බුදයේදී කියෑවුණු තිරුපති දේවාලය ගැන තොරතුරු ලිවීමය. මෙතැන් පටන් ඔබ කියවනු ඇත්තේ එම තොරතුරු ය.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ චීතූර් නමැති දිස්‌ත්‍රික්‌කයේ සෙස්‌චලම් නමැති කඳුවැටියක්‌ තිබේ. මෙයට වසර 2500 කට පෙර බුදුන් වහන්සේ වැඩ සිටි සමයේදී සච්ඡබද්ධ පර්වතය ලෙස හඳුන්වන ලද මේ කඳුවැටිය මෙයට වසර බිලියන 3.8 සිට වසර මිලියන 540 දක්‌වා කාලය තුළ ගතව ගිය ප්‍රාග් කේම්බී්‍රය යුගයේදී නිර්මාණය වූවකි. කඳුවැටියේ සාමාන්‍ය උස අඩි 2799 ක්‌ පමණ ය. කඳුවැටිය සතුව කඳු මුදුන් හතක්‌ ඇත. සච්ඡබද්ධ පර්වතය යනු බුදුන් වහන්සේ නිරන්තරයෙන් භාවනාව සඳහා වැඩම කළ වනාන්තර ප්‍රදේශයකි. එහි තිබෙන නයනගිරි නමැති කඳු මුදුනේ බුදුන් වහන්සේගේ පා සටහන් දෙකක්‌ ඇති අතර ශ්‍රී ලංකාවේ සමනොළ කන්දේ ශ්‍රී පාදස්‌ථානය මෙන් මහත් බැතියෙන් පූජෝපහාර කරනු ලැබේ. (ඒ ගැන සම්පූර්ණ විස්‌තරයක්‌ ලබන සතියේ බලාපොරොත්තු වන්න.)

