ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 6, 2016

එදා සාටක සුණඛ බැසිලා ගෙන ආ දිවි නැගුම ව්‍යවස්‌ථා විරෝධී පණත මතකද...!!!

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති  ( සාටක සුණඛ ) විසින් දිවි නැගුම පනත් කෙටුම් පත ගැන අදහස් දක්වමින් පවසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජන මත විචාරයකින් පනත සම්මත කරන්නට කීව ද, වත්මන් රජය එය කරන්නට තීරණය කොට ගෙන ඇති බව කි. දිවි නැගුම පනත් කෙටුම්පත ආර්ථික සංවර්ධන ඇමති සාටක සුණඛ විසින් 2012 වර්ෂයේ අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදු ව, 2012 ජුලි මස 30 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලදී. එතැන් සිට මෙම පනත් කෙටුම්පත පර්ලිමේන්තුවත් උසාවියත් පළාත් සභාවන් අතරත් දොළනය විණ.. 
 දිවි නැගුම වගන්ති 16 ක්‌ ව්‍යවස්‌ථාවට පටහැනියි


මෙම පනතේ සුවිශේෂතාවන් දෙකක් ඇත්තේ ය—

පළමු සුවිශේෂතාවය නම්, පනත මගින් ආයතන තුනක් ප්‍රතිස්ථාපනය කොට තනි ‘දිවි නැගුම සංවර්ධනදෙපාර්තුමේන්තුව‘ සැකසීම ය. මෙය මගින් ඉවත් කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය (1995 අංක 30), ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය (1996 අංක 18), සහ ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය (2005 අංක 26) යි.

දෙවන සුවිශේෂිතාවය නම් මෙහි 8වන වගන්තිය මගින් පළාත් සභාවන් මගින් වෙන් කොට ඇති මායිම් උල්ලංඝනය කොට දීපව්‍යාප්තිය වශයෙන් දිස්ත්‍රික්ක ඒකාබද්ධ කිරීමෙන් පරිපාලන කලාප සැකසීමට ගෙන ඇති උත්සහය යි.

ඒ හෙයින්, මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියෝගට පත් කරනු ලැබූ අතර, එයින් වගන්ති 16 ක් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැත. එම පනත් වලින් 15ක් ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු අතර, එයින් 8 වන වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ‍‍ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පාර්ලිමේන්තුවට ඊයේ දන්වන ලදී. ඒ සඳහා හේතුව ලෙසින් දක්වා ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154()(3)() ව්‍යවස්‌ථාවට අනුව එක්‌ පළාත් සභාවක්‌ පිහිටුවා නොමැති බැවින් එහි අදහස්‌ ලබාගත නොහැකි නිසා මෙම පනත් කෙටුම්පත සම්මත කළ හැක්‌කේ ආණ්‌ඩුක්‍රම ව්‍යවවස්‌ථාවේ 82 ව්‍යවස්‌ථාවට අනනුකූලව විශේෂ බහුතර ඡන්දයකින් පමණි.

දිවි නැගුම පනත් කෙටුම්පත වූ බහුතරයක් ලංකාව තුළ මනෝ-රාජ්‍යයක සංවර්ධනයක් සඳහා අලංකාර ව සකසා ඇති බව පෙනේ. එයින් දැක්වෙන ආකාරයට දිළිඳුකම සහමුලින් ම නැති කිරීමේ සැලැස්මක් ඇත්තේ ය. එය තුළ ජන දිවියේ අවස්ථාවන් වැඩි කිරීම පමණක් නො ව, පරිසර හිතකාමී ජීවිතයන් සඳහා ද පදනම් ඇති කරනු ලැබේ.

එහෙත් පනතේ අරමුදල් පරිපාලනය ප්‍රධාන කොට ඇමති වරයාගේ නියෝග මත ක්‍රියාත්මක වෙයි. පහත දැක් වෙන්නේ එකී වගන්ති ය:

වගන්තිය 13 දිවි නැගුම ප්‍රජාමූල සංවිධානවල අරමුදල් තැම්පත් කිරීම.
වගන්තිය 17 ආමාත්‍ය නියෝග මගින් ප්‍රධාන පාලනය
වගන්තිය 17 සමිතිවල මුදල් තැම්පත් කිරීමට අදාළ නියෝග
වගන්තිය 25 අමාත්‍ය නියෝග යටතෙහි බැංකුවල කාර්යය නියම කිරීම.
වගන්තිය 33 (6) කළමනාකරණ මණ්ඩලවල කාර්යය සඳහා අමාත්‍ය නියෝග සෑදීම.
වගන්තිය 34 බැංකු පනතින් හා මූල්‍ය ව්‍යාපාර පනතින් ස්වෛරීය වශයෙන් බැංකු හා තැන්පත් කටයුතු කිරීමේ තත්ත්වය.
වගන්තිය 35 දිවි නැගුම සංවර්ධන අරමුදල නමින් අරමුදලක් පිහිටු වීම.
වගන්තිය 35 බැංකුවල හා සමිතිවල අමාත්‍යවරයා දක්වන ලාභයෙන් ප්‍රතිශතයක් ඉහත අරමුදලට බැර වීම.
වගන්තිය 36 ඒකාබද්ධ කරන ආයතනවල මුදල් මගින් දිවි නැගුම චක්‍රීය අරමුදල පිහිටුවීම.
වගන්තිය 37 සෑම තරාතිරමේ සේවකයකු ම රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ දිව්රුමකට යටත් වීම.
වගන්තිය 41(2) බැංකු ලියාපදිංචිය හා අවලංගු කිරීම හා ඒ ආශ්‍රීත කරුණු අමාත්‍ය නියෝගයෙන් සිඳුවීම.
වගන්තිය 41(2) දිවි නැගුම සංවර්ධන අරමුදල හා දිවි නැගුම චක්‍රීය අරමුදල සම්බන්ධ නියෝග සෑදීම.
වගන්ති 41(2) බැංකු හා වෙනත් සමිතිවල වූ අරමුදල් සම්බන්ධ නියෝග සෑදීම.

මෙයින් පෙනෙන්නේ බහුතරයක් මූල්‍ය පරිපාලනය අමාත්‍ය වරයා ගේ අතට ගෙන ඇති අතර, විගණණය කිරීමේ පටිපාටියක් මෙහි දක්වා නැත. බහුතර පරිපාලන ඒකකයන් සඳහා ද අමාත්‍යවරයා ගේ ඍජු බල පෑමට යටත් කොට ඇත (වගන්ති ). දෙවනුව, අමාත්‍යවරයා විසින් පරිහරණය කරන මුදල් පිළිබඳ සීමාවක් හෝ ඒ සඳහා වගකීමක් හෝ අනුමැතියක් පාර්ලිමේන්තුවෙන් හෝ වෙනත් එවැනි මහජන නියෝජන ආයතනයකින් ගත යුතු නොවේ. සාදන ලද නියෝග මාස තුනක් දක්වා බල පැවැත්වීමෙන් පසු, පාර්ලිමේන්තුවේ අනනුමතියේ සිට පරිච්ඡිනන කළේයයි සැලකේ.


මෙයට වඩා මෙම පනත් කෙටුම්පත පිළිබඳ සැකයන් මතු වන්නේ එය සම්මත කිරීම සඳහා ගෙන ගිය ව්‍යාපාරයන් නිසාවෙන් ය—

  1. සමහර වගන්ති පළාත් සභාවන් ගේ බලය අභියෝගයට පත් වි ය. වේගයෙන් පළාත් සභාවෙන් සභාවට ආණ්ඩුවේ පක්ෂපාතිත්වයන් මගින් දිවි නැගුම පනත සම්මත විය. එහෙත් උතුරු පළාත් සභාවක් නො මැති හෙයින් එහි සම්මතයට බාධා විණි.
  2. පළාත් සභාවන් පනත් කෙටුම්පත සඳහා බාධා වූ විට පළාත් සභාවන් ඇති කළ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට උත්සහ කිරීම. මෙහි දී මෙම පනත් කෙටුම්පත් සමඟ ම ප්‍රධාන පළාත් සභාවන් රාශියක් වසරකට පෙරාතුව විසරුවා නව පාළාත් සභා ඡන්ද පවත් වා රුපියල් බිලියන ගණණින් මුදල් කාබාසිනියා කළේ ය. එයින් ඇති වූ සාධනීය ප්‍රතිපලයක් නොමැති බැව් මා වරක් සදහන් කොට තිබිණි.
  3. අග්‍රවිනිශ්චයකාර වරියට එරෙහි විවිධ අවස්ථාවන්හි බලපෑම් කිරීම හා එතැනින් නො නැවති, ඇයගේ ගුරුවරයකු වූ හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයට ඈ කැඳවා ගෙන පැමිණි ජී. එල්. පීරීස් ඇමති තුමා ගේ ප්‍රධානත්වයෙන් දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ාගෙන ඒම.
  4. පනත් කෙටුම් පත නීතිගත කිරීම වස් තවත් මුදල් බිලියන ගණනක්වියදක් කොට ජනමත විචාරයක් පැවත් වීමට උත්සහ කිරීම.
    මෙම කරුණු පිළිබඳ ව ද, අමාත්‍ය වරයා හට ලැබෙන ස්වෛරි ලෙස හා තම අභිමතයන්ට අනුව බිලියන 100කට අධික මුදල් පරිපාලන හැකියාව දෙස බලන විට කාගේ සංවර්ධනයක් උදෙසා දේශපාලන අධිකාරය කැස කවන්නේදැයි සැකයක් මතු වෙයි.  


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.