තිරුපති දේවාලය ඉදිකරන ලද්දේ මහා විෂ්ණු දිව්‍යරාජයාණන්ගේ අවතාරයක්‌ හෝ එක්‌ ස්‌වරූපයක්‌ ලෙස හැඳින්වෙන වෙන්කටේෂ්වර දෙවියන් වෙනුවෙනි. හින්දු දේව වාදයට අනුව යුග හතරක්‌ ඇත. පළමුවැන්න දෙවියන් විසින් මනුෂ්‍යයන් කෙළින්ම පාලනය කරන ලද සත්‍ය යුගය ය. එකල මනුෂ්‍යයන් සත්‍යයම හැර අන් කිසි දෙයක්‌ කීවේ නැත. මේ යුගය අවුරුදු 1728000 ක්‌ පැවැති අතර ඊළඟට පහළ වූයේ ත්‍රේත යුගය ය. එතෙක්‌ පැවැති විෂ්ණු දෙවියන්ගේ අවතාර 3 එම යුගයේදී අවතාර හතක්‌ බවට පත් විය. ත්‍රේත යුගයට දිව්‍යමය අවුරුදු 3000 ක්‌ තිබිණි. එනම් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1296000 කි. ඊළඟට එළඹියේ අවතාර යුගය ය. මේ යුගය අවුරුදු 869000 ක්‌ පැවතින. ඉන්පසු එළඹෙන්නේ කලියුගයය. හින්දු ග්‍රන්ථවලට අනුව ක්‍රි. පූ. 3102 පෙබරවාරි 17 වැනිදා හෝ 18 වැනිදා කලියුගය ආරම්භ විය. කාලි මාතාව ප්‍රමුඛ කරගත් කලියුගය තවත් වසර 432000 ක්‌ කල් පවතින බවට විශ්වාස කෙරේ. මේ කාලය තුළ මනුෂ්‍යයා අධ්‍යාත්මික වශයෙන් සම්පූර්ණයෙන් ම පරිහානියට පත් වන බව වසර දහස්‌ ගණන් පැරැණි හින්දු ග්‍රන්ථවල සඳහන් ය. තිරුපති කෝවිලේ ඉතිහාස කතාව පටන් ගන්නේ මෙකී කලියුගයේදී ය. කලියුගය ඇරඹීමත් සමඟම විෂ්ණු දෙවියෝ සිරිනිවාස නමැති මනුෂ්‍ය වේශයක්‌ මවාගෙන සච්ඡබද්ධ පර්වතයේ තිරුමලා කන්දට ගොස්‌ මනුෂ්‍යයාගේ සුබ සිද්ධිය පතා භාවනා කරන්නට පටන් ගනිති. ඒ වන විටත් කිසියම් හිත් රිදීමක්‌ නිසා තම ස්‌වාමියා වූ විෂ්ණූ දෙවියන්ගෙන් වෙන්ව භාවනානුයෝගීව වැඩ වාසය කරන ලක්‍ෂමී දෙවඟනට මේ බව දැන ගන්නට ලැබෙයි. ඒ වන විට තිරුවලා කඳුකරය පාලනය කරන්නේ දකුණු ඉන්දියානු සොලී රජෙකි. සිරිනිවාස නිරාහාරව භාවනා කරනු දකින ලක්‍ෂමී දිව්‍ය මාතාව ශිව සහ බ්‍රහ්ම දෙවිවරුන් හමුවී සිරිනිවාසට ආහාර සපයන ලෙස ඉල්ලයි. මෙවිට ශිව සහ බ්‍රහ්ම දෙවිවරුන් කරන්නේ එළදෙනක සහ වසු පැටවකු ලෙස වෙස්‌ මාරු කරගෙන තිරුවලා කඳුකරය පාලනය කරන රජු වෙත භාර වීමය. රජු මේ දෙදෙනා ගව පල්ලකුට භාර කරයි. ගවපල්ලා එළදෙනට සහ පැටවාට තණ කැවීමට යන්නේ සිරිනිවාස භාවනා කරන තැන පසු කරගෙනය. එසේ යන හැම විටකම එළදෙන සිරිනිවාසට ආහාර සඳහා කිරි ලබා දෙයි. මෙය දකින ගවපල්ලා කෝපයෙන් එළදෙනට සහ පැටවාට පහර දෙන නමුත් සිරිනිවාස එම පහරදීම්වල වේදනාව දිව්‍ය බලයෙන් තමා වෙත උරා ගනී. ඉන් පසු ඔහු ගවපල්ලාගේ ප්‍රධානියා වන චෝල රජුට සාප කර සේවකයන්ගේ පව් පාලකයන්ගේ වගකීම බව කියයි. රජු සාපය ඉවත් කර ගන්නැයි සිරිනිවාස ඉදිරිපිට වැඳ වැටෙයි. රජතුමා ඊළඟ ආත්මයේදී ආකාශරාඡ් නමැති නරපතියා ලෙස ඉපැදිය යුතු බවත්, ඉන්පසු ඔහුගේ දියණිය ලෙස උපදින පද්මාවතිය තමාට විවාහ කර දිය යුතු බවත් ඔහු ලවා පොරොන්දු කර ගන්නා සිරිනිවාස ඔහු සාපයෙන් මුදවයි. මෙකී පද්මාවතිය ඉපැදෙන්නේ ද අJද්‍රd ප්‍රදේශයේම ය. සිරිනිවාස ඇය විවාහ කර ගනී.

මෙය ඉතා දීර්ඝ කතාවකි. කතාව අවසන් වන්නේ සියලු දෙවිවරුද සියලු දිව්‍යාංගනාවෝ ද සතුටට පත්වීමෙනි. තිරුපති කෝවිල සච්ඡබද්ධ පර්වතයේ තිරුමලා කඳු ප්‍රදේශයේ ඉදිවන්නේ විෂ්ණු දෙවියන්ගේ භාවනාවට සහ ඉන්පසු සිදු වූ සියලු දේට මේ කඳු ප්‍රදේශය සම්බන්ධ නිසා ය.

තිරුපති දේවාලය ඉදිකිරීම පටන් ගන්නේ මෙයට වසර 1716 කට පෙර ය. අදටත් මේ කෝවිල තුළ ඇති විෂ්ණු දෙවියන්ගේ ශෛලමය ප්‍රතිමාව පිහිටුවා ඇත්තේ වසර 1716 කට පෙර ය. කෝවිල තුළදී බැතිමතකු විසින් සිදු කරනු ලබන ඉහළම කර්තව්‍යය වන්නේ විෂ්ණු දේව ප්‍රතිමාව දැක බලාගෙන එයට වැඳ නමස්‌කාර කිරීමය. සාමාන්‍යයෙන් දිනකට ලක්‍ෂයක පමණ පිරිසක්‌ තිරුපති කෝවිලට පැමිණෙති. විෂ්ණු දේව ප්‍රතිමාව වන්දනාමාන කිරීම සඳහා ඔවුහු සමහර විට දින 2 ක්‌ පමණ ද තවත් සමහර විට පැය 12 ක්‌ පමණ පෝලිමේ සිටිති. දේව ප්‍රතිමාව ඉදිරිපිට රැඳී සිටීමට එක්‌ බැතිමතකුට තප්පර 2 කට වැඩි කාලයක්‌ ලැබෙන්නේ නැත. විශේෂ උත්සව දිනකදී පන්ලක්‍ෂයක්‌ බැතිමත්හු කෝවිලට එති. මෙය ලොව බැතිමතුන් වැඩිම සංඛ්‍යාවක්‌ යන පූජනීය ස්‌ථානයයි. එය ලෝක වාර්තාවකි. මේ කෝවිල තරම් රන් රිදී මුතු මැණික්‌ පරිත්‍යාග ලැබුණු ලොව අන් කිසිදු පූජනීය ස්‌ථානයක්‌ ද නැත. කෝවිල තුළ ඇති ගල් බිත්තිවල දෙමළ, තෙළිඟු, කන්නඩා යන භාෂාවලින් සෙල්ලිපි 640 ක්‌ කොටා ඇත. කෝවිලේ ඉතිහාසය ලියු පෞරාණික තඹ පත්ඉරු 3000 ක්‌ ද කෝවිල තුළ තිබේ.

තිරුපති කෝවිලේ 2015 - 16 අවුරුද්දෙ සඳහා වූ අය වැය ඉන්දියානු රුපියල් කෝටි 2530.10 කි. කෝවිලේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 5000 ඉක්‌මවන්නේය. මේ සියලු දේ ආධාරය. කෝවිලට එන පිරිස ලක්‍ෂයක්‌ වේවා, පන්ලක්‍ෂයක්‌ වේවා, ඒ හැමට හකුරු සහ ගිතෙල් මිශ්‍ර රසවත් බත්වේලක්‌ නොමිලයේ ලැබෙයි. අද වන විට මුළු මහත් අන්ද්‍රා  ප්‍රදේශයම ජීවත්වන්නේ තිරුපති කෝවිලෙනි.

                                                  තිරුපති ලද්ඩු

***************************

ඉන්දියානු පුරාවෘත්ත මගින් තිරුපති කෝවිල පිළිබඳ හෙළිකරන වඩාත්ම වැදගත් කාරණාව මෙසේය. ශ්‍රී ලංකාවේ රාම රාවණ යුද්ධය පැවැති ත්‍රේත යුගයේදීය. මේ සටනින් පසු රාම කුමාරයා රාවණ මරා සීතා දේවිය ද ලක්‍ෂ්මන ද සමඟ පැමිණ තිරුපති කෝවිල් භූමියේ සෑහෙන කලක්‌ වාසය කර ඇත. 1294 - 1316 කාලයේදී දකුණු ඉන්දියාව ආක්‍රමණය කළ අලවුදින් කිල්ජිට සහ ඔහුගේ සමලිංගික ප්‍රේමවන්තයා සහ බලගතුම ජෙනරාල්වරයා වූ නපුංසක මලික්‌ කපූර්ට තිරුපති දේවාල භූමියට අතවත් තැබීමට බැරි විය. කෝවිල පිහිටි කඳුකරය ද භූගෝල විද්‍යාත්මක ස්‌මාරකයක්‌ ලෙස සලකනු ලැබේ. එයට හේතුව පෘථිවිය පහළ වීමෙන් පසු හටගත් පාෂාණ ස්‌ථරවලින් වැඩිහරියක්‌ මේ කඳුකරයේදී දැක ගැනීමට හැකිය. වසර මිලියන 500 කට පෙර හටගත් පාෂාණ ස්‌ථර මෙන්ම වසර මිලියන 1600 කට පෙර හටගත් පාෂාණ ස්‌ථාර ද ඒ අතර ඇත.

(සච්ඡබද්ධ කඳුකරයේ බුදුන්ගේ පා සටහන් යුගල ඇති තැනට ගිය ගමන)


මිනිස්‌සු කියන්නේ පට්‌ට බොරු
අපි එක ගහකටවත් අත තියලා නැ....

කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ

අදාළ සිද්ධියට සෘජුවම සම්බන්ධයි කියන රුහුණු කතරගම දේවාලයේ බස්‌නායක නිළමේවරයා වන ඩී. පී. කුමාරගේව ද අපි සම්බන්ධ කර ගත්තෙමු. මේ ඔහු අපිට දැක්‌ වූ අදහස්‌ය.

කාලයක ඉඳලා පූජා නගරයේ කුණු දාපු තැන තමයි ඔය එළිපෙහෙළි කරලා තියෙන්නෙ. අවුරුදු ගාණක්‌ දාපු කුණු තමයි අපි ඉවත් කළේ. තැඹිලි කෝම්බම ලක්‍ෂ ගාණක්‌ තිබුණා. මේ කුණු ගොඩ ඉවත් කරලා කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන්නයි සූදානම් වුණේ. මහා වන විනාශයක්‌ කියලා දැන් ඔය කෑගහන හාමුදුරුවෝ දෙනම ගිහින් පිරිත් කියලා තමයි ප්‍රතිචක්‍රීකරණ ගොඩනැඟිල්ල හදන්න මුල් ගල තිබ්බේ. ඒ එක්‌කම කතරගම දේවාලයේ පෙරහැරේ යන අලින්ට කන්න පොල් අත්තක්‌වත් නැති නිසා පොල්, කෙසෙල්, කොස්‌ පැළ සිටුවන්නත් සැලසුම් කරලා තිබුණා. අදාළ ව්‍යාපෘතියට ආණ්‌ඩුවෙන් අරමුදලකුත් අනුමත වෙලා තියෙනවා. හමුදා නිලධාරීන්ගේ අධීක්‍ෂණය සහිතව හමුදාවේ අය තමයි මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ. අවශ්‍ය ආයතන සියල්ලටම අපි ඒ බව දන්වලා තියෙනවා. එහෙම තියෙද්දී තමයි මේක මහා විනාශයක්‌ කියලා මිනිස්‌සු කෑගහන්නෙ.

එතකොට නිළමේතුමා මේ විනාශ කර තියෙන්නේ ඔසු උයනක්‌ කියනවා නේද...?

මොන ඔසු උයනයක්‌ද... පට්‌ට බොරුවක්‌. මහා ලඳු කැලෑවක්‌. මම එක වටිනා ගහකට අත තියලා තියෙනවා නම් පූජා භූමිය පැත්තටවත් යන්නේ නෑ. මේක මගේ පෞද්ගලික ව්‍යාපෘතියක්‌ නෙමෙයි. ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ ආශිර්වාදය ඇතුව ආණ්‌ඩුවේ අනුදැනුම පිට හමුදාව විසින් කරගෙන යන ව්‍යාපෘතියක්‌. හමුදා නිලධාරීන් පරිසරයට හානියක්‌ කරන්නේ නෑ. මෙතන තියෙන්න පැහැදිලි ඊර්ෂ්‍යාව. මම දේවාලෙ මුදල් ගරන්නෙ නෑ. මම දේවාලෙට වැඩ කරනවා. මිනිස්‌සුන්ට ඒවා බලාගෙන ඉන්න බෑ.

ඉන්දියාවේ තිරුපති කෝවිලේ සාමිවරු එක්‌ක එකතු වෙලා නිලමේතුමා කතරගමත් තිරුපති කෝවිලක්‌ හදන්න යනවා කියලත් කතාවක්‌ තියෙනවා...?

මේ මිනිස්‌සු කියන කතා නෙමෙයි, පන්සල් දෙකේ හාමුදුරුවෝ දෙනම තමයි ඔය කතාව හදලා තියෙන්නෙ. මම තිරුපති කෝවිලෙන් රුපියලක්‌වත් අරගෙන නෑ. තිරුපති කෝවිලේ සාමිවරු ලංකාවට ගෙන්නලා කතරගමට ලොකු ගෞරවයක්‌ නම් අරන් දුන්න එක ඇත්ත.

තරංග රත්නවීර ,
අනුර සොලමන්ස්‌
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